හිඟන්නන්ට පිනට දෙනවද?

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
Just a hypothetical situation hondada ???
api dena salli ekathu karala miniyak maranna contract dunnoth eth apita eka pinak wenawada bn ?
ape salli naraka wedakata neh gihin thiyenne ?
api boruwata hitha sanasagena witharai neh ?
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දවසක් මම දෙමටගොඩ හොල්ට් එකේ ඉන්න කොට මිනිහෙක් ආව පොර අහනවා මගෙන් රාගම හොස්පිටල් එකට යන්නේ කොහොමද කියලා මම ඉතින් බස් එකක යන්න කියලා නගින්න ඔනේ තැන කිව්වා .මු කියනවා පයින් යන්න බැරිද කියලා .රාගමට පයින් යන්නේ මොකටද කියලා ඇහුවම කිව්වා මෙයාගේ නොනාට අමාරුවෙලා නවත්වලා කියලා හෙන ස්ටොරියක් කිව්වා යන්න සල්ලි නෑ එකයි පයින් යන්නේ කියලා ඊට පස්සේ පරණ කුඩයක් පෙන්වලා මේක අරන් මට බස් එකේ යන්න කියක් හරි දෙන්න කිව්වා .මටත් පොර ගැන දුක හිතිලා රු500 ක් දුන්නා .මෙන්න තව 4 කට විතර පස්සේ ආමර් විදියේදි මු ආයේම ඇවිල්ලා මේකම කිව්වා මට එදා නම් පුදුම තරහක් ආවේ මම ඊට පස්සේ කිව්වා තමුසේ නේද දෙමටගොඩදිත් හම්බ වුනේ ඒක කිව්ව විතරයි මිනිහා කොහේ ගියාද දන්නේ නෑ .එදායින් පස්සේ මම ඔය එකෙක්ටවත් සල්ලි දෙන්නේ නෑ මුන් හිගාකන්නේ රස්සාවක් කරලා ගන්නවට වැඩිය ආදයමක් තියෙන හින්ද.

    අසහනේ තිබ්බට උඹත් හිත හොඳ කොල්ලෙක් නේ බන්. ;)
     
    thanujaka

    Well-known member
  • Just a hypothetical situation hondada ???
    api dena salli ekathu karala miniyak maranna contract dunnoth eth apita eka pinak wenawada bn ?
    ape salli naraka wedakata neh gihin thiyenne ?
    api boruwata hitha sanasagena witharai neh ?

    1) ඔව් ප්‍රශ්නයක් නෑ.. අපි සල්ලි දෙන්නේ කන්න බොන්න, මට රස්සාවක් කරගන්න බෑ කිව්වම පිහිට වෙන්න, අම්ම තාත්තව, ඉස්කෝලේ යන දරුවන්ව රැකබලාගන්න ඒ මනුස්සයට පිළිසරණක් වෙන්න..
    අපිව රවට්ටලා ඒ මනුස්සය අපෙන් සල්ලි අරං මිනී මැරෙව්ව කියල අපිට පවක් නෑ.. අපි මිනී මරන්න සල්ලි දුන්න නං තමයි පව.. අපි දෙන්නේ දානයක්.. චේතනාව හොද එකක්.. එයා අපිව රවට්ටනවා කියන එක අපිට අදාළ නෑ.

    2) නරක වැඩකට ගියා වෙන්න පුළුවන්, එත් අපි නරක වැඩකට සල්ලි දීල නැහැ නේ.

    3) ඔව් ඇත්තටම අපි රැවටිලා තමයි.. නමුත් අපි කරන දේ ආනිසංස අපිට ලැබෙනවා. හේතුව දානය දෙද්දී අපේ තිබ්බ පිවිතුරු චේතනාව..

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.
    ක්‍රියාවක් කරණ කොට ගත්තාවූ චේතනාව යම්සේද, මා එක කර්මය යැයි වදාරමි.
     
