හිගන්නෝ හා නිකම්මු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සිතන්නට යමක් !!!
    අද දවස තුල මට සිදුවුන සිද්දි තුනක්

    1. යක්කල Sampath bank එක අසල ඉන්නවා අවුරුද් 35 ක විතර කාන්තාවක්. තව අවුරුදු 3-4ක් වගේ කුඩා පිරිමි දරුවෙකුත් ඉන්නවා. මම දවස් කීපයක්ම දැකල තියනවා මේ අම්මවයි පුතාවයි මෙතනම. පෙන විදියට ඒ පොඩි පුතා එහෙම දඟල දඟල අම්මට වද දෙන දරුවෙකුත් නෙමෙයි. සද්ද නැතුව අම්ම ලඟට වෙලා පොඩි සෙල්ලමක් කරනවා. ඒ වගේම මේ අම්මත් හොඳ ශරීර සෞක්‍යක් තියන කෙනෙක්. හැබැයි ඇය මුළු දවසෙම කරන්නේ bank එක ලඟට වෙලා bank එකට යන එන ගනුදෙනුකාරයන්ගේ මුණු දිහා බලාගෙන ඉන්නවා කීයක් හරි තමන්ට දෙයි කියල බලාපොරොත්තුවෙන්.
    2. යක්කලම Commercial bank එක ළඟ ටික වෙලාවක් වාහනේ නවත්වාගෙන ඉන්න වුනා. මම තනියම හිටියේ. එක පාරටම අවුරුදු 40ක විතර ගෑනු කෙනෙක් ඇවිල්ල shutter එකට තට්ටු කරලා මගෙන් මුදල් ඉල්ලුව. මන් ගාව ඒ වෙලාවේ තිබ්බේ රු. 1000 නෝට්ටු දෙකක් පමණයි. ඒ ගෑනු එක්කෙනාට දෙන්න මගේ අතේ මාරු කීයක්වත් තිබුනේ නෑ. ඉතින් මම කිව්වා මන් ළඟ මුදල් නෑ කියල. කිව්වා විතරයි මේ මනුස්සය මට ටිකක් හයියෙන් කා ගහල බනින්න ගත්තා 'වහනෙකින් ආවට ලෝබ කමට සල්ලි තියාගෙන අසරණ මනුස්සයෙක්ට රුපියලක් දෙන්නේ නෑ' කියල. එක පාරටම මට ලජ්ජා හිතුන. නමුත් පස්සේ මට නැවතත් මට මතක් වුන මම මේ කාන්තාවට මුදල් දෙන්න බැඳිලා නෑ කියන එකත්. කලින් සිද්දියේ වගේම ශාරීරිකව කිසි අඩුවක් නැති මේ ගෑනු කෙනා මේ වගේ සල්ලි ඉල්ලා ඉල්ලා පාරේ යන එක ගැන ඇයටත් කිසි ලැජ්ජාවක් guilty feeling එකක් තිබිය යුතුයි කියල.
    3. අපේ ගමේ ඉන්නවා අවුරුදු 35ක් විතර තනිකඩ පිරිමි කෙනෙක්. ඔහු උදේ වරුවේ සුළු රැකියාවක් කරනවා. සාමන්යෙන් හවස් වරුව බොහෝ දුරට නිවසේමයි ඉන්නේ. ඔහු ඉන්නේ ඔහුගේ මව සමග. අයත් අවුරුදු 60ක් පමණ වෙන කාන්තාවක්. මේ අම්මයි පුතයි දෙන්නත් හොඳ නීරෝගී දෙන්නෙක්. මේ පුද්ගලයාගේ රැකියාවේ ස්වභාවය අනුව ඔහුව අපිට දවස් දෙකකට තුනකට සැරයක් මුණ ගැහෙනවා. අද මේ පුද්ගලයා අපිත් එක්ක කියල බනිනවා පවතින රජයට. ඔහු කුඩා කාලේ පිය මිය ගිය බවත් එදා ඉඳල ඔහුත් ඔහුගේ මවත් සමුර්දි ලාභීන් ලෙස නොකඩවා අවුරුදු ගණනාවක් සමුර්දිය ලබූ බවත් කියල වර්තමාන ආණ්ඩුව යටතේ දැන් මාස කීපයක ඉඳල සමුර්දිය නොලැබුණු බවත්. හැබැයි දැන් මේ පුද්ගලයා ඉන්නේ ඔහුට අයිති පර්චස් 40ක් පමණ වන ඉඩමක කුඩා නිවසක. ඔවුන්ගේ ඉඩම භාවිත කරලා ඔහුටත් මවටත් කුඩා හෝ එළවලු වගාවකින් තව මුදලක් උපයන්න පුළුවන්. නමුත් ඔහු එය කරන්නේ නෑ.
    මේ පුද්ගලයින් තුන් දෙනාම ඉතා හොඳ ශරීර සෞක්‍යකින් යුක්ත වෙනවා නමුත් ඔවුන්ගේ තියෙන්නේ සහනාදාර / ආධාර මානසිකත්වය. පොඩ්ඩක් වත් සිරුර වෙහෙසල වැඩක් කරන්න අකමැති මේ වගේ පුද්ගලයන් අද ලක්ෂ ගානක් ලංකාවේ ඉන්නවා. අද මොවුන් තුන් දෙනවා දුටුවම මම තදින්ම සිතා ගත්තා මින් පසුව මේ වගේ පුද්ගලයන්ට මුදල් නොදීමට. මොකද ඔවුන් 'අපි දුප්පත් අසරණ අහිංසක මිනිස්සු' කියන label එක අලවාගෙන මුලු ජීවිත කාලයම රජයෙන් හෝ අනිත් මිනිස්සුන්ගෙන් යැපෙන්න බලාගෙනයි ඉන්නේ.
    දැන් රටේ තියන ආර්ථික තත්ත්වෙත් එක්ක ලොකුවට සමජගතවෙන අදහසක් තමයි අපි එකිනෙකාට උදවු කරන්න ඕනේ කියන එක. ඇත්ත. නමුත් ඔබ උදව් කරන්නේ මේ වගේ ශරීර හොරුන්ට නම් ඔවුන් පුද්ගලිකවත් අපි රටක් වශයෙන්වත් කවදාවත් දියුණු වෙන්නේ නෑ. ඔබ උදව් කරනවා නම් කරන්න ඕනේ උත්සහවන්ත මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.
    1. පාර අයිනේ පොඩි මැස්සක තියාගෙන එළවලු ටිකක්, පලතුරු ටිකක්, පලා මිටියක් විකුණන කෙනෙකුට ඔබ මිලදී ගත්ත දේවල් වල වටිනාකමට වැඩි ආසන්නම රවුම් මුදලක් දී ඉතුරු නොගෙන ඉන්න පුළුවන්. ඉතා අසාදාරන මිල ගණන් නොවේ නම් ඔවුන් සමග රුපියල් පහකට දහයකට කේවල් කරන්න යන්න එපා.
    2. ඉගන ගැනීමට දක්ෂ නමුත් පවුලේ ආර්ථික අපහසුකම් තියන නිසා දරුවෙක් අතරමග ඉගනීම නවත්වන්න හදනවා නම් අපි කීප දෙනෙකුට හෝ එකතු වෙලා ඒ වගේ දරුවෙක්ගේ ඉගනීමට මුදල් හෝ වෙන යම් විදියකින් උපකාර කරන්න පුළුවන්.
    3. ඔබේ ගමේ පොඩි කඩයක් දාගෙන ඉන්න පුද්ගලයාගෙන් ඔබට ගෙදරට අවශ්‍ය කරන වියලි ආහාර වගේ දේවල් නිතරම මිලදී ගන්න පුළුවන්. මාත් ඇතුළුව අපි හැමෝම ලේසියට supermarket chains වලට ගියාට මේ වගේ කුඩා ව්යාපරිකයෙක්ට අපි මිලදී ගන්න භාණ්ඩ කීපයත් මේ වෙලාවේ ඉතා වටිනවා. ඔවුන් ගාව නැති දේවල් අපිට supermarket chains වලින් මිලදී ගන්න පුළුවන්. (eg: පරිප්පු මුන් ඇට කඩල සීනි / සබන් වගේ දේවල් මිල ගණන් වල ලොකු වෙනසක් නැත්තන් හොඳට අසුරලා තියනවා නම් කොහෙත් එකයි)
    4. ඔබට ලොකු ආර්ථික අපහසු කමක් නැතිනම් ළඟ පාත sewing machine එකක් තියාගෙන ගෙදරම ඇඳුම් මහන කෙනෙක් ඉන්නවා නම් මාස දෙක තුනකට සැරයක් ගෙදරට අඳින්න ගවුමක් blouse එකක් short එකක් අඩු මුදලට මිලදී ගන්න පුළුවන් රෙදි වර්ගයකින් එයාට කියල මහා ගන්න පුළුවන්. එක එයාගේ ජීවන සටනටත් උදව්වක් වගේම අපිටත් ලාබයක් වෙනවා.
    5. ස්වයන් රැකියාවක් කරලා තමන් යමක් අවංකව නිෂ්පාදනය කරලා සාදාරන මුදලකට ගෙයින් ගෙට ගිහිල්ල විකුන්නන්න හදන කෙනෙක්ගෙන් පුළුවන් නම් දෙයක් මිලදී ගන්න. එකෙන් අපි ඒ පුද්ගලයාගේ මහන්සියට value එකක් දෙනවා.
    ඔවුන් තමයි උත්සහ කරලා කීයක් හරි උපයන්න හදන්නේ. ඇත්තටම අසරනව තමන්ව බලාගන්න කෙනෙක් නැති කිසිම මුදලක් උපයගන්න හැකියාවක් නැති රෝගී කෙනෙක්ට නැත්තන් මහලු කෙනෙක්ට මුදලින් උපකාර කරන්න. නමුත් අර ඉහත කිව්වා වගේ කම්මැලියන්ට නෙමෙයි.

