හිටපු වියළි කලාප සංවර්ධන ඇමතිනියටත් අධිචෝදනා 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,596
    113
    chandrani-bandara.jpg


    පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය 😂 ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට හිටපු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව අද (06) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදුන්නා.

    අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ භාරදීම සිදුවුණා.

    ඉන් අනතුරුව විත්තිකාරියගේ ඇඟිලි සලකුණ ලබාගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරයා විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.