හිතට_වදින_දැන්වීම්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හිතට_වදින_දැන්වීම්

    සමාජමය සහ පාරිසරික ගැටළු සම්බන්ධව නිර්මාණය කර තිබෙන බලවත් දැන්වීම් කිහිපයක්...

    1. ඇමරිකාවේ Kinder Eggs නම් චොකලට් වර්ගය සහ Little red riding hood නම් කතාන්දරය ළමුන්ගේ යහපත වෙනුවෙන් තහනම් කර තිබෙනවා. නමුත් පෞද්ගලික ගිනි අවි ළඟ තබාගැනීම නිත්‍යනුකුලයි. ළමුන්ගේ යහපත වෙනුවෙන් නැවැත්විය යුත්තේ කුමක්ද?




    2.වන විනාශයත් සමග අපි අපේ නාස්පුඩු වලින් පෙනහළු තුලට උරාගන්නා වාතයත් විනාශ කරගන්නවා නේද?


    3.මුහුදේ සිටින මෝරෙකු දුටු විට කවුරුත් බිය වෙනවා. නමුත් අනාගතයේ මෝරුන් වඳවන දිනය ගැන අපි ඊට වඩා බිය විය යුතුයි නේද? සොබාදහම රැකෙනා තෙක් මනුෂ්‍ය වර්ගයාත් රැකේවි.


    4. ෆොටෝ ලයික් කර කර හිටිය කියල පලක් නැහැ. මනුෂ්‍යයෙක්ගේ ජීවිතයකට වෙනසක් ඇති කරන්න ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙමු.




    5.හිංසාවන්ට ගොදුරු වන අයත් ඔබ, මම වගේ මිනිස්සු..


    8. ආගම, යුද්ධය නම් කුරුසය මත ළමාකාලය තබා ඇන ගැසිය යුතුද? ළමයෙකුට තමුන්ගේ ළමාකාලය පිළිබඳව ඇති අයිතිය සුරකිමු..


    9.ඔබ ගෙනයන ප්ලාස්ටික් මල්ල අහිංසක ජීවිතය විනාශ කිරීමට හේතුවක්...


    10.කාමතුරයින් ඔබේ දරුවාගේ ජංගම දුරකථනය ඔස්සේ පැමිණිය හැකියි..


    11. ඔබට පැන්ඩාවන් වටින්නේ යම් ආකාරයකටද.. එසේම ටුනා මසුන් ගැනත් සිතන්න.. (ජපන්නුන්ට වැදෙන්න නිර්මාණය කළ දැන්වීමක්)


    12.බීමත්ව රිය පදවන්න එපා...


    13.දුම්බීම අකාලයේ වයසට යාමට හේතු වේ..


    14.වායු දුෂණය වසරකට මිනිසුන් 60,000ක් මරා දමයි...


    15.එකම පූසා. අයිතිකාරයින් දෙදෙනෙක්. සත්ව හිංසනය වලකමු..


    16. පිළිකා සෑදීමට හේතු කාරකයා වන්නේ ඔබමයි...


    17.තොරතුරු සැඟවීමෙන් සැබෑ කතාව වෙනස් වේ.. (විකිලීක්ස් වැනි අඩවි තහනම් කර ජනතාවගෙන් සත්‍ය සඟවන ලෝක නායකයන්ට එරෙහිව)

    116861_2_600.jpeg



    18.සිගරට් බොනවද? ජිවිත කතා පොතේ 15% ඉතිරිවෙලා තියෙද්දී වළපල්ලට යන්න සුදානම් වෙන්න...


    19.වේගය 25ට අඩු කරනවද නැත්තන් දවස් 46ක් ඉස්පිරිතාලේ ඉන්නවද?


    20.ළමා අපයෝජනය නවතමු..


    21. ළමා සොල්දාදුවන් ඔබට නුහුරු දෙයක් උනත් එය මේ මොහොතේ ඇත්තටම සිදුවෙමින් පවතිනවා..


    22. ඔබ පරිසරය අපවිත්‍ර කලොත් ඔවුන් ඒවා අහුලා ගනීවි..


    23. රිය පදවන අතරතුර ජංගම දුරකථන එපා..




    24. ඔබේ දරුවා ගැන මෙන්ම අනිත් දරුවන් ගැනත් සිතන්න...


    25.කළ කළ දේ පල පල දේ.. මුහුදට ඔබ දමන අපවිත්‍ර දෑ නැවතත් ඔබේ ආහාර බඳුනට පැමිණේ..


    26. සෑම තත්පර 60කටම වරක් එක් සත්ව විශේෂයක් විනාශ වී යයි..


    27. යාචකයින්ට සෑම දිනයක්ම සටනක්...


    28. රූපය රකින්න බඩගින්නේ ඉඳල කුරුටු සිතුවමක් වෙන්න එපා..


    29.විදේශීය සතුන්ගේ සිහිවටන රැගෙන එන්න එපා..


    30.කඩදාසි ඉතිරිය පරිසරය ආරක්ෂා කරයි...


    31. නිදිමතේ වාහන එලවන්න එපා..


    32.කෙනෙක්ගේ බඩගින්න නිවන එක කොයිතරම් ලේසිද කියල දැනෙනවද?


    33.කළ කළ දේ පල පල දෙනු ඇත (ඉරාක යුද්ධය වෙනුවෙන් නිර්මාණය කළ දැන්වීමක්)


    34.එක්සත් ජාතීන්ගේ සංවිධානය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නිර්මාණය කළ දැන්වීම්..




    35.හමේ පාට අනාගතය තීරණය කරන්නේ නැහැ..


    36. ඔයා සිගරට් බොනකොට අපිට පේන්නේ මෙහෙමලු..


    37.ෂිට් බෙල්ට් දමා ජීවිතය රැකගන්න..



    38.නයිජීරියාවේ දරුවෙක් සතියකදී ගන්න කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් මේ කුනුබඳුන දිනක් තුල ගිලදමනවා..

    calorie-intake-malnourishment.jpg


    39.මම මේ ලෝකෙ ළමුන්ගෙන් 60% දෙනෙක්ට වැඩිය හොඳ ආහාර වේලක් ගන්නවා.


    enhanced-buzz-24995-1370779561-0.jpg


    40. අහකබලාගන්න කලින් අද මම සිටින තත්වයට ඔබ ඔබවම ආදේශ කර බලන්න..

    weingart-homeless.jpg

     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තැන්ක්ස් මචං :):)
    තැන්ක්ස් මචං :):)
    තැන්ක්ස් මචං :):)
    Repost neme :P
    ඔව් ඔව් :rofl::rofl:
    තැන්ක්ස් මචං :):)
    Patta

    Rep++
    තැන්ක්ස් මචෝ
    11.gif
    11.gif

    ela ela !!!!!!!!!
    එල එල :):)
    Very meaningful! Elaaaaa maru machan!
    එල මචෝ :):)
    සුපිරියි මචෝ..:love:
    තැන්ක්ස් බොස් :):)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මෝ පට්ට බන්. වැදුණා බොක්කටම.

    (ඔය කියන තරම් කන්න නැති ළමයි මේ ලෝකේ ඉන්නවද බන්? වැඩිය විස්තරයක් අහන්න ලැබෙන්නේ නෑ නේද ඒ දේවල් ගැන?)