    හිමිකම මුල් රචකයාට
     
    Sen-lu

    Well-known member
  • උඩ ටිකට එකගයි නිකං කන්න බලං ඉන්න උං තමයි මේකෙ වැඩිපුර ඉන්නෙ. මම නම් හිගන්නොන්ට, හාමුදුරුවොන්ට සත5ක් දෙන්නෙ නෑ.

    දෙවනි කොටසට එකගනෑ. කාටවත් වැඩිපුර සල්ලි දෙන්න අවශ්‍ය නෑ. එයාල අයකරන ගාන දෙන්න තියෙන්නෙ. කාවවත් නලවන්න අවශ්‍ය නෑ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Being poor is a privilege in this country
    මේ හංදියක් හංදියක් ගානේ හිගා කන උන්ට දවසකට 20/30 දාහක් හොයනවා
    උන් මේකේ ඉන්න ගොඩක් උන්ට ( those who think having a car is rich and posh :P) වඩා පෝසත් :lol:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මේ හංදියක් හංදියක් ගානේ හිගා කන උන්ට දවසකට 20/30 දාහක් හොයනවා
    උන් මේකේ ඉන්න ගොඩක් උන්ට ( those who think having a car is rich and posh :P) වඩා පෝසත් :lol:
    True story... Minimum monthly income is 250000
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    සමහරු දෙයක් තේරුම් ගන්නේ තමුන්ගේ මොලේ තරමට නේ 🤣
    මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටකට මෙහෙම තමයි වෙන්නේ
    Ithin nodi hitapanko man wage haali liyanne nathiwa. 🤪
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මේක කියෙව්වම මට හිතෙනවා මේක 2019-20 මේ ආණ්ඩුව ආපු මුල් කාලේ ලියපු එකක් කියලා.

    සිංහළු මෝඩයි කම්මැලියි කැතයි කළුයි කොටයි මහතයි ඔක්කෝම හරි. ඒත් මේක වර්ථමානයෙ වෙච්ච එකක් නම්, හැම සිද්ධියකම පිටිපස්සෙ සමහරවිට අපි නොදන්න කතාවක් තියෙන්න පුළුවන්.

    හන්දියෙ වඩේ බැද බැද ඉඳපු අම්මට ගෑස් නැති නිසා බැංකුව ඉස්සරහා වාඩි වෙලා ඉන්නව පුළුවන්.

    ධීවරයොන්ට මුහුදු යන්න තෙල් නැති නිසා මාළු ලෑල්ලෙ මාළු විකුණපු අම්මට මාළු හම්බෙලා නැති නිසා වාහන ගානේ බැන බැන අත පපා යනවා වෙන්න පුළුවන්.

    මේක ලියපු කෙනා පොඩ්ඩක් හරි දන්නෙ අවුරුදු 35ක් විතර තනිකඩ පිරිමියා ගැන විතරයි.

    මටයි උබටයි ප්‍රශ්ණයක් නැති වෙන්න අපි වාසනාවන්ත වෙලා ඇති. (දැනට)

    ඒත් හිඟමනට වැටුන කෙනාව ජජ් කරන්න අපි කවුද?

