~ හිතේ අතිවන විෂබීජ - 1 කොටස ~

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ~ හිතේ අතිවන විෂබීජ - 1 කොටස ~



    ~ හිතේ අතිවන විෂබීජ - 1 කොටස ~


    celos-patologicos-normales-diferencia--300x380.jpg


    සැකය කියන එක අප කාගෙත් සිත්තුළ පහල වන විෂබිජයක්. සැකය නම් එච්චර හොඳ දෙයක් ‍නෙවෙයි. සැකය නිසා සිදුවන හානි විශාලයි. ඔබ කවුරුන් ගැනද සැකකරන්නේ. ඔබගේ පවු‍ලේ අය ගැන? බිරිය සැමියා ගැන? දූ දරුවන් ගැන? පවු‍ලේ ඥාතීන් පිළිබඳ නොඑසේනම් අසල්වාසීන් මිතුරන් පිළිබඳ සැක ඇතිවෙන්න ඉඩ තිබෙනවා.

    මෙහි තවත් පැත්තක් තිබෙනවා. ඔබ ඔවුන් ගැන සැක කරනවා වගේම ඒ අයත් ඔබ ගැන සැක කරන්න පුළුවන්. ඔබට සෙසු අය ගැන සැක කරන්නට අයිතියක් තිබෙනවා වගේම ඒ අයට ඔබ ගැන සැක කරන්නත් අයිතියක් තිබෙනවා කිව්වොත් නිවැරදියි.

    am-couple.jpg


    ඇයි මෙහෙම සැක කරන්නේ? සැකය නිසා කිසිදෙයක් නිසි පිළිවෙළට කරන්න හම්බවෙන්නේ නැහැ. සැකය මත කරන වැඩ අසාර්ථකයි. සැකය අපගේ කටයුතුවලට බාධාවක්. ඒ නිසා හැකිතරම් දුරට අප එකිනෙකා විශ්වාස කරන්නට පෙළඹිය යුතුයි. විශ්වාස කළහොත් අප කරන සෑම දෙයක්ම බොහෝ විට සාර්ථක වේවි.

    සැමියා බිරිය සැක කරයි නම්, බිරියට සැමියා පිළිබඳ සැක නම් ඒ පවුල් ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. කොතරම් මිල මුදල් තිබුණත්, සැප සම්පත් තිබුණත්, පහසුකම් ඇතිවුවත් දෙදෙනාට දෙදෙනා සැක සිතේ නම් එතැන යහපත් පවුල් ජීවිතයක් ගොඩනැගෙන්නේ නැහැ. පවුල් අවුල් වෙන්නේ, අඹු සැමියන් අතර බේද ඇතිවන්නේ, දික්කසාද නඩු වැටෙන්නේ මේ සැකය නිසයි.

    එසේම දූදරු දෙමාපියන් අතර නොහොඳ නෝක්කාඩුකම් ඇති වෙන්නේ දරුවන් හිතුවක්කාරයන් වන්නේ සැකය නමැති විෂබිජය නිසයි. තම දරුවන් පිළිබඳ දෙමාපියන් සැක කරනවානම් කිසිවිටෙක ඔවුන් යහමග යවන්න බැහැ. ඔවුනුත් දෙමාපියන් පිළිබඳ සැක කරන්න පුළුවන්. එකිනෙකා කෙරෙහි අනේ‍යාන්‍ය විශ්වාසයක් නැතිනම් එතැන යහපත් පවුල් ඒකකයක් ඇතිවෙන්නේ නැහැ.

    ඒ විධියටම තමයි සෙසු ඥාතීන් අතරත්, නැන්දම්මලා ‍ලේලිලා අතර සැක ඇතිවීම නිසා තමයි නිතරම රණ්ඩු සරුවල් වෙන්නේ. දෙපාර්ශ්වය එකිනෙකාව රුස්සන්නේ නැත්තේ ඇයිද කියලා මුලදීම සෙව්වොත් එයට ප්‍රධාන හේතුව වන්නේ එකිනෙකා තුළ ඇති අවිශ්වාසයයි. නැන්දම්මාට ‍ලේලිය විශ්වාස නැතිනම් ‍ලේලියට නැන්දම්මා විශ්වාස නැතිනම් එතැන ඇතිවෙන්නේ ගැටුමක්. ඉන්පසු ඒ සැකය පවු‍ලේ අනිත් සාමාජිකයන් කරාද ගමන් කරන්න පුළුවන්.

    jealousy.jpg


    එසේම අසල්වාසීන්, මිතුරන් අතරද සැකයක් තිබෙන්න බැහැ. එහෙම සැකයක් ඇතිවුවහොත් ඒ අයව හොඳින් ඇසුරු කරන්න අපහසුයි. ඔබේ අසල්වාසීන්ට ඔබ විශ්වාස තිබෙන තාක්කල් හැලහැප්පිලි ඇතිවෙන්නේ නැහැ. එහෙත් යම් විදියකින් ඔබව ඔබගේ කිට්ටුම අසල්වැසියා සැක කරනවා නම් ඔබට කවදාවත් ඔහු සමග හිත හොඳින් ඇසුරු කරන්නට බැරි වේවි.

    පවුල් දෙකක් නම් පවුල් දෙක අතර නිතරම ගැටුම් ඇති වෙනවා ඇති. හොඳ මිත්‍රයන් වන්නට නම් ඒ අය අතරේ අබමල් රේණුවක තරම්වත් සැකයක් ඇතිවෙන්න බැහැ. ඇතැම් වේලාවට මිතුරන් අතර තිබෙන මිතුදම නෑදෑයන්ට වැඩියෙන් ශක්තිමත් කියලා කියනවා. සමහරුන් කියනවා තමන්ගේ නෑදෑයන්ට වඩා මිත්‍රයන් විශ්වාසවන්තයි කියලා. එහෙම කියන්නේ ඒ අය අතර කිසිදු සැකයක් නැති වුණාමයි. කල්‍යාණ මිත්‍රයන් ලෙස දිගු කාලයක් ඇසුරු කරන්නට නම් එකිනෙකා සැක ඇති නොකරගත යුතුයි. එවිටයි මිතුදම ශක්තිමත් වෙන්නේ.

    මේ අනුව පෙනීයන්නේ සමාජයේ ජීවත්වන විවිධ පාර්ශ්ව එකිනෙකා අතර සැක ඇති නොකර ගන්නා තරමට හොඳින් ජීවත්වන්නට පුළුවන් වන බවයි. ඔබ තවකෙකු දෙස හෝ සැකයෙන් බැලුවහොත් ඒ තැනැත්තාද ඔබ දෙස සැකයෙන් බැලීම වළක්වන්න බැහැ.

    රටේ විශාල අපරාධ ඇතිවන්නේ සැකයේ බිජ රෝපණය වීම නිසයි. මුලින්ම කෙනෙකුගේ සිතේ ඇතිවන සැකයේ සේයාව ක්‍රමයෙන් මෝරා ගොස් මුළු චිත්ත සන්තානයම ආවරණය කරගන්න පුළුවන්. එය හරියට ගසක පිළිලයක් තැන්පත් වෙලා ක්‍රමයෙන් මුළු ගසම ආක්‍රමණය කරනවා වගෙයි. ඒ නිසා හැකි තරම් දුරට සැකයෙන් තොරව ජීවත්වන්නට උත්සාහ ගන්න.

    Happy-Couple.jpg


    ඔබේ ජීවිතය සාර්ථක වන්නේ සැකය දුරලා විශ්වාසය ගොඩනගා ගතහොත් තමා. “විශ්වාසා පරමාඥාතී” කියලා කියන්නේ ඒ නිසයි.


    ...තවත් තොරතුරු 2 වන කොටසින් බලපොරොත්තු වන්න...

    300px-Robin_Hood_logo.svg.png
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එලකිරි ත්‍රෙඩ් එකක් නොවෙද බොල මේක
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    සැකය සහ අවිශ්වාසය තියෙන තැන මොනම බැදීමක්වත් සාර්ථක වෙන්නේ නැ බන්:no::no:.

    You must spread some Reputation around before giving it to Robin*Hood again.