හිට්ලර් ඔස්ට්‍රියාවේ පුරවැසියෙකි..

tintin4

Member
Dec 20, 2017
272
34
0
හිට්ලර් ඔස්ට්‍රියාවේ පුරවැසියෙකි..

ජර්මනියේ ප්‍රසිද්ධ රැස්වීම් ශාලාවල ජර්මානුවන්ට දේශප්‍රේමය උගන්වන විට මේ මිනිසා ජර්මානු පුරවැසියෙක් නොවේ යැයි ජර්මානු ජනතාව දැන සිටියේ නැත. ඔවුන් හිතුවේ හිට්ලර් ජර්මනියට ආදරය කරන දේශප්‍රේමී ජර්මානුවකු යැයි කියාය. යුදෙව්වන් නිසා ජර්මානුවන්ට ව්‍යාපාරිකයන් වීමේ අවස්ථාව, උසස් නිලධාරීන් වීමේ අවස්ථාව අහිමි වෙනවා යැයි හිට්ලර් කියන විට ජර්මානුවන් අත්පොළසන් දුන්නේ ඒ නිසාය. ලෝකයේ පිරිසුදුම ආර්යයන් ජර්මානුවන් යැයි හිට්ලර් හඬ තළන විට ඔවුන් හිතුවේ ජර්මනියට ආදරය කරන ජර්මානුවන් වෙනුවෙන් කතා කරන මෙවැනි දේශප්‍රේමී ජර්මානුවෙක් ජර්මනියේ නැතැයි කියාය. ඔහු ජර්මනිය තුළ ව්‍යාප්ත වන යුදෙව්වන් පිටමං කළ යුතු යැයි මරහඬ තළන විට ජර්මානුවෝ හිට්ලර් ජර්මනියේ වාසනාවට උපන් පුරවැසියෙක් යැයි සිතූහ. හැබැයි හිට්ලර් ජර්මනියේ පුරවැසියෙක් නොවේ.

හිට්ලර් ඔස්ට්‍රියාවේ පුරවැසියෙකි..
---------------------------
ඔහු ඔස්ට්‍රියාවේ පුරවැසියෙකි. ඔහු ඔස්ට්‍රියානු පුරවැසියකුව සිටියදී හමුදා සොල්දාදුවෙක් විය. ඔහු දේශපාලනය කරන්න පටන් ගත්තේ ජර්මනියට සංක්‍රමණය වෙලාය. හිට්ලර් තම ඔස්ට්‍රියානු පුරවැසිභාවය අත්හැරියේ 1925 දීය. ඔහු එලෙස ඔස්ට්‍රියානු පුරවැසිභාවය අත් හැරියේ ජර්මානු ප්‍රාන්ත ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයේ වරදකරු වී ඔහුව ඔස්ට්‍රියාවට පිටමං කරනු ඇතැයි බය වෙලාය. තමා ජර්මානු පුරුවසියෙක් නොවන බව ඔහු රහසක් වශයෙන් තබාගෙන සිටියේය. එය දැන සිටියේ ඔහුගේ සමීපතමයන් පමණි. ඔහු ජර්මනියට ඇවිත් ජර්මානුවන්ගේ දේශප්‍රේමය ඇවිස්සුවේ පුරවැසිකමත් රහිත අයකු ලෙසය.

ඉංග්‍රීසීන් මේ අයව හඳුන්වන්නේ ස්ටේට්ලස් කියාය. හිට්ලර් තමාගේම පක්ෂයක් පිහිටුවාගෙන රට වටේ දේශපාලනය කරන විට ඔහු පළමුව ජර්මානු පුරවැසිභාවය ගත යුතු බව ඔහුට ජර්මානු පුරවැසිභාවය නැති බව දැන සිටි ඔහුගේ සමීපතමයෝ කීහ.

ජර්මනියේ මැතිවරණ තරඟ කරන්න ජර්මානු පුරවැසිභාවය වුවමනා බව හිට්ලර් දැන සිටියත් ඔහු එය ගන්න උනන්දු නොවීය. එයට හේතුව වූයේ ජර්මානු පුරවැසිභාවය ලබා ගන්න එරට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ආයතනවල පෝලිමේ සිටීමෙන් රස්තියාදු වීමට ඔහු දක්වපු අකමැත්තය.

පුරවැසිකම ගන්න ගරු තනතුරු ‌සෙවූ හිට්ලර්..
---------------------------
ඔහුගේ සමීපතමයන්ට අනුව ඔහුට අවශ්‍ය වූයේ ජර්මානු පුරවැසිකම ත්‍යාගයක් ලෙස ලබා ගැනීමටය. එහෙත් ජර්මානු පුරවැසිකම එලෙස නොලැබෙන බව ඔහුගේ ගෝලයන් ඔහුට පෙන්වා දුන්හ. හිට්ලර්ට පෝලිම්වල රස්තියාදු නොවී පුරවැසිකම ගන්න ක්‍රමයක් ඔවුහු සෙවූහ.

හිට්ලර්ට එරට රාජ්‍ය ආයතනයක ගරු කටයුතු රැකියාවක් ලැබුණොත් ඔහුට ඉබේම ජර්මානු පුරවැසිකම ලැබෙන බව ඔවුහු පෙන්වා දුන්හ. ඒත් ඔවුන් සොයාදුන් රජයේ ගරු තනතුරු ලබාගන්න ඔහු අකමැති වූයේ එම තනතුරු ඔහුගේ තත්ත්වයට නොගැළපෙන නිසාය. එහෙත් ඔහුට පුරවැසිභාවය ලබාගන්න ගත් උත්සාහයන් බොහොමයක් අසාර්ථක විය.

ජර්මනියේ විශ්වවිද්‍යාලයක ගරු මහාචාර්යවරයෙක් ලෙස ඔහුව නම් කොට පුරවැසිභාවය ලබා ගන්න ගත් උත්සාහයද වැරදුණි.

හිට්ලර්ගේ උදව්වට ආ ඇමැති..
---------------------------
අන්තිමේදී ඔහු ජර්මානු පුරවැසියකු වූයේ ජර්මනියේ ප්‍රාන්තයක අභ්‍යන්තර කටයුතු ඇමැතිගේ උදව්වෙන්ය. එම ඇමැති හිට්ලර්ගේ මිතුරෙක් විය. එපමණක් නොව ඔහු හිට්ලර්ගේ පක්ෂයේ සාමාජිකයෙක් විය. ඔහු හරහා හිට්ලර්ට පුරවැසිභාවය ලබා දෙන වැඬේ කළේ හිට්ලර්ගේ සමීපතමයන්ය. ඔහු හිට්ලර්ව බර්ලිනය තුළ තම ප්‍රාන්ත ආණ්ඩුව නියෝජනය කරන ඉඩම් දෙපාර්තමේන්තුවට අයත් ගරු තනතුරක් සඳහා පත් කළේය.

හිට්ලර් එයට කැමැති වූයේ ජර්මනියේ ජනාධිපති ධුරයට තරග කිරීම සඳහා අවශ්‍ය පුරවැසිභාවය ලබාගන්න වෙනත් මඟක් නැති බව දැනගෙනය. එම තනතුර ලබා ගැනීමත් සමඟ ඔහුට පුරවැසිභාවය හිමිවූ අතර ඔහුගේ පුරවැසි සහතිකය රැගෙන ඔහුගේ සමීප අය ඔහුව හමුවෙන්න ආවේ රටක් රාජ්‍යයක් දින්නා වගේය.

ඔවුන් හිට්ලර්ට සුබපතමින් පුරවැසි සහතිකය දෙද්දී හිට්ලර් කීවේ තමාට නොව ජර්මනියේ පුරවැසියන්ට සුබපතන ලෙසය. ඔහු කීවේ ජර්මනියේ පුරවැසිභාවය හිමි වීම තමාගේ ජයක් නොව ජර්මනියේ ජයක් ලෙසය. පුරවැසිභාවය ලැබීමෙන් පසු ඔහු පර්මනියේ ජනාධිපතිවරණයට තරග කළේය. ඒත් පරාජයට පත්විය.



උපුල් ජෝසෆ් ප්‍රනාන්දු විසිනි
 
  • Like
Reactions: Oli_Vili

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,360
    30,159
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෝටා කල්ලතෝනි නෙමෙයි. සිංහල අම්මගෙන් තාත්තගෙන් බිහිවුන ලංකාවේ දරුවෙක්. ජාතිය මාරුකරාට දුවන්නේ සිංහල ලේ. දැන් දුවන් ගිහිං අලුත් උදාහණයක් හදන් වරෙන්:rofl::rofl: