හිතුවක්කාර ආදරය ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය ..

    සුභ 2015 යාළුවනේ. ..

    ගොඩක් කාලෙකින් තමා මේ EK පැත්තෙ ආවේ. වැඩරාජකාරි එක්ක ටිකක් Busy උන නිසා EK පැත්තෙ ඇවිල්ලා මොන මොනා හරි දාල යන්න වෙලාවක් තිබුනෙම නැති තරම්.

    කරුණු කාරනා කෙසේ වෙතත් ආයෙමත් EK එකටම කථාවක් ලියන්න කියල හිතුවා. මේක මම ලියන දෙවනි කතාව. කියවල බලන්නකො හොඳයිද කියලා.. කොමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා හරි.


    :love::love::love::love: හිතුවක්කාර ආදරය:love::love::love::love::love:

    Untitled-1-2.jpg


    විශ්වවිද්යාලයට ඇතුලත් වීමට ප%මාණවත් තරම් ප්රතිඵලයක් උසස්පෙළ විභහගයෙන් නොතිබුනත් යාන්තම් රැකියාවකට ඉල්ල්ලුම් කිරිමට හැකි ප්රතිඵලයක් තිබූ නිසා මම නැවතත් විභහගය කිරීමට නොසිතුවෙමි. මාගේ එම අදහසට අම්මාගේ දැඩි විරෝදය තිබුනද අම්මාගේ ඒ සියළුම දේ මා ඉවසාගෙන සිටියේ ත්රිකෝණමිතිය, බෙන්සීන්, බර්නූලී මගේ ලෝකය ඉතා සන්කීර්ණ ලොවක් කල නිසාය.

    "පුතේ නැගිටිනවා .. තවම නිදි වැඩට යන්න තියනවා නේද? "
    "යන්නම් තාත්තෙ. ඊයෙ ටිකක් රෑ වෙලානෙ ආවෙ, ඒ නිසා අද ටිකක් පරක්කුවෙලා යනවා."
    "ඒක මාර වැඩට යාමක්නෙ. නැගිටිනවා නැගිටල ලෑස්ති වෙනවා. කොල්ලෙක් උනහම ඔයිට වඩා වගකීමක් තියෙන්න ඕනා. මේක කොයි වෙලේ බැලුවත් නිදි. අන්න තේ එක හදලා මේස උඩ. නැගිටිනවා."
    " හරි හරි තාත්තෙ"


    අම්මාගේ දැඩි විරෝදය මැද්දේ උවද මම රක්ෂන සමාගමක වැඩ කෙරුවෙමි. මාගේ රස්සාව නිසා පොකට්ටුව සවිමත්ව තිබුනද අම්මාගේ අදහස වූයේ මම තව ඉගෙන ගත යුතුය යන්නය. අම්මා මොකට මෙච්චර ඉගෙනගත්තාද යන්න මට සිතූ වාර ගනන අනන්ත අප්රමානය. එමෙන්ම අම්මාගේම කොපියක් වූ මාගේ ආදරබර් නැගණියගේද අදහසවූයේ අයියා ඩිග්රියක් කල යුතුය යන්නය. මාගේ මේ රැකියාවට බර බරේ නොදැමූ එකම පුද්ගලයා මාගේ තාත්තාය. තාත්තාගේ අදහස වූයේ මේ වයසේ සිටම තම මහන්සියෙන් හම්බකල යුතුය යන්නය. පවුලේ සියළු දෙනාගේ අදහස් කෙසේ වෙතත් මා කරනා රැකියාවෙන් මම සතුටක් ලැබුවෙමි.

    "හලෝ .. හලෝ .."
    "ඇහෙනවා බන්, කියපන් හලෝ එක පැත්තකින් තියලා."
    "කොහෙද බන් උඹ ඉන්නෙ"
    "ඇඳේ.."
    "අම්මප මුගෙ. .. යකෝ අද නේද මීටින් එක. ඒරියා මැනේජර් එනව කිව්වෙ අද නේද? "
    "අම්මට .. ලොවෙත් නැහැනෙ ඉතින්.. බ්රයන් දැන් බන් මට මතක් උනේ. පැයක් දීපන් මම එන්නම්. උඹ එතකම් හැඬල් කරපන්."
    "මම උඹට කිව්වනෙ ඊයෙ.."
    "ඒව කොහෙද බන් මතක. මද පවනනෙ ආවෙ. මම ඉක්මනට එන්නම් ඉතින්. උඹ මගෙ හොඳ පැටිය වගේ වැඩේ ගොඩ දාපන්. නිවන්තිත් ඉන්න්වනෙ. ආ අනික අපේ ලොක්කව ටිකක් ෂේප් කරපන් හරි."
    "හරි හරි.. ඉක්මනට වරෙන්"


    බ්රයන් හා නිවන්ති මම රැකියාවට ගිය විට හමුවූ මිතුරන් දෙදෙනා විය. අප හමු වී කෙටි කාලයක් උවද අප තිදෙනා අතර තිබුනේ ආත්ම ගනාවක සිට පැවත එන්නාක් මෙන් බැඳීමකි. අප තිදෙනා ඊයේ තවත් මිතුරෙකුගේ උපන්දින සාදයක සහබාගී වූ අතර අත් වැරදීමකින් අප ඉවර කල බියර් බෝතල් හත අට නිසා අද දිනයේ මීටිම ගැන බිඳක්වත් මාගේ මතකයේ නොතිබුනේය.

    "ඔන්න ටීම් ලීඩර් එන වෙලාව.."
    "සොරි සර් .. ටිකක් ඇඟට හරි නැහැ වගේ. ඒකයි එන්න පරක්කු උනේ."
    "අන්න ඒරියා මැනේජර්ට තමුසෙව මීට් වෙන්න ඕනලු."
    " ඒ මොක්ද සර්.. මොකක් හරි අවුලක්වත්ද? "
    " මම දන්නෙ නැහැ. ගිහින්ම බලනවකො. මගෙ රූම් එකේ ඇති"


    මා දන්නා දෙවි වරුන්ගේ නම් කීපයක් සිහිපත් කරමින් හා දන්නා ගාථා කීපයක් මුමුනමින් මම ඔහු සිටිනා කාමරයට ඇතුළුවෞනෙමි. ඔහු ඉතා දැඩි පුද්ගලයෙක් බව මා අසා තිබුනද ඔහුව ප්රථම වතාවට දුටුවේ අදය. මා අසා තිබූදේ නිවරැදිය. ඔහුගේ එම නපුරු ගතිය ඔහුගේ මුහුනින්ම පෙනෙන්නට විය.

    "ගුඩ් මොර්නිං සර්.."
    " ගුඩ් මොර්නිං.. ගුඩ් මොර්නිං .. "
    "සර් මේ තමා දිනුක. අර මම කිව්වෙ"
    "සිනෙත් දිනුක .. මිස්ටර් සරත් කිව්ව වගේම කොල්ල හැන්ඩිය. මොකෝ ඇඹරෙන්නෙ ලැජ්ජහිතුනද.. දැන් දිනුක දන්නවද මම එන්න කිව්වෙ ඇයි කියලා"
    "නැහැ සර් .."
    "ඔයා තාම අපිට ජොයින් වෙලා මාස පහක්වත් නැහැ. ඒ උනට ටීම් ලීඩර් කෙනෙක්. ඒ වාගේම මාසෙට හොඳ පඩියකුත් ගන්නවා. වෙල්ඩන් පුතා.. වෙල් ඩන්.. ඔය වගේ තව දෙන්නෙක් හිටියනම් අපි සේරම ගොඩ. නැද්ද මිස්ටර් සරත්.."
    " තැන්ක්ස් සර් .."
    "හරි හරි දැන් යන්න. මීටින් එක පටන් ගමු. පස්සෙ නිවාඩුව කතාකරමු. ආ මිස්ටර් සරත් ඔයා ටිකක් නවතින්නකො"
    "ඕකේ සර්.. සී යූ"
    " සී යූ පුතා.. සරත්, ඔයා කිව්ව වගේම කොල්ල ටැලන්ට් පාටයි. මට දැකපු ගමන් කියන්න පුළුවන්. මිනිහ තමා අපිට ඕන කරන චරිතය. මිස්ටර් සරත් කිව්ව වගේ තාමත් මිනිහට ගෙදරින් අවුල්ද මේ ජොබ් එක කරනවට."
    "ඒ වගේ සර්.. දිනුක මට කිව්වා. එයාලගෙ අම්ම කැමති නැහැලු. තාත්තගෙන්නම් ගැටළුවක් නෑලු. මොනව උනත් මිනිහ ආසාවෙන් වැඩ ටික කරගෙන යනවා."
    "ගෙදරින් අකමැතිනම් අපිට බලකරන්න බැහැනෙ. මොනව උනත් මිනිහගෙ අම්මනෙ. ඒ උනාට සරත් මේ වගේ සමාගමකට දිනුක වගේ මිනිස්සු ඕන. ඒක මම සරත්ට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒක නිසා දිනුකව තියාගන්න බලන්න. දෙන්න පුළුවන් උපරිම ෆැසිලිටීස් දෙන්න. "
    "ඔව් සර්.. බලමු මිනිහව ඉදිරියට ගෙනියන්න. හොඳ අනාගතයක් තියන ටැලන්ටඩ් කොල්ලෙක්."

    ************ ************ ************

    "ඇති යන්තම් උඹ ආවද"
    "මන් කලින් ආව බන්. ඒරියා මැනේජර් එන්න කිව්වා ආව ගමන්ම. ඒකයි මේ පැත්තට එන්න පරක්කු උනේ"
    "මොකෝ මොකක් හරි කොක්කක්වත්ද?"
    "මම හරි ටැලන්ටඩ් කියන්නෙ. බොරු බයිල බන්. අපි කස්ටමස්ල අල්ලනව වගේ එයාල අපිව අල්ලනවා. අපිත් ඉතින් දැදැනම අහුවෙනවනෙ බන්. ඒක නෙමේ කෝ නිවන්ති."
    "අපි දෙන්නටත් එක්ක තේ හදාගෙන එන්නම් කියල ගියෙ. ඒක නෙමේ දිනුක, අර ඇන්ටි කෝල් කලේ නැද්ද?"
    "ඇඬෙනවනෙ තනි ඇහැට ඉතින්, ඒක තමා කතාව. බර ලව් මට ඒක."
    "ආ මේ ඉන්නෙ ඇවිල්ලා. මොකද දෙන්න කැකිරි පලන්නෙ උදෙන්ම"
    "නැහැ නිවන්ති, අර පෙරේද ඉන්ෂුවරන්ස් එකක් දාන්න ඇවිල්ල දිනුකයට සෙට් උන ඇන්ටි ගැන කතා කලේ"
    "අපෝ මොනවද දිනුක. ඔය ඇන්ටිල පස්සෙ යන එක නවත්තනවකො"
    "මේ මේ කුමරියනි නුඹට වැරදුනා.. මම කාගෙවත් පස්සෙන් ගියෙ නැහැ, අනික නිවන්ති ඔයාට තේරෙන්නෙ නැහැ ඇන්ටි කෙනෙක්ගෙ තියන ඇඩ්වාන්ටෙජස්"
    "අනේ මේ මම නොදන්න ඇඩ්වාන්ටේජස්. ඔය ඇන්ටිල පස්සෙන් යන එක නවත්තල මම වගෙල් ලස්සන හුරතල් දඟකාර කෙල්ලෙක්ට ලව් කරනවකො."
    "අනේ මේ උඹේ ලස්සන දඟකාරකම් ගැන මොනව කියනවද. බලහන්කො බ්රයන් රූප සුන්දරී කියල හිතාගෙන ඉන්නෙ."


    මම නිවන්තිට ඇනුම්පද කියනා විට බ්රයන්ගේ ඇස් වේදනාවෙන් පිරී තිබුනි. මක්නිසාද යත් බ්රයන් යටි සිතින් නිවන්තිට ආදරය කලේය. නිවන්ති මේ කිසිවක් නොදැන සිටියද බ්රයන්ගේ ආදර කතාවම මම මුල සිටම දැනගෙන සිටියෙමි. එමෙන්ම ඔහුගේ ආදරය සාර්ථක කර ගැනීමට මම හැකි සෑම විටම හැකි අයුරින් උදව් කලෙමි. කෙසේ වෙතත් නිවන්තිගේ ඇති සුරතල් දඟකාරකම් නිසාත් බ්රයන්ගේ කුකුල් කෝපය නිසාත් මොවුන් දෙදෙනාව එකතු කිරීම මා හට ලොකු අභියෝගයක් විය.

    "බ්රයන් මොකො උඹේ ආදර අන්දරයෙ තත්වය. දියුණුවක් තියන්වද"
    "උඹට පිංසිද්ද වෙන්න ටිකක් හොඳයි. උඹ අර ගිය සතියෙ පොජෙට් එක මට බාර දුන්න නිසා මට නිවන්තිට තවත් ලන් වෙන්න පුලුවන් උනා. දැන් අපි දෙන්න වෙනදට වඩා ළඟින් ඉන්නවා කියල මට දැනෙනවා බන්"
    " උඹ ගොඩ. බොසා මට බනිනවා ඒ පොජෙට් එක මම කලේ නැහැ කියලා."
    "නෑ .. ඉතින් උඹ මොනාද කිව්වෙ"
    " මම ලස්සනට බොසාව ගොඩ දැම්මා. උඹ දන්නවනෙ ඉතින් මම ගැන"
    "මේ ඒක නෙමේ, අසිස් එනව කිව්වා අද හවස අපිව මුනගැහෙන්න."
    "ම්ම් .. මොකක් හරි ගේමක් බාර දෙන්න වෙන්න ඇති. ගිහිල්ලම බලමුකො"

    අසීස් මීගමුව නගරය තුල කවුරුත් ගරුකල චරිතයකි. බලය හා ධනය අතින් ඉහලම තැන සිටිනා චරිතයක් මෙන්ම මත්ද්රව්ය ජාවාරමේ ඉහලම තැන සිටි චරිතයකි. නමුත් ඔහු දුප්පතාගේ හිතවතා වූයේ ඔහු සෑම විටම අසරණයාට පිහිට වූ නිසාය. ඔහු දුප්පතෙකුට අසරණයෙකුට උදව් කරනුයේ දෙවරක් නොසිතාය. අසිස්ට අප දෙදනා හමූවී ටික කාලයක් උවත් ඔහු අප තුල තිබූ විස්වාසය නිසා අපදෙදෙනාට ඔහුගේම සහෝදරයන් ලෙස සැලකුවේය. අසිස් අප සමග සිටිනා බව අප දන්නා නිසා අපද නගරය තුල කාලය ගත කලේ කිසිදු බයකින් තොරවය. සමහර අවස්තාවලදී අප දෙදෙනාට කඩවල්ලවලින් නොමිලේ කෑම බීම පවා දී ඇත. ඒ අප දෙදෙනා අසීස්ගේ ළඟින්ම ඉන්නා බව ඔවුන් දන්නා නිසාය.

    "දිනුක, බලහන්කො දවසක අසිස් නිසා අපි දෙන්නටත් හිර ගෙයි බත්වේලක රස බලන්න වෙන්නෙ නැද්ද කියලා."
    "ඇයි උඹ එහෙම කියන්නෙ"
    "නෑ ඉතින් මිනිහ කොච්චර හොඳ උනත් මේ සමාජෙට උඹ දන්නවනෙ මිනිහ ඇත්තටම කව්ද මොනවගේ කෙනෙක්ද කියන එක. කෝකටත් අපි පරිස්සමෙන් ඉමු. නැතිනම් ඉතින් සුදු කොඩි වැඩි ඈතක නෙමේ"
    "අනේ මේ උඹේ බ්යිල නවත්තල වරෙන් බන් යන්න"
    "බයිල නෙමේ දිනුක, ඇත්ත මම කිව්වෙ."
    "හරි බන් මටත් නොතේරෙනව නෙමේ බන්. උඹ කියන්නෙ අපි දැන් අසිස් එක්ක තියන සම්බන්දකම් නැවැත්තුවොත් එක පාරටම, අපි දෙන්නට මෙ වගෙ ඉන්න පුළුවන් වෙයි කියලද. උඹ බය නොවී ඉඳපන් බ්රයන්.. දන්නවනෙ මේ දිනුක ගැන. වෙලාව ආවම මම කියන්නම් ගැලවෙන්න කොහොමද මොනවද කරන්න ඕන කියල"
    "හම්.. බලමුකො"
    "ඒයි බ්රයන් බලපන්කො අර රතුපාට ස්කූටියෙන් බැස්ස එක. මාරයි බන්. කෝටිගනන් සැප බන්"
    "ඇත්ත මචෝ. මොකෝ කියන්නෙ ෆලෝ පාරක් දාමුද. ආපිකෝ එකට යන්නෙ"
    " එල යමු"
    "උඹටත් ඇන්ටිලව දුර ඉඳලම පේනව නේද? මතක තියා ගනින් පුතෝ කොට්ටෝරුවටත් කෙල උනේ කෙසෙල් ගහකට කොටල"

    අපි දෙදනාම ඇගේ පිටුපසින් සීරුවට ආපිකෝ එකට ඇතුළු විය. එතරම් හැඩති සිරුරක් මා දැක නොතිබූ තරම්ය. ඇය අවුරුදු විසි නමය තිස් දෙක අතර තැනැත්තියක් බව අප දෙදනාම තීරනය කලෙමු. නමුත් ඇතට තිබුනේ අවුරුදු විසීඑකක පමන යුවතියකේ දඟකාරකමකි. ඇයව කතාවට අල්ලා ගැනීමට මට කදිම උපායක් සිහියට ආවේය. බ්රයන් එයට අවශ්ය වටපිටාව සකසා දුන්නේය.

    "ඒක්ස්කියුස් මී මැඩම් .. හව් කැන් අයි හෙල්ප් යූ"
    "ම්ම් .. ඔයා ආව හොඳ වෙලාවට. බර්ත්ඩේ විෂස් කාර්ඩ් තියෙන්නෙ කොහෙද."

    ආපිකෝ එක ඇතුලෙහි අනන්තව කාලය ගත කර ඇති නිසා එහි අයිතිකාරයටත් වඩා අප දෙදෙනා එහි සැලැස්ම දන සිටියෙමු. නමුත් ඒ ඇවිද්ද පය කවදා හෝ මෙතරම්ම වටීවියැයි අපදෙදෙනාම තප්පරයක්වත් නොසිතුවෙමු. ඇයට උවමනා දේ මා සොයා දී ඇයගේ දුරකථන අන්කයද මම ඉල්ලා ගත්තෙමි. ඇය නමින් ටානියාය.

    " ඇඬෙනවා බ්රයන් තනි ඇහැට.."
    "මොනව කියන්වද, සුපිරිම එකක් බන්. හැබැයි පරිස්සමෙන් පුතෝ හරි."
    "හරි හරි උඹ දන්නවනෙ දිනුක ගැන, බය වෙන්න එපා බන්. අනික උඹ වගේ යාළුවෙක් මට ඉන්නකොට ඇයි මම බය වෙන්නෙ"
    "හරි හරි දැන් වරෙන් යන්න, අසීස් ඇවිල්ලත් ඇති"
    "දැන් කොහෙටද අපිට එන්න කිව්වෙ"
    "ඔඩීලියා එකේ උඩ ඉන්නවා කිව්වෙ"


    :love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love:
     
    Last edited:

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    තවත් ලස්සන කතාවක් වගේ. එලකිරි මචන්. දිගටම කරන් යන්. දන්න අන්දුරන චරිත වගේ දෑනෙන්නෙ. best of luck max_xx :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකෙ නවකතා ලියන හැම එකාම ලියන එක මග නවත්තනව බං...:frown:
    අන්තිමට උන්ට වැඩිය අපිට ප්‍රශ්න...:P
    අනේ උඹවත් දිගටම ලියා ගෙන පළයං...;)
    ++4
     
    • Like
    Reactions: max_xx

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    පට්ට, මචන් මෙ වගෙ එකක් කියවලා තියෙනවා වගෙ මතකයක් තියෙනවා, දිනුක ටානියා වගෙ නම් තියෙන කතාවක්.
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මේකෙ නවකතා ලියන හැම එකාම ලියන එක මග නවත්තනව බං...:frown:
    අන්තිමට උන්ට වැඩිය අපිට ප්‍රශ්න...:P
    අනේ උඹවත් දිගටම ලියා ගෙන පළයං...;)
    ++4

    aniwa machoooo.. liyami .. liyami ..
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 2 කොටස

    ටානියා ගැන නොයෙකුත් දේ සිහින මවමින් අපි දෙදෙනාම අප දෙදෙනාට යාමට තිබූ ස්ථානයට විනාඩි කීපයකට කලින් ලඟාවූයෙමු. ඒ වනවිටද අසීස් පැමින සිටි නමුත් ඔහුගෙන් දිස් වූයේ වෙනදාට වඩා කලබලකාරී ගතියකි.

