හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,370
    16,051
    113
    Colombo
    හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ



    මිනිහෙක් ට පුළුවන්ද තමන්ගෙ වචනවලින් තව කෙනෙක්ව රැයක් එළි වෙනකම් හොටු පෙර පෙර අඩවලා තියා ගන්න? ඒක දිහා බලාගෙන හිනා වෙන්න?ඔබ කියයි බෑ කියලා.. නෑ පුළුවන්..
    කවියෙකුට ඒක කරන්න ලේසියෙන් පුළුවන්.ඒ වගේ හිතක් පපුවක් නැති මනුස්සයෙක් ගැනයි මේ කියන්නේ.
    මේ මනුස්සයා වෘත්තියෙන් නීතිඥවරයෙක්, දක්ෂ සන්නිවේදකයෙක්.ඒ වගේම බොහෝ ඇසූ පිරූ තැන් ඇති තරුණයෙක්.ඒ වුණත් කිසිම හිතක් පපුවක් නැතිව තමන් ගේ හිතින් යන අය අතින්වත් නොඅල්ලා නොනවත්වපු මේ මනුස්සයා මුළු රටක හදවත් එක මොහොතක් තුළ අතින් අල්ලලාම නැවැත්තුවා.
    ඔව්.. ඩිල්ශාන් පතිරත්න.. මේ කියන්නෙ ඔහු ගැන.ඩිල්ශාන් ගෙ වචනවල තියෙන රහ ඩිල්ශාන් කරන කියන දේවලින් හොදින් පෙන්නුම් කරනවා.ඩිල්ශාන් තමන් ලියපු කවියක් ගීතයක් කරන්න ගත්ත උත්සාහයක උච්ඡතම ඵල නෙලා ගනිමින් ඉන්න දින වකවානුවක් මේක..
    මිනිස්සු විරහවට ආසයි.මොකද තළු මර මර රස කර කර විඳවන්න තියෙන මනෝමූලික දෘෂ්ටිය නිසා(වෙන්න ඇති).ඩිල්ශාන් කියන පෙරකදෝරුවා මෙන්න මේ මනෝමූලිකයට ඩෝං ගහලා පහරක් එල්ල කරනවා.මිනිස්සුන් ගෙ Soft Spot එකම ඉලක්ක කරලා ඩිල්ශාන් මේ කරපු අසාධාරණ වැඩේ සාධාරණයි කියලා ඔබ හිතනවාද? සමාජ අධිකරණය ඉදිරියේ විභාග වෙද්දි මේ මනුස්සයා අපූරුවට ඒ දිහා බලාගෙන හිනා වෙනවා..හිතන්න ඔහුට තියෙන්නෙ මොන තරම් කෲර හිතක්ද?
    ඒ අතරේ මේ ගැන විභාග කරන්න සමාජාධිකරණය ඩිල්ශාන් ට එවන නොතීසි දිහා බලන ඩිල්ශාන් හිමිජ්ජා වගේ සද්ද නොකර ඉන්නවා.මේ ඩෝං ගාලා එල්ල කරන මරු පහර ඩිල්ශාන් ගෙ අතීතයට සමීපදෝ කියලාත් වෙලාවකට හිතෙනවා..හැබැයි අපි ඒකෙන් සැලෙනවද මිත්‍රවරුනි ?? නැහැ.. අපි දැන් ඩිල්ශාන් ට විරුද්ධව සාක්ෂි සටහන් කළ යුතු කාලය එළඹිලා.මොකද මේ නඩුව දිනන සූත්තරේ දන්න ඩිල්ශාන් ට දිනන්න කිසිසේත් ඉඩක් නොදිය යුතු නිසා…
    “වසන් වන සඳ වලාකුළකට
    අඬා වැටුණට තාරකාවක්
    ආයේ එන්නේ නෑ…
    හිතින් යන අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ…”
    සඳ වලාකුළකට මුවා වුණා කියලා ඉකි බිඳ හඬන පුංචි තරුවක් ගැන කියනවාද?නැත්නම් ආපහු නොඑන තාරකාව ගැන හිතමින් ඉකි බිඳින සඳ වළාකුලකට මුවා වුණාද?මොකක්ද මේ අපබ්‍රංසේ??ඩිල්ශාන් අපේ හිත් අතරමං කරනවා. ඩිල්ශාන්ට විරුද්ධව අපි ගෙන එන ප්‍රධානම චෝදනාව සමාජය නොමග යැවීම.මිනිස් හිත් එක්ක ඒ මේ අත දුව පනින ඩිල්ශාන්ලා වගේ මිනිස්සුන්ගෙන් අපි ප්‍රවේසම් වෙන්න ඕනෙ අන්න ඒ නිසායි.
    “මවා දී තරු රටා අහසේ
    සිනාසී උන් තරු කිනිත්තෙන්
    මලානික වූ පුංචි තරුවක්
    පොළෝ තලයට කඩාවැටුණා..
    සරා සඳකට දරාගන්නට බෑ..
    හිතින් යන අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ…”
