හිටින්න පොඩ්ඩක් හිටින්න... දුවන්නෙ ඇයි ඔයා....

Aug 14, 2015
63
23
0
Negombo
හිටින්න පොඩ්ඩක් හිටින්න... දුවන්නෙ ඇයි ඔයා....

==== ==== හිටින්න පොඩ්ඩක් හිටින්න... දුවන්නෙ ඇයි ඔයා..... (අයිය, අයි හෑව් අ බෝයිෆෙන්ඩ්. එකයි දුවන්නෙ) ======

+ෂ්... ෂ්...
ඔව්.. ඔව්..ඔයා තමා.. ඔයා...
- ඇයි?
+අයියෝ අනේ.. පොල්ලෙන් දමල ගහනව වගේ ඇයි කියන්නෙ?
- ඒනම් කෝමද අහන්න ඕනෙ...
+ටිකක් ආදරෙන් අහන්නකො....
- ඒක හරි වැඩක්නෙ? ඇයි මන් ඒම අහන්නෙ? ආ.....
+ඇයි සුදූ... ඔයා මගෙ ආදරීනෙ...
- මේ... තමුසෙගෙ ඔලුව කොහි හරි වැදුනද අයිසේ...?
+ඔව්...
- ඒක තමා...
+හැබැයි කෙල්ලෙ මගෙ ඔළුව වැදුනෙ ඔයාගෙ ඔළුවෙ...
- මල සමයන්..
+අනේ කොහැයි ඔය යන්නෙ? ඕම ඉන්නකො ඩින්ගිත්තක්.. ටිකක් කතාකරන්න..
- මට බෑ.. කොහෙද යන පිස්සෙක්.. යන් සයු යන්න?
+හා.. හා නංගි යන්නකෝ.. ආයෙ එන්න එපා හොදේ...
- වැඩේමයි...
+රෙස්පට් දැම්මට මොකෝ ඒකි හරි ලස්සනයි බන්...
- උබටනම් පිස්සු බන්... මෙන්න මෙහෙ වරෙන් යන්න... ලෙක්චර්ස් වලට පරක්කු උනොත් අදත් උබටයි මටයි එළියෙ තමා හොදේ...
+ඒකට මොකෝ බන්... එයා මන් ලගනෙ...
- කෝ....
+කවුද?
- දැන් උබ කීවෙ ඒකි ලග ඉන්නව කියල. ඒකයි කෝ කීවෙ?
+මේ ඉන්නෙ... මගෙ හාර්ට් එක ඇතුලෙ...
- අනේ මේ.. මෙන්න මෙහෙ වරෙන්..
+උබ යමන්.. මන් එන්නම්...
- ඕන මගුලක්.. මන් ගියා ඒනම්...
+ හ්ම්.....
ඒ ඔහොම හිටපන් මන් එනව...
- ඇයි ආයෙ මොකෑ...
+ නිකන්... යමන්.. යමන්..
- අම්මද බොල... ඒ.. අර යන්නෙ උබ දැන් ටිකකට කලින් ටෝක දාපු කෙල්ල නේ?
+ඔව් බන්... මන් ටෝකක් දැම්මොත් බාල්දියක්...
- හිහ්.. හිහ්..
+ වර යන්න.. සේරටම කලින් ඉගනීම මුල් තැන....
- හිහ්.... හිහ්.... තව කොච්චර කාලෙකටද දන් නෑනෙ?
====== සාමාන්ය අත්දැකීමක්... පිරිමි ළමයින්ගෙ රිපීට් එකක්.========
 
Last edited:

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    මේ හලෝ.... සයු කෙල්ලත් ඉන්නවද එලකිරියෙ? :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එදා සද පායා ඇති රාත්‍රියකි.. මුළු අහසම අනේකවිධ තරු රූ රටා වලින් වැසී ගොස් චමත්තකාරජනක ගුවන් කලයකින් නිර්මාණය වී තිබිනි.. සදෙහි ප්‍රභාෂ්වර එළියත් තාරකාවන්හි ආලෝකයත් මුසුව පොලෝ තලයෙහි වූ හාත්පස මුළු පරිසරයම ඝණ අන්ධකාරයෙන් මුදවා ප්‍රභාෂ්වරයෙන් පිරිපුන් මනස්කාන්ත කාන්තිමත් රැයකින් යුක්ත විය..


    මොහොතින් මොහොත සිය හදවතට දැනෙන පිවිතුරු වූ සිතුවිලි හා ප්‍රාර්ථනාවන් තම හදෙහි ලැගුම්ගෙන සිටින ඒ අවිහිංසක යුවතිය නිසාම ඇති වන බව සනිරුට වැටහෙත්ම ඒ සියල් සිතුවිලි සහ පැතුමන් මහත් ලෝභකමකින් තුරුළු කරගත්තාක් මෙන් ඔහුගේ දෙඅත් පපුව මත තබා “මගේ ජීවිතයට ආලෝකයක්” කියමින් දෙතොලින් මුමුණන්නට විය..


    පිවිතුරු හදවතකින් තමාගේ සුසුම් පොද මෙන් රැකගත යුතු ඇයට ආදරය කරන්නට ඇයගේ සිහින සමග සම අදහසින් ජීවත් වන්නට එදා රාත්‍රී අහස් කුසේ පෙමින් වෙලී සිටින අප්‍රාණික තාරකා දෙස බලා තමාගේ උත්තුංග සප්‍රාණික පෙම් සිතුවිල්ලෙන් අදිටන් කර ගත්තේය..