    "ආ මල්ලිලා වෙලාවටම වැඩ නේද.. උඹල දෙන්නට මම ගොඩක් කැමති ඔන්න ඔය නිසානෙ. වෙලාවටම වැඩ. ඉතින් කොහොමද ජිවිතේ ? "
    "අපි හොඳින් අයියා.. මොකෝ මේ අපිට හදිසියේම එන්න කිව්වෙ... "
    "ඕකේ.. මෙගා සීන් ඕනෙ නැහැ . අපි කෙලින්ම කතාවට බහිමු මට මේක හදිසියේම පැවරුන වැඩක්. මට ඉතින් උඹල දෙන්න විතරනෙ ඉන්නෙ"
    " හරි හරි අයියා.. අටුවා ටිකා නැතිව කියන්නකො මොනවද වෙන්න ඕන කියලා. අපි ඉතින් කවදාවත් අයියය බැහැ කියල නැහැනෙ. නැද්ද දිනුක? "
    "හරි හරි.. මේකයි සිද්දිය, හෙට ජර්මන් කාරයො දෙන්නෙක් එනවා තාජ් හෝටලය ගාවට. උඹලට තියෙන්නෙ මම දෙන මෙන්න මේ පාර්සල් එක ඒ දෙන්නට ගිහින් දෙන්න."
    "පාර්සල් එකක් !!! මොනාද තියෙන්නෙ ?? "
    "ම්ම්ම් .. ජෙම්ස් වගයක් තියෙන්නෙ. කෝටි ගානක බිස්නස් එකක්. මට ඉතින් උඹල දෙන්න විතරයි මේ වැඩේ කරගන්න විස්වාස කරන්න පුළුවන්"
    " හරි අයියෙ. අපි කරන්නම්.. දෙන්නකො ඩීටේල්ස් ටික."
    " ඔය තියෙන්නෙ මල්ලි වෙඩි වගේ වැඩ"


    හෙට දිනයේ උදේ එකොළහ වන විට අපට මෙමෙ පාර්සලය බාර දීමට තිබුනි. අසීස් පැවසුව පරිදි අපගේ ගැනුම් කරුවව අඳුනා ගැනීමට තරමක් අපහසු මට්ටමක තිබුනි. කෙසේ වෙතත් මෙමෙ පාර්සලයේ අඩන්ගු වනුයේ නිල් දියමන්ති බවත් ඒ සියළුම දේ සොරා ගත් බඩු බවත් අපට් ඔහුගේ කතාවෙන් පැහැදිලි විය.

    "මේ වැඩේ ගොඩක් වැදගත් මල්ලි. ඔයාල කොහොම හරි මේ වැඩේ කරන්න ඕන. මෙන්න මම දෙන්නටම එකවුන්ට්ස් දෙකක් ඕපන් කරල ලක්ස පහ ගානෙ දැන්ම. මට ඉතින් උඹල දෙන්න විතරනෙ බන් ඉන්නෙ. අහ් අනික මට ත වැඩක් කරන්න ඕන"
    " ඒ මොකද්ද? "
    " මෙන්න මේ ලිස්ට් එකේ තියෙන්නෙ පහුගිය දවස් හතරෙ මහජන සම්පත, ෂනිදා වාසනා වල වගේ ලන්කාවෙ ටිකට් වල පළමු දිනුම් දිනපු අයෙගෙ විස්තර"
    " අහ් අසීස් මාගෙ අයිඩියා එකට බැහැල වගේ"
    " මොකක්ද දිනුක, මම දන්නෙ නැති ඒ අයිඩියා එක"
    "මම කියන්නම්කො බ්‍රයන්, ඇත්තටම මේක දිනුකගෙ අදහසක් තමා. ඔයාල මේ පාර්සල් එක දුන්නට පස්සෙ අපිට හම්බෙන සල්ලි ෂේප් කරගන්න"
    "ඒ කිව්වෙ?? මට තේරුනේ නැහැ? "
    " මේකයි.. ඔයාල මේ ලිස්ට් එකේ ඉන්න කටිටියව කන්ටැක් කරල ඒ දිනුම් ටිකට් සේරම ගේන්න ඕන. "
    " ඒ ගෙනල්ල මොකද අපි කරන්නෙ ??"
    " මේකයි බ්‍රයන්, ඔය මිනිස්සුන්ට ලක්ස දහයක් ඇදුන කියල, ඒත් ඒ මිනිස්සුන්ට ඒ දහයම හම්බෙන්නෙ නැහැනෙ. ටැක්ස් වලට කැපෙනවනෙ. අපි ඒ ටිකට් වල ෆුල් විනින් ප්‍රයිස් එක දීල එයාලගෙන් ඒ ටිකට් ටික ගන්නවා. ඊට පස්සෙ අපි ඒ ටිකට් මාරු කරල සල්ලි ගන්නවා. එතකොට අපිට පුළුවන් අපේ බ්ලැක් මනී ටික වයිට් මනී කරගන්න"
    " හරියට හරි දිනුක.. බ්‍රයන්ට දැන් තේරුනාද.."


    අසීස් අපිට කරුණු කාරනා පහදා දීමෙන් පසුව ඔහු එතනින් පිඅට්ව ගියේ ඔහු ගෙනා බැන්ක් කාර්ඩ් දෙකද අප දෙදනා අත තබමින්ය. අප දෙදනා ඔහු නොපෙනා යනකම්ම නිහඩව සිටියේ අප දෙදෙනාටම කිසිවෙක් කතා කර ගැනීමට නොහැකි වූ නිසාය. තවද අපි දෙදනාම කල්පනා කලේ මෙම දියමන්ති පාර්සලය ගෙනයන්නේ කෙසේද යන්නය. දැඩි නිහඬතාවයකින් පසුව බ්‍රයන් ඔහුගේ හඬ අවදි කලේය.

    "අඩෝ .. ලක්ස පහක්.. මට අදහ ගන්නත් බැහැ බන්"
    "හම්ම්ම්... ලක්ස පහ නෙමේ බන්. මේ පාර්සල් එක කොහොමද අපි හෙට කොළඹට පාස් කරන්නෙ"
    "ඕක මොකද්ද බන්.. දාමුකො අපේ ෆුඩ් සිටි තියරිය"
    "අහ් ඔය තියෙන්නෙ බන් අයිඩියා .. මට අමතක උනානෙ. ඒක නෙමේ උඹෙ රට යන වැඩෙත් හරි නේද දැන්. සල්ලි හම්බුනානෙ. මෙන්න මගෙ සල්ලි ටිකක් තියා ගනින්. දහයක් තියනවනෙ එතකොට"
    "පිස්සුද බන්.. උඹ තියා ගනින්. අනික මට උඹව දාල යන්න දුකයි බන්. කෙල්ලෙක් හින්දා උඹ වගේ යාළුවෙක්ව කොහොමද බන් මම තනි කරන්නෙ"
    "පිස්සු කෙලින්න එපා යකෝ.. කෙල්ලව සෙට් කරන් කොහොම හරි ඒකි ඒක්කම යමන්. උඹ දන්නවනෙ අපි මේ කරන් වැඩවලින් අපේ ජීවිතෙත් කවදා නැතිවෙයිද දන්නෙ නැහැ."
    " ඉතින් උඹත් වරෙන්කො යන්න?"
    " බැහැ බන්.. මම ආස නැහැ. මම මේ වැඩ ටික ඇදගෙන යන්නම්. උඹ යමන්. අනික උඹ නැතිවෙන්නෙ නැහැනෙ. ඒක නෙමේ දැන් උඹ කොහොමද හෙට මේ වැඩේට එන්නෙ. උඹ හෙට නීවන්ති එක්ක ෂොපින් යන්න පොරොන්දු උනා නේද?"
    " අහ් ඔව් බන්.. අඩේ මට අමතක උනානෙ"
    "හරි ඒකට කමක් නැහැ. උඹ උඹේ ලව් එක කරගෙන යමන්. මම වැඩේ කරන්නම්. උඹල දෙන්න හෙට ඔෆිස් එකේ වැඩ ටික ගොඩ දාපන් හරි. මම ඩීල් එක ගොඩ දාන්නම්."
    "පිස්සුද බන් උඹ තනියමනෙ. අනික මෙච්චර කාලෙකට අපි දෙන්න එකතුවෙලානෙ බන් වැඩ කලේ"
    "හරි හරි බන්. මම මේ ඩීල් එක බලා ගන්නම්. උඹ දන්නවනෙ මේ දිනුකගෙ හැටි. මම හෙට බොසාට කියන්නම් මිස්ටර් සුමනසිරිව මීට් වෙන්න වත්තලට යනව කියල. උඹ බොසාව ගොඩ දාපන් හරි"
    "ඒ ගැන උඹ බය වෙන්න එපා. උඹ පරිස්සමට ගිහින් වරෙන්"


    බ්‍රයන්ගේ ෆුඩ් සිටි තියරියට අනුව අපි දෙදෙනා ෆුඩ් සිටියෙන් බඩු මල්ලක් ගත්තෙමු. එම බඩු අතර් අපි ටී බෑග් පෙට්ටියක්ද ගත්තෙමු. ඉන්පසු අප දෙදෙනාම දියමන්ති එකින් ටී බැග් ඇතුලට දමා නැවත සැකසුවෙමි. ආගන්තුකයෙකුට දැන් එය පෙනුනුයේ ෆුඩ්සිටියෙන් ගත් බඩු මල්ලක් ලෙසය. එහි දියමන්ති සැඟවා ඇති බව කිසිසේතම අඳුනාගත නොහැකිය.
    අපි දෙදෙනාම කතාකරගත් ආකාරටයය පසුදින උදයෙන්ම බස්නැඒතුම්පොලට පැමිනියෙමු. බ්‍රන්ගේ කෙටි දේසනාවකට සමුදුන් මම කොළඹ ඉන්ටර්සිටියකට ගොඩවුනෙමි. ජනේලය ආසන්නයේම ආසනයක අසුන් ගත් මම සුවපසු නින්දකට සැරසෙනවාත් සමගම ම්ගේ දුරකථනය නාදවූයේ නන්නාදුනන අංකයකිනි.


    "හලෝ .. ගුඩ්මෝර්නින්.."
    "ගුඩ්මෝර්නින් මයි හැන්ඩ්සම්.. ටානියා හියර්"
    "ඔහ් මයි ගෝඩ්.. රියලි"
    " ඇයි මම කතාකරයි කියල හිතුවෙ නැද්ද?"


    ටානියාගෙන් ලැබුන ඒ ඇමතුමත් සමගම මාගේ නිදිමත ගතිය නැතිවී ගොස් ඇඟට දැනුනේ කියා විස්තර නොකල හැකි සුවයකි.ඇයගේ හඬේ තිබූ මත්ගතිය නිසාදේ මට කොළඹට එනතුරුම නොදැනනු අතරම මාගේ දුරකථනයේද බැටරිය අඩුවී තිබූ නිසා සුන්දර වූ බොරුවක් කියමින් මම ටානියාගේ කතාවට මදකට කොමාවක් නැබුවෙමි. ඉන් පසු මම මට පැවරූ රාජකාරිය ඉටුකෙරුවෙමි. අප ප්ලෑන් කරගත් ආකරයටම සියළුම වැඩ කටයුතු කරගැනීමට හැකි වූ අතර තරමක් හෝ අපහසු වූයේ ටිකට්පත් ජ්යග්‍රහනය කෙරූ පුද්ගලයන් සම්මබ්න්ද කර ගැනීමටය. කෙසේ වෙතත් මාගේ හැකියාවෙන් ඔවුන්ව අපගේ අදහට අනුව කැමති කරගත් අතර මම නැවත මීගමුවට පැමිනෙන විට හවස හතර පමන වී තිබුනි.

    " මොකද වැඩේ ?? අවුලක් උනේ නැහැනෙ?"
    "පිස්සුද කොල්ලා. දන්නවනෙ මාරයටත් සෙකන්ඩ් වෙන්නැති කෙනෙක් ගේමට අත දැම්මෙ කියලා"
    " අනේ මේ යමන් බන් යන්න. උඹේ ටෝක්ස්...ඒක නෙමේ මොකෝ මේ මූනෙ තියන අමුතු එළිය?"
    " ටානියා කෝල් කලා බන්"
    "අහ් ඉතින් එලිය වැටෙන් නැතිව තියේවිද. උඹේ විතරක් නෙමේ බන් මගෙ මුලු ඇඟම එලිය වෙනවා ඒම මතක් වෙනකොට. ඉතින් මොනද කීවෙ"
    "ඊයෙ වෙලාවටම අදත් මීට් වෙමු කිව්වෙ, ආර්පිකෝ එක ගාවදි"
    "එල එල.. මොනා උනත් පරිස්සමෙන් හරි. අද මහන්සියත් නැති කරගන්න පුළුවන්. ආරක්ෂක උපකරන අරන් යමන් හරි. මොන හරි ඕන උනොත් කෝල් එකක් දියන් මට."
    "අනිවා මචන්"


    ටානියා සමග ගතකල සුන්දර වූ හවස් වරුවෙන් පසුව මම ගෙදර ගියේ වෙනදාටත් වඩා මදක් ප්‍රමාද වීය. ඒ වන විටද අම්මාගේ බැනුම් මීටරය ක්‍රියාත්මක වී තිබූ අතර් එය නොඇසුනා මෙන් කාමරයට ගියේ ඇඟසෝදා ගෙනය. මා කාමරයට ඇතුළු වෙනවාත් සමගම අම්මාද මගේ කාමරයට ඇතුළුවූයේ උණුසුම් තේ කෝප්පයක්ද ඇතැතිවය.

    "මොකද පුතේ අදත් රෑ උනේ"
    " කස්ටමස්ල දෙන්නෙක් මීට් වෙන්න ටිකක් ඈත ගියා අම්මෙ"
    " අනේ මන්දා පුතේ, මමනම් කැමති නැහැ ඔයා ඔය කරන රස්සාවට, මම දන්නෙ නැතිද ඔය ඉන්ෂුවර්න්ස් මිනිස්සුන්ට කියන කතා"
    "හරි හරි අම්මෙ මම ඉතින් මේ ආසාවෙන් කරන දේනෙ"
    "ආසාවෙන් කරන එක ඇත්ත. ඒත් තව ටිකක් ඉගෙන ගත්තොත් නරකද? ඉස්සරහට ගැනුලමයෙක් හොයල බැඳගත්ත දවසට අයෙ ඉගෙනගන්න වෙලාවක් එන්නෙ නැහැනෙ. මටත් උනේ ඔය ටිකමනෙ"
    "හරි හරි අම්මෙ ඔය කියන ගැනුලමය බැන්දහම බලමුකො ඒක"
    "පණ්ඩිතකමනම් තියනව ඉහ්ටත් උඩින්. ඒක නෙමේ මට ආරන්චියක් ආව තමුසෙ ටවුමෙ චන්ඩිය කියලා, රස්තියාදුකාරයො එක්ක ඉන්නව කියලා"
    " මේ කාලෙ ඕව කරන් නැතිව නාකි උනාම කරඳ අම්මෙ. අනික දැන් ඔය අම්මම කිව්ව ගෑනුළමය බැන්දට පස්සෙ කෝ ඕවට වෙලා"
    "ඕව කරල ගුටිකාල එනවකො ගෙදර"
    "අම්මගෙ මේ පුතා එහෙම කරන් නෑ අම්මෙ. හරි අහින්සක කොල්ලෙක්නෙ මම"
    " අනේ උඹේ අහින්සකකම, මොනව හරි වෙන්න කලින් අම්ම කෙනෙක් විදිහට අවවාද කෙලේ, කොහෙද තමුසෙ එනවනෙ මට උගන්වන්න"
    "ඔයා ඉතින් මගෙ හොඳ අම්මනේ ....."
    " ඒක නෙමේ මට අද සිතාර පුතාව හම්බුනා ට්‍රේන් එකේදි"
    "සිතාර .. මිනිහව දැක්කෙවත් නැහැ මේ ජොබ් එකට ගිය දවසෙ ඉඳන්. මිනිහ දැන් මොනවද කරන්නෙ?"
    "සිතාරව දකිනව තියා මේ ගෙදර මිනිස්සුත් ඔයාව දකින්නෙ කලාතුරකිනෙ"
    "ආ ආ ආ .. එතකොට මම ටවුමෙ චන්ඩිකම් කරනව කියල අම්මට කිව්වෙ සිතාරයද?"
    "සිතාර් කිව්ව මගුලක් නැහැ. ඒ ලමය මොකද්ද කොම්පුටර් කෝස් එකක් කරල මීගමුවෙ, දැන් කොළඹ හොඳ රස්සාවක් කරනවා."
    "ඔව් ඔව් මිනිහ ඔය අයි ඩී එම් එකේ මොකද්ද කලා තමයි"
    "ඔයත් එතන්ට ගිහින් බලන්නකො. මොකක් හරි ඩිග්‍රී එකක් කරන්න. ඩිග්‍රියක් නැතිව දැන් කසාදයක්වත් කරගන්න බැහැ. මෝඩ පහේ කෙල්ලෙකුට තමා තමුසෙට අන්තිමට කරගහන්න වෙන්නෙ"


    අම්මාගේ දීර්ග ධර්ම දේශනාව අවසන් වූ පසු මට මහත් සහනයක් දැනුනි. නමුත් අම්මා කියූ දේ ඇත්තය. මමද ඔය ගැන සිතූවාර අනන්තය, අප්‍රමානය. මා හට තවත් ඉගනීමට අසාවක් නොවූවත් අම්මා කියූ දේ පිළිබඳව සිතා බැලිය යුතුයැයි සිතමින් මා ඇඳවෙත ගියේ ටානියාගෙන් ලැබුන දුරකතන ඇමතුමත් සමගය.


    :love::love::love: :love::love::love:
     
    • Like
    Reactions: Kudnadun

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    තවත් ලස්සන කතාවක් වගේ. එලකිරි මචන්. දිගටම කරන් යන්.
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 03 කොටස

    දිනෙන් දින ගෙවී ගොස් අළුත් සති ආරභඋවද මට එය එතරම්ම නොදැනුනේ මේ කාල වකවානුව තුල මාහට වැඩරාජකාරී අධික වූ නිසාය. අපගේ රක්ෂන සමාගමට අළුතින් බඳවාගත් කන්ඩායමගේ පුහුණුව බ්‍රයන් හා නිවන්ති විසින් කල නිසා ඔවුන්ගේද වැඩ කටයුතු නිම කිරීමටද පැවරී තිබුනේ මටය. එමෙන්ම විනාඩි පහෙන් පහට නාදවෙන මගේ දුරකතනය මාගේ එදිනෙදා වැඩකටයුතුවලට එකතු කලේ පුදුමාකාර හැඟීමකි.

    "දිනුක, ඔයා බිසීද?"
    "ටිකක් විතර බිසීනම් තමා සර්, ඒත් කියන්නකො මොනාද වෙන්න ඕන මගෙන්"
    "අනේ අර අළුතෙන් ආව ළමයි ටිකට මොනව හරි ගිහින් කතා කරල එනවකො, උන්ගෙ ටිකක් හිත ෂක්තිමත් වෙන්න"
    "හරි හරි සර්, උන් කොහොමත් අපි එක්ක ඉන්නවනෙ, මන් මේ වැඩ ටික ඉවර කරලම යන්නම්කො"


    අපගේ ලොක්කාට මා එසේ කීවත් දවස් දෙක තුනක්ක්ම ගෙවී අවසන් වන තෙක්ම මට ඔවුන් හමුවට යාමට නොහැකිවිය. ගෙවී ගිය දවස් දෙක තුලදීම කෙසේ හෝ වේලාවක් වෙන්කර ගත්තද ඒ හැම වෙලාවකම මාගේ දුරකථනය නාද වූයේය. විටෙක ඒ ටානියාය. ටානියාව මට ඇණයක් වී තිබුනත්, කොතරම් වැඩරාජකාරී තිබුනද ඇයව ක්‍රමානුකූලව කලමනාකරනය කිරීමට හැකිවීම මා ලද ලොකු ජයග්‍රහනයක් විය. මක්නිසාදයත් එසේ නොවුනානම් කාර්යබහුල වූ මේ කාලයේ මාගේ හවස් වරුවද බොඳ වී යනවා නොඅනුමානය.

    " ගුඩ් මෝර්නිං දිනුක, අනේ මේ අදවත් එන්නකො අර ළමයින්ට කතා කරන්න. තමුසෙ ටීම් ලීඩර් නේද? "
    " ඒක තමා නිවන්ති, අද මම එන්නම්. බොසාගෙනුත් හරි බර බරේ."
    "ඒක නෙමේ දිනුක, ලස්සන ගෑනුලමයෙක් ඉන්නවා. ඉටි රූපයක් වගේ අනේ. ඔයාටනම් නියමෙට ගැලපෙනවා. ඇවිල්ල බානවකො"
    "අනේ මේ නිවන්ති, මගෙන් මොකුත් අහගන්න එපා. මේ ටිකේම මට උඹල දෙන්නගෙ වැඩත් ඇදල එපා වෙලා තියෙන්නෙ. ඒක නෙමේ කව්ද බන් අර උඹ ලයිෆ් එකක් දාල තියන සමරතුන්ග කියන එකා. අම්මෝ මට පුදුම ඇණයක් දුන්නෙ බන්. "
    "ගුඩ් මෝර්නිං දෙන්නටම, එහෙම තමා බන් යාළුවො වෙනුවෙන් ඔය කටු කෑවට පව් නැහැ බන්"
    "ඒක තමා. ඔය සමරතුන්ගව අමතකවෙයි ඔයා අර ලමයව දැක්කහම, නැද්ද බ්‍රයන්"
    "අහ්.. මට අමතක උනානෙ උඹට ඒ ගැන කියන්න. අඩෝ ඇඬෙනව තනි ඇහැට. උඹටම කියල ඉපැද්දුව වගේ බන්."
    "අනේ මේ බ්‍රයන්. ඒ පාර උඹත් පටන් ගත්තද?"
    "යකෝ උඹේ ඔය ටානියට වඩා කෝටිගානක් වටින අහින්සක හුරතල් කෙල්ලෙක්. වරෙන්කො යන්න අද ට්‍රේනින් එක පැත්තෙ"
    "ආ ඒකත් එහෙමද, එහෙනම් මම ඇවිල්ලම බලාගන්නම්කො."
    "ඒක නෙමේ දිනුක, අපේ ලොක්කා දවස් දෙක තුනක්ම ඇවිල්ල ඔයා ගැන මාර වර්ණනාවක් දීල තියෙන්නෙ. ලොක්කගෙ ටෝක්ස් නිසාම අළුතින් ඉන්න සෙට් එක මේ දිනුක කියන චරිතය කව්ද කියල බලන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ"
    " ඔව් දිනුක, නිවන්ති හරි. අපේ ලොක්කගෙ ටොක්ස් නිසා අළුත් සෙට් එක කොර වෙලා ඉන්නෙ. අපි දෙන්නගෙන් හැමදාම උන් අහනවා කෝ දිනුක කියන කෙනා කියලා"
    "අපි බලමුකො බ්‍රයන් අර කෙල්ලව දැකලවත් මෙයාට ඇඩ්වන්ටේජස් තියන ඇන්ටිලව අමතක කරන්න පුළුවන් වෙයිද කියලා. "
    "ඔයා හරියටම කිව්වා නිවන්ති, හැබැයි දිනුක මේ අහපන්, ඒ කෙල්ලට බැරි උනොත් උඹේ හිත ගස්සන්න උඹට හරි යන්නෙම ටානියාම තමයි. ඒකි තමා බන් උඹ වෙනුවෙන් ඇවිල්ල තියෙන්නෙ"
    " අනේ මේ දෙන්නම ඕක නවත්ව ගන්නවද? උඹල දෙන්නගෙ ඔය කුමාරිකාව, මන් වෙනුවෙන්ම ආව කියන ඔය කෙල්ලව බලන්න මම එන්නම් තව ටිකකින්. පොඩි වැඩක් තියනවා ඉවර කරල"


    ඔවුන්ගේ පුහුණුවට යාමට අදත් මට වේලාවක් නොතිබුනද බ්‍රයන් හා නිවන්ති වර්ණනාකල ඒ චරිතය මට බලා ගැනීමට මම සිතුවෙමි. මන්ද ඔවුන් දෙදෙනාම ලේසියෙන් කාවවත්ම එතරම්ම වර්නනා නොකරන නිසාය. නමුත් අපගේ ලොක්කා මම ගැන මොනවා පවසා ඇත්දැයි මම නිහඬව මදක් කල්පනා කලේ අපේ ලොක්කාගේද බොරු වර්ණනාව ඉතා ඉහලින්ම තිබූ නිසාය. ඔහුගේ වර්ණාවලින් කළු ගල් පවා උණුවී වැටෙනවා නොඅනුමානය. ඒ තරමටම වෙනකෙකුගේ සිත ඇදීඑන ලෙස කතා කිරීමේ හැකියාව ඔහුට තිබුනි.

    මාගේ වැඩ කටයුතු ඉක්මනින්ම නිම කර අළුතින් බඳවාගත් පිරිස සිටිනා තැනට යාමට මා සූදානම් වූයේ මා එතනට යායුතු නිසාද නැතිනම් මගේ සගයන් දෙදෙනා පැවසූ ඒ අපූරු රුව දැක ගැනීමට යටි සිතේ තිබූ හීන් ආසාවද කියා මම සිතුවෙමි.කෙසේ වෙතත් උදේ තේ පානයට ආ පිරිස සූදානම් වූ නිසාත් එය අළුත් පිරිස සමග සුහදව කතාකිරීම්ට හොඳම වෙලාවක් යැයි මා සිතූ නිසා මම ඔවුන් සිටිනා ස්තානයට ගියෙමි. මම ඔවුනට ආගන්තුකයේ වූ නිසාදෝ මා ඇතුළු වෙනවාත් සමගම සියළු දෙනාම එකවර නිහඬ වූයේය.

    මාගේ සගයන් පැවසූ ඒ රුව මට එක් වරටම මාගේ නෙතු හමුවූයේ නොසීතූ වෙලාවකය. ඔවුන් පැවසූ දේ ඇත්තය. මොහොතකට මම මියැදුනෙමි. ඇය සැබවින්ම අපූරු නිමවුමකි. ගැහැණු ළමයෙක් ඉදිරියේ මා මෙතරම්ම අසරණ වූයේ පළමු වතාවටය. ඇගේ දිලිසෙන රුව දඟකාර ඇස් මාව එම ස්ථානයේ නොරැඳීමට තර්ම්ම අසරණ කලේය. නමුත් මට ආපසු හැරිය නොහැකි නිසා මම ඉදිරියට යාමට උත්සහ කලද එයද මම සිතූ තරම් පහසු නොවූයේ ඇයිදැයි මම නොදැන සිටියෙමි. සෑම විනාඩියකම මට අළුත් හැඟීම් ඇතිකරන දුරකථනයද අද නිහඬ වූ නිසා ඇගේ දඟකාර ඇස් වලින් මට මිදීමට අපහසු වූ අතරම මාගේ සිදුවූ වෙනස බ්‍රයන්ට වැටහූ නිසාදෝ තප්පර කීපයකට ඇතිවූ තිබූ නිහඬතාවට ඔහු බිඳ දැම්මේය.

    " ඔන්න අර අපේ සර් ඔයාලට දවස් දෙක තුනක්ම වර්නනා කල දිනුක අයිය තමා ඔය ඉන්නෙ. හරි අමාරුවෙන් තමා ඔයලට වචනයක් කතාකරල යන්න කියල මෙයාව ගෙන්න ගත්තෙ. මොකද අපි දෙන්න ඔයාල එක්ක මේ ට්‍රේනින් එකේ නිසා අපේ වැඩත් බලන්නෙ මෙයා තමා."
    "ඔව් ඔව් ඒක ඇත්ත බ්‍රයන්. ඒ වගේම ඔයාලට නොතේරුන දේවල් තියනවනම් දිනුක අයියගෙන් අහගන්න පුළුවන්"
    "අපි පැහැදිලි කරල දුන්න ඒවල තවත් ගැටළු තියනවනම්, ඒ වගේම කැල්කියුලේෂන් වල ගැටළු තියනවනම් ඔන්න අද ඔයාලට දිනුක අයිය ඉන්නවා අහගන්න. අහ් තවත් දෙයක්, මෙයා තමා ටීම් ලිඩර්. අපි හැමෝම රිපොර්ට් කරන්න ඔන මෙයාට තමා. ඉමාෂා ඔය තේ එකක් දිනුක අයියතත් හදල ගෙනල්ල දෙන්න"


    ඇය නමින් ඉමාෂා විය. බ්‍රයන් ඇයට නමින් ඇමතුවේ මට ඇසෙන්නටය. මෙතනට ඒමට මම මෙතරම් දවසක් ගතකල එක පිලිබඳව මම මටම සිතින් දොස් නැගුවෙමි. බ්‍රයන් පැවසූ ලෙසම ඇය තේ කෝප්පය පීරිසිය මතතබා මා දෙසට තාලයකට පියමන් තැබුවේය. ඇය පියවර තබන තාලයටම ඇගේ ඉඟ නැලවෙන්නට විය. එයට නොදෙනිව තාලයකට නැලවුනු ඇගේ දඟකාර ඇස්ද ඇයට එක්කලේ පුදුමාකාර සුන්දරත්වයකි. මතෙක් මා දුටු ලස්සනම දසුන එය විය. මා නිහඬව විඳි එකම දසුනද එය විය.

    " මොකද මගේ දිහා කන්න වගේ බලාගෙන එන්න. මගෙ මූනෙ පෙරහැරවල් නෑ අනේ. මෙන්න තේ එක"

    ඇය එසේ පවසනවාත් සමගම මා මැවූ සිහින බොඳ වී ගොස් මම නැවතත් පියවි ලෝකයට පැමිනියෙමි. මගේ ආත්මාභිමානය ඇය ඉදිරියේ බොඳවී ගියේ මටත් හොරාවමය. පලමු විනාඩි කීපයේදීම මා චොර වූ වායැයි මට සිතුනි. නමුත් ඒ දඟකාර රුව මගේ සිතතුල තැම්පත්වූයේ මටද හොරාවමය. නිවන්තිගේ ආරාධනාවෙන් අළුතින් පැමිනි පිරිසට විනාඩි දහයක් පමන අමතා බොරු කාර්යයබහුල බවක් පෙන්වමින් මම එම ස්තානයෙන් පිටව ගියේ තවත් මට එම ස්තානයේ රැඳී සිටීමට අපසහු වූ නිසාය.

    "ආ මල්ලී .. මොකද අර කෙල්ලව දැක්ක ගමන් හිටි පිළිමයක් උනේ. හොඳ වෙලාවට මම හිටියෙ එතන. නැතිනම් ඉතින් පටි රෝල් සේරගෙම"
    "අඩෝ පට්ට බන්.කොහෙද ඉන්නෙ එයා? කොහොම හරි එයාව අපි එකක එකතුකර ගමු. මම බොසාට කියන්නම්"
    "ආ මේ මේ, බලන්නකො බ්‍රයන් මෙයාට වෙලා තියන දේ. මෙච්චර දවස් ඇඩ්වාන්ටේජස් හොය හොය නේද හිටියෙ. මොකෝ කියන්නෙ දිනුක, අපි දෙන්න කිව්ව ඒව හරි නේද. ඒ කෙල්ල ඉපදිලා තියෙන්නෙ ඔන්න ඔයා වෙනුවෙන්ම තමා. අපි දෙන්නගෙන් උපරිම සප් එක."
    "හරි හරි නිවන්ති. ඕනෑම මිනිහෙක් වෙලාව ආවම වෙනස් වෙනවා"
    "අම්මට සිරි මුගෙ ටෝක්ස්.. පළමු බැල්මම බොක්කෙ වගේ. ඒක නෙමේ මොනද අර තේ එක දෙන ගමන් කිව්වෙ?"
    "එයාගෙ මූනෙ පෙර හැරවල් නැහැ කිව්වෙ"
    "කෙල්ල ටිකක් කටකාරයි, දඟකාරයි. ඔයාට හරියන්නෙ එයාවම තමා. මන් ඔයාට එයාගෙ විස්තර අහල කියන්නම්කො. මමයි බ්‍රයනුයි ඔයා එක්ක. නැද්ද බ්‍රයන්"
    "අනිවා කෙල්ලෙ. දිනුක මොකෝ කියන්නෙ චෙස් ගේම් එක අදින්න් පටන් ගමුද"
    "අනිවාර්යයෙන්ම, දීපන් මට වයිට් මේ සැරේ. ඕපනින් එක දෙන්න්නම් තනි ඇහැට ඇඬෙන්නම"


    මගේ සගයන් ඉදිරියේ මම ලොකුවට කතා කලද මගේ හිත කිසියම් වූ දෙයක් පැහැදිලිකරගැනීමට උත්සකරන බවක් මට දැනුනි. සමහරවිට ගැහැණු ළමයෙකු පිළිබඳව මා හට මෙවැනි හැඟීම් පහලවී නොතීබීම නිසා විය යුතුය. නමුත් පලමු දැක්මෙන්ම මට සිදුවූ දේ පිළිබඳව මට අදහාගත නොහැකිවූයේ නන්නාදුනන රුවකට නන්නාදුනන හිතකට මගේ හිත මෙතරම්ම වෙර දරන්නේ ඇයිදැයි යන්නය. ඇයනම් මායාකාරියක් යැයි මම මටම කියාගත්තෙමි.

    ඉමාෂා ගැන මවනා වූ සිහිනයන් නිසාත් හිසටත් උඩින්න් තිබූ රක්ෂන හිමියන්ගේ නොයෙකුත් ගැටළු නිසාත් අළුතින් ආරම්භ වූ සතියේ දවස් දෙකක්ම ගෙවී ගියේ මටත් හොරාවටමය. අළුතින් පැමිනිසිටි පිරිස සමග බ්‍රයන් හා න්වන්තිද කාර්යබහුල වූ නිසා ඔවුන්ගේද දුක සැප සොයාබැළුවේ දුරකථනයෙන්ය. ඉමාෂව හමුවූ මේ දවස් කීපය තුල කිසියම් වූ වෙනසක්ද මා තුල ඇති වී තිබුනි. මම වෙනදාට වඩා ඉක්මනින් ගෙදරට ගියෙමි. ඒ නිසාදෝ අම්මාගෙන් බැනුමක්වත් ඇසුවේ නැතිතරම්ය. එයද හිතට මදිපාඩුවක් විය. තවද වෙනදාට වඩා මම කොන්ඩය ඇඳුම ගැන සැලකිලිමත් වූයෙමි. ටානියාගෙන් පැමිනි දුරකථන ඇමතුම් වලටද පිළිතුරු නොදුන් තරම්ය.මා තුල මේ ඇති වී තිබූ මේ වෙනස මට තදින්ම දැනුනද ඒ වෙනසට මම පුදුමාකාරව ඇලුම් කෙරුවෙමි.




    හිතුවක්කාර ආදරය - ඊළඟ මොහොතට ...
     
    • Like
    Reactions: ♥-Aurora-♥