හිටපු කොටි ලොක්කාගේ ගුණ යාපනයේදී සැමරූ හ&#3536

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    හිටපු කොටි ලොක්කාගේ ගුණ යාපනයේදී සැමරූ හ&#3536

    සිංහල ජනතාව උතුරේ පදිංචි වීමට විරුද්ධව හා ඉන්දීය රජය එල් ටි ටි සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට උපවාසයක් පවත්වමින් සිටියදි ජිවිතක්ෂයට පත්වු එල් ටි ටි සංවිධානයේ හිටපු නායකයෙකු ලෙස කටයුතු කළ ත්‍යාගදීපන් දිලීපන් නමැත්තාගේ 29 වැනි ගුණ සමරුව හිටපු එල් ටි ටි සාමාජිකයින්ගේන් සමන්විත ප‍්‍රජාත්නත‍්‍රවාදි විමුක්තිකාමි පක්ෂ සාමාජිකයින් ඊයේ (15) සිදුකරනු ලැබීය.

    හිටපු එල් ටි ටි සංවිධානයේ සාමාජිකයින් දිලීපන් මියගිය ස්ථානයේ පහන් දල්වා ගුණ සැමරුම සිදු කරනු ලැබීය.
    දිලීපන් 1987 අගෝස්තු 15 වැනිදා උපවාසය ආරම්භ කළ අතර, 1987 අගෝස්තු 26 වැනිදා ජිවිතක්ෂයට පත්වූහ.

    ඉන්දීය සාම සාධක හමුදාව දෙමළ ජනතාවට සිදුකරන බලපෑම් නවතා දමා ඉන්දීය රජය එල් ටි ටි සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් දිලීපන් දින 12 ක් උපවාස කරමින් සිටියදි ජිවිතක්ෂයට පත්විණ.

    දිලීපන් උපවාස කරමින් සිටින අවස්ථාවේ එල් ටි ටි සංවිධාන නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ද දිලීපන් හමුවීමට පැමිණි බැව් යාපනය ජනතාව පවසති.

    දිලීපන් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිට අවස්ථාවක එල් ටි ටි සංවිධානය වෙත එක්ව සිටියහ.

    ගුණ සැමරුම වෙනුවෙන් එක් වු හිටපු එල් ටි ටි සාමාජිකයින් පවසා ඇත්තේ දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කළ දිලීපන් සැමරිය යුතු පුද්ගලයෙකු වන බවයි.

    දිලීපන් වෙනුවෙන් එල් ටි ටි සංවිධානයේ ලූතිනන් කර්නල් ලබාදි තිබිණ.


    unnamed-6.jpg


    unnamed-1-2.jpg


    unnamed-2-2.jpg


    unnamed-3-2.jpg
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    තවත් ඩයිනමයිට් හෙලිදරව්වක්.. උදේට තම්බි ගහනව නුවරට.. හවස හයෙන් පස්සේ දෙමෙල්ලු ගහනවා යාපනේට.. වේ ටු ගො ඩයිනා.. වේ ටු ගො.. කීප් ද ගුඩ් වර්ක්..


    :lol::lol::lol::lol::lol::lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දෙමල නිජ බිම වෙනුවෙන් දිවිපිදූ ආචාර්ය දීපන් මැතිතුමා සිහිකරමු
    එතුමගේ ජීව්න චරිතය ආදර්ශයට ගනිමු

    ගරු ප්‍රබාකරන්තුමා,සෙල්වම් තුමා ,දීපන් මැතිතුමා වැනි විරුවන් සිහිකිර්‍රිමට කොලඹ ස්මාරක හදමු. ජාතික සැමරුම් උලෙලක් ආරම්බකරමු
    ඒ කොටි විරුතුමන්ලගේ ස්මාරක අසලින් යනවිට තොප්පි ගලවන ලෙසත්,කුඩ අකුලන ලෙසටත් දකුනේ ජනයාට කියමු.කොටි විරුතුමන්ලාට ගරු බුහුමන් කරමු.පාසැල් පෙලපොත් වලට කොටි විරුකම් පාඩම් ඇතුලත් කරමු.
    මියගිය හා ආබාධිත කොටිවිරු පවුල් වලට දීමනා දෙමු.
    හමුදා ස්මාරක ඇත්නම් ඒවා එම තැන්වලින් ගලවා ඉවත්කර කොටි විරුපවුල් හා දෙමල ජනයාගේ සිත් රිදීම් අස්වසමු.
    යහපාලන පිරිස ඇතුලු දකුනේ අපි
     
    Last edited: