හිතට වද දෙන ගැටළුවක් මචං .

chashikajw

Member
Apr 2, 2015
452
50
0
Colombo
සමහරක් විට එවන් දියුණු මනසක් ලැබෙන්න පින් කරන එක වැඩක් තියෙනවා වෙන්න බැරිද .මන් කිව්වේ මේ ආත්මේදි පුළුවන් තරම් අනෙක් එවුන්ට උදව් කරගෙන ඉඳලා පින් දහම් රැස් කරලා ඊඟ භවේදි දුකෙන් මිදෙන්න අවැසි නුවණ ලැබෙයි කියන දේ ගැන මම කිව්වේ .
උබේ කතාවෙ ඇත්ත මචං...:yes: එත් මං කිව්වෙ අපි මේ අත්මයෙදිම ඒ ගමනට අඩි තලමක් දානවනම් පින් කරන 1 විතරක් මදි කියල හිතෙනව.. මොකද බුදුන් නැති කලෙක අපි ඉන්නෙත්.. ඉතින් අපි යමක් අවබෝධ කරගන්න නම් ලොකු කැපවීම කරන්න ඔනෙ කියල හිතෙනව ....
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ ඉතින් ඕව පිළිගත්තොත් නෙ බන් ... මිනිස්සු ඇත්තටම ඕව පිළිගන්නෙ නෑ ... මිනිස්සු පාළනය වෙන්නෙ වෙළඳපොලෙන්, මාධ්‍යයෙන් ... අද වෙනකොට ආගම කියන එක නිකන් සංකේතයක් විතරයි ...

    අර කවුද කෙනෙක් කියල තිබ්බ වගෙ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති උන් ආගමේ තියෙන කිසිම දෙයක් පිළිපදින්න ලෑස්ති නෑ

    :yes::yes:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අනේ මල්ලී බෞද්ධ පොත්පත් ටිකක් කියවලා ඔය මතයෙන් මිදෙන්න.ඔහොම නිවන් දකින්න බෑ.හිතයි හදා ගන්නයි ඕනේ කොහෙ හිටියත් නිවන් දකින්න පුලුවන්.උබට පංච නීවරන දුරු කරන්න පුලුවන්නම් ඒහිතෙ සමාධිය වැඩෙනවා පස්සෙ ඒසමාධියෙන් විදර්ශනාවට යන්න පුලුවන් එතකොට නිවන් දකින්න පුලුවන්.
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    60.1.1.-26 "මේ කෙලෙස්වලින් නිදහස් වෙලා නිවන අවබෝධ කිරීම සුළු පටු වීරියකින් කරන්ට පුළුවන් දෙයක් නොවෙයි. සුළු උත්සාහයකින් කරන්ට පුළුවන් දෙයක් නොවෙයි."

    මේ වනාහී ආයුෂ්මත් මහා මොග්ගල්ලාන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවකි.

    https://rightmindfulness.wordpress.com
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මම ඉතිං ෆේක් හදන් ආතල් දෙන එකෙක් නෙමේ .ඔරිජිනල් එකෙන්ම ගැටළුව කියන්නම්කෝ .
    මේකයි මචං .මම බෞද්ධාගමිකයෙක් .කර්මය ගැන පෙර භවය කියන සංකල්ප ගැන පොඩි කාලේ ඉඳන්ම අහනවානේ අපි දහම්පාසලෙනුයි ඉස්කොලෙනුයි .ඒ වගේම මූලිකම හරය තමා හැමදේම අනිත්‍යයි කියන එක .මගේ හිතට වද දෙන දේ තමා හැම එකම අනිත්‍යනම් අපි හම්බ කරන එකෙන් වැඩක් නැහැ නේ මචං .ඔහේ මුකුත්ම නොකර කැලේකට ගිහින් කැලෑ කොළ කකා ගඟේ දොළේ වතුර බිබී හිටියානම් හරිනේ ??

    උඹලාට මොකද හිතෙන්නේ ??:(:(:(:(:(


    යම් කෙනෙකුට ප්‍රශ්නයක් එන්නේ එ සම්බන්ධයෙන් සිතන කෙනෙකුටයි.. .. අනික ඒ වගේ පුද්ගලයන් අතරමන් වෙන හිර වෙන තැන් තියෙනවා ඒවගේ දේවල් බොහොම පරිස්සමින් අවබොධ කරගන්න ඹ්නේ... විශේෂයෙන් මේ වගේ ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රකාශ දේවල්.....

    ඔයාට ඔය ප්‍රශ්නය එන්නේ ප්‍රධාන හේතුව ඔයා ධර්මයේ දැනුම මදි කම...

    http://www.elakiri.com/forum/showthread.php?t=1700099

    මේක කියවන්න එත් තේරැම් ගැනිමට අපහසු නම් මට PM එකක් දන්න හැකි විදිහට මම පෙන්වා දෙන්න උත්සහ කරන්නම්
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මම ඉතිං ෆේක් හදන් ආතල් දෙන එකෙක් නෙමේ .ඔරිජිනල් එකෙන්ම ගැටළුව කියන්නම්කෝ .
    මේකයි මචං .මම බෞද්ධාගමිකයෙක් .කර්මය ගැන පෙර භවය කියන සංකල්ප ගැන පොඩි කාලේ ඉඳන්ම අහනවානේ අපි දහම්පාසලෙනුයි ඉස්කොලෙනුයි .ඒ වගේම මූලිකම හරය තමා හැමදේම අනිත්‍යයි කියන එක .මගේ හිතට වද දෙන දේ තමා හැම එකම අනිත්‍යනම් අපි හම්බ කරන එකෙන් වැඩක් නැහැ නේ මචං .ඔහේ මුකුත්ම නොකර කැලේකට ගිහින් කැලෑ කොළ කකා ගඟේ දොළේ වතුර බිබී හිටියානම් හරිනේ ??

    උඹලාට මොකද හිතෙන්නේ ??:(:(:(:(:(


    ඔයා බෞද්ධයෙක් නං සිදුහත් තව්සාත් අවුරුදු 5ක් ඕක කලාය, හරි නොගිය තැන මැදුම් පිළිවෙතට ඇවිත් සම්බුද්ධත්වයට පත් උනාය කියන කාරණේ දන්නව ඇතිනෙ? අනික උන්වහන්සේ ගිහියන් සඳහා යහපත් ව ජීවත් වෙන්න, පවුල් කන්න, බිස්නස් කරන්න, හම්බ කරන්න.. ඕන තරම් දේවල් කියල තියෙනව. අනිත්‍ය බව ගැන දැන ගෙන නිවන පිණිස කුසල් කරන්න, නිවැරදි ව කුසල් කරන්න නං මනස දියුණු කර ගන්න. ඒක කරන්න පුලුවං හොඳම ආත්මය තමා මිනිස් ආත්මය. ඒකෙං උපරිම ප්‍රයෝජනයක් ගන්න. කැලේ කොළ කකා ඉන්න සතෙක්ට ඒ අවස්ථාව ඉතා අල්පයි.
    බුදු සරණයි!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    අනේ මල්ලී බෞද්ධ පොත්පත් ටිකක් කියවලා ඔය මතයෙන් මිදෙන්න.ඔහොම නිවන් දකින්න බෑ.හිතයි හදා ගන්නයි ඕනේ කොහෙ හිටියත් නිවන් දකින්න පුලුවන්.උබට පංච නීවරන දුරු කරන්න පුලුවන්නම් ඒහිතෙ සමාධිය වැඩෙනවා පස්සෙ ඒසමාධියෙන් විදර්ශනාවට යන්න පුලුවන් එතකොට නිවන් දකින්න පුලුවන්.

    ම්හෙමයි ඇත්තම කිව්වොත් ඉස්කොලේයි දහම්පාසලෙයි බුද්ධධර්මය අච්චු පොත්වල කතා ටික කියෙව්වා ඇරෙන්න මම වෙන කිසිම බෞද්ධ පොත පතක් පරිහරණය කරලා නැහැ .අපිට අච්චු පොත් වල දෙන්නේ මුලික ටික සරලවනේ .ඒත් මට ගැටළුවක් වෙන තව තැනක් තියෙනවා. කට්ටියක් කියනවා ජාතිය රැකෙන්න ළමයි හදන්න ඕනේළු .ඔව් ඇත්ත වෙන්න පුළුවන් .ඒ වගේම ගොඩාක් හාමුදුරුවරුත් කියනවා ජීවයක් ලබා දෙන එකත් පිනක් ලු .ඔව් ඒකත් වෙන්න පුළුවන් .ඒත් අපිට එතනින්ම තණ්හාව ආශාව කියන දේ සිද්ධ වෙන්නත් පුළුවන් නේ ? අපි ළමයි හදන්න ගියෝත් සසර දික් වෙන වැඩ නෙමේද අපෙන් වෙන්නේ ??