හිත අසේසේ තව හිතක්
මචංල ඔයාලගෙ හිත ඔයාටම කතා කරනවද?
මගේ නම් දැන් ගොඩක් කාලෙක් ඉදන් එහෙමයි.
හිත ඇතුලෙ දෙන්නෙක් ඉන්නව වගේ.
මම නිදිය ගත්තත්. එක්කෙනෙක් කියනව,
"නැගිටපන් යකෝ දැන් නිදා ගත්ත ඇති
" එතකොට අනිත් පැත්තෙන් කියනව
"තව ටිකක් නිදා ගමු
" කියල. නමුත් මගේ බොහෝවිට ප්රබල අර සැරට කතා කරන හිත. බොහෝ වෙලාවට මම මටම බැනගන්නව
. හැම තිස්සෙම වගේ සද්දෙ නැති උනාට මගේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා වගේ දැනෙනවා. 
එක්කෙනෙක් තමයි මම

අනිත් එක්කෙනා හරියට යාළුවෙක් වගේ. නමක් නෑ.
මම මොනව කරත් ගොඩක් වෙලාවට යාළු මනස මට ටිකක් තදින් උපදෙස් දෙනව. ගොඩක් වෙලාවට පරුෂ වචනෙන් තමයි.
පොඩි උදාහරණයක් ගත්තොත්.
මම රෑට ඉන්ටර්නෙට් එකේ ඉන්නකොට. අර යාලු හිත කියනව
"දැන් ඇති යකෝ අදට නෙට් ගියා. දැන් නිදාගනින් හෙට වැඩට යන්න ඕන නේද කියල
" ඒකට සමහර වෙලාවට මම අනුමත් වෙනව. නොවෙන වෙලාවලුත් තියෙනව. 
තව දෙයක් තමයි මම මොකක් හරි හොඳ වැඩක් කරොත්.
"පට්ට මචං පට්ට උබ එළ වැඩක් කරේ.
" වගේ කියනව. මොකක් හරි අවුල් වැඩක් කරොත්.
"මොකක්ද මී හරකෝ තෝ අර කර වැඩේ. ගිහින් සමාව ගනින්.
" ඔය වගේ කියනව. 
අනිත් දේ තමයි මම මාත් එක්කම කතා කරන එක එන්න එන්නම වැඩියි වගේ. සා මාන්යෙයන් හොඳට බැලුවොත් තේරෙනව මගේ දිහා. මම ගොඩක් වෙලාවට තනියම හිනා වෙනව.

මූනෙන් එක එක එක්ස්ප්රෙෂන්ස් ඔටෝ එනව.
දකින කෙනෙක්ට හිතෙන්නේ "මූට පිස්සු කියල" ඇත්තටම පිස්සුද දන්නෙත් නෑ. 

මම මටම හිතින් කතා කරගන්න එක මට කාලෙක ඉඳන් තියෙන දෙයක්.
ඒක කවද පටන් ගත්තද කියල මට මතක නෑ.
හැබැයි මට ඒක තියෙනව කියල දන්නව.
මම දන්නෑ ඒක මොකක් හරි මානසික රෝගයක්ද කියල.
අනික මේව ඔය යාලුවොන්ට එහෙම කියන්න යන්නෑ දන්නවනේ උන් එතකොට ගහන කාඩ්. 

මේ අවුල එළකිරියේ කොල්ලොන්ටත් තියෙනවද? ලැජ්ජ වෙන්න එපා තියෙනව නම් කියන. මොකද අපිට පාළණය කරන්න පුලුවන්දේ සීමිතයි නේ.

මචංල ඔයාලගෙ හිත ඔයාටම කතා කරනවද?
මගේ නම් දැන් ගොඩක් කාලෙක් ඉදන් එහෙමයි.
හිත ඇතුලෙ දෙන්නෙක් ඉන්නව වගේ.
මම නිදිය ගත්තත්. එක්කෙනෙක් කියනව,"නැගිටපන් යකෝ දැන් නිදා ගත්ත ඇති
" එතකොට අනිත් පැත්තෙන් කියනව"තව ටිකක් නිදා ගමු
" කියල. නමුත් මගේ බොහෝවිට ප්රබල අර සැරට කතා කරන හිත. බොහෝ වෙලාවට මම මටම බැනගන්නව
. හැම තිස්සෙම වගේ සද්දෙ නැති උනාට මගේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා වගේ දැනෙනවා. 
එක්කෙනෙක් තමයි මම

අනිත් එක්කෙනා හරියට යාළුවෙක් වගේ. නමක් නෑ.

මම මොනව කරත් ගොඩක් වෙලාවට යාළු මනස මට ටිකක් තදින් උපදෙස් දෙනව. ගොඩක් වෙලාවට පරුෂ වචනෙන් තමයි.
පොඩි උදාහරණයක් ගත්තොත්. මම රෑට ඉන්ටර්නෙට් එකේ ඉන්නකොට. අර යාලු හිත කියනව
"දැන් ඇති යකෝ අදට නෙට් ගියා. දැන් නිදාගනින් හෙට වැඩට යන්න ඕන නේද කියල
" ඒකට සමහර වෙලාවට මම අනුමත් වෙනව. නොවෙන වෙලාවලුත් තියෙනව. 
තව දෙයක් තමයි මම මොකක් හරි හොඳ වැඩක් කරොත්.
"පට්ට මචං පට්ට උබ එළ වැඩක් කරේ.
" වගේ කියනව. මොකක් හරි අවුල් වැඩක් කරොත්. "මොකක්ද මී හරකෝ තෝ අර කර වැඩේ. ගිහින් සමාව ගනින්.