හිත නොබි‍ඳෙන්න සමුගන්නට

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    හිත නොබි‍ඳෙන්න සමුගන්නට

    සදාතනික ආදරේ ගැන කවි කතන්දර කොච්චර තිබ්බත් සදාතනික ආදරයක් හොයන එක කොයි තරම් කරන්න බැරි දෙයක්ද කියලා හිතාගන්න පුලුවන් ඒ හා සමානවම තියෙන විරහ ගීත තොගේ දැක්කහම. කොහොමත් ජීවිතේ කියන්නේ වෙලාවකට අමුම අමු විකාර දෙයක්නේ මචංලා. අපිට කොහෙන්වත් ගැලපෙන්නේ නැති ඩයල් එකකට ලොවෙත් නැති විදියට ආදරේ වෙලා ඒක කරදරයක් නැතුව ගොඩ යනවා. සමහර වෙලාවට මහ බඹා අපිටම කියලා මැව්වා කියල හිතෙන කෙල්ලෙක්ට ලෝබ හිතිලා ලව් එක පටන් ගත්තත්, ටික කාලයක් යද්දී ඒකට දන්නෙම නැතුව බබා හම්බුවෙනවා. හැබැයි මේ හැමදෙයක් එක්කම පිළිගන්න සිද්ධ වෙන එක දෙයක් තියෙනවා. විරහව හරිම කුරිරුයි බ්‍රෝ. ඒක ඊට වඩා අමාරුයි වෙන් වෙන්න වෙන්නේ හිත් නොහොඳින් නම්. ඉතින් මේ කියන්න යන්නේ වෙන් වෙන්න සිද්ධ වෙනවා නං, ඒක වළක්වන්න බැරි දෙයක් නං දෙන්නාගෙම හිත් අවම වශයෙන් රිද්දගෙන වෙන් වෙන්නේ කොහොමද කියන එක තමයි. හිත් නොරිදෙන්න වෙන් වෙන්න බෑ. ඒ හින්දා ඒ ගැන කතා කරලා වැඩකුත් නෑ.

    1. වෙන් වෙන්න කලින් පුරුද්දන්න බැරිද

    How-to-break-up-with-him-her-aniwa-01-768x403.jpg


    මෙන්න මේක තමයි හැමදේකටම කලින් හිතන්න ඕන දේ. දැං ඔය කෙල්ලයි කොල්ලයි පොඩි වලියක් ගියහම ඕන තරං කියනවනේ “මට ඔයාව එපා” කියලා. දැන් කොල්ලා එහෙම කිව්ව කියලා දුවගෙන ඇවිත් මේක කියවලා හෙට උදේ “හිත නොරිද්දා” සම්බන්ධේ කඩලා දාන එක විකාරයක්නේ නංගි. අන්න ඒ නිසා කෙල්ලො කොල්ලො හැමෝම හරියටම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. තමන්ගේ ආදර කතාව ඇත්තටම ඉවරද? එහෙම නැත්තං මේ බත ඉදෙනකල් විතරක් තියෙන පොඩි ආරවුලක්ද? ඊට වඩා සීරියස් අවුලක් වුනත් කැඩෙන්න නොදී පැච් එකක් දාලා තව අවුරුදු ගාණක් දුවන්න හැකියාව තියෙනවද?
    මේ උඩ කිව්ව ටික ඇනලයිස් කරලා පෙන්නලා දෙන්න ගියොත් ඒකට තව ආටිකල් හත අටක් ලියන්න වෙනවා. ඒ හින්දා කෙටියෙන් කියන්නං. ආදර සම්බන්ධයක් කියන්නේ මරාගෙන කන්න තරං තරහ අවත්, මූ නැත්තං මේකි නැතුව ඉන්නෙ කොහොමද කියලා හිතෙන එකට. ආදරේ ඉවර වෙලා, වෙන් වෙන්න කාලේ ඇවිල්ලා කියන්නේ රණ්ඩු දබර තියෙන එක නෙවෙයි, සම්බන්ධේ ඇතුලේ ‍රැ‍ඳෙන්න තරම් හේතුවක් නොපෙනීම. ඒ හින්දා මුලින්ම හිතලා බලන්න ඕන සම්බන්ධයක් ඇත්තටම නවත්තන්න ඕනද කියන එක. මොකද ඒක තමන්ගේ ගොන් කම නිසා ගත්තු තීරණයක් නං පස්සෙ කාලෙක මඩු වල්ගෙකින් තමන්ටම තලාගන්න හිතෙයි.

    2. සම්බන්ධය අවසාන කරන්නත් