හිතුවක්කාර ආදරය ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 16 වෙනි දිගහැරුම

    හදිසියේම මගේ ඔළුවට වැටුනු මේ ඩිමන්තගේ සිද්දිය නිසා මා මදක් අවුල් ජාලයක සිටියෙමි. වෙනදා තොරතුරු ලබා ගන්නා ආකරයටම අසීස් තොරතුරු ලබාගෙන තිබූ නිසා එම තොරතුරු වල නිවරැදි බව කෙරෙහි මා හට සැකයක් නොතිබූ තරම්ය. නමුත් අසීස් සදහන් කල ඒ වීඩියෝ පට පිළිබඳව තවත් තොරතුරු සොයා බැලිය යුතුයැයි මම සිතුවෙමි. මක් නිසාද යත් එම වීඩීයෝපට වල පොලිසියට අඳුනන්න බැරි වූ අඳුරු සෙවනැලි දෙක මා හා බ්‍රයන් බව මා ස්තීරවම දන්නා නිසාවෙනි.

    ගෙවූ දින දෙක තුනම මා මොහොමඩ් හා එක්ව කාලය ගත කලේ අපට හදිසියේම මූනපෑමට සිදුවූ ගැටලුව නිරාකරනය කර ගැනීමටය. වෙනදා මෙන් මා ක්‍රියාෂීලීව සිටි නිසා අප අම්මාද සතුටින් සිටියේ මා අඳුරු මතකයන්ගෙන් මිදී නැවතත් සාමානයය ජීවිතයට පැමින ඇතැයි ඇය සිතූ නිසාවෙනි. අසීස් පැවසූ පරිදි ඔහුගේ තිබූ ගබඩා දෙකක් අප විනාස කිරීමය සැලසුම් කලේය. මෙය සැලසුම් කීරීම සිතූ තරමටම මා හට ලෙහෙසි නොවූයේ අප නොසීතූ ලෙස පොලීසිය ලබාගෙන තිබූ වීඩියෝපට නිසා හා මා අසල බ්‍රයන් නොමැති වූ නිසාවෙනි. නමුත් මොහොමඩ්ගෙන් ලැබූ අනගි සහය නිසා අපට එය සාර්තකව නිමකිරීමට හැකිවු අතර එම දිනයේදී හා එම වෙලාවේදී අප දෙදෙනාම අපගේ නිවස තුල රැඳී සිටීමට කටයුතු කලෝය.


    "මොකද පුතේ කල්පනාවක. අසනීපයක්වත්ද. අද කෑවෙත් නැහැ නේද හරියට"
    "එහෙම මොකුත් නැහැ අම්මෙ"
    "ඔයා දැන් මොකද කරන්න යන්නෙ. ඉගෙන ගන්නවද නැතිනම් තාත්ත කිව්ව විදිහට කොහෙ හරි රටකට යනවද"
    "ඒ ගැන තමා අම්මෙ මාත් කල්පනා කර කර හිටියෙ. ඔය රට රටවල් වල යන්න ඕන නැහැ, මම මෙහෙ මොනව හරි කරන්නම්.මන් හෙට යන්න කියල බැලුවෙ පොඩ්ඩක් ඒ ගැනැ හොයල බලන්න"
    "ඒක හොඳයි"
    "අම්මේ අමේ.. විෂේශ පුවතක් බලාපොරොත්තු වෙන්නලු. මෙන්න දැන් ටීවි එකේ දැම්මෙ. එන්න බලන්න"


    "මෙන්න දැන් ලැබුනු විෂේශ පුවතක්, මීගමුව හා පුත්තලම ප්‍රදේෂවල පිහිටි ස්ථාන දෙකකට නාදුනනා පිරිසක් විසින් ගිනි තබා විනාස කර ඇත. පොලීසිය පවසන ආකාරයට එම ස්ථානවල හොර රහසේ අවි ජාවාරම් හා මත්ද්‍රවයය ජාවාරම පවත්වාගෙන ගිය බවට සාක්ෂි ලැබී ඇත. මෙහේ ඇති තවත් කරුනක්නම් මෙම ස්ථාන දෙකම එකම වෙලාවෙහි ගිනි තබා ඇති අතරම මෙම ස්ථාන දෙමකම එකම පුද්ගලයෙකුට අයිති බවත් මෙය ඉතා විදිමත්ව සැලසුම් කර කල දෙයක් බවත් වැඩිදුර වාර්තාවේ. මෙහි මහ මොළකරු ඇල්ලීමට සියලු පරීක්ෂන මේ වන විට ක්‍රියාත්මක කර ඇතිබව පොලීසිය පවසයි. "

