හිතවතෙකුගේ නිවසකට යද්දි........................
අපි හැමදෙනාටම යාළුවො, නෑදෑයෝ, හිතවතුන් ඉන්නවා, එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒ අය ස්පෙෂල් කෙස් තමා. ඉතින් අපි එකිනෙකා අතර සම්බන්ධකම් තියාගෙන ඉන්නකොට ඒවා මේන්ටේන් කරන විදිහක් තියෙනවා. සමහර වෙලාවට අපි සමහරුන්ව ආශ්‍රය කරන විදිය අනුව ඒ අයට අපි ගැන හොඳ හෝ නරක අදහසක් ඇතිවෙන්නට ඇති ඉඩකඩ බොහොම වැඩියි.
මේකට ඇත්තටම මොකද කරන්න උවමනා වෙන්නේ? අපි ඒ ගෙදරට ගිහින් නිවැසියන්ට වාතයක් වෙලා ඉඳලා එනවද? එහෙම නැතිනම් ඔවුන්ට අපේ පැමිණීම සතුටක් වෙන තැනට වැඩ කටයුතු සිද්ධ කරනවද?
ඔබේ උත්තරේ මෙයින් පළමු වෙනි ප්‍රශ්නෙට නම් මේ ආටිකල් එක කියෙව්වේ නැතිවට කමක් නැහැ, එහෙත් ඔබේ පිළිතුර ගැලපෙන්නේ අපි අහපු දෙවැනි ප්‍රශ්නෙට නම් මේ ලිපිය ඔබ අනිවා කියවිය යුතු වෙනවා.
1. යන්න කලින් අහලා ඉන්න
හදිස්සියකදී මිස ඔවුන්ගේ අනුදැනුමක් නැතිව ගෙදරට යන එක හොඳ දෙයක් නොවේවි. මොකද අපි දන්නේ නැහැනේ ඔවුන් ඒ වෙනකොට මුහුණ දෙමින් තිබෙන තත්ත්වය. මේ නිසා අපි යන්නට කලින් ඔවුන්ට ඇමතුමක් දීලා තමාගේ පැමිණීම ඔවුන්ට කරදරයක් ද නැතිද කියා විමසීම බොහොම හොඳ ක්‍රමවේදයක්.
සියලු දේ නොවලහා ඔබත් සමග කියනා මිතුරෙක් නම් ඔබ පැමිණීමෙන් තමන්ට ගැටළු වලට මුහුණ දෙන්නට වෙනවාද නැතිද යන්න ගැන බොහොම පැහැදිලිව ඔවුන් කියාවි.
2. ගියා වගේ නෙවෙයි වාත වෙන්නත් එපා.
මේක නම් අනිවා කල්පනා කරන්න ඕනේ දෙයක්. හදිසියකට හරි නැතුව හරි ගිහින් අනිත් අයට ඇණයක් වෙන තරම් වෙලාවක් ගත කරන්න එපා. මොකද ඔබට කෑම වේලකට ආරාධනය කලේ නැත්නම් කලින් ගිය වෙලාවක (උදේක, සවසක) ඒ වෙලාවල් එළඹෙනකල් කල ගත කරල ඒ අයව අපහසුතාවයට පත් නොකරන එක ම තම හොඳම. රෑ කෑමකට ගියත් රෑට නවතින්නේ නැත්නම් ඒ අය නිදන වෙලාව පහුවෙලා මහ රෑ වෙනකන් කදේ දාගෙන ඉන්න එපා. මේවා රොකට් සයන්ස් නෙවෙයි. සාමාන්‍ය දැනීම නේ.
3. කේක් වෙනුවට විකල්ප අරගෙන යන්න
අපි ගෙදරකට යනකොට නිකම්ම අත්දෙක වන වනා යන එක අප්සෙට් නේ. එහෙනම් හොඳම දේ තමයි මොනවා හරි ප්‍රයෝජනයක් ගන්නට හැකි දෙයක් ඔවුන්ට රැගෙන දෙන එක. බොහෝ අය අපිට සැලකුම් කරන්නේ එහෙම දේවල් බලාපොරොත්තුව නොවුනත් අපේ යුතුකම තමා ඔවුන් අපිට කරන සැලකුම් වලට අපේ ගෞරවය දක්වන එක.
මෙහෙම අවස්ථාවකදී අපි ඉස්සර කේක් ගෙඩියක්, බිස්කට් පැකට්ටුවක් එහෙම අරගෙන ගියත් වර්තමානය වෙනකොට එක නිවසක එක දියවැඩියා රෝගියෙක් හෝ සිටින නිසා කේක් බිස්කට් අරගෙන යනවා කියන්නේ නිවැසියන්ගේ ප්‍රතිචාරේ මොනවගේද කියලා ආපහු කියන්න ඕනේ නැහැනේ.
ඒ වගේ වෙලාවට නිවසේ එදිනෙදා භාවිතා වෙන ආහාර එළවලු වගේ දෙයක් අරගෙන යන්නට පුළුවන්නම් කදිමයි. ඒ වගේම සහල් කිලෝ කිහිපයක් එහෙමත් නැති නම් දින කිහිපයකට සෑහෙන විදිහට වියලි ආහාර ටිකක් අරගෙන යනකොට අපේ හිතටත් සතුටුයි. ඔවුන්ටත් එය ඒ හා සමානම ශක්තියක් වෙනවා.
එහෙත් මතක තියාගන්න, කේක් අරගෙන යන්න උවමනා තැන් තිබෙනවා ඒ තැන් වලට එළවලු සහල් නොගැලපෙන බවත් මතක තියාගන්නොනේ. උදාහරණයක් හැටියට කිවුවොත් කුඩා දරුවෙක් ඉන්න නිවසකට රසකැවිල්ලක් ගෙනයන එක දරුවාට ප්‍රීතියක් එක් කරාවි.
4. ප්‍රශ්නවලටත් පුළුවන් උදවු දීලා ඔවුන්ගේ දුකත් බෙදාගන්න
ප්‍රශ්න කියන දේවල් අපි කාටත් ඇති වෙනවා, ඒ වගේම එක මානසික මට්ටමක සිටින දෙදෙනෙකුට බොහෝවිට ඇති වෙන්නේ එක හා සමාන ගැටළු කියලත් අමතක කරන්න නරකයි. ඉතින් මේ නිසා ඔබ යන නිවසේ ඔබේ මිතුරා/හිතවතා/ නෑයා කුමක් හෝ ප්‍රශ්නයකට මැදි වෙලා සිටිනවා නම් ඔබත් ඔවුන්ගේ ප්රශ්නය හෝ කාරණාවට සවන්දෙන්නට උත්සහ ගන්න. ඒ වගේම ඔබට පුලුවන්නම් ඔවුන්ගේ ප්‍රශ්නයට සහනයක් වෙන්නට දෙවරක් නොසිතාම එයට උදව් වෙන්න. නිතරම ඔබේ පැමිණීම ඔවුන්ගේ හිතට සහනයක් යැයි හැඟෙන තැනට පත් කරගන්න.
ඒ වගේම ඔබ ඊට කලින් ඒ හා සමාන ප්‍රශ්නයකට මැදි වෙලා තිබෙනවා නම් ඔවුන්ට ඔබ ඒ කාලේ මෙවැනි ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නකොට හිටපු විදිය ගැන කියන්නට පුලුවන්නම්, සමහර විට ඔවුන්ට ඒ අත්දැකීම ගුරුකොට අරගෙන ඔවුන් වර්තමානේ මුහුණ දෙන තත්වය සම සිතින් විඳදරා ගන්න ශක්තියක් එයින් ලැබෙන්න ට පුළුවනි. හැබැයි එයින් ඔවුන්ගේ ප්රශ්නය දෙගුණ නොවෙනවා පමණක් නම් ඔබ ඒ පියවර ගත යුතු බව කරුණා කරන හිතට ගන්න.
5. පුළුවන් හැම මොහොතක් ම සතුටෙන් ගෙවන්න.
ඔබට පුළුවනි නම් ඔබට සලකන ඔවුන්ගේ මුවගට සිනහවක් ගෙනෙන්න, ඔය බොහොම හොඳ යුතුකමක් වේවි. අපි හැමෝම එක එක ආකාරයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන අය. මේ නිසා අපි ඔවුන්ගේ නිවසේ හෝ ඔවුන්ගේ ඇසුරේ සිටින අවස්තාවක ඔවුන්ව සතුටින් තියන්න පුලුවන්නම් ඔවුන් තුල අපි ගැන තිබෙන හොඳ හිත තව තවත් වර්ධනය වෙන්න ඒ ටිකම ඇති. තමන්ගේ ප්‍රශ්නයක් ඒ අය එක්ක කතා කෙරුවට කමක් නෑ. හැබැයි දහසක් ප්‍රශ්න වලට පිලිතුරු උදවු බලාපොරොත්තුවෙන් ගිහින් කරදරයක් වෙන තැනට පත් නොවන්න වග බලාගන්න. ඔබත් එක්ක ගෙවන මොහොත ඔවුන්ට සැහැල්ලුවෙන් ගත කරන්න හැකිවෙන මොහොතක් බවට මතකයට එක් වන්න හරින්න.
6. දුක සැප විමසන්න/ ආදරය බෙදන්න.
මිනිසුන් හරිම කැමතියි. කෙනෙක් තව කෙනෙකුට කරුණාවන්ත වෙලා ඔවුන් හා කුළුපග වෙනවට, එහෙම වෙනවට අකමැති කෙනෙක් සිටිනවා නම් ඔහුට මොලේ අමාරුවක් තියෙන්න ඕනේ ඉන්තේරුවෙන් ම. ඔබ යන නිවසේ සිටින සියල්ලන්ම සමග අඩුම තරමින් වචනයක් දෙකක්වත් කතා කරන්න අමතක කරන්න එපා. කිසිවිට අමතක කරන්න එපා ඔවුන් යම් කිසි ආකාරයකින් සැලකිල්ලක් ගෞරවයක් අපිට ලබාදෙනවා නම්, අපත් ඒ අකාරයෙන් ම ඔවුන්ට ඒ ගෞරවය සහ සැලකිල්ල ඒ ආකාරයෙන් ම ලබාදෙන්න උවමනා බව.
ඔවුන් නිවසේ සැදූ ආහාරයකින් ඔබට සංග්‍රහ කලොත් එහි රසවත්බව ගැන සුලුවෙන් හෝ අදහසක් දක්වන්න මතක තබාගන්න. ආහාර වේලකින් සංග්‍රහ කල අවස්ථාවක නිවසෙන් පිටවීමට පෙර ඒ ගැන ස්තූතිය පල කරන්න
7. එන්න කලින් පොඩ්ඩක් කාමරේ පිළිවෙල කරලා එන්න.
තමන් අමුත්තෙක් හැටියට ඒ නිවසට ගියාට ඒ අයව වැඩකාරකමට ගන්න තත්ත්වයට පත්වෙන්න එපා. තමන් වෙනුවෙන් කෑම වේලක් පිළියෙල කරනවනම් ඒකට උදවුවක් වෙන්නදැයි අහන්න. රැයක් ගතකලොත් තමන් හිටපු තැන පොඩ්ඩක් අස්පස් කරලා එන එක වරදක් හෝ අපහාසයක් නොවෙයි. මොකද අපි ඉන්න යන්නේ හොටෙල් එකක නෙවෙයි නේ. ඒ නිසා ඉන්න තැනින් පිටත් වෙන්න කලින් සුද්ද බුද්ද කරලා එන එක හොඳයි.
ඉස්සුවේ http://www.aniwa.lk/

ape ewwo nm ithin awith watha wela thamai yanne 