    ආයෙත් හිතමු.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Ithin nodi hitapanko man wage haali liyanne nathiwa. 🤪
    හිත රිදුන නම් සමා වෙයං.
    දීලා තියෙන්නේ උඹ තමා ඇවිල්ල අනුන්ගේ නූලකට 🤭

    මේකේ කැමති කෙනෙක් ට කැමති දෙයක් ලියන්න, share කරන්න පුළුවන්නේ ,
    උඹට තමා දෙන්න දිහින් නිකං ටින්කිරි ගා ගන්නේ නැතුව ඉන්න තිබුනේ 😹

    මේක ලියපු කෙනා පොඩ්ඩක් හරි දන්නෙ අවුරුදු 35ක් විතර තනිකඩ පිරිමියා ගැන විතරයි.

    මටයි උබටයි ප්‍රශ්ණයක් නැති වෙන්න අපි වාසනාවන්ත වෙලා ඇති. (දැනට)

    ඒත් හිඟමනට වැටුන කෙනාව ජජ් කරන්න අපි කවුද?

    ආයෙත් හිතමු.

    උඹට කවදාවත් හිතිලා නැද්ද හිගමනට වැටිච්චි උන්ට වඩා, ඒක රස්සාවක් විදියට කරන මිනිස්සු වැඩි කියල. උදේ පාන්දර ඉදං රෑ 12 පහුවෙලත් පාරවල් වල , traffic lights ලග කොච්චර ඉන්නවද :confused2:
    ------ Post added on Mar 25, 2022 at 8:54 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    උඹට කවදාවත් හිතිලා නැද්ද හිගමනට වැටිච්චි උන්ට වඩා, ඒක රස්සාවක් විදියට කරන මිනිස්සු වැඩි කියල. උදේ පාන්දර ඉදං රෑ 12 පහුවෙලත් පාරවල් වල , traffic lights ලග කොච්චර ඉන්නවද :confused2:
    ------ Post added on Mar 25, 2022 at 8:54 AM
    ඔව් බන්. මුදලාලි කෙනෙක් ගාව රස්සාවට හිඟා කන අයත් ඉන්නවනෙ. හිඟමනේ රහ දැනුනම ඒකෙන්ම ජීවත් වෙන්න හදන අයත් ඉන්නවා.

    මම කිව්වෙ, අද වර්ථමානයේ තත්වෙ එක්ක. හිඟමන ජොබ් එකක් විදිහට කරපු අයටත් ජොබ් එක කරගන්න බැරි තත්වෙකට වැටිල මොකද මහන්සි වෙලා පුළුවන් විදිහට වැඩක් කරලා කීයක් හරි හොයාගත්තු මිනිස්සුත් අද හිඟමනට වැටිලා. ගෙවල් දොරවල් තියෙන මිනිස්සුත් පාරේ කොට්ට පැදුරු දාගෙන ගෑස් ටැංකි බදාගෙන නිදි.

    ------ Post added on Mar 25, 2022 at 9:16 AM
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    True, man ada pickme tuk ekaka giya colombo, eke driver arake handle eka allan indalama athe amaruwakda kohedo man eka athak rest karawa karawa awa traffic wala, manussayage dawase target eka nathilu ada, athe amaruwa dan godak kal indan kiuwa sathiyema hamadama wada lu langa hire thamai wadipura enne kiuwa.. hena paw oi minissu.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කිව්වා විතරයි මේ මනුස්සය මට ටිකක් හයියෙන් කා ගහල බනින්න ගත්තා 'වහනෙකින් ආවට ලෝබ කමට සල්ලි තියාගෙන අසරණ මනුස්සයෙක්ට රුපියලක් දෙන්නේ නෑ' කියල
    කන පැලෙන්න ගහන්න තිබුණේ ඕකිට:angry:
    හිගා කනවා මදිවට මුන්ගේ ලොකුකම

    Last edited:
    • Like
    Reactions: War Fighter

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,275
    113
    මේක කියෙව්වම මට හිතෙනවා මේක 2019-20 මේ ආණ්ඩුව ආපු මුල් කාලේ ලියපු එකක් කියලා.

    සිංහළු මෝඩයි කම්මැලියි කැතයි කළුයි කොටයි මහතයි ඔක්කෝම හරි. ඒත් මේක වර්ථමානයෙ වෙච්ච එකක් නම්, හැම සිද්ධියකම පිටිපස්සෙ සමහරවිට අපි නොදන්න කතාවක් තියෙන්න පුළුවන්.

    හන්දියෙ වඩේ බැද බැද ඉඳපු අම්මට ගෑස් නැති නිසා බැංකුව ඉස්සරහා වාඩි වෙලා ඉන්නව පුළුවන්.

    ධීවරයොන්ට මුහුදු යන්න තෙල් නැති නිසා මාළු ලෑල්ලෙ මාළු විකුණපු අම්මට මාළු හම්බෙලා නැති නිසා වාහන ගානේ බැන බැන අත පපා යනවා වෙන්න පුළුවන්.

    මේක ලියපු කෙනා පොඩ්ඩක් හරි දන්නෙ අවුරුදු 35ක් විතර තනිකඩ පිරිමියා ගැන විතරයි.

    මටයි උබටයි ප්‍රශ්ණයක් නැති වෙන්න අපි වාසනාවන්ත වෙලා ඇති. (දැනට)

    ඒත් හිඟමනට වැටුන කෙනාව ජජ් කරන්න අපි කවුද?

    ආයෙත් හිතමු.

    මොකක්ම හරි රස්සාවක් කරපු මිනිහෙක් හිඟමනට වැටෙන්නේ නෑ බං ලේසියෙන්. අඩුම කුලී වැඩක් හරි කරලා කීයක් හරි ඉල්ල ගන්න බලන්නේ. එහෙම මින්ස්සු ගෙවල් වලටත් එනවා, එතකොට බොරුවට හරි වැඩක් දීල තමයි සල්ලි දෙන්නේ. ඒක ඒ මනුස්සයටත් හොඳයි.

    කිසිම හෙතුවක් නැතුව වෙන මිනිහෙක් ගෙන් සල්ලි ඉල්ලන එක ලොකු මානසික පිම්මක්. ඊයේ වැල්ලේ මාළු විකුණන එකා අද හිඟමනේ යන්නේ නෑ.

    ලංකාවේ දැන් වැඩක් කරන මිනිහෙක්ටවත් ජිවිතේ ගැට ගැහ ගන්න බැරි බව ඇත්ත එත් අර විදිහේ යැපුම් කොටසකුත් ඉස්සර ඉඳන්ම ඉන්නවා තමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මොකක්ම හරි රස්සාවක් කරපු මිනිහෙක් හිඟමනට වැටෙන්නේ නෑ බං ලේසියෙන්. අඩුම කුලී වැඩක් හරි කරලා කීයක් හරි ඉල්ල ගන්න බලන්නේ. එහෙම මින්ස්සු ගෙවල් වලටත් එනවා, එතකොට බොරුවට හරි වැඩක් දීල තමයි සල්ලි දෙන්නේ. ඒක ඒ මනුස්සයටත් හොඳයි.

    කිසිම හෙතුවක් නැතුව වෙන මිනිහෙක් ගෙන් සල්ලි ඉල්ලන එක ලොකු මානසික පිම්මක්. ඊයේ වැල්ලේ මාළු විකුණන එකා අද හිඟමනේ යන්නේ නෑ.

    ලංකාවේ දැන් වැඩක් කරන මිනිහෙක්ටවත් ජිවිතේ ගැට ගැහ ගන්න බැරි බව ඇත්ත එත් අර විදිහේ යැපුම් කොටසකුත් ඉස්සර ඉඳන්ම ඉන්නවා තමයි
    දරුවොන්ට කන්න නැතුව අඬනකොට ඔය පිමි නිකම්ම පැන්නෙනවා බන්. කොහෙද මන්දා ගමක එක තාත්තා කෙනෙක් දරුවන්ට කන්න දෙන්න ගෙදර පුටු විකුනලා එතනින් එහා කරන්න දෙයක් නැතුව බෙල්ලෙ වැල දාන් මැරුනා.
     
    • Sad
    Reactions: Tharaka25

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,318
    113
    I always ask to come and work to me and then I'll pay. If someone truly disable I gave money otherwise I don't waste money or time.
     
    • Like
    Reactions: Sen-lu

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දරුවොන්ට කන්න නැතුව අඬනකොට ඔය පිමි නිකම්ම පැන්නෙනවා බන්. කොහෙද මන්දා ගමක එක තාත්තා කෙනෙක් දරුවන්ට කන්න දෙන්න ගෙදර පුටු විකුනලා එතනින් එහා කරන්න දෙයක් නැතුව බෙල්ලෙ වැල දාන් මැරුනා.
    ළමයි ඉබේ පහල වෙනවද .. කන්න දෙන්න විදිහ නෑ ළමයි හදනව තියාගෙන