හිත ටිකක් රිදුනා මචන්....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හිත ටිකක් රිදුනා මචන්....

    images


    arguing_sm.jpg


    අද අපේ ස්ටාෆ් එකේ සීනියර් කෙනෙක් එක්ක රණ්ඩු වෙන්න උනා මචන්...
    උදේම එහෙම දෙයක් උන නිසා හිතට හරි නෑ වගේ.
    අනික මෙහෙම දෙයක් වුන ප්‍රථම වතාව. මම පත්වීම් ගත්ත දවසේ ඉදලා අද වෙනකන් (දැන් අවුරුදු 3ක් විතර) ස්ටාෆ් එකේ කෙනෙක් එක්ක වලියක් දාගෙන නෑ.
    මම හරිම ෆ්රෙන්ඩ්ලි විදියට හැමෝම එක්ක හිටියේ.
    ඒත් අපේ ස්ටාෆ් එකේ එකෙක් දෙන්නෙක් එක්ක එහෙම ඉදලා හරියන්නේ නෑ වගේ.
    උන් අපි එහෙම ඉන්නකොට ඔළුවට අත හෝදන්න එනවා..

    මම අද පොරට තදින් කතා කරපු එකට පොරට රිදිලා.
    පොර මේ සිද්දිය අපේ GMටත් කීවා.
    GMගෙන් නම් අවුලක් නෑ. එයා මිනිස්සු ගැන හොදට දන්නවා.

    මම මේ උබටටත් කියන්නේ මචන් ඔෆිස් ස්ටාෆ් එකක වැඩ කරනකොට හැමදේටම හිනා වෙලා, අහිංසක මූණ දාලා, අනුන්ගේ වැරදිත් තමුන් පිට පටවගෙන ඉදල හරි යන්නෙ නෑ.
    හොද ආත්ම විස්වාසයකින්, මනා පෞර්ෂයකින් යුක්තව කටයුතු කරන්න ඕනේ.
    වැරදි දේ වැරදි විදියටත් හරි දේ හරි විදියටත් දකින්න පුරුදු වෙන්න.
    ස්ටාෆ් එකේ කෙනෙක් වරදක් කරනවනම් පෙන්නල දීලා වරද නිවරදි කරනව මිසක් උන්ව පාවාදීලා කවදාවත් ලොක්කන්ට මුට්ටි අල්ලන්න එපා.







     
    Last edited:
    ඔහොම තමයි මචන්.. ඕනම ඔෆිස් එකක ඉන්නවා අපතයො දෙතුන් දෙනෙක්. එක්කො සල්ලි අරන් පොලු තියන උනුයි, එක්කො කේලම් හොය හොය යන උනුයි, මෙලෝ වැඩක් දන්නෙත් නෑ කරන්නෙත් නැතුව ලොකු ලයින් එකේ මහ එවුන්ට මුට්ටිය අල්ලලා පොඩි එවුන්ට සද්දෙ දාන උනුයි.. අල්ලලා දාපන් මචන්. උබේ නම අවුල් කරගන්න එප ඔතන. උන් වැරදී නම් ඒක ඔප්පු වෙන්න දීපන්.

    අත හෝදන්න බැරි වෙන්න අපිට කෙලින් ඉන්න ඉදලා හිටලා එකෙක්ට දෙන්නෙක්ට රිදෙන්න දෙන්නත් ඕනා හැබැයි.:frown::yes:

     
    Last edited:
    • Like
    Reactions: Ashman and Roxxx

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔහොම තමයි මචන්.. ඕනම ඔෆිස් එකක ඉන්නවා අපතයො දෙතුන් දෙනෙක්. එක්කො සල්ලි අරන් පොලු තියන උනුයි, එක්කො කේලම් හොය හොය යන උනුයි, මෙලෝ වැඩක් දන්නෙත් නෑ කරන්නෙත් නැතුව ලොකු ලයින් එකේ මහ එවුන්ට මුට්ටිය අල්ලලා පොඩි එවුන්ට සද්දෙ දාන උනුයි.. අල්ලලා දාපන් මචන්. උබේ නම අවුල් කරගන්න එප ඔතන. උන් වැරදී නම් ඒක ඔප්පු වෙන්න දීපන්.

    අත හෝදන්න බැරි වෙන්න අපිට කෙලින් ඉන්න ඉදලා හිටලා එකෙක්ට දෙන්නෙක්ට රිදෙන්න දෙන්නත් ඕනා හැබැයි.:frown::yes:


    :yes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එළ මචන්. ඔහොම අයට ඉන්නත් ඕන ඒ විදියට තමයි. මෙහෙම දේකුත් තියෙ බන්. ඔෆීස් කියන්නෙ අපෙ ජීවිතේ එක කොටසක් විතරයි. හිත් රිදෙන තැන් වලදි ෂේප් වෙන්න පුලුවන්නම් ගොඩාක් හොඳයි. මමත් මගේ පාඩුවෙ ඉන්න එකෙක්. වලියටනම් වලියෙන්ම තමයි. හැබැයි ඒක මට අවාසියි කියල මම දැන් දන්නව. හේතුව ඔෆීස් කියන්නෙ අපේ ජීවිතේ නෙමි බන්. ජීවිතේ කියන්නෙ පවුලෙ අය. එතනින් එහාටයි අනිත් හැමෝම. ඒ නිසා මේ වෙද්දි අඹරගන්න එන උන්ට අඹරවගන්න කියල මම අයින් වෙනව. හැමතිස්සෙම කොක්කටමනම් ඉතින් උඹ කලදේම තමයි මචන්.
     
    • Like
    Reactions: Ashman

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,102
    113
    ලංකාවේ උන් එක්ක හොදින් හිටියොත් ඇරලමයි පස්ස බලන්නේ.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ithin hodai ban duk wenna epa danwath adin passe u ube tarama terun gayne.oya office magul walata duk wenna epa ban.oka life eka newene,innama beri situation ekak awoth wena ekak hoyaganna.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔෆිස එකේ මමනම් රෙස්පක්ට් එක තියාගෙන වැඩ කරගෙන යනවා... හැබැයි වලි නම් වලි... මාත් එක්ක අසාධාරණ විදියට ඇරගන්න ආවොත් ලොක්කා එක්ක උනත් හැප්පෙනවා....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔහොම නැති ඔෆිස් නෑ බන්.. තමන්ගෙන් වෙන්න ඕන දේ කරලා ඉන්නවා ඇරෙන්න වෙන උන්ගේ කුණු අවුස්සන්න නම් යන්නේ නෑ.. ගන්න පඩියට ණය නොවී ඉන්න ඕනේ මචන්..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කොතනත් ඔහොම එපාකරපු උන් ඉන්නවා බං....ඕව වැඩිය ගණන් ගන්න එපා...
    11.gif