හිඟන්නන් සමග මිතුරුවෙලා - ණය ආධාරයක්වත් න&#353

v7soft1

Active member
  • Dec 13, 2012
    207
    28
    28
    හිඟන්නන් සමග මිතුරුවෙලා - ණය ආධාරයක්වත් න&#353

    අමෙරිකානු ආණ්ඩුවේ තෙවැනි ලොක්කා වන ජෝන් කෙරී ශ්‍රී ලංකාවට ඇවිත් ජනපතිගේ පිටට තට්ටුවක් දමා සෝක් යහපාලනය කියා ගිය නමුත් එක ශත පහක ණය ආධාරයක් නොදුන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි.

    එසේම ඉන්දීය අගමැතිතුමා ඇවිත් ශ්‍රී ලංකා අගමැතිවරයා බඳාගත් නමුත් ඔහුද ණය ආධාර නොදුන් බව හෙතෙම පවසයි.

    අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ අවශ්‍ය නම් තාක්ෂණික ආධාර දෙන්නම් යැයිද මන්ත්‍රීවරයා කියයි.

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව චීනය වැනි ලොව ධනවත් රටවල් සමග මිතුරු වෙද්දී වත්මන් ආණ්ඩුව ලොව ලොකුම ණය ගැතියා වන අමෙරිකාව වැනි හිඟන්නන් සමග මිතුරු වන බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

    ඔහු මේ අදහස් පළ කළේ කොළඹදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

    වත්මන් ආණ්ඩුව චීනයෙන් දුරස්වී අමෙරිකාව වැනි රටවල් සමග මිතුරුකම් පෑවද චීනය වැනි බලවත් රටක සහය අපට නොමැතිවීම බලවත් පාඩුවක් බව හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.

    පෝට් සිටි ව්‍යාපෘතියට මුල්ගල තැබූවේ චීන ජනපති බවත්, චීන ජනපති මුල්ගල තැබූ ව්‍යාපෘතියක් අමෙරිකාව පවා නතර නොකරන නමුදු වත්මන් ආණ්ඩුව දුන් පො‍රොන්දු ඉටුකරමින් එය එසේම සිදුකළ බව ඔහු කියා සිටියේය.

    කෙසේ හෝ වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ සහ උපාය මාර්ගයන්හි වරදක් ඇත්නම් එහි ඉරණම තීරණය වන්නේ ආණ්ඩුවේ පමණක් නොව සමස්ත ජාතියේම බැවින් දේශපාලන භේද අමතක කර ආණ්ඩුවට උපකාරකොට අර්බුදයෙන් රට මුදවා ගැනීමට සහය දෙන බවද හෙතෙම පැවසීය.

    ජිනීවා යෝජනාවේ කරුණු සම්බන්ධයෙන් කතා කරද්දී අපට ජාතිවාදීන් යැයි ලේබල් ගසන බවද, අපි කියන්නේ වැරදි නම් පෙන්නාදී නිවැරදි කරන්න යැයිද ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේය.

    Code:
    [URL="http://sinhala.adaderana.lk/news/54686/%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F---%E0%B6%AB%E0%B6%BA-%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%91"]http://sinhala.adaderana.lk/news/54686/%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F---%E0%B6%AB%E0%B6%BA-%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%91[/URL]