හිටපු ජනපතිනිය රන්ජන් ගැන තැබූ සටහන

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ranjan-768x432.jpg


    හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිරගත වූ රංජන් රාමනායක ගැන ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

    ඒම සටහන පහතින්,

    මා හිතවත් රන්ජන් Ranjan Ramanayake

    ඔබට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් විස්මයටත්, කණගාටුවටත් පත්වීමි. ඔබට මේ තත්ත්වය ඇතිවූයේ මේ රටේ මුළුමනින් ම දූෂ්‍ය වී තිබෙන රාජ්‍ය තන්ත්‍රයට එරහිව නිර්භයව හඬනැගීම හේතුවෙනි.

    ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට, අතිශයින් ම දූෂිත දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකවම උත්සාහ කිරීම නිසා, ඔබට අද සිරගත වන්නට සිදු ව තිබේ.

    මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.

    කිසිදු විටෙක අධෛර්ය නොවන්න. යුක්තිය අගයන සියලු ජනතාව ඔබ සමග සිටින බැවින් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න.කුමන අභියෝග සහ බාධා එල්ල වුවද, අපේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් අපි බොහෝ කැපවීමෙන් වැඩ කළ යුතු වෙමු.

    අයුක්තියට, අසාධාරණයට, දූෂණයට එරෙහිව ඔබ විසින් ආරම්භ කළ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට මෙහෙය වීමට ඔබට ආශිර්වාද කරමින් විජය මාමාගේ ගීත කොටසක් සිහිපත් කරමි.

    “වරදට එරෙහිව අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදීව තපස් රකින්නේ
    පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්”

    මීට,
    හිතවත්,
    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග


    මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    "මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය."

    මේ වට හිනා වෙන්න ඕන මොන මුකයෙන් ද කියලා හිතා ගන්න බෑ.
     
    • Haha
    Reactions: weer 11 and asylum

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකි ඉන්න කාලෙ තමයි ප්‍රසිද්දියේ දූෂන වංචා කරන්න පටන් ගත්තෙ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    වරදට එරෙහිව අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්//

    ශාන්තිවාදීව තපස් රකින්නේ
    පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්//
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි.

    හරි මැඩම් එල, අපි ඔක්කොම මැරිලා ඉපදිලා ඉන්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චන්ද්‍රිකා ජනාධිපති කාලේ එස්බී හිරේ ගියෙත් අධිකරණයට එරෙහිව නිර්භයව හඬනැගීම හින්ද වෙන්න ඇති නේද
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    මොනව උනත් චන්ද්‍රිකාගෙ කාලෙ රටට මෙච්චර කෙල උනේ නෑ නේද යුද්දයක් තිබිලත්
    මෙච්චර ණය අරං , ණය ගෙවාගන්න බැරුව, රටේ කොටස් විකුනන්න තරං
    මහින්දය තමා මේ චීන ණය උගුලෙ රට හිර කරේ
    ණය අරං කරපු තරමක් කරේ රටට සත පහක් එන්නෙ නැති කොමිස් ප්‍රොජෙක්ට්ස්

    පෞද්ගලික අදහස, කිසිම පන්ශයකට ලොකුවට කැමැත්තක් නැත.
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මොනව උනත් චන්ද්‍රිකාගෙ කාලෙ රටට මෙච්චර කෙල උනේ නෑ නේද යුද්දයක් තිබිලත්
    මෙච්චර ණය අරං , ණය ගෙවාගන්න බැරුව, රටේ කොටස් විකුනන්න තරං
    මහින්දය තමා මේ චීන ණය උගුලෙ රට හිර කරේ
    ණය අරං කරපු තරමක් කරේ රටට සත පහක් එන්නෙ නැති කොමිස් ප්‍රොජෙක්ට්ස්

    පෞද්ගලික අදහස, කිසිම පන්ශයකට ලොකුවට කැමැත්තක් නැත.
    True.

    Minissunta loku awlak thibbe na monawa unath
     
    • Like
    Reactions: wawula

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    මොන විහිලුද යකෝ මේ. රංජා අස්සේ පුක්ශණය කරනවලු . ඌට ගහනවලු තග් උන් පව් ඕයි . මොනා උනත් රාජපක්ෂලා ෆොන්සේකා දැම්මා රංජා දැම්මා උන්ටත් අනිවා මේ ඇරියස් එකක් දෙනවා කවදහරි අනික් උන්
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මොන විහිලුද යකෝ මේ. රංජා අස්සේ පුක්ශණය කරනවලු . ඌට ගහනවලු තග් උන් පව් ඕයි . මොනා උනත් රාජපක්ෂලා ෆොන්සේකා දැම්මා රංජා දැම්මා උන්ටත් අනිවා මේ ඇරියස් එකක් දෙනවා කවදහරි අනික් උන්
    පිස්සුද යකෝ තොට අධිකරණේ තීන්දුව කොහොමද රාජපක්ෂලගේ වෙන්නේ.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    දැන් බැන්නට මැඩම් මැඩම් කිය කියා ඡන්දෙ දීලා දෙපාරක්ම මෙයාව රජ පුටුවේ තිබ්බෙත් බයියොම තමා. රාජපක්ෂහමුලාටත් තව ටික කාලෙකින් බයියො ඔහොමම බැන්නොත් පුදුම වෙන්න දෙයක් නෑ.
     
    • Haha
    Reactions: SLK_sri