    "අනේ දෙවියනේ, මේ අපේ පැත්තෙ නේද වෙලා තියෙන්නෙ. මේ වගේ වෙලඳාම් මොනට මිනිස්සු කරනවද මන්දා. "
    "හරි හරි අම්මෙ.. ඔයා සද්ද නැතිව බලන්නකො ටිවි එක.. කෝ අයියා එයා ආවෙ නැද්ද මේක බලන්න"


    අප සැලසුම් කර ආකාරයටම සි‍යලුම වැඩකටයුතු නිමවී තිබුනි. රූපවාහිනියෙන් ලැබූ එම පුවතත් සමගම මොහොමඩ්ගෙන් ලැබූ ඇමතුම මගින් සියළුම දේ සාර්ථක වී ඇති බව නිගමනය කල හැකි විය. ජීවිතයට අලුත් රිද්මයක් එක්කිරීමට නැතිනම් ජීවිතයේ අලුත් පරිච්චෙදයක් ආරම්භ කිරීමට කාලය එළඹ ඇතැයි මම සිතුවෙමි. මගේ මිතුරාගේ හා ඒ ආදරයේ මතක තමමත් මගේ හිතේ කොනක ඉතිරි වී තිබූ නිසා මම නැවත කාර්යාලයට නොයාමට තීරනය කලේ තවදුරටත් ඉගැනගැනීමේ කටයුතුවල නිරතවීමටය.

    "හෙලෝ දිනුක"
    "කියන්න නිවන්ති, හොඳින් නේද. මම අර අද වැඩේ ලෑස්තිකලා. බ්‍රයන් හා ඉමාෂ වෙනුවෙන් අපි ඒ දේ කරමු. ඒ අසරණ ළමයින්ට දෙන්න පොත් පත් ටික මට තව ටිකකින් ලැබෙයි. මම අපෙ නංගි එක්ක එකතු වෙලා ඒක පැක් කරන්නම්"
    "වෙරි ගුඩ්... ඒත් මම ඒ ගැන අහන්න නෙමේ කතා කලේ ඔයාට"
    "එහෙනම්"
    "මම තීරනය කලා ටික කාලයකට ලංකාවෙන් යන්න දිනුක. මම මලයාසියා යනවා යුනි එකකට."
    "හදිසියේම මොකද ඒ වගේ තීරනයක් ගත්තෙ"
    "ඒක හොඳයි කියල හිතුනා චේන්ජ් එකකටත් එක්ක දිනුක. අනික මම කැමති නැහැ අමිහිරි මතකයන් මගෙ මතකයට එනවට. "
    "හම්ම්ම්.. මට ඉතින් මොකුත් කියන්න බැහැ. ඔයාගෙ ජීවිතේ ඔයානෙ තීරන ගන්න ඕන. අරන දෙයක් ඉතින් කල්පනාවෙන් කරන්න"
    "මම බොහොම ඉක්මනටම යයි දිනුක.. ඔයා මන් වෙනුවෙන් කරපු දේවල් වලට මම ණය ගැතියි ඔයාට"
    "හරි හරි කෙල්ලෙ. මම එන්නම් අද හවසට ඔයලගෙ ගෙවල් පැත්තෙ."
    "ඔව් අද අර වැඩෙත් තියනවනෙ. අපි මීට් වෙලාම කතා කරමු"


    මේ ජීවන ගමන පුදුමා කාරය. කොතරන්නම් පිරිස අපට හමුවෙනවාද. සමහරක් අපි ළඟම හැමදාම ඉන්නවා. සමහරක් අපි වෙනුවෙන් හිටියට අපිට වඩා ගොඩාක් ඈතින් ඉන්නවා, තවත් සමහරක් එයාලගෙ ලස්සන මතකයන් විතරක් අපි ළඟ ඉතුරුකරල යන්නම යනවා අයෙ නො එන්නම. එතකොට තවත් සමහරක් එදිනෙදා වීරයො වෙනව අපේ ජීවිතවල. පීපල් ඔල්වේස් ලීව් කියන මත නැවත සනාත කලේ නිවන්තිගෙන් මට ලැබුනු ඇමතුමද සමගය. මා අසල සිටි සියලුම දෙනා මා අසලින් මේ වනවිට වෙන් වී ගිහින්ය. මාගේ ලඟින්ම හිටි අවසාන මිතුදම් පුරුකද මා දමා ඈතකට යාමට සැරසෙනවා ඇත. මේ සියලුම නාටක මැද මා තනිවුනා නොවේද, නැතිනම් මා ජෝකර් කෙනෙකු වූවාද යන්න මම නිහඬව කල්පනා කලෙමි.

    "ඔයාට දුක හිතුනද දිනුක මම යනව කිව්ව එකට."
    "එහෙම දෙයක් නැහැ නිවන්ති. ඔයා ඔයාට හරි කියල හිතෙන දේ කලේ"
    "ඒ උනාට ඔයාගෙ ළඟින් උන්න අය ඔයා ගාවින් ඈත් වෙනවා කියල දැනෙනෙකොට ..."
    "හම්ම්ම්.. ඒක නම් ඉතින් එහෙමතමා නිවන්ති. ඒත් ඉතින් එහෙමයි කියලා ඔයාගෙ ගමන මට නවත්වන්න අයිතියක් නැහැ. මොකද ඔයා ඔයා ගැන බලන්න ඕන. අනික ඔයා කෙල්ලෙක්. අපි වගේ නෙමෙ ඔයා දිහා බලාගෙන ගොඩක් අය ඉන්නවා. ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ගොඩාක් අය ඉන්නවා"
    "ඒක ඇත්ත දිනුක. බ්‍රයන් මට ආදරේ කලා තමා. මට ඒ ආදරේ නොදැනුනා නෙමේ. ඒත් එහෙමයි කියල ඒ වගේ මතකයකට මට මගේ ජීවිතය සීමා කරන්න බැහැ. මම මගේ ගැන බලා ගන්න ඕන. අනික දිනුක කාලය තමා මේ හැමදේටම තියන එකම විසඳුම. "
    "ඔව්.. ඒත් ඉතින් අපි ඒ කාලයෙන් නිසි ප්‍රයෝජන ගන්න ඕන නියම කලමණාකරනයක් එක්ක. නැතිනම් ඉතින් හැමදේම කාලයට බාර දීල බලාගෙන ඉඳල තේරුමක් නැහැ"
    "ඒක ඇත්ත.. තව එකක් දිනුක. මම හෙට අක්කලගෙ දිහා යනවා. ඉතින් ටික කාලයකට අපේ අන්තිම හමුවිම මේක වේවි සමහරවිට. ඔයා මට හම්බුන හොඳම කොල්ලෙක්. ඒ වගේම සහෝදරයෙක්. හොඳින් ඉන්න දිනුක."
    "මම ගැන දුන්න කොමෙන්ට්ස් වලට ගොඩක් ස්තූතියි. ඔයත් හොඳින් ඉන්න. ඔයාත් හොඳ චරිතයක්. මගෙ නම්බර් එක ලඟ තියාගන්න. මම ඕක මාරු කරන් නැහැ. ඔයා ආව දවසක අයෙමත් අපි මීට් වෙමු. යන්න කලින් අයේ මීට් නොවුනට කමක් නැහැ, යන්න කලින් මට කෝල් එකක් දීල යන්න"
    "ඕකේ දිනුක. අපි යමු දැන්."


    කරුනු කාරානා මෙසේ සිදුවෙද්දී කාලය හිමිහිට ගෙවෙද්දී මා ද මගේ ඉදිරි ගමන සැලසුම්කර තිබුනි. මටත් වඩා ඒ පිලිබඳව සතුටු වූයේ අම්මාය. පරිඝනක උපාදියක් හැදෑරීම සඳහා මම අප නගරයේම තිබූ ඩී.එම්.අයි ස්ථානයේ ලියාපදින්චි සිසුවෙක් වුනෙමි. එමෙන්ම සරත් සර්ගේ ආරාධනාව යටතේ මා අළුතින් බඳවාගත් කීප දෙනෙකුට විෂේෂ පුහුණු සැසි කීපයකටද සහබාගී විය. ජීවිතයේ සියලුම දේ නැවත යතාතත්වයකට පත්වුනා යැයි දැනුනද බ්‍රයන් මා ළඟ නැති අඩුව දැනෙන්නට විය. එමෙන්ම එකිනෙකා අත් අල්ලාගෙන එහා මෙහා ඇවිදින පෙම්වතුන් නිසා මගේ සිත අතීත මතකයන් කෙරෙහි දිවගියේ ඉමාෂාව සිහිකරමින්ය.

    නැවත ඉගනීමේ කටයුතු වලට යොමුවීම නිසා අම්මා සිටියේ මට වඩා සතුටින්ය. ඇය හැමවිටම පැවසුවේ තරම්ක් අපහසූ වූ ඒ අතීතය, අතීතයක් ලෙසම පවතින්නට ඉඩ දී වර්තමානය දෙස බලන ලෙසය. කෙසේ නමුත් මා අම්මාගේ කීම ඇසුව නිසාදෝ වෙනදාට වඩා මා හට සැලකිලිද වැඩිවිය. කාලය මෙසේ ගෙවී යද්දී මාගේ පරිඝනක උපාධියේ පළමු දවස උදාවිය. පළමු දිනයේදීම මා ප්‍රමාද වී පන්ති කාමරයට ඇතුලුවූ අතර පළමු දිනය නිසාදෝ එහි කිසිම ගුරුභවතෙක් නොසිටීම මගේ හිතට සහනයක් ගෙනදෙන්නට විය.


    "හලෝ යාළුවා.. අපි ආයෙමත් හමු උනා එහෙනම්"
    "අමිල.."
    "මෙන්න ලඟින්ම ඉඳගන්නකො. කොහොමද ජීවිතේ එහෙම. තාම පරණ දේවල් ගැන් හිතනවද"
    "නැහ අමිල.. ඒ දේවල් අමතක කරන්න අමාරුයි තමා. ඒත් මම උත්සහ කරනවා"
    "ඒක තමා යාළුවා වෙන්න ඕන. මතකයන්, මතකයන් විදිහටම තියෙන්න අරින්න. මොකද මම දන්න විදිහට මතකයන් වලට පන දෙන්න උත්සහ කොලොත් අපි ඒ මත්තෙම මැරෙනවා දවසක.. හරි හරි පස්සෙ ඕව කතා කරන්න පුලුවන්නෙ"
    "නැතුව නැතුව.. ඒත් මට සතුටුයි මම දන්න කියන කෙනෙක් මාත් එක්ක මේ අවුරුදු තුන ගෙවන්න ඉන්න එක ගැනැ"
    "මටත් එහෙම තමා යාළුවා. අලුත් ෆිට් එකක් ආරම්ඹ කරමු එහෙනම් අද ඉඳන්. ඊට කලින් අදුනගන්නකො අපේ අනික් සෙට් එක. මමත් දැන් තමා මෙයාලව දැක්කෙ. මේ රොෂෙන්, කසුන්, ලක්ෂිත, සන්ජය, ගයාන්, ඉසුරු, එතකොට මේ පොඩ්ඩක් ඇඟපත එහෙම තියෙන්නෙ ඩිල්ෂාන්. එතකොට මේ ඉන්න් දිනුක. අපි මීට කලින් දවසක අමුතුම විදිහකට සෙට් වෙලා තමා යාළුවො උනේ"
    "හලෝ .. සුභ උදෑසනක් ඔක්කොටම"



    හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හැම කොමෙන්ටුවකටම reply නොකලට, කොමෙන්ට් කල අයට Rep ++ ඔන්න දුන්නා.. thanks මම එක්ක ඉන්නවට.
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 17 වෙනි දිගහැරුම

    මාස 18කට පසු ....

    "යාළුවා උඹ නම් මාර පොරක් බන්.. ෆස්ට් ඉයර් එක ගොඩ දැම්මෙ කිසිම ගින්නක් නැතිව. උඹ විතරනෙ බන් අපේ බැච් එකෙන් සබ්ජෙට් සේරම එකපාර ගොඩ දැම්මෙ. ආඩම්භරයි බන් උඹේ යාළුවෙක් වෙච්ච එක. අනික මචන් උඹේ ඔය මොළය සිරා බන්.. නාස්තිකරගන්න එපා හරි"
    "හරි හරි අමිලයා.. ගනින් ඔය බියර් එක කඩලා. "
    "අමිලය ඇත්ත කිව්වෙ දිනුක. මමත් උඹට කොච්චර කිව්වද මන් එක්ක ප්‍රොග්‍රෑම් සඩිඩ් එක කරමු කියලා. උඹේ ඔය මොළෙට එන ඇල්ගොරිදම්ස් අපිට එන්න ටිකක් වෙලා යනවා බන්. කොහෙද ඉතින් ඇහුවෙ නැහැනෙ උඹ."
    "මම කැමති නැහැ රොෂෙන් මගෙ ලයිෆ් එක කොම්පිටුර් එක ළඟ ඉඳගෙන පුටුවක ගෙවන්න"
    "හම්ම්.. ඒක නෙමේ ආදරයක් ගැනැ හිතන්න කාලය හරි නේද, උඹ වගේ එකේ තනිකඩව ඉන්නවා කියල දැනෙනකොට අපේ හිතත් වාවන් නැහැ බන් .. ඒයි මොකෝ බන් උඹ සයිලන්ට් උනේ. කෙල්ලො ඇලජික්ද උඹට.. අම්මට සිරි ඒ කියන්නෙ උඹ කැමති .."
    "ඩිලා ඕක නවත්තගනින්.. ඔන්න ඔය බියර් එක ඉවර කරපන් කටවහගෙන.. යාළුවා මුන් කියන ඒව ගැන එච්චර හිතන්න එපා"
    "අවුලක් නැහැ අමිල.. තැන්ක්ස් උඹ මගේ ගාවින් ඉන්නවට"
    "ඔන්න ඔන්න.. මිතුදමකට අදාලම නැති වචනයක් තමා තෑන්ක්ස් කියන එක හරි. මොකද උඹට කරන ඒවට උඹ තෑන්ක්ස් කියන්න අපි නන්නාදුනන අය නෙමේනෙ. උඹේ යාළුවො.. කව්ද අපි, උඹේ යාළුවො.. නැද්ද ඩිලා"
    "අනිවා මචන්.. අපි යාළුවො. ගනින් අමිලය ඔය අන්තිම බියර් බෝතල් තුනත් කඩල. කූල් බැස්සොත් අපරාදෙ. ඉවරයක් කරල දාමු ඒ නිසා"

    යාන්තමට ගෙදරට යා ගත හැකි අවස්තාව එලඹෙත්ම අපි සියලුඅ දෙනා තානායමෙන් එලියට පැමිනියෙමු. රොෂෙන් හා ගයාන් අපට සමු දී ගිය අතරම අමිල ඩිල්ෂාන්ව රැගෙන ගියේ ඔහු තම සීමාව යන්තම් පසුකර තිබූ නිසාය. බ්‍රයන් මා අසලින් වෙන්වගියාට පසු අමිල හා ඩිල්ෂාන් මා අසල රැඳුනු හොඳ මිතුරන් දෙදෙන් විය. ඔවුන් බ්‍රයන්ට සමාන කල නොහැකි උවද මගේ ජීවිතයේ දුක සැප බෙදා ගන්න කදිම මිතුරන් දෙදෙනෙකු වූවෝය. මිතුරන්ට සමුදුන් මමද කෙලින්ම පැමිනියේ සොහොන් පිටියටය. පොතපතට නැවත හිරවීම නිසා දිනපතාම මෙහි පැමින්නිමට නොහැකි උවත් සෑම සිකුරාදාවකම සොහොන් පිටියට පැමින මගේ මතකයන් වෙනුවෙන් ඉටිපන්දම්ක් දැල්වීමට මම මගේ කාලසටහන සකස්කර තැබුවෙමි. ඔවුන හා ගතකල ඒ දවස් තවමත් මට අද වගේ මතකය. වෙනාදා මෙන්ම සුද්ද පවිත්‍ර කර ඉටිපන්දම් දල්වා මම ඒ ආදරය කල දඟකාරියගේ සොහොන දෙස මදක් නිහඬව බලා සිටියෙමි. මටත් නොදැනීම නෙතගින් ගිලිහූ කඳුලක් මගේ ඇල්කොහොල් මිශ්‍ර දෙතොල මත වැටුනේ සැඟවී ගිය ඒ ආදරය තවමත් හිත රිද්දන බව සනාතකරමින්ය.

    ඉමාෂා ඔයා හොඳින් ඉන්නවා නේද. මම හොඳින්, එත් අද ටිකක් බිව්වා, බිව්වා කියන්නෙ බියර් බෝතල් තුනක් විතරයි. ඔයා තරහ නැහැනෙ. හම්ම්.. ඔයා තාමාත් මගේ හිතේ ඉන්නවා කෙල්ලෙ. වෙනකාටවත් මට ආදරේ කරන්න බැහැ. මට එයාලට දෙන්න ආදරේ නැහැ. ඔයා ගාව තමා සේරම. සමහර කෙල්ලො මගෙන් අහනවා ඇයි ඔයාට කෙල්ලෙක් නැත්තෙ කියලා, කෙල්ලො විතරක් නෙමේ මගෙ යාලුවොත් අහනවා. මම කොහොමද එයාලට කියන්නෙ ඔයා මෙතන කියලා ඉමාෂා. පිස්සුවෙන් වගේ කරපු ඒ ආදරය අද මගේ ගාවින් ආයෙ නො එන්නම් ගිහින් කියල කියන්න බැරි ඇයි දන්නවද, එතකොට එයාල මට අනේ පව් ඔයා කියන නිසා. එයාල මට අනුකම්පා කරන නිසා. ඔයාගෙ ආඩම්බරකාරයට එහෙම වෙන්න බැහැනෙ. එහෙම නේද. කියන්න මට. ඇගේ සොහොන ළඟ දනගසා පොඩි ළමයෙකු මෙන් මම ඇඬුවෙමි. මගේ දුක තුනී වෙනකම් ඇඬුවෙමි. ඇයගේ සොහොන අසලින් මා නැගිට්ටේ නැවතත් ඇය වෙනුවෙන් අඬන් නැතැයි මම මා හටම වූ පොරොන්දුවක් සමගය. ඇය මගේ අතීතය වී හමාරය. ඇයව්නුවෙන් අඬා ඵලක් නැත. ඇය වෙනුවෙන් මා ජීවත් විය යුතුය. ඇයට උවමනා වූ ආකාරයටම මම මගේ ජීවිතය දියුණුව දක්වා ගෙනයන බව පොරොන්දුවෙමින්,මම මගේ මිතුරාටද ආචාර කරමින් සොහොන් පිටියෙන් ඉවතට යාමට සැරසූ විට එය මදක් ප්‍රමාද වූයේ මාගේ දුරකථනය නාද වූ නිසාය.

    "හලෝ .. මේ දිනුක නේද"
    "නිවන්ති.."
    "ඔයා අඳුනගත්ත එහෙනම් මාව"
    "ඔයාව කොහොමද එහෙම අමතක වෙන්නෙ කෙල්ලෙ. ඉතින් කොහොමද? ගොඩක් දවසකින් නේද මේ"
    "හම්ම්ම්.. දිනුක ඔයා හොඳින් නේද. ඔයාගෙ කට හඬ ..."
    "මම හොඳින්.. අද අපේ ක්ලාස් එකේ කොල්ලො ටික සෙට් වෙලා බියර් එකක් ගැහුවා"
    "ගුඩ් ගුඩ්.. ඒක නෙමේ දිනුක. මම මේ කතා කලේ ලොකු දෙයක් කියන්න ඔයාට. ඒ එක්කම ලොකු උදව්වකුත් ඕන ඔයාගෙන් මට"
    "කියන්න.. මොකක්ද වෙන්න ඕන"
    "ඔයා දැන් කොහෙද ඉන්නෙ, ගෙදරද"
    "මම සොහොන් පිට්ටනියට ආව නිවන්ති. ඉටිපන්දමක් පත්තුකරල අපේ බැඳීම් නැවත එලිය කරන්න"
    "හම්ම්ම්.. ඔයා තාමත් ඒ මතකයන් එක්ක ඉන්නවා නේද"
    "ඒව අමතක කරන්න බැහැ කෙල්ලෙ මට. හරි දැන් මොකක්ද කියන්න තියෙන්නෙ"
    "මම කියන්න හැදුවෙත් ඔයා ගෙදරනම් ඔතන්ට යන්න කියල තමා. දැන් ඔයා ඔතන නිසා අවුලක් නැහැ"
    "ඒ මොකෝ නිවන්ති හදිසියේම"
    "කෝ අර රින් එක. තාම කරේ නේද ඔයාගෙ"
    "ඔව් මේ තියෙන්නෙ.. මොකක්ද කාරනාව, කෙලින්ම කියන්න හිතේ තියන එක"
    "දිනුක, අනිද්දට ඒ කියන්නෙ ඉරිදට මම මැරි කරනවා.."
    "වාව්.. ෆස්ට් ඔෆ් ඕල් කන්ග්‍රැට්ස්"
    "තෑන්ක්ස් දිනුක. එයා ජර්මන් කෙනෙක්. මම මගේ ජීවිතේ අලුතින් පටන් ගන්නවා දිනුක."
    "ඒක හොඳයි ළමයො, ඒත් ඔයාට ඇයි මාව සොහොන් පිටියට යවන්න ඕන උනේ"
    "මට බ්‍රයන්ව මතක් උනා දිනුක. මගේ බෝයි මට ප්‍රොපොස් කරපු රින් එකත් හරියටම ඔයාගෙ කරේ තියන එදා බ්‍රයන් ගෙනාව එක වගේමයි. ඉතින් මට හිතුනා බ්‍රයන්ට කියන්න. කියල එයාගෙන් ආශිර්වාද ගන්න. මොකද එයා මට ගොඩක් ආදරේ කරපු හින්දා."
    "පිස්සු කෙල්ල. බ්‍රයන්ගෙ ආශිර්වාදය හැමදාම තියනවා ඔයා ලඟ. ඒ වගේම එයාගෙ ආදරෙත් එහෙමයි. ඔයා බ්‍රයන් ගැන හිතන්න එපා. එයාව අමතක කරල ඔයා ඔයාගෙ ගමන යන්න. එදා වගේම අපි ඉන්නවා කොහෙ හරි ඔයා වැටුන දවසක අල්ලගන්න. ඔයාව නැගිට්ටවන්න"
    "මාව හැගීම්බර කරන්න එපා දිනුක. මට ඔයාලව අමතක වෙන්නෙ නැහැ කවදාවත්ම. විෂේෂයෙන් ඔයාව. ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා දිනුක. ආදරේ කරන හැටි. තවකෙනෙකුට සවන්දෙන හැටි ...."
    "හරි හරි නිවන්ති. ඕව ගැන අපි හම්බුනදවසක කතා කරමු. ඔයා ඉන්න තැනක් හොඳින් ඉන්න. අළුත් තැනක අළුත් විදිහට පටන් ගන්න යන ඔයාගෙ ජීවිතේට මම සුභ පතනවා. මම විතරක් නෙමේ බ්‍රයන්ගෙ ඉමාෂගෙ සුභපැතුනුත් ඔයාට තියනවා"
    "හම්ම්.. එහෙනම් මම ආයෙත් දවසක කතා කරන්නම් ඔයාට. මගෙ වෙඩින් ෆොටොස් ඔයාට මේල් එකක් දාන්නම්. හැමදාම කතා නොකලට, දුරකින් හිටියට, ඔයා ගැන හොයල නොබැලුවට මට ඔයාව අමතක වෙන්නෙ නැහැ හරි. යාළුකම් පලදුවෙන්නෙ නැහැ හරි. හොඳින් ඉන්න දිනුක. මේ කෙල්ල වෙනුවෙන් කරපුවට ආයෙමත් ගොඩාක් පින් ඔයාලට"

    නිවන්තිගේ දුරකථන ඇමතුමත් සමගම මා නිවසට පැමිනියේ හිස් වූ මනසින්ය. ඇගේ අළුත් ජීවිතයට සුභපතනවා ඇරෙන්න මට කීමට දෙයක් නොතිබුනි. ආදරය කරන්නා හා ආදරය ලබන්නා අතර වෙනසක් තිබෙනවායැයි මම සිතුවෙමි. ඒ වෙනස කුමක්දැයි සෙවීමට මා උත්සහ නොකලේ මා ආදරය ලැබුවා වූ අයෙකුද වූ නිසාය.

    "පුතේ, මොකද මේ නිහඬ අද. කොල්ලො එක්ක මොකක් හරි රන්ඩුවකවත් පැටලුනාද"
    "අද නිවන්ති කතා කලා අම්මෙ .. "
    "ගොඩක් දවසකින් නේද. මොනාද කිව්වෙ"
    "එයා අනිද්දට මැරි කරනවලු.. ජර්මන් කාරයෙක්ව.."
    "ඒකද මේ කල්පනා කරන්නෙ. ඒක ඒ ළමයගෙ ජීවිතේ පුතේ. ඉතින් ඔයා මොනවද කිව්වෙ"
    "මොනව කියන්නද අම්මෙ.. මම විෂ් කලා."
    "හම්ම්ම් මම දන්නවා ඔයා තාමත් ඉමාෂා ගැන හිතනවා කියලා. ඒ ඔයා ගොඩක් ඒ කෙල්ලට ආදරේ කරපු හින්දා. ඒ වගේම ඒ කෙල්ලත් ඔයාගෙ ආදරයට හා සමාන ආදරයකින්ම පිළිතුරු දුන්න හින්දා. ආදරේ කියන්නෙ ලොකු බැඳීමක් පුතේ. ඒක හරි වචනයකින් විස්තරකරන්න බැරි තරම්. මට සතුටුයි ඔයා අද ඉන්න තත්වය ගැන. ඉමාෂා ඔයාගෙ අතීත වෙලා ඉවරයි. ඔයාගෙ ලස්සන මතකයක් වෙලා ඉවරයි. ඔයා ඔයාගෙ ජීවිතේ ගැන හිතන්න. වර්තමානයේ ජීවත්වෙන්න. ඔයාගෙ අතීතෙට ඒ විදිහටම තියෙන්න අරින්න. ඔයාව රිදවන්න, ඔයාව වට්ටන්න ඒ අතීතෙට කවමදාවත් ඉඩදෙන්න එපා"


    අම්මාගේ ඒ වදන් කීපය හිත තුලම රැඳුනද මගේ මේ කෝඩුකාරව්සිතට එය තරමක් බරවැඩියැයි මම සිතුවෙමි. එම නිසා ආදරය කරන්නා හා ආදරය ලබන්නා පිළිබඳම මම නැවතත් මගේ ඇඳ මතට වී කල්පනා කෙරුවෙමි. නමුත් ඒ දෙදෙනා අතර වෙනසක් නැති බවද මම විටෙක සිතුවෙමි. මක්නිසාදයත් ආදරය ලබන්නාද ආදරය කරන්නෙකු වූ නිසාය. මගේ මනසට හදිසියේම ආ මේ තේරුමක් නැති විකාර සිතුවිල්ල මගේ මුළු නින්දම සොරාගත්තේය. කොතරම් නෙතු පියාගැනීමට උත්සහ කලද මම අසාර්ත උනෙමි. පාන්දර තුනට පමන යාන්තමට මගේ නෙතු පියවෙද්දී ආදරය යනු හිතුවක්කාර සිතුවිල්ලක් බව මගේ සිත පිළිගෙන තුබුනි
    .

    හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...​
     
    • Like
    Reactions: madushankads