හිතන්න යමක්..

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    20 වැනිදා සටන ප්‍රොර්ගෑර්ම් එකෙදී ගාමිණී වියන්ගොඩ පට්ට කතාවක් කලා..සරලයි එත් බොරුවට මඩ ගහගන්නේ නැතිව කියන ද් නියමෙටම කිව්වා. ඇත්තටම් මෙවගේ කතා තමයි අපි දැකිය යුත්තේ කියලා හිතුනු හින්දා කට්ටියත් එක්ක share කලා.

    Code:
    https://www.youtube.com/watch?v=UJ_H3dz1ixc

    තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ
    තණ්හාව නසා - විමුක්තිය පතා
    නිවන් මග මේ යැයි - පෙන්වා දුන් සේක

    ඉක්බිතිව දවසක් - ගෝලයෝ පිරිසක්
    ඇසුවෝ ය හිමි ගෙන් - එක්තරා පැණයක්

    තණ්හාව හළ විගස - සැණයෙකින් අප ලබන
    ඔබ කියන ඔය නිවන - කෙ බඳු දැයි කියනු මැන
    එ විට අප සියලු දෙන - තණ්හාව නසනු ඇත

    බඹ ලොවට පිවිසීම - වාගේ ද නිවන් සුව?
    ඉර මුදුන් වෙලාවේ - විලක් මැද තනි වෙලා
    කුසීත ව පා වෙමින් - සිටින්නා වාගේ ද?

    ඔබ කියන ඔය නිවන - පැහැපත් ද? පියකරු ද?
    නො එසේ නම් එය - සිත නැති, කය නැති
    කිසිම දෙයක් නැති - දෙයක් දෝ ස්වාමීනි?

    මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක් වැඩ හිඳ නිසල ව
    කීවේ මෙ ලෙස ය:
    ඔබ ඇසූ පැණයට - පිළිතුරු නැත මට

    එහෙත් එම දිනයේ - සැන්දෑ සමයේ
    බෝ රුක් සෙවනේ - වැඩ සිටි සමිඳා
    පැණ ඇසූ සිය - සිසු පිරිස ගිය පසු
    එහි සිටි සෙසු - දන සැම අමතා ලා
    දෙසූ හ මේ සුලු - කතාව උපමා

    දවසක් මම ගෙයක් දුටිමි - එය ගින්නට හසු ව තිබිණි
    රත් පැහැ ගත් ගිණි ජාලා - එහි පියසෙන් උසට නැඟුණි
    එහි තුල මම දනන් දුටිමි - දොර හැර ඔවුනට හඬ ගා
    පිටවන්නැ‘යි මම කීවෙ මි!

    එහෙත්, එ දන සැලුණේ නැත - හදිසි බවක් පෙනුවුවෙ නැත

    එක් අයෙකුගෙ රැවුල පවා - පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳ ද? - වැසි වසී ද? සුළඟ තද ද?
    දැවෙන නිවස දමා ගොසින් - ඉන්න ගෙයක් තිබෙනවා ද?
    මෙ වැනි ප්‍රශ්න රාශියක් ය!

    මම පිළිතුරු නො දී ඔහුට - නැවත වරක් වුනෙ මි නිහඬ
    මට සිතුනා මේ දරුවන් - නඟන ප්‍රශ්න නවත්වන්නෙ
    ගින්නෙන් නැසුනාම කියා!

    සත්තකින් ම ප්‍රිය දරුවෙනි - යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා - වෙන තැනකට නො යාවි නම්
    ඒ දන හට සරණ යන්න - බණක් නැතිය මට කියන්න
    එ ලෙසයි අප හිමි ගෞතම - පිළිතුරු දුන්නේ පෙර කල

    - බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් (පරිවර්තනය කාලෝ ෆොන්සේකා) (කියල තමයි ගාමිණී වියන්ගොඩ කිව්වෙ)

    කවිය සින්හලේන් ගහලා ටිබ්බා FB එකේ කවුරු හරි..
     
    • Like
    Reactions: kidz.hero

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    රාවය පත්තරේ ඔයි කරුණු ටික සඳහන් ලිපියේ යටින් මෙහෙමත් තියෙනවා..
    දැන් අපි උණු දියේ පැසවන ගෙම්බාගේ කතාවට හැරෙමු.
    ගෙම්බෙකුව වතුර භාජනයක දමා ලිපේ තියන්න. වතුර කෙමෙන් රත් වෙද්දී ගෙම්බා ඊට සරිලන පරිද්දෙන් තමාගේ ශරීර ගතිකය සකස් කරගනු ඇත. අවසානයේදී වතුර උතුරන මට්ටමට එන විට, තවදුරටත් ශාරීරිකව ඊට සකස් වීමේ හැකියාවක් ගෙම්බාට නැත. දැන් ගෙම්බා වතුර භාජනයෙන් එළියට පනින්ට බලයි. එහෙත්, එතෙක් වෙනස් වෙමින් පැවති වතුරේ උෂ්ණත්වයට හැඩ ගැසීම සඳහා දරන ලද ප‍්‍රයත්නයේ විඩාව නිසා ඌට දැන් වතුරෙන් එළියට පැන ගන්නට හයියක් නැත. තව මොහොතකින් ඌ මියයයි.
    දැන්, මේ ගෙම්බාගේ මරණය සිදුවුණේ කෙසේදැ යි කෙනෙකු ඇසුවොත් බොහෝ දෙනා දෙන පිළිතුර වන්නේ, උතුරන වතුරට පිළිස්සීමෙන් ඌ මියගිය බවයි. එහෙත් සැබෑව එය ද? නැත. ඌ මියගියේ, භාජනයෙන් එළියට පැනීමට තීරණය කළ යුතු සැබෑ මොහොත උගෙන් මගහැරී ගිය බැවිනි.
    ලංකාව අද ගමන් කරමින් සිටින්නේ ඉහත කී ගෙම්බාගේ නිමේෂයේ බව පැහැදිලි ය. එක්කෝ අප දැන්ම මෙතැනින් පැනගත යුතුය. නැත්නම්, සමාජයක් වශයෙන් ගෙම්බාගේ ආනිසංසයට යට විය යුතුය.
    http://ravaya.lk/?p=4083#sthash.C41ESETk.dpuf
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    රාවය පත්තරේ ඔයි කරුණු ටික සඳහන් ලිපියේ යටින් මෙහෙමත් තියෙනවා..
    දැන් අපි උණු දියේ පැසවන ගෙම්බාගේ කතාවට හැරෙමු.
    ගෙම්බෙකුව වතුර භාජනයක දමා ලිපේ තියන්න. වතුර කෙමෙන් රත් වෙද්දී ගෙම්බා ඊට සරිලන පරිද්දෙන් තමාගේ ශරීර ගතිකය සකස් කරගනු ඇත. අවසානයේදී වතුර උතුරන මට්ටමට එන විට, තවදුරටත් ශාරීරිකව ඊට සකස් වීමේ හැකියාවක් ගෙම්බාට නැත. දැන් ගෙම්බා වතුර භාජනයෙන් එළියට පනින්ට බලයි. එහෙත්, එතෙක් වෙනස් වෙමින් පැවති වතුරේ උෂ්ණත්වයට හැඩ ගැසීම සඳහා දරන ලද ප‍්‍රයත්නයේ විඩාව නිසා ඌට දැන් වතුරෙන් එළියට පැන ගන්නට හයියක් නැත. තව මොහොතකින් ඌ මියයයි.
    දැන්, මේ ගෙම්බාගේ මරණය සිදුවුණේ කෙසේදැ යි කෙනෙකු ඇසුවොත් බොහෝ දෙනා දෙන පිළිතුර වන්නේ, උතුරන වතුරට පිළිස්සීමෙන් ඌ මියගිය බවයි. එහෙත් සැබෑව එය ද? නැත. ඌ මියගියේ, භාජනයෙන් එළියට පැනීමට තීරණය කළ යුතු සැබෑ මොහොත උගෙන් මගහැරී ගිය බැවිනි.
    ලංකාව අද ගමන් කරමින් සිටින්නේ ඉහත කී ගෙම්බාගේ නිමේෂයේ බව පැහැදිලි ය. එක්කෝ අප දැන්ම මෙතැනින් පැනගත යුතුය. නැත්නම්, සමාජයක් වශයෙන් ගෙම්බාගේ ආනිසංසයට යට විය යුතුය.

    sirama upama set eka...TFS!!!