හිට්ලර් සහ නාසි ජර්මනිය හා සබැඳුණු කතා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හිට්ලර් සහ නාසි ජර්මනිය හා සබැඳුණු කතා

    8Y0toYR.jpg

    නාසි ජර්මනිය යනු දෙවන ලෝක යුද්ධයේදී යුද තාක්ෂණයේ පෙරළියන් රැසක් කල නව සොයාගැනීම් රැසකට වගකිවයුතු රාජ්‍යයකි.ඔවුන්ගේ අරුම පුදුම තාක්ෂණයන් සහ යුද අවි ,උපකරණ සහ රහස් ව්‍යාපෘති වටා කටකතා රැසක් ගෙතී ඇත.ඉන් බොහෝමයක් පිලිගත නොහැකි තරම් පුදුම සහගතය.නාසි ජර්මනියේ ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් වටාද කටකතා කිහිපයක් නිර්මාණය වී තිබේ.ඉන් වඩාත් ප්‍රසිද්ධ conspiracy theory එක නම් ඔහුගේ පලායෑමයි.ඊට අමතරව නාසින් සහ පිටසක්වලයන් අතර තිබෙන සම්බන්ධතාවය ගැන විවිධ conspiracy theories නිර්මාණය වී තිබේ.මෙම කටකතාවල සත්‍යය අසත්‍යයතාවය කෙසේ වෙතත් තෝරාගත් ප්‍රවාද කිහිපයක් ගැන කෙටියෙන් විස්තරයක් මෙම ලිපිය ඔස්සේ ගෙන එනු ඇත.




    1.නාසි සීනුව

    සීනුවක හැඩය ගත් මෙම යන්ත්‍රය නාසීන්ගේ කාලතරණ යන්ත්‍රයක් ලෙසයි සැලකෙන්නේ.මෙයත් හඳුනා නොගත් ආකාශ වස්තූන් අතරත් සම්බන්ධයක් පවතින බවට මතයක්ද තිබේ.මෙම යන්ත්‍රයට ලබාදී තිබූ නම Die Glocke (The Nazi Bell)යන්නයි.නමුත් මෙම යන්ත්‍රය සම්බන්ධව හෙළිවී තිබෙන තොරතුරු අල්ප නිසා එය සම්බන්ධ conspiracy theory නිර්මාණය වී තිබේ.මෙම Nazi Bell නිර්මාණ කිරීම පිටුපස සිටියේ ලුතිනන් ජෙනරල් හාන්ස් කම්ලර් බවයි පැවසෙන්නේ.

    CzsBaBM.jpg
    Die Glocke (The Nazi Bell)​


    මෙම යන්ත්‍රය බලගැන්වී තිබෙන්නෙ Xerum 525 නම් මුලද්‍රව්‍යකිනි.තවද Nazi Bell ක්‍රියාත්මක වන විට අධිකව විකිරණ පිටවී තිබේ.විකිරණවලට නිරාවරණය වූ ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයින් අතුරු ආබාධවලට ගොදුරු වූ බවත් සමහරුන් මරණයට පත්වූ බවත් කියවේ.මේ නිසා නාසීන් විසින් පසුව මෙම වැඩසටහනේ කටයුතු සඳහා වද කඳවුරුවල සිටි සිරකරුවන් යොදවා තිබේ.දෙවන ලෝක යුද්ධය අවසන් විමත් සමග මෙම Nazi Bell සහ එම වැඩසටහන භාරව සිටි ජෙනරල් කම්ලර් අතුරුදහන්ව තිබේ.Nazi Bell සම්බන්ධ කටකතාව සත්‍යයක් යැයි පිලිගැනීමට සාක්ෂි නොමැති තරම් වුවද එය විශ්වාස කර පිරිස තුල විශ්වාසය සුළුවශයෙන් තහවුරු කරන සොයා ගැනීමක් 2014 වසරේදී සිදුවිය.ඒ ඕස්ට්‍රියාවේ Sankt Georgen an der Gusen නම් නගරයේ Bergkristall නම් කර්මාන්තශාලාව ආසන්නයෙන්(ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක ප්‍රහාරක ගුවන් යානය වූ Messerschmitt Me 262 තැනූ කර්මාන්තශාලාව )නාසීන්ගේ රහස් අවි අත්හදා බැලූ භූගත ගොඩනැගිලි සංකීර්ණයක් හමුවීමයි.සැබවින්ම මෙය බංකර් සංකීර්ණයකි.මෙය Nazi Bell අත්හදා බැලූ ස්ථානයක් ලෙසද ජෙනර්ල් හාන්ස් කම්ලර් රැඳි සිටි ස්ථානයක් ලෙසද හැඳින්වේ.


    oYVCVoh.jpg

    Mauthausen-Gusen concentration camp


    fRD6BST.jpg
    භූගත බංකරයේ තිබූ V-2 රොකට්ටුවක එන්ජිමක්​


    සමහරුන් ජෙනරල් හාන්ස්ගේ මරණය විශ්වාස නොකරන අතර ඔහු මෙහෙය වූ රහසිගත ව්‍යාපෘතියේ තොරතුරු එක්සත් ජනපදයට ලබාදෙන පොරොන්දුව පිට ඔහුට අලුත් අනන්‍යතාවයක් ලබා දී ජර්මනියෙන් පලායන්නට සැලැස්වූ බව ඔවුන්ගේ මතයයි.මෙම භූගත බංකර්වල රසායනික අවි සහ විකිරණශීලී ද්‍රව්‍ය අත්හදා බලා තිබේ යැයිද විශ්වාස කෙරේ.

    N2AMGNU.jpg
    වම්පස:V-2 රොකට්ටුවක් දියත් කරන අයුරු දකුණුපස:ජෙනරල් හාන්ස්​







    2.අර්න්ස්ට් සෙන්ඩල් , සමූල ඝාතනය ප්‍රතික්ෂේප කිරීම සහ හඳුනා නොගත් යානා

    නාසීන් සිදුකල සමූල ඝාතනය ප්‍රතික්ෂේප කිරීම පැහැදිලි කල නොහැකි පුදුම සගත එකක් වුවද එයද කි.අර්න්ස්ට් සෙන්ඩල් යනු මෙම අදහස ප්‍රසිද්ධ කරන්නට උත්සාහ කල ජර්මන් ජාතිකවාදියෙකි.ඔහුගේ මෙම ජාතිකවාදී වෛරය ඇවිස්සීමේ කටයුතු නිසා කාලයක් සිරබත් කන්නටද ඔහුට සිදුවිය.ඔහු 1970 දශකය පුරාවටම නාසි සහ නව නාසි ප්‍රකාශන ආයතනයක ප්‍රධානියා ලෙස කටයුතු කරන ලදි.වර්තමානයේදී පියාඹන පීරිසි නමින් හඳුන්වන හඳුනා නොගත් යානා නාසීන් විසින් නිපදවා අත්හදා බැලූබව ඔහු කියා සිටියි.හිට්ලර් මෙම යානා යොදාගෙන බ්‍රිතාන්‍යයට පහර දෙන්නට සැලසුම් කලබවටද මතයක් තිබේ.

    iJTvMyC.jpg
    Ernst Zundel​


    2013 වසරේදී සෙන්ඩල්ගේ බිරිද ලිපියක් ප්‍රසිද්ධියට පත් කල අතර ඇය කියා සිටියේ එය තම සැමියා විසින් ලියූ එකක් බවයි.නාසීන් විසින් පියාඹන පීරිසිවලට සමාන යානා නිර්මාණය නොකල බව කියන පිරිසගේ කතාවලට ප්‍රතිචාරයක් ලෙස ඔහු මෙම ලිපිය ලියා තිබේ.(නාසීන්ගේ සමූල ඝාතනය සම්බන්ධ සත්‍යය කතාව ඔහුගේ ග්‍රන්ථවල ඇතුලත් බව කියවේ ).

    DbBUQiT.jpg
    Did Six Million Really Die? (book)​


    BPObB8u.jpg

    Rudolf Lusar රචිත ග්‍රන්ථයක්


    සෙන්ඩෙල් කියා සිටින්නේ තමන් බොහෝකාලයක පටන් නාසි ජර්මනියේ හඳුනානොගත් පියාඹන වස්තු සම්බන්ධව ගවේෂකයෙක් වූ රැඩොල්ෆ් ලූසර් පෞද්ගලිකව ඇසුරු කලබවයි.සෙන්ඩල් කියා සිටින්නේ යුද සමයේ නාසීන් විසින් පීරිසි හැඩයේ ශබ්දයේ වේගය ඉක්මවා යන යානයක් නිපදවූ බවයි.ඉතාලි ආඥාදායක මුසෝලිනීගේ ගුවන් තාක්ෂණික බුද්ධි තොරතුරු සම්බන්ධ ප්‍රධානී රිනාටෝ වෙස්කොගේ ග්‍රන්ථයක් උපුටා දක්වන සෙන්ඩල් කියන්නේ නාසීන්ගේ පියාඹන පීරිසි කතාව සත්‍යයක් බවයි.තවද වර්තමානයේදී එක්ස්ත් ජනපදය අත්පත් කරගෙන සිටින තාක්ෂණය නාසීන්ගෙන් ලබාගත් බව වර්තමානයේදී සියලුදෙනාට පිලිගන්නට වේ යන්න ඔහුගේ අදහසයි.

    Nk6n1nh.jpg
    මුසෝලිනී සහ හිට්ලර්​






    3.සඳේ තිබෙන නාසීන්ගේ ජනාවසය

    conspiracy theories විශ්වාසකරන්නන්ට අනුව නාසා ආයතන සහ එක්සත් ජනපද රජය සඳ තරණය කිරීමේ තරඟයට පිවිසුනේ නාසීන් සඳේ ජීවත්වන බවට ලැබුණු සාක්ෂි නිසාය.නාසීන් තාක්ෂණය යොදාගෙන පලාගොස් සඳේ කඳවුරක් නිර්මාණය කරගෙන සිටින බව 1957 දී සෝවියට් දේශය සහ එක්සත් ජනපදය විසින් තහවුරු කරගත් බව ඔවුන්ගේ අදහසයි.හිට්ලර්ගේ රහසිගත සඳ ගමන සම්බන්ධ තොරතුරු බර්ලින් නගරයේ තිබූ ලිපිගොනු අතරින් සොයාගෙන තිබේ.සදේ තිබෙනවා යැයි කියන එච්3(H3) නම් ප්ලූටෝනියම් වලට වඩා ප්‍රබල මූලද්‍රව්‍යයක් නාසීන් සොයාගෙන තිබෙන බවත් එහි සඳහන් බවයි කියවෙන්නේ.

    yWrJ6Fw.jpg


    mEzO51I.jpg


    1957 දී එක්සත් ජනපදය ප්‍රොජෙක්ට් ඒ119(Project A119) නම් ව්‍යාපෘතියක් අරඹයි.එහි එක් අරමුණක් වූයේ සදේ අඳුරු පැත්තේ සිටින නාසීන් සොයාගෙන ගැනීමයි.නාසීන් සම්බන්ධ සාක්ෂි සොයා ගැනීමට කිහිපවරක් මිනිසුන් සඳට යැවූ නාසා ආයතනය පසුව ෂටල යානා යොදාගෙන සඳේ ඔත්තුබලන ලද අතර සඳේ සිටි නාසීන් වරක් විද්‍යුත්චුම්බහ අවියක් යොදාගෙන චැලෙන්ජර් ෂටල යානය විනාශ කර තිබේ.සඳේ සිටින නාසීන් අනාගතයේදී පෘතුවිය ආක්‍රමණය කරන බවටද කටකතාවක් තිබේ.ඇමෙරිකානුවන් සතුව සඳේ තිබෙන නාසි ජනාවසයේ ඡායාරූප පවා තිබෙන බව conspiracy theories නිර්මාපකයන්ගේ අදහසයි.නාසීන්ගේ රහසිගත චන්ද්‍ර ජනාවසය ගැන කතාබහ තවත් ප්‍රසිද්ධවන්නට හේතුවක් ලෙස අයන් ස්කයි(Iron Sky) චිත්‍රපටයද හේතුවක් වන්නට ඇති.

    qeyKyV4.jpg







    4.ජුසෙපි බෙල්සො

    මෙය තවත් එක් conspiracy theory එකකි.නමුත් මෙය එතරම් ජනප්‍රිය නොවූයේ ආශ්‍රිත කරුණු අඩුවීම නිසාය.ජුසෙපි බෙල්සො යනු ඉතාලි ආඥාදායක මුසෝලිනීගේ සමයේ ඉතාලියේ ජාතික ආර්ථිකය සම්බන්ධ අමාත්‍යවරයාය.ඔහු යුද නැව් සහ මධ්‍යම ප්‍රමාණයේ ප්‍රහාරක යාත්‍රාවල පාවිච්චි කල ටර්බයින් දියුණු කිරීම සම්බන්ධ විශේෂඥයෙකි.ඔහු 1952 වසරේදි මිය යාමට පෙර ඉතාලි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ 1942 පටන් ජර්මනිය සහ ඉතාලිය පියාඹන පීරිසි ආකාරයේ යානයක් නිර්මාණය කරමින් සිටිබවයි.මෙම යානය මිනිසෙක් නොමැතිව ගමන් කලබවත් එහි න්‍යෂ්ඨික අවි පවා ගෙන යා හැකිබවත් ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

    1Z7a6Jw.gif

    Giuseppe Belluzzo ගේ හෙළිදරව්ව එසමයේ පුවත්පතක් වාර්තා කර තිබූ අයුරු


    DHTFQpv.jpg

    Giuseppe Belluzzo හෙළිකල යානයේ කටුසටහනක්


    යානයේ කටු සටහන් 1950 වසරේ පුවත්පතක පළකර තිබූ අතර තවත් පිරිසක් ඔහුගේ මෙම හෙළිදරව්ව සැබෑවක් බවට සාක්ෂි ඉදිරිපත් කරන ලදි.ඔවුන්ගෙන් එක් අයෙක් වූයේ බ්‍රිතාන්‍ය කොමාන්ඩෝ භටයෙකි. ඔහු කියා සිටියේ දෙවන ලෝක යුද සමයේදී තමන්ට රහසිගත මෙහෙයුමක නිරතවන්නට අණ ලැබුණුබවත් එහි අරමුණ නෝර්වේ රාජ්‍යයේ තිබූ නාසින්ගේ යානා නිපදවන කඳවුරක් විනාශ කිරීම බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.මෙම පීරිසි හැඩැති යානාවලට දී තිබූ කේත නාමයන් වූයේ ‘Kugelblitz’ සහ ‘Feuerball’.ය.බෙල්සොගේ මෙම ප්‍රකාශය එම කාලයේ නිව්යෝර්ක් ටයිම්ස් සහ ලොස් ඇන්ජලීස් මිරර් පුවත්පත් විසින්ද වාර්තා කරන ලදි.මෙහි තවත් අතුරු කතාවක් වන්නේ නාසින්ගේ මෙම යානයක මූලාකෘතියක් රුසියානුවන් අතට පත්වී ඔවුන් එය පැදවූ බවත්ය.






    5.නාසීන්ගේ ඇන්ටාක්ටික් බලකොටුව

    අද්මිරාල් රිචඩ් ඊ බර්ඩ් ගේ දිනපොතට අනුව මෙම කඳවුර ඉතා සුන්දර සහ දිප්තිමත් එකකි.මෙම conspiracy theory පාදකවන්නේ 1938 දී නාසීන් විසින් නෝර්වේ රාජ්‍යයට අයත් ඇන්ටාක්ටිකාවේ Queen Maud Land නම් ප්‍රදේශයේ සිදුකල ගවේෂණයයි.එහිදී ඔවුන් ඇන්ටාර්ටිකාව පතුලෙන් ගුහා රැසක් හමුව තිබේ.ඉන් විශාලතම Base 211 බවට පරිවර්තනය කර තිබේ.යුද්ධය අවසන් සමයේ එය නාසි පොලිසිය වූ SS සහ නාසි පර්යේෂණ,සංවර්ධන සහ නිෂ්පාදන පහසුකම් වල නිවස්නය බවට පත්විය.

    0fdWy1s.png
    ඇන්ටාර්ටිකාවේ Queen Maud Land ප්‍රදේශය(රෝස පැහැයෙන්) 1938 දී නාසීන්ගේ ගවේෂණයට ලක්විය​


    sdoj5Pz.jpg


    දෙවන ලෝක යුද්ධය අවසන් වි ජර්මන් නිලධාරීන් යටත්වූ පසු හිට්ලර් සහ ඊවා බ්‍රවුන් ,ඉහළ පෙළේ නාසි නිලධාරීන් සබ්මැරීන යොදාගෙන Base 211 බලකොටුවට පලාවිත් තිබේ.මෙම කතාව 1952 සමයේ පැතිරගිය එකකි.ඊට හේතු වූයේ මිත්‍ර හමුදාවල නිලධාරීන්ට හිට්ලර්ගේ මරණය තහවුරු කරගැනීමට නොහැකිවීමයි.අර්නස් සෙන්ඩල් කරලියට එන්නේද මේ කාලයේදිය.ඔහු නාසි UFO conspiracy theory සම්බන්ධ තහවුරු කරන්නට කරුණු ඉදිරිපත් කරන ලදි.නමුත් නාසි ජර්මනිය සම්බන්ධ අනෙක් conspiracy theories වලට වඩා මෙය සත්‍යයෙන් එතරම් දුරස් නොවන්නට හේතුවක් වන්නේ නාසීන් විසින් 1938 තරම් කාලයේ පටන් ඇන්ටාක්ටිකාව ගවේෂණය කර තිබීමයි.


    waiYXh2.jpg







    මුලු ලිපියම එක පාර දැම්මාම අගයක් නෑනේ(මේකේ මොන අගයක්ද නිකම්ම conspiracy theories විතරනේ සමහරු එහෙමත් කියයි.නොදන්න අයට දැන ගන්න විතරයි දැම්මේ.)



    දෙවන කොටසින් හමුවෙමු.



    Source:Cracked.com

    -HarshaLulzSec-
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    11.gif
    ela

    මන් හිතන්නේ නාසින්ගේ කෑමක් ද කොහෙද නාසිගුරන්:oo:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    නියම ලිපිය මචං

    සමහර දේවල් නම් නොවෙන්නත් බැරිකමක් නෑ.....

    අපි නොදන්න කොච්චර රහස්, තාක්ෂණය, ශක්තීන් කොච්චර ඇතිද ලෝකේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මචන් නියමයි. සුපිරි.. හොදට පැහැදිලි කරලා තියනව..
    මචන් මේවා ගැන documentary video නැද්ද? තියනවා නම් ලින්ක් දීපන් මචන්..

    ඔන්න අද රිප් දෙන්න පුළුවන් උනා..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචං උඹට පුලුවන්නන් මේ මිශන් එක ගැන දාපං මම දාන්න කියල හිටිය එකක්, Operation Greif