LTTE සංවිධානයේ ඉතිහාසය – 1 කොටස

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    LTTE සංවිධානයේ ඉතිහාසය – 1 කොටස


    Thumbnail1-75.jpg

    අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට, මතක් කරන්නවත් අකමැති මාතෘකාවක් ගැන තමයි අපි අද කතා කරන්නෙ. එක එක පාට කණ්ණාඩි දාගෙන විග්‍රහ කළත් අවසානයේ ශ්‍රී ලංකාව අද තියෙන තත්ත්වයට වැටෙන්න මූලිකම හේතුව අපේ රටේ දශක තුනකට වැඩි කාලයක් පැවතුණු යුද්ධය කියල හැමෝම පිළිගන්නවා ඇති. ඉතින් අද ඉන්න තරුණ පරම්පරාව මේ ගැන දන්නා දේවල් බොහොම අඩුයි. ඒ වගේම යුද්ධය ක්‍රියාත්මක වුණේ උතුරේ වුණත් ඒ යුද්ධයේ ගිනි දළු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර හැම තැනම දකින්නට තිබුණා. ඉතින් තරුණ පරම්පරාව මේ ගැන දැනගෙන ඉන්නම ඕනේ කියල අපිට හිතෙන නිසා මේ යුද්ධයේ ප්‍රති පාර්ශ්වය වුනු LTTE සංවිධානය සහ එහි ඉතිහාසය ගැන අපි ඔයාලව දැනුවත් කරන්න කල්පනා කළා.


    1. නිදහස ලැබීමෙන් ජනවාර්ගික ගැට‍ළු ඇතිවීම​


    01-66.jpg



    ශ්‍රී ලංකාව කියන්නෙ බහු ආගමික, බහු වාර්ගික රටක්. හැබැයි බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමෙන් පස්සේ සිංහල සහ දමිළ ජනයා අතර නොයෙක් ආකාරයේ ගැටුම්, මතභේද ඇති වෙලා තියෙනවා. නිදහස ලබාගැනීමේ සටන් වලදී හැම ජාතියම එකතුවෙලා සටන් කළත් නිදහස ලබාගත්තාට පස්සේ ප්‍රශ්න නැතිකමට දෝ මන්දා ජාතීන් වශයෙන් බෙදෙන්න පටන් ගත්තා. ඉතින් මේ ජාතීන් අතර ගැටළු වල කැපී පෙනෙන සිද්ධියක් විදිහට සලකන්න පුළුවන් 1956 ජූනි 05 වෙනිදා ගාලු මුවදොර ඇතිවෙච්ච සිද්ධිය. 1956 මහා මැතිවරණයෙන් කිසිවෙක් අපේක්ෂා නොකරපු විදිහට, එතෙක් වසර 9ක් බලයේ හිටපු එක්සත් ජාතික පක්ෂය ආසන 8කට සීමා කරමින් S W R D බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ආණ්ඩු බලය ලබාගන්න සමත් වෙනවා. බණ්ඩාරනායක මහත්තයා ඒ මැතිවරණයට කලින් ලබා දීපු මැතිවරණ පොරොන්දුවක් වුණේ එවකට රාජ්‍ය භාෂාව විදිහට පැවතුණු ඉංග්‍රීසි භාෂාව වෙනුවට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා ය කියන පොරොන්දුවයි. ඉතින් ඒ පොරොන්දුව අනුව මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ සිංහල භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉතින් රට පුරා මේ පනතට පක්ෂව සහ විපක්ෂව ලොකු කතාබහක් ඇති වුණා. ඉතින් ඒ දේවල් මේකට සෘජුව සම්බන්ධ නැති නිසා ඒ ගැන අපි කතා කරන්නේ නෑ. හැබැයි මේ පනතට විරෝධය පාමින් චෙල්වනායගම් මහතා ප්‍රමුඛ පිරිසක් ගාලු මුවදොර ඉදිරියේ සාමකාමී විරෝධතාවක් දියත් කළා. ඉතින් ඒ විරෝධතාවට ආණ්ඩුවේ ඇමතිවරයෙක් ප්‍රහාරයක් එල්ල කළා සහ සහභාගී වෙච්ච අයට පහරදීමක් සිදු කළා. ඒ සිද්ධියත් එක්කම කොළඹ නගරයේ සුළු ජාතීන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ ව්‍යාපාර කොල්ලකෑමක් සිදු වුණා. ඔන්න ඔහොම තමයි මේ ජනවාර්ගික අර්බුද පටන් ගන්න පසුබිම හැදුණේ. ඉතින් ඔය භාෂා පනත ගේන්න උත්සහ කරද්දී ගොඩක් අය මත පළ කළා ඒ හරහා ජාතිවාදී, ජනවාර්ගික ගැටළු ඇති වේවියි කියන එක. ඒත් කොහොමහරි ඒක සිද්ධ වුණා. ඉන් පස්සෙත් නොයෙක් අවස්ථා වල සුළු ජාතීන් ඉලක්ක කරගෙන කෙරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වුණා. ගල්ඔය කැරැල්ල වගේ සිදුවීම් ඒ අතරින් විශේෂයි.