    Rep iwarai saho :sorry:
    ethakota api dena salli walin a higanna honda wedak karath,naraka wedak karath apita labe pin wala wenasak nedda ?
    hoda wedakata a salli yedunoth pin wadi wenne nedda ?
    danne nethi nisai ahanne :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan la ubala dannawanam kiyapanko....

    ara kalaniya campus eke sinhala professor kenek liyapu potha mokakda kiyala.

    higannange lokaya gana real experiment karala ....liapu potha.(a professor dan marila. )

    pora weswalagena pothata karunu ekathu karanna higa kaala......

    kalaniya campus eketh higa kaala....lamai kawuruwath adunagena na.....eth a sir hama dama kanna dena balla thmai natta wanala adunagena thiyenanne....​
     
    thanujaka

    Well-known member
  • Rep iwarai saho :sorry:
    ethakota api dena salli walin a higanna honda wedak karath,naraka wedak karath apita labe pin wala wenasak nedda ?
    hoda wedakata a salli yedunoth pin wadi wenne nedda ?
    danne nethi nisai ahanne :)

    1) නෑ එයා මොනවද සල්ලි වලින් කරන්නේ කියන එක නෙමෙයි අපිට වටින්නේ.. මම විශ්වාස කරන්නේ එයාගේ වචනය.. මිනිහෙක් තවත් මනුස්සයෙක්ගේ වචනයක් විශ්වාස කරන එක පවක් නෙමෙයි නේ.. ඉතිං අපි හොද චේතනාවෙන් තව කෙනෙක්ගේ සුභසිද්ධිය උදෙසා දෙන දානයෙන් අපිට පවක් නෑ කොහොමටත්ම..

    2) කොහොමත් අපි සල්ලි දෙන්නේ හොද වැඩකට තමා.. අපි මිනිමරන්න කුඩුගහන්න බෝතලේ ගහන්න සල්ලි දෙන්නේ නෑනේ.. ඌ ගහන එක වෙනයි.. අපි ඒ උදෙසා සල්ලි දෙන්නේ නෑනේ..
    හොද දේ කරත් නරක දේ කරත් දෙකම එකයි.. එකම පින.. මොකද සල්ලි කොතනින් කොහොම වියදම් උනත් අපි අවස්ථා දෙකේදීම දෙන්නේ එකම චේතනාවෙන්....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ මාමලාගේ කඩේට හොරු පැනලා තිබ්බා මම පොඩි කාලේ. හොරු ලන්නන්න හෙනම ගේමක් දුන්න. ඒත් අහුවුනේ නෑ. අන්තිමට මාම කිව්වා

    "දැන් ඉතින් පිනට දුන්න කියලා හිත හදාගන්නවා. එතකොට පිනක්වත් සිද්ද වෙනවා නේ " කියලා. :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ප්‍රශ්නයක් නෑ..
    දෙන සල්ලි වලින් ඌ මොනවද කරන්නේ කියන එක අපිට අදාළ නෑ..
    අපේ දෙන්නේ පිරිසිදු චේතනාවෙන්..
    තව කෙනෙක් ගේ දුකක් දැනිල, අපි දුක් මහන්සියෙන් හම්බ කරපු දේ වැය කරලා පිරිසිදු සිතින් දෙක දානයක් තමයි හිඟන්නන්ට දෙන සල්ලි කියන්නෙත්..
    අපි කරන ආනිසංස අපිට..
    ඌ කරන දේ ආනිසංස ඌට..

    එ වුනාට දැනි හිගන්නෝ මිනිස්සු අපහසුතාවයට පත් කරලා තමයි සල්ලි ගන්නේ බස්වලට ඇවිල්ලා ගෑණු කෙනෙක් හරි කෙල්ලෙක් ගාව හරි නතර වෙලා සල්ලි දෙනකම් ඉන්නවා එතකොට ඔක ගැන බස්එකේ ඉන්න හැමඑකාම බලනවා ඉතින් අකමැත්තෙන් හරි කියක් හරි දෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එ වුනාට දැනි හිගන්නෝ මිනිස්සු අපහසුතාවයට පත් කරලා තමයි සල්ලි ගන්නේ බස්වලට ඇවිල්ලා ගෑණු කෙනෙක් හරි කෙල්ලෙක් ගාව හරි නතර වෙලා සල්ලි දෙනකම් ඉන්නවා එතකොට ඔක ගැන බස්එකේ ඉන්න හැමඑකාම බලනවා ඉතින් අකමැත්තෙන් හරි කියක් හරි දෙනවා.

    :yes:
     
    thanujaka

    Well-known member
  • එ වුනාට දැනි හිගන්නෝ මිනිස්සු අපහසුතාවයට පත් කරලා තමයි සල්ලි ගන්නේ බස්වලට ඇවිල්ලා ගෑණු කෙනෙක් හරි කෙල්ලෙක් ගාව හරි නතර වෙලා සල්ලි දෙනකම් ඉන්නවා එතකොට ඔක ගැන බස්එකේ ඉන්න හැමඑකාම බලනවා ඉතින් අකමැත්තෙන් හරි කියක් හරි දෙනවා.

    ඒක මිනිස්සුන්ගේ හීනමානය..
    හැමෝම බලන් ඉද්දි දුන්නේ නැත්තං වස ලැජ්ජාව කියල හිතනවා..
    කොහොමත් අකමැත්තෙන් දීල වැඩකුත් නෑ..
    තමන් දෙන්න කැමති නැත්තං නොදී ඉන්න එකයි තියෙන්නේ..
    ඌට බලෙන් ගන්න බෑ..
    අර අපෝ ලැජ්ජාව කියල හිතෙනවා..
    එතන ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක..
     
    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    ප්‍රශ්නයක් නෑ..
    දෙන සල්ලි වලින් ඌ මොනවද කරන්නේ කියන එක අපිට අදාළ නෑ..
    අපේ දෙන්නේ පිරිසිදු චේතනාවෙන්..
    තව කෙනෙක් ගේ දුකක් දැනිල, අපි දුක් මහන්සියෙන් හම්බ කරපු දේ වැය කරලා පිරිසිදු සිතින් දෙක දානයක් තමයි හිඟන්නන්ට දෙන සල්ලි කියන්නෙත්..
    අපි කරන ආනිසංස අපිට..
    ඌ කරන දේ ආනිසංස ඌට..

    ubala harak oya wage hithana nisa thama unuth hodata me jara wade karagena yanne
     
    thanujaka

    Well-known member
  • ubala harak oya wage hithana nisa thama unuth hodata me jara wade karagena yanne

    මම පෞද්ගලිකව හිතන දෙයින් උඹට වැඩක් නෑ..
    මම හිතන්නේ මට ඕන විදිහට..
    උඹ උඹට ඕන විදිහට හිතලා උඹට ඕන දෙයක් කරපං..
    උඹට හුටස් ගාල වලිගෙ උඩ වාඩිවෙන්න දෙයක් මම කිව්වේ නෑ..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගොඩාක් හිගන බිස්නස් තියෙනවා ලන්කාවේ. මම ඉස්සර නුගේගොඩ මගේ පවුල ගන්න යද්දි හොදට ඇද ගත්ත අයියා වගේ එකෙක් ඇවිත් ටිකක් කලබලෙන් වගේ මගේ ලගට ඇවිත් හිටියා. මිනිහා ටික වෙලාවක් යනකන් මොකුත් කියුවේ නෑ. ඊට පස්සේ කියුවා ATM එකෙන් සල්ලි ගන්න ගියා මාර වැඩේ මල්ලි පින් එක වැරදිලා කාඩ් එක බ්ලොක් උනා කියලා. පොර ඇදගෙන ඉන්න විදියට හොද ඔෆිස් එකක වැඩ කරන එකෙක් වගේ.
    නමුත් මට පොඩි කොස්සක් තේරුනා. මගෙන් බස් එකේ යන්න 100ක් ඉල්ලුවා. මට ඒ සල්ලි ටික රීලෝඩ් එකකින් දාන්නම් කියුවා. මගේ තියෙන්නේ පැකේජ් එකක්. ඌට මොකුත් නොකියා මම 50ක් ද කොහෙද දුන්නා. මම රීලෝඩ් ඉල්ලගන්න ගියේ නෑ. එදායින් ඒක ඉවරයි කියමුකෝ.

    තව දවසක් මම කොල්ලුපිටියේ මැක් එක ගාවට පයින් ගාටද්දි ඔය කතාවම මට වයසක අන්කල් කෙනෙක් කියුවා. හැබැයි මිනිහා හෙන පිරිසිදු කඩ්ඩෙන් දුන්නේ. මට සම්තින් ෆිශී කියලා තේරිලා සල්ලි නෑ කියලා මාරු උනා. අද කාලේ අලුත්ම කලාව ඔය ටික තමයි. මමත් අතේ සල්ලි තියාගන්නේ නෑ. මගේ අතින් වියදම් වෙනවා. මගේ කාඩ් එකත් පින් එක වැරදිලා බ්ලොක් උනොත් හරි පර්ස් එක නැති උනොත් හරි සොරිම තමයි. කොහොමද තවත් මිනිහෙක් ගෙන් සල්ලි ඉල්ලන්නේ තමන් හිගන තත්වෙට නොවැටී. සමාජයේ කාලකන්නිම තමයි අනික් උන්ටත් තැනක් නැති කරන්නේ.

    තවත් දවසක ලොකු බෑග් එකක් තියන් ආමි කට් එක තියෙන හොදට උස මහත අයියා කෙනෙක් කියුවා ඌගේ ගම දුරයි. බස් වල මාරු වෙලා එද්දි උගේ පර්ස් එකට විදලා. තිබ්බනම් මල්ලි මම ඔකෝම විස්තර පෙන්නනවා නමුත් මම කියන්නේ බොරුනම් නෙවේ. අම්මලා බලන්න යන්නේ කියලා. මගෙන් 500ක් ඉල්ලුවා හරිම අසරණ කමකින් වගේ. මට ඒ සල්ලි රීලෝඩ් කරන්නම් කියුවා. ඕක ඇහුනා විතරයි සහ එදා මගේ අතේ සල්ල් තිබ්බේත් නෑ. මම මාරු උනා. මිනිහා ඇත්ත වෙන්න ඇති කියන්නේ... ඒත් බොරු වෙන්න පුලුවන්. කවුද ඉතින් ආමි එකේ කෙනෙක්ට උදව් නොකර අහක බලන්නේ. නමුත් මට අර බකට් ටික එක ලග සෙට් උන නිසා මම ලිස්සුවා. බලද්දි ඕකම මගේ යාලූවෝ කිහිප දෙනෙක්ට වෙලා. ඔන්න බිස්නස් එක.

    තව දවසක අපේ ගෙවල් ලග අයියා කෙනෙක් කියුව කතාවක් මේක.
    ඒ අයියා බයිසිකලේ යද්දි හෙල්මට් එකක් අතේ තියන් ඉන්න ඩයල් එකක් අත දාලා මෙයාව නවත්තලා. එහෙම කරලා කියලා එයාගේ බයික් එකේ පැට්‍රල් ඉවර උනාලු. බයික් එකට නම් දුරයි තව. මම මේ ශෙඩ් එකකට යන ගමන් තෙල් ගන්න. නමුත් මිනිහා අතේ ලොකු ගානක් නෑලූ. රුපියල් 200ක් ණයට ගන්න පුලුවන්ද පස්සේ අනිවා රීලෝඩ් කරන්නම් කියලා. ඒ අදුරන අයියයි මායි සාමාන්‍යයෙන් ෆුල් ටෑන්ක් ගහන්නේ. අරූගේ අතේ හෙල්මට් එකත් තිබ්බ නිසා අයියා කියලා යමු මගේ ෆුල් ටෑන්ක් තියෙන්නේ.. මට මිනිස්සු විශ්වාස නෑ. ඒ නිසා සල්ලි නම් දෙන්න බෑ. තෙල් දෙන්නම් ඒකට සල්ලි එපා කියලා. අරූ කෙදිරි ගානවලු තෙල් එපා, බයික් එකට තව දුරයි.. අයියාගේ කාලේ අපරාදේ සල්ලි දෙන්නලු.
    අපේ එකා ආයේ පාරක් උදව් කරන්න අහලා අරූ සල්ලිම ඕනා කියලා ආයෙත් ඇබරිලා. මෙයත් අරූට බම්බු ගහගන්න කියලා ගෙදර ඇවිත්.

    ඔන්න ඕවයි අද ක්වික් බිස්නස්. හරි දේයි බොරුවයි තෝරගන්න හරිම අමාරුයි. මේවා නම් වෙලා දැන් අවුරුදු 3ක් වත් ඇති. නමුත් සේම් බිස්නස් ට්‍රික් එක යනවා වගේ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1) ඔව් ප්‍රශ්නයක් නෑ.. අපි සල්ලි දෙන්නේ කන්න බොන්න, මට රස්සාවක් කරගන්න බෑ කිව්වම පිහිට වෙන්න, අම්ම තාත්තව, ඉස්කෝලේ යන දරුවන්ව රැකබලාගන්න ඒ මනුස්සයට පිළිසරණක් වෙන්න..
    අපිව රවට්ටලා ඒ මනුස්සය අපෙන් සල්ලි අරං මිනී මැරෙව්ව කියල අපිට පවක් නෑ.. අපි මිනී මරන්න සල්ලි දුන්න නං තමයි පව.. අපි දෙන්නේ දානයක්.. චේතනාව හොද එකක්.. එයා අපිව රවට්ටනවා කියන එක අපිට අදාළ නෑ.

    2) නරක වැඩකට ගියා වෙන්න පුළුවන්, එත් අපි නරක වැඩකට සල්ලි දීල නැහැ නේ.

    3) ඔව් ඇත්තටම අපි රැවටිලා තමයි.. නමුත් අපි කරන දේ ආනිසංස අපිට ලැබෙනවා. හේතුව දානය දෙද්දී අපේ තිබ්බ පිවිතුරු චේතනාව..

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.
    ක්‍රියාවක් කරණ කොට ගත්තාවූ චේතනාව යම්සේද, මා එක කර්මය යැයි වදාරමි.

    පින ගැන නෙමයි මචං මම නම් කියන්නේ. දියයුතු කෙන්ක්ට දෙන එක හොදයි. ඒ නිසා අසරනයෙක් කියල තේරුනොත් විතරක් දෙන්නන
     
    thanujaka

    Well-known member
  • පින ගැන නෙමයි මචං මම නම් කියන්නේ. දියයුතු කෙන්ක්ට දෙන එක හොදයි. ඒ නිසා අසරනයෙක් කියල තේරුනොත් විතරක් දෙන්නන

    ඔව් නමුත් ඒ දෙක අතරේ වෙනසක් හොයන එක හරිම අමාරුයි මචං...
    උන් වෘත්තිමය වශයෙන් ඕකට පුහුණු වෙච්ච පිරිසක්..
    නිලේ බලල මිනිස්සුන්ගේ සංවේදක අවුස්සලා සල්ලි කඩාගන්න උන් හොදට දන්නවා..
    කොටුවේම මුඩුක්කු වලින් වලින් පොඩි උන් උස්සන් හිගමනේ යනවද..
    බස් වලට නැගල කියන කතාව ඌ කොච්චර සංවේදනාවක් එක්කරලා කියනවද?
    ඔතන ඇත්ත කෙනා මොකාද හරි කෙනා මොකද්ද කියල අදුරගන්න තියෙන අවස්ථාව අන්තිම පටු එකක්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ප්‍රශ්නයක් නෑ..
    දෙන සල්ලි වලින් ඌ මොනවද කරන්නේ කියන එක අපිට අදාළ නෑ..
    අපේ දෙන්නේ පිරිසිදු චේතනාවෙන්..
    තව කෙනෙක් ගේ දුකක් දැනිල, අපි දුක් මහන්සියෙන් හම්බ කරපු දේ වැය කරලා පිරිසිදු සිතින් දෙක දානයක් තමයි හිඟන්නන්ට දෙන සල්ලි කියන්නෙත්..
    අපි කරන ආනිසංස අපිට..
    ඌ කරන දේ ආනිසංස ඌට..

    :yes::yes:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Begger in Sri Lanka kiyawapan. oya hema seen 1kma eke tiyanawa.
    pattama pothak. sinhala translation 1, Sri Lankawe Jachakaya.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,518
    113
    ගග අද්දර
    thanujaka අයිය හොදට කියල තියනව. උබලට දෙන්න ඕනි කියල හිතුනොත් දියන් ඕනි කෙනෙක්ට. හැබැයි දෙන්න ඕනි නෑ, මූ බොරුවක් කරනවා ඇත්තේ, මූ මේකෙන් හවසට බොයි, වගේ එව්වා හිතෙනවා නම් දෙන්න යන්න එපා. මාත් හැම එකාටම සල්ලි දෙන්න යන් නෑ. දෙන්න හිතුනොත් දෙපාරක් හිතන් නැතුව දෙනවා.

    අනික වෙන එකෙක් කාට හරි සල්ලි දෙනකන් ඉදල අපරාදේ ඌට සල්ලි දුන්නේ වගේ කතා කියන්න එපා. ඒක කියනව නම් දෙන්න කලින් කියන්න. දුන්නට පස්සේ ඕක කිව්වම දුන්න එකාගේ හිත සවුත්තු වෙන එක විතරයි වෙන්නේ.