හිටපු මහේස්ත්‍රාත්වරයෙකුගෙන්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,139
    5,948
    113
    canada
    හිටපු මහේස්ත්‍රාත්වරයෙකුගෙන්

    හිටපු මහේස්ත්‍රාත්වරයෙකුගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට ප්‍රකාශයක්

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන්වන පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන අයවලුන්ගේ වුවමනාව මත තමන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව වැඩතහනමට ලක්ව සිටින හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(20) ප්‍රකශ කළේය.

    ඒ ඔහු 2015 වසරේ සිට 2019 වසර දක්වා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්ය.

    දේශපාලන පළිගැනීම් පිළිබඳ සොබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පළමුව සාක්ෂි දුන්නේ වැඩතහනමට ලක් වූ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාය.

    ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයාගෙන් විමසුවේ තමන්ගේ සේවය අත්හිටුවීමට හේතුව කුමක් ද යන්නය.

    ඊට පිළිතුරු දුන් තිළිණ ගමගේ මහතා 2013දී කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස වැඩභාරගැනීමෙන් පසුව ආන්දෝලනාත්මක නඩු කිහිපයක්ම තමන් ඉදිරියේ විභාග වූ බව ප්‍රකාශ කළේය.

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි කූඨ ලේඛන සකස් කිරීමේ නඩුව ඉන් එකකි.

    අත්තනායක මහතා දින 10ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ තීන්දුවෙන් පසු තමන් හමුවීමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ට නිලධාරියෙක් මෙම නඩුව සම්බන්ධයෙන් එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ උනන්දුවක් දක්වන බව තිළිණ ගමගේ මහතා මෙහිදි ප්‍රකාශ කළේය.

    තමන්ට එය විශේෂ කරුණක් නොවන බවත් පැවසීමට අවශ්‍ය දෙයක් විවෘත අධිකරණයේදී පවසන ලෙසත් තමන් අදාල නිලධාරියාට දැනුම්දුන් බව තිළිණ ගමගේ මහතා මෙහිදී පැවසුවේය.

    ඔහු ප්‍රකාශ කළේ, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න අමාත්‍යවරුන් මෙන්ම පූජ්‍ය දබර අමිල හිමි සහ සමන් රත්නප්‍රිය යන පුද්ගලින් මාධ්‍ය සාකච්ඡා පවත්වා තමන් දැඩිලෙස විවේඡනය කළ බවයි.

    තවද නාවික හමුදාව විසින් ළමුන් එකොලොස් දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවද තමන් ඉදිරියේදී කැඳවූ බව ගමගේ මහතා පැවසුවේය.

    එහිදී අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා නිලධාරියා විසින් නිසි කරුණු නොමැතිව නාවික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවයි තිළිණ ගමගේ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

    නිශාන්ත සිල්වාගේ වුවමනාව වූයේ අධිකරණයෙන් නියෝගයක් ගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම බව ද ගමගේ මහතා කියා සිටියේය.

    එහෙත් තමන් අදාල නියෝගය ලබානොදුන් බව ද ගමගේ මහතා ප්‍රකාශ කළේය.

    එම නඩු කෘත්‍ය පැවැත්වෙන ඇතැම් අවස්ථාවන්වලදී විදේශීය දූත පිරිස් අධිකරණය හමුවට පැමිණ සිටි අතර නඩුව පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ලිපියක් එවක බ්‍රිතාන්‍ය තානාපතිවරයා විසින් ඔහුගේ නිලධාරියෙකු හරහා අධිකරණයට එවූ බව ගමගේ මහතා ප්‍රකාශ කළේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් තිළිණ ගමගේ මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව එංගලන්තයේ කොලනියක් නොවන බැවින් අදාල ලිපිය ප්‍රත්ක්ශේප කරන බවයි.

    එක්තරා දිනකදී එවකට අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා විසින් තමන්ව ඔහුගේ නිල මැදිරියට කැඳවූ බව තිළිණ ගමගේ මහතා මෙහිදී පැවසුවේය.

    ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන සැකකරුවන්ට තමන් විසින් ඇප දෙන බවට චෝදනාවක් ඇති බවත් තමන්ට ස්ථාන මාරුවක් ඇති බවටත් එහිදී අගවිනිසුරුවරයා විසින් තමන්ට දැනුම් දුන් බව ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    ඒ අනුව 2015 වසරේ අප්‍රේල් මස පළමුවනදා සිට ගමගේ මහතා අලුත්කඩේ අධිකරණය වෙත මාරුකර යවා තිබේ.

    එහි පළමු නඩුකටයුත්ත ලෙස එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනයක පලවූ පුවතක් අනුව ගොනු කළ නඩුවක් විභාග කළ බව තිළිණ ගමගේ මහතා පැවසුවේය.

    එමෙන්ම එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම නඩුව ගොනුකර තිබූ බවත් ගමගේ මහතා පැවසුවේය.

    එම නඩුවේ ඉදිරි කටයුතු සඳහා D.N.A. පරීක්ෂණයකට තමන් නියෝග කළ බව තිළිණ ගමගේ මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසුවේය.

    එම අවස්ථාවේදී මෙම නඩුයේ මුල් පැමිණිලිකරු විසින් නඩුව ඉල්ලා අස්කර ගන්න ඉල්ලීමක් සිදුකළ අතර
    එහෙත් තමන් ඊට අවසර නුදුන් බවයි ගමගේ මහතා මෙහිදී පැවසුවේට.

    එම අවස්ථාවේදීද පෙර පැවසූ පිරිස විසින් ජනමාධ්‍ය හරහා තමන්ට බලපෑම් එල්ලවූ බවයි ගමගේ මහතා සඳහන් කළේය.

    මේ අතර බාලවයස්කාර දැරියක් රාජිත සේනාරත්න මහතාගේ බාල පුතුට විවාහ කර දීමට බලහත්කාරයෙන් තබා ගෙන සිටීම පිළිබඳව එවක අමාත්‍ය රාජිත සේනාරත්නට හා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවද තමන් ඉදිරියේ කැඳවූ බව තිළිණ ගමගේ මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

    එහිදී තමන් විසින් පරිවාස වාර්තාවක් කැඳවූ බවත් එම අවස්ථාවේදී පරිවාස නිලධාරිණියක් විසින් අධිකරණයට දන්වා ඇත්තේ එවක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අදාල දැරිය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී තමන්ට බලපෑම් කළබවයි.

    අනතුරුව යලිත් වරක් එම නිලධාරිනිය තමන්ගේ උපදෙස් පරිදි අදාල දැරිය පරීක්ෂා කර ඇති අතර ඊට දින කිහිපයකට පසුව ඇයට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව තමන්ට දැන ගැනීමට හැකිවූ බවයි ගමගේ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

    එහිදී ද අදාල පිරිස විසින් තමන්ට නැවත මාධ්‍ය සාකච්ඡා පවත්වා දැඩිලෙස තර්ජනාත්මක ස්වරයෙන් බලපෑම් සිදුකළ බවද ගමගේ මහතා මෙහිදී සඳහන් කළේය.

    එම අවස්ථාවේදී තමන්ට ඇති වූ මානසික පීඩනය නිසා මෙම නඩුව වෙනත් උසාවියක් වෙත මාරු කළ බවයි කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේය.

    මේ අතරතුර ඇතැම් පිරිස් තමන් විසින් හොර අලි පැටවෙකු තබාගෙන සිටින බවට අභූත චෝදනා කළ බවත් මෙහිදී සඳහන් කළේය.

    එහිදී ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔහුගෙන් විමසා සිටියේ සේවය අත්හිටුවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවයි.

    ඊට පිළිතුරු ලබාදෙමින් ගමගේ මහතා පැවසුවේ බී 23073 ඇල ඉරක් 15 යටතේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් අලිපොත නැතිවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි.

    එහිදී හොර අලි 55දෙනෙකු සිටින බවට ලේඛනයක් හමුවී ඇති බවත් තමන්ගේ අලි පැටවා ඒ අතර නොවූ බවත් එහෙත් ඒ සම්බන්ධයෙන් තමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ බවයි ගමගේ මහතා මෙහිදී පැවසුවේ.

    එමෙන්ම අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ගේ උපන් ගම්මානයවන මහරගම ප්‍රදේශයට පැමිණ තමන්ට නින්දාවක් හා පිළිකුලක් ඇතිවන අයුරන් හැසිරී ඇති බවත් ඔහු කොමිසම හමුවේ පැවසුවේය.

    මේ අතර තමන් මොටර් රථයෙන් පැමිණෙන අවස්ථාවකදී යතුරු පැදි කරුවෙකු යොදවා අනතුරක් සිදුකිරීමට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් උපදෙස් ලබාදී තිබූ බවට විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් තමන්ට දැනුම්දුන් බව ද තිළිණ ගමගේ මහතා සඳහන් කළේය.

    මෙම ගැටලු කාරී අලි පැටවා තමන් විසින් චන්ද්‍රරත්න යටවර යන පුද්ගලයාගෙන් මිලදී ගත්බවත් වනජීවී දෙපාර්තමේන්තුවේන් ඊට අදාල ලේඛන ඔහු ලබානෙ තිබූ බවත් ගමගේ මහතා මෙහිදී පැවසුවේය.

    අනතුරව අදාල අලි පැටවාට අයත් බලපත්‍රය ලබාගැනීමට යාමේදී අලිපැටවාගේ මුල් හිමිකරු විසින් ව්‍යාජ ග්‍රාමසේවා සහතිකයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම අලිපැටවා ලියාපදිංචි කිරීම වනජීවී දෙපාර්තමේන්තුව විසින් නැවැත් වූ බවයි ගමගේ මහතා මෙහිදී පැවසුවේ.

    අනතුරුව තිළිණ ගමගේ මහතා විසින් විෂය භාර අමාත්‍යවරයාගෙන් හා ලේකම් වරයාගෙන අභියාචනා දෙකක් මාර්ගයෙන් ඉල්ලා ඇත්තේ අදාල අලි පැටවා යලි තමන්ගේ නමට ලියාපදිංචි කරන ලෙසයි.

    එවන් පසුබිමක තමන්ට පාර්ලිමේන්තුවේදී අනුමත නොවූ රෙගුලාසියක් යටතේ නඩු පැවරීමට කටයුතු කර තිබූ බවයි ගමගේ මහතා මෙහිදී පැවසුවේ.

    එහිදී තිළිණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔහුගෙන් විමසුවේ කාගේ වුවමනාව මත තමන්ට නඩු පැවරූබවද යන්නයි.

    ඊට පිළිතුරු ලබාදෙමින් ගමගේ මහතා පැවසුවේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එවක අමාත්‍යවරුන්වන පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන අයවලුන්ගේ වුවමනාව මත ඔවුන්ගේ අවශ්‍යතා පරිදි අධිකරණ නියෝග ලබා නොදුන් නිසා තමන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවයි.

    copyright : Ada derana sinhala



    :shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    87043651_1316504135215955_9113843902586028032_o.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    පොන්න පාන්ඩුව ඇවන්ගාඩ් වලට බොරු නඩු දාල බිස්නස් එක ඉන්දියාවට අල්ල දුන්නම හුරේ දාපු ගු ඇන් පි පරයන්ගෙ කතා ..නොදකින් තොපි නම් හැමදාම පරදින එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    tenor.gif


    නැට්ටෙ හිටං ගොම ගෑවෙන සීන් එකක්...
    දැක්කෙ නෑ වගේ සිං ගාලා මාරුවෙන්න ඕන....
     
    • Like
    Reactions: BINGU_PUTHA