    2. දෙමළ තරුණයින් සංවිධානය වීම​


    02-66.jpg



    ඉස්සෙල්ලා කිව්වා වගේ දිගින් දිගටම සුළු ජාතීන්, විශේෂයෙන් දෙමළ ජාතිකයින් ඉලක්ක කරගෙන කරපු පහරදීම් වල අවසන් ප්‍රතිඵලය වුණේ දෙමළ ජාතික තරුණයින් ප්‍රචණ්ඩත්වය වෙතට තල්ලු වුණු එකයි. ඒ වෙද්දී ඒ කියන්නෙ 1960 වගේ වෙද්දී උතුරේ බලය බොහෝ දුරට කේන්ද්‍ර වෙලා තිබුනේ ‘ඉලංගෙයි තමිල් අරසු කච්චි’ කියන පක්ෂයටයි. සිංහලෙන් කිව්වොත් ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය. ඇති වෙලා තිබුණු ගැටුම්කාරී සිදුවීම් නිසා දෙමළ තරුණ ප්‍රජාව මේ දේශපාලන පක්ෂ වල මැදිහත් වීම සහ ක්‍රියා කලාපය ගැන එච්චර පැහැදීමක් තිබුණේ නෑ. ඒ හේතුව නිසා වෙන්න පුළුවන් ඔවුන් ප්‍රචණ්ඩත්වය දිහාවට යොමු වුණේ. ඉතින් රටේ තැනින් තැන දෙමළ තරුණයින් කල්ලි කණ්ඩායම් විදිහට ප්‍රති ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරත වුණා.


    3. තංගදුරෙයි කල්ලිය​


    03-66.jpg



    ඔන්න ඔය විදිහට දෙමළ තරුණයින් කල්ලි විදිහට තැන් තැන් වල ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරත වුණත් 1969 අවුරුද්දේ කැපීපෙනෙන කල්ලියක් විදිහට දෙමළ තරුණයින් කිහිපදෙනෙක් එකතුවෙලා තංගදුරෙයි කල්ලිය ඇති කරගන්නවා. මේ කල්ලිය නඩරාජා තංගවේලුගේ නායකත්වයෙන් තමයි ක්‍රියාත්මක වුණේ. ඔහු තමයි තංගදුරෙයි විදිහට හැඳින්වුණේ. මේ කල්ලියේ අනෙක් සාමාජිකයින් වුණේ සෙල්වරාජා යෝගචන්ද්‍රන්, පොන්නදුරෙයි සිවකුමාරන්, ශ්‍රී සභාරත්නම් සහ වේළුපිල්ලෙයි ප්‍රභාකරන් යන අයයි. ඉතින් මේ අයට පැහැදිලි දේශපාලන දැක්මක් තිබුණේ නෑ. ඔවුන්ගේ මූලික වැඩේ වුණේ ඉන්දියාවෙන් ගෙනෙන හොර බඩු වෙළඳාම් කිරීමයි. ඊට අමතරව පොඩි පොඩි ත්‍රස්තවාදී ක්‍රියා වලත් නිරත වුණා. තංගදුරෙයි කල්ලියේ දේශපාලන සම්බන්ධය කෙලින්ම තිබුණේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් එක්ක. ඔහු මේ කල්ලිය යොදා ගත්තා ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් මෙල්ල කරන්න.


    4. දෙමළ ශිෂ්‍ය ලීගය​


    04-66.jpg



    තංගදුරෙයි කල්ලියේ සාමාජිකයෙක් වෙච්ච පොන්නදුරෙයි සිවකුමාර් ඒ කල්ලියෙන් කැඩිලා ඇවිත් අලුත් කල්ලියක් විදිහට දෙමළ ශිෂ්‍ය ලීගය (Tamil Students League) කියල සන්නද්ධ කල්ලියක් පිහිටුවා ගන්නවා 1970 අවුරුද්දේ. මේ කල්ලියේ සෙසු ආරම්භක සාමාජිකයින් වුනේ පොන්නදුරෙයි සත්‍යසීලන් සහ කේ පද්මනාභා යන අයයි. ඉන් පස්සේ කාලෙක, ඒ කියන්නෙ 1973දී මේ සංවිධානයේ නම දෙමළ තරුණ ලීගය (Tamil Youth League) විදිහට වෙනස් කරගත්තා. ඒ වගේම 70 දශකයේ මුල් කාලේ මේ සංවිධානය ත්‍රස්තවාදී කටයුතු ගණනාවක්ම කළා. ඒ අතරින් කෝපායි බැංකු කොල්ලය සහ යාපනය නගරාධිපතිට අත් බෝම්බ ප්‍රහාරයක් (ඔහු ඝාතනය කිරීම සමඟ පටලවා නොගත යුතුයි) එල්ල කිරීම සුවිශේෂ සිද්ධි දෙකක් විදිහට නම් කරන්න පුළුවන්.


