හිතුවක්කාර පුතා වෙත

ncbrando

Member
Jan 31, 2014
838
115
0
හිතුවක්කාර පුතා වෙත

හිතුවක්කාර පුතා වෙත-

නුඹට ගහන්නට හොඳම වේවැලක්
බිරිඳ ඉල්ලලා හුඟක් දවස්
ඒ වුණාට නුඹෙ හුරතල් මූණට
දෙන්නට බැහැ කිසිදිනක දුකක්

දඩබ්බරේ නුඹෙ නුපුරුදු නොවුණට
අත ඉස්සූ විට අඬන පුතේ
නුඹට වේවැලක් ගේන්නේ කොහොමද
නාඬන් අම්මට තුරුලු වෙයන්

යන්න මාවතක් හදන්න වෙහෙසෙමි
හුරතල් කිරිකැටි නුඹට පුතේ
ගල් වඩුවා මම නුඹේ ජීවිතේ
නුඹ වනු මැන අපගේ පිළිමේ

-මාලන් විදානපතිරණ
 
Last edited: