"හිතුමතේ ජීවිතේ"

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    "හිතුමතේ ජීවිතේ"


    ma3.jpg


    mar1.jpg


    mar2.gif



    නැගණිය මැරූ පලිය ගන්න 4 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් ඛෙල්ල කපා මැරූ මරු සිරාගේ ගෝලයා හිරෙන් ඵළියට(වීඩියෝ). වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක අච්චුවක් අදිමින් සිටි කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ" නමැති සිරකරුවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ සමාව ලැබ පසුගිය 9දා නිදහස ලැබුවේය.





    වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක අච්චුවක් අදිමින් සිටි කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ" නමැති සිරකරුවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ සමාව ලැබ පසුගිය 9දා නිදහස ලැබුවේය.
    අවස්ථා කිහිපයක්ම මරණීය දණ්ඩනයෙන් ගැලවුණු "හිතුමතේ ජීවිතේ" පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම සිරකරුවාද වන්නේය. මිනී මැරුම් චෝදනා 6කට සහ සිරගෙයින් පලායෑම් පහකට වරදකරු වීම නිසා අධිකරණය අවස්ථා කිහිපයකදී ඔහු මරණීය දණ්ඩනයට යොමු කළේය.

    වසර 129ක් දිග අච්චු කාලයක් ඔහුට නියමවී තිබුණේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීම නිසාය. 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැඟ‚ය පැහැර ගෙන දූෂණය කොට මරා දැමූ පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු ඝාතකයන් ලූ‍හුබැඳ ගිය "හිතුමතේ ජීවිතේ" ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු සිවු වතාවක් බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය.

    අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙයි ජීවිතය ගත කළේය. 17 වැනි වියේදී සිර ගෙදරට පැමි‚ ඔහු වසර 41ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58ක වියපත් මිනිසකුව සිටියේය.

    සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමඟ එකම සිර කුටියේ සිරගතව සිටියේය. එසේම මරුසිරා, පොඩි විජේ, යකඩයා, නවරියන්, චීනා, සමනලයා ආදී ලංකාවේ ප්‍රකට සිරකරුවෝ zහිතුමතේ ජීවිතේz ළඟින් ඇසුරු කළේය. ඔවුන් ඔහුගේ සමීප සගයෝය. මරු සිරා, පොඩි විඡේ ආදීන් සමඟ ඔහු සිර ගෙදරින් පැන ගියේය..

    source
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාර පොරක් නෙ මූ..
    හසරැල් පුතා මොකද පහුගිය ටිකේ පේන්න හිටියෙ නැත්තෙ

    9Y7qmQ3.png