    5. කෝපායි මහජන බැංකු කොල්ලය​


    05-66.jpg



    1974 ජූනි 5 වෙනිදා කෝපායි නගරයේ පිහිටා තිබුණු මහජන බැංකු ශාඛාව කොල්ලකෑමට පිරිසක් සූදානම් වෙන බව කෝපායි පොලිස් ස්ථානයට ඔත්තුවක් ලැබුණා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු පොලිසිය සහ අදාළ බැංකුව කොල්ලකෑමට පැමිණි පිරිස අතර පස්වරු 1ට පමණ ගැටුමක් ඇතිවුණා. කොල්ලකරුවන් ලුහුබැඳ ගිය පොලීසිය සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමරුවකුත් සිදු වුණා. අවසානයේ කොල්ලයට පැමිණි සිවකුමාර් අත් අඩංගුවට ගත්තා. ඒත් එක්කම තමන්ගේ ඉනේ සඟවාගෙන හිටපු සයනයිඩ් කරලක් කෑමෙන් සිවකුමාර් මිය ගියා. ඒ තමයි අපි කවුරුත් දන්නා සයනයිඩ් කරලෙන් කෙනෙක් සියදිවි නසාගත් පළවෙනි අවස්ථාව විදිහට වාර්තා වෙන්නේ.


    6. දෙමළ නව කොටි බිහිවීම​


    06-63.jpg



    දෙමළ තරුණ ලීගය ඒ පැත්තෙන් ත්‍රස්තවාදී කටයුතු වල නිරත වෙද්දී තංගදුරෙයි කල්ලියේ සාමාජිකයෙක් වෙච්ච වේළුපිල්ලෙයි ප්‍රභාකරන් ඉන්දියාව එක්ක හොරබඩු ජාවාරමේ නිරත වෙච්ච චෙට්ටි තනබාලසිංහම් එක්ක එකතුවෙලා 1973 අවුරුද්දේ “දෙමළ නව කොටි” නමින් සංවිධානයක් ආරම්භ කළා. පස්සේ හමුදාව එක්ක ඇති වුණු ගැටුමකින් චෙට්ටි තනබාලසිංහම් මරණයට පත් වීමත් එක්ක එම සංවිධානයේ නායකත්වය ප්‍රභාකරන්ට හිමිවුණා. ඒත් එක්ක ඔවුන් උතුරු ප්‍රදේශයේ ත්‍රස්තවාදී කටයුතු දෙමළ ජාතික හැඟීම එම ජනතාව අතර මතුවෙන ආකාරයට සිදු කරනු ලැබුවා. ඒ අතරින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යාපනයේ සංචාරය කළ අවස්ථාවල පිපිරීම් කිහිපයක් සිදු කිරීම සහ යාපනය නගරාධිපති ඝාතනය විශේෂයි.


    7. ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය​


    07-63.jpg



    1975 වෙද්දී දෙමළ නව කොටි සංවිධානය දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තිබුණා. ඒ වෙද්දී යාපනයේ නගරාධිපති ධුරයේ කටයුතු කළේ ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා මහතායි. ඔහු වෘත්තියෙන් නීතිඥයෙක්. ඒ වගේම 1960 දී යාපනයට ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට තේරී පත් වුණා. ඉන් පස්සේ සිරිමාවෝ මැතිණියගේ ආරාධනයෙන් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණා. ඒ වෙද්දී එතුමා යාපනයේ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරමින් හිටපු නිසා ජනතාව අතර ඉතා ජනප්‍රිය චරිතයක් වුණා. ඉතින් ඒ තත්ත්වය දෙමළ සන්නද්ධ කල්ලි වල විවේචනයට ලක් වුණා. ඒ නිසා ඔහු ජනතාවගේ හතුරෙක් විදිහට ජනතාවට ඒත්තු ගන්වන්න ඒ සන්නද්ධ කණ්ඩායම් ක්‍රියා කළා. ඒ අතරේ දොරෙයප්පා දෙමළ සන්නද්ධ කණ්ඩායම් වල අරමුණු මිත්‍යාවක් බව ජනතාවට ඒත්තු ගන්වන්න උත්සාහ කළා. ඉතින් ඔය හේතු නිසා ත්‍රස්තවාදී සංවිධාන විසින් දොරෙයප්පාව ද්‍රෝහියෙක් ලෙස සලකන්නට වුණා. ඔය අතරේ දෙමළ නව කොටි සංවිධානයේ සාමාජිකයෙක් වෙච්ච ප්‍රභාකරන් මැරයෙකුගෙන් පිස්තෝලයක් මිලදී ගන්නවා. ඒ වගේම 1975 ජූලි 27 වෙනිදා උදේ කෝවිලට එමින් හිටපු දොරෙයප්පා මහතාව ප්‍රභාකරන් ප්‍රමුඛ කණ්ඩායම විසින් ඝාතනය කරනු ලබනවා. ඉතින් ඒ ඝාතනය ලේ පිපාසිතයෙක් වෙච්ච ප්‍රභාකරන්ගේ පළවෙනි මනුෂ්‍ය ඝාතනය විදිහට නම් කරන්න පුළුවන්.


    ඊළඟ ලිපියෙන් නව දෙමළ කොටි එල් ටී ටී ඊ විදිහට වෙනස් වුණේ කොහොමද කියල කතා කරමු.


    උපුටා ගැනීම lifie.lk
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love2: අපේ ගෙදරත් තිබ්බා මුන් බුරුතු පිටින් මැරිලා ගොඩ ගහල තියෙන පරන ඵොටො වගයක්. තාත්තා යාපනේ ඉන්න කාලෙ ගත්තුවා.. anyways.. නියම නූලක් මචන්..!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    කොටි තමයි අද මේ රට මේ තත්වෙට වැටෙන්න හේතුව. උන් එදා එහෙම ආයුධ අතට ගත්තේ නැත්තන් යුද්ධයක් ඇති වෙන්නේ නෑනේ. එහෙම යුද්ධයක් ඇතිවුනේ නැත්තන් මහින්දයට ඉවර කරන්න යුද්ධයක් නෑනේ. එහෙම වුනා නම් 2010දී ආයේ කලගුණ සලකන්න කියලා ඌව ජනාධිපති කරන්නේ නැනේ, එහෙම වුනා නම් උට හොරකන් කරන්න බෑනේ. ඌ හොරකම් කලේ නැත්තන් පොඩි මයිනෝ ටිකත් අද අපිට දකින්න ලැබෙන්නේ නෑනේ. එහෙනම් අද සිරි ලංකාව මීට වඩා අඩියක් හරි ඉස්සරහින් ඉන්නවනේ. :(
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කොටි තමයි අද මේ රට මේ තත්වෙට වැටෙන්න හේතුව. උන් එදා එහෙම ආයුධ අතට ගත්තේ නැත්තන් යුද්ධයක් ඇති වෙන්නේ නෑනේ. එහෙම යුද්ධයක් ඇතිවුනේ නැත්තන් මහින්දයට ඉවර කරන්න යුද්ධයක් නෑනේ. එහෙම වුනා නම් 2010දී ආයේ කලගුණ සලකන්න කියලා ඌව ජනාධිපති කරන්නේ නැනේ, එහෙම වුනා නම් උට හොරකන් කරන්න බෑනේ. ඌ හොරකම් කලේ නැත්තන් පොඩි මයිනෝ ටිකත් අද අපිට දකින්න ලැබෙන්නේ නෑනේ. එහෙනම් අද සිරි ලංකාව මීට වඩා අඩියක් හරි ඉස්සරහින් ඉන්නවනේ. :(
    කොටි බිහිවෙන්න හේතුව හොයලා බලපන්
    අන්න ඒ කාලකන්නියා ජාතක වුණේ නැත්නම් අනිවා වෙනසක් වෙන්න තිබුණා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    කොටි බිහිවෙන්න හේතුව හොයලා බලපන්
    අන්න ඒ කාලකන්නියා ජාතක වුණේ නැත්නම් අනිවා වෙනසක් වෙන්න තිබුණා
    බණ්ඩාරනායක කාරයනේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොටි බිහිවෙන්න හේතුව හොයලා බලපන්
    අන්න ඒ කාලකන්නියා ජාතක වුණේ නැත්නම් අනිවා වෙනසක් වෙන්න තිබුණා
    බණ්ඩාරනායක කාරයනේ.
    ඕක ඉතිං ඌටම ලඝු කරන්න බෑ. දෙමළ ඊලම පිළිබද සංකල්පය ආවේ නිදහස් එන්නත් කලින් ඉදලම තමයි . අනෙක ඌ ආයෙත් හැරෙන තැපෑලෙන් දෙමළ භාෂාවත් දැම්මනෙ.
    ඔය දෙමළ සටන් තමිල් නාඩුවේ, තව මැලේසියාවෙත් තිබුණා. අපි වගේ හුරතල් කර කර ඉදියෙ නෑ ඒවා එනකොටම විනාශ කරලා දැම්මා.

    කොහොමත් දෙමළ අයට තාම නිජ භූමියක් නෑ, කොහෙන් හරි ඒක ගන්න බලන්නෙ.