හිට්ලර් II

tintin4

Member
Dec 20, 2017
272
34
0
හිට්ලර් යනු ව්‍යජ දේශාභිමානයක් රැගෙන බලයට පැමිණි ජර්මන් ජාතියට ව්නසය ගෙනා පුද්ගලයේකි.ඔහුගේ ඉතිහාසය කතාව ව්මසා බැලීමේදී පෙන්නුම් කරන්නේ බලයට එමට කලින්සිටම ඔහු විරුද්ධවාදීන් මර්දනය කල කෙනේක් බවයි..1923 නොවැම්බර් 8 දා මියුනිච්හි පැවති බීරහල් කුමන්ත්‍රණයේදී අත්අඩංගුවට පත් හිට්ලර් 1924 පෙබරවාරි 26 දා රාජද්‍රෝහිවීමේ චෝදනාව යටතේ අධිකරණය ඉදිරියට පමුණුවන ලදී. මෙහි දී මෙම නඩු විභාගය තම ප්‍රචාරාත්මක ජයග්‍රහණයක් බවට පෙරළා ගැනීමට හිට්ලර් සමත් වූයේ ය.

නඩු විභාගයෙන් හිට්ලර් ට පස් අවුරුදු සිර දඬුවමක් නියම විය. නඩුවේ දී ඔහු ඊට මුහුණ දුන් විලාසය ජර්මන් ජනතාව තුළ දැඩි හැඟීමක් ඇති කිරීමට හේතු වූයෙන් ජනතාව ඔහු ජාතික වීරයකු කොට සලකන්නට පටන් ගත්හ. පසුකලෙක නට්සි ව්‍යාපාරයේ දේශපාලන බයිබලය බවට පත් ‘මගේ සටන’ (Mein Kampf) හි පළමු වෙළුම, සිය සගයා වූ රුඩොල්ෆ් හෙස්ට ලිවීම සඳහා කියවන ලද්දේ ලෑන්ඩ්ස්බර්ග් සිරගෙදරදී ය. ‘මගේ සටන’ අන්තර්ගතය කුමක් වුව ද එය ලොව වැඩියෙන් ම අලෙවි වන ග්‍රන්ථය බවට පත් විය. 1939 වනවිට එය භාෂා 11 කට පරිවර්තනය වී පිටපත් පනස් දෙලක්ෂයක් පමණ අලෙවි විය. එහි කර්තෘභාගයෙන් ලත් ආදායම හිට්ලර් ධනවතකු කළේ ය.

1930 වනවිට නට්සි ව්‍යාපාරයේ අවිවාදාත්මක ව පිළිගත් නායකයා ඔහු විය. 1928 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොමියුනිස්ට්වාදීන් ලබාගත් ආසන 54 කට එරෙහි ව නට්සි පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 12 ක් පමණි. එහෙත් 1930 මැතිවරණයේදී NSDAP ය ඡන්ද 60 ලක්ෂයක් පමණ දිනා ගනිමින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට (රයිෂ්ටාගයට) ජනතා නියෝජිතයන් 107 ක් යැවීමට සමත් විය. එමඟින් එය රටේ දෙවන ප්‍රධාන පක්ෂය බවට ද පත් විය. මෙහි දී කොමියුනිස්ට්වාදී නියෝජිතයන් 77 දක්වා ඉහළ නැංගේ ය.

හිට්ලර් තම උපදේශකයන් ඉදිරියේ කථා පවත්වමින් ජනතාවගේ සිත් ඇද බැඳ ගන්නා ලෙස ජනතාව ඇමතීමට පෙරපුහුණුවීම් පවා කළ බව වාර්තා වේ. හිට්ලර් 1933දී බලයට පත්වූයේ එරට පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරුනගේ සහය ලබාගනිමිනි. එහෙත් ක්‍රමයෙන් තම බලය ස්ථාවර කර ගත් හෙතෙම ඒකාධිපති බලතල රැස් කරන්නට විය. ඔහු ජර්මනියේ චාන්සලර් ධූරයට පත් වන විට වොන් හිඩෙන්බර්ග් ජර්මනියේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. මහලු ජනාධිපති හිඩෙන්බර්ග් ටික කලකින් මිය ගිය අතර හිට්ලර් විසින් ජනාධිපති බලතල තමන් වෙත පවරා ගන්නා ලදි.

මැතිවරණයක් ආසන්නව තිබිය දී අනුගාමිකයන් ලවා ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තැබ්බවූ හෙතෙම එහි වරද කොමිනිස්ට්වරුන් වෙත පැවරී ය. අනතුරුව ඔහු සියලු දේශපාලන පක්ෂ තහනම් කොට කොමියුනිස්ට්වාදීන් හා යුදෙව්වන් වැනි විරුද්ධවාදීන් සංහාරය කිරීමට පටන් ගත්තේ ය. මෙහිදී ඔහුගේ එස් එස් හමුදාව හා ගෙස්ටාපෝ නැමති රහස් පොලිසිය ම්ලේච්ඡ ඝාතන වල යෙදුණි. හිට්ලර් යනු ජනමාධ්‍ය උපරිම මට්ටමින් තමාට වාසිදායක අයුරින් යොදා ගත් අයෙකි. ඔහුගේ මාධ්‍ය කටයුතු භාරව සිටි ගොබෙල්ස් ඇමැතිවරයා මාධ්‍ය සාරධර්ම උල්ලංඝනය කරමින් හිට්ලර්ට පක්ෂපාතී ජන මතයක් ඇති කිරීමට ජන මාධ්‍ය යොදා ගත්තේ ය. හිට්ලර් විසින් ජර්මනිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සම්පූර්ණයෙන් ම අහුරා දමන ලදි. පුවත්පත් නිදහස, රැස්වීම් පැවැත්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහනම් කෙරිණි. හිට්ලර් පොරොන්දු වූ උතුම් ජර්මනිය ගොඩනැගීම වෙනුවෙන් සමකාලීන ජර්මානුවෝ මෙබඳු දේ ඉවසා සිටියහ. හිට්ලර් ජර්මනිය තුළ කොමියුනිස්ට්වාදීන් මර්දනය කරනු දුටු බටහිර ධනවාදී රටවල් කොමියුනිස්ට් වාදය විනාශ කිරීමෙන් තෘප්තිමත් වී හිට්ලර්ට එරෙහිව කටයුතු කිරීමෙන් වැලකුණි. මේ නිසා හිට්ලර් තවත් මුරණ්ඩු වූ බවයි...
.
හිට්ලර් යනු සුපිරි පාලකයේක් නොවෙයි ජර්මනියට ව්නාසය ගෙනා පාලකය.මොහු වැනි පාලකයකු තවත් ලෝකයට අවශ්‍යද????