හැලෝවීන් එකට වට්ටක්කම කැටයම් කරන්නෙ ඇයි
හැලෝවීන් එකට වට්ටක්කම කැටයම් කරන්නෙ ඇයි
හැලෝවීන් පටන් ගත්තෙ සමහීන් (Samahin) කියන සෙල්ටික් (Celtic) ආගමික උත්සවයක් විදිහට. මම හිතන්නෙ ඔය අපේ පොසොන් උත්සවය වගේ එකක්.
සෙල්ටික්ලා විශ්වාස කරා මනුෂ්යයොයි අමනුශ්යයොයි අතර තියන බාධකය වසන්ත ඍතුව අවසානෙදි අඩු වෙලා අමනුෂ්යන්ට ලේසියෙන්ම මනුෂ්යයින්ගෙ ලෝකෙට එන්න පුළුවන්කම ලැබෙනවා කියල.
ලෝකේ ක්රිස්තියානිකරණය වෙන්න ගත්තම ක්රිස්තියානි කට්ටිය මේ උත්සවය සමරන්න පටන් ගත්ත හැලෝවීන් සන්ද්යාව විදිහට හරියටම සියලු සාන්තුවරන්යගේ දිනේට කලින් දවසේ.
අයිරිෂ් ජාතියකයෝ හැලෝවීන් සමරනකොට එයාලගේ සැරසිලි වලට පාවිච්චි කරලා තිබිල තියෙන්නෙ වට්ටක්කා නෙමේ රාබු (turnips). ඒක ඇවිල්ල තියෙන්නේ එයාලගේ "ජැක් සහ ලන්තැරුම" කියන ජනකතාවට අනුරූපව. කතාවේ විදිහට ජැක් රාක්ෂයොත් එක්ක ඩීල් එකක් දාල ඒකෙ පොඩි අවුලක් වෙලා තියනවා (ඉස්සරත් දැන් වගේ අයියල තමයි ඉඳල තියෙන්නෙ). ඒකෙ ප්රතිපලයක් විදිහට ජැක් සදාකාලික රාත්රියක හිරවෙනවා පාර හොයාගන ගෙදර එන්න බැරුව. ඉස්සර ඉතින් කළුවරේ යනකොට වීදි ලාම්පු නෑනේ, පාර බලාගන්න පාවිච්චි කරලා තියෙන්නෙ මදේ අයින් කරපු රාබු ගෙඩියක් ඇතුලට දැල්වෙන්න දාපු ගල් අඟුරු ටිකක් (හෝම් මේඩ් ටෝච් එකක්
)
ඉතින් මිනිස්සු ජැක්ට ගමට එන්න පාර පේන්න ජැක්ගෙ ලන්තැරුම (Jack O'Lanterns) වගේ ලන්තෑරුම් හදල හැලෝවීන් රාත්රියට ගෙවල් ඉස්සරහ තියන්න පුරුදු උනා.
19 වෙනි ශතවර්ශේදී අයර්ලන්තේ ඉඳන් ඇමෙරිකාවට ගල් වෙන්න ගිය අයිරිශ්වරුන්ට ලේසියෙන්ම කැටයම් කපන්න පුළුවන් ලොකු අලුත් එළවළුවක් හම්බුනා. ඒවා තමයි වට්ටක්කා.
අනිත් අයටත් බලන්න bump එකක් දාගෙන යන්න.
හැලෝවීන් එකට වට්ටක්කම කැටයම් කරන්නෙ ඇයි
හැලෝවීන් පටන් ගත්තෙ සමහීන් (Samahin) කියන සෙල්ටික් (Celtic) ආගමික උත්සවයක් විදිහට. මම හිතන්නෙ ඔය අපේ පොසොන් උත්සවය වගේ එකක්.
සෙල්ටික්ලා විශ්වාස කරා මනුෂ්යයොයි අමනුශ්යයොයි අතර තියන බාධකය වසන්ත ඍතුව අවසානෙදි අඩු වෙලා අමනුෂ්යන්ට ලේසියෙන්ම මනුෂ්යයින්ගෙ ලෝකෙට එන්න පුළුවන්කම ලැබෙනවා කියල.
ලෝකේ ක්රිස්තියානිකරණය වෙන්න ගත්තම ක්රිස්තියානි කට්ටිය මේ උත්සවය සමරන්න පටන් ගත්ත හැලෝවීන් සන්ද්යාව විදිහට හරියටම සියලු සාන්තුවරන්යගේ දිනේට කලින් දවසේ.
අයිරිෂ් ජාතියකයෝ හැලෝවීන් සමරනකොට එයාලගේ සැරසිලි වලට පාවිච්චි කරලා තිබිල තියෙන්නෙ වට්ටක්කා නෙමේ රාබු (turnips). ඒක ඇවිල්ල තියෙන්නේ එයාලගේ "ජැක් සහ ලන්තැරුම" කියන ජනකතාවට අනුරූපව. කතාවේ විදිහට ජැක් රාක්ෂයොත් එක්ක ඩීල් එකක් දාල ඒකෙ පොඩි අවුලක් වෙලා තියනවා (ඉස්සරත් දැන් වගේ අයියල තමයි ඉඳල තියෙන්නෙ). ඒකෙ ප්රතිපලයක් විදිහට ජැක් සදාකාලික රාත්රියක හිරවෙනවා පාර හොයාගන ගෙදර එන්න බැරුව. ඉස්සර ඉතින් කළුවරේ යනකොට වීදි ලාම්පු නෑනේ, පාර බලාගන්න පාවිච්චි කරලා තියෙන්නෙ මදේ අයින් කරපු රාබු ගෙඩියක් ඇතුලට දැල්වෙන්න දාපු ගල් අඟුරු ටිකක් (හෝම් මේඩ් ටෝච් එකක්
)ඉතින් මිනිස්සු ජැක්ට ගමට එන්න පාර පේන්න ජැක්ගෙ ලන්තැරුම (Jack O'Lanterns) වගේ ලන්තෑරුම් හදල හැලෝවීන් රාත්රියට ගෙවල් ඉස්සරහ තියන්න පුරුදු උනා.
19 වෙනි ශතවර්ශේදී අයර්ලන්තේ ඉඳන් ඇමෙරිකාවට ගල් වෙන්න ගිය අයිරිශ්වරුන්ට ලේසියෙන්ම කැටයම් කපන්න පුළුවන් ලොකු අලුත් එළවළුවක් හම්බුනා. ඒවා තමයි වට්ටක්කා.
අනිත් අයටත් බලන්න bump එකක් දාගෙන යන්න.

Last edited:

අහ..