හිතට වැදුන ගීත 4

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
හිතට වැදුන ගීත 4

කඳුළු බිදක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්.....//
කුළුදුල් සෙනෙහස ඔබගේ
පුදකල දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනි වේ නම්..
කඳුළු බිදක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්..........
එක මග යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්..
කඳුළු බිදක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්.......//

රූකාන්ත ගුණතිලක