    මුළු අහසම තරු රටා මවලා අහසත් සඳත් ලස්සන කරන්න කැප වුණ ඒ පුංචි තරුව මලානිකව මහ පොළොවට කඩා වැටෙනවා.අහසේ සිටි තරුව පොළොවට කඩා වැටීම නිසා සරා සඳ දුක්වෙනවා.සඳට මේ දුක දරා ගන්න පුළුවන්ද? ඩිල්ශාන් අපෙන් අහනවා.(කවි මරනවා කියන්නේ මෙන්න මේකට).මිනිහෙක් ගේ ආත්මය මේ විදියට එළියට ගන්න ඩිල්ශාන් ට අයිතිය දුන්නේ කවුද?ගැහැණු පිරිමි බේදයකින් තොරව මනුෂ්‍ය සංහතිය තුළ පොදු සංවේදනාවන් මේ තරම් ලස්සනට අකුරු කරන්න ඩිල්ශාන් පතිරත්නට අයිතියක් දුන්නේ කවුද?ඒ අකුරු අපේ හිත් හඬවන්න තරම් අපි අමතක කළ අතීතය ආපහු සැරයක් මතක් කරලා දෙන්න තරම් ප්‍රබල වුණේ කොහොමද?
    “නිවී යන තරුවක කතාවේ
    බිඳීගිය මතකයේ සැමරුම්
    හිතේ ගැඹුරම තැන තියාගෙන
    ආදරේ ඉකිබිඳුම් ඇසුණා..
    මලානික ඇස් හිනාවෙන්නේ නෑ…
    හිතින් යන අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ…”
    තරුව නිවෙන්න ඔන්න මෙන්න.අහස සරසන ඒ ආදරණීය මතක සැමරුම් හිත පතුළේ කොහේදෝ තැනක තියාගෙන ආදරය ඉකි බිඳිනවා.. ආපහු කවදාවත් ඒ ඇස් සිනාසෙන්නේ නැතිවෙයි.. පියෙන් පිය ගොඩ නැගූ ආදර කතාවක අවසානයේ මිය යන්නේ සඳද? තාරකාවද?
    සඳ වළාකුළකට හෝ මුවා වී දුක දරා ගනීවි. ඒත් අහස් මාළිගාව විසිතුරු කළ පුංචි තාරකාව??? ඇය ඉහළ අහසටම ඔසවා තැබූ සඳ නිසාම ආපසු පොළොවට වැටෙද්දි ඇයට හිනාවෙන්න එක හේතුවක් හෝ තියේවිද??
    ඩිල්ශාන්.. දැන් ඔබට මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම වෙනවා.මේ වෙද්දිත් මිනිස්සු මේ කවි මැරිල්ල ගැන තැන තැන කසු කුසු ගානවා.. හිතින් යන අයව අතින් අල්ලන්න බෑ කියලා ඒ මිනිස්සු හිතින් විඳවනවා..මේ කවි මැරිල්ල වෙනුවෙන් සමාජාධිකරණයේ ඩිල්ශාන් ව විත්තිකරුවකු කරන්න දැනටමත් සියල්ල සූදානම්.ඒ වෙනුවෙන් සංඛ දිනෙත්ටත් අපේ හිත් යට තිබූ අඳෝනාව සංගීතයට නැගීම වෙනුවෙන් වගඋත්තර බඳින්න වේවි. ඊට හඬ සාධාරණත්වය ඉටු කළ ආචාර්‍ය වික්ටර් රත්නායකයන්ටත් මේ සාක්කි කූඩුවට එක් වෙන්න වේවි .
    සමාජාධිකරණය මේ අවනඩුවට සාධාරණය ඉටු කරන තෙක් අපි මේ අසාධාරණය යටපත් වෙන්න ඉඩ නොදෙමු..
    ” හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ..”
    ඩිල්ශාන් පතිරත්න ගේ මරණීය කවිය ගීයක් වීමේ සිට සංඛ දිනෙත් ගේ සංගීතය හි හඬ සමඟ ආචාර්ය වික්ටර් රත්නායකයන් ද එක් වූ මිනිස් හදවත් ප්‍රකම්පනයට පත් කළ ඒ අසාධාරණය වෙනුවෙන් හඬ නගන්න පහත සබැඳියෙන් මේ ගීය අහන්න.. ඔබටත් සාක්ෂි හමුවේවි..

    – ​සුපුන් භාග්‍යා වීරකෝන්-
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    kawuda ban ma gon wicharayak wage kiyala hithan liyana eka. oya sinduwa gana wachana na. music, lyrics, wachana ewa top class. but ma wage ewa liwwahama eke watinakama aduwenawa. Lyrics liyapu kenage fan kenek hari yaluwek wenna puluwan. namuth meken e porata hari thanak labenne naa. nikan wal pal tikak kiyawala witharai. aparade
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,370
    16,051
    113
    Colombo
    kawuda ban ma gon wicharayak wage kiyala hithan liyana eka. oya sinduwa gana wachana na. music, lyrics, wachana ewa top class. but ma wage ewa liwwahama eke watinakama aduwenawa. Lyrics liyapu kenage fan kenek hari yaluwek wenna puluwan. namuth meken e porata hari thanak labenne naa. nikan wal pal tikak kiyawala witharai. aparade

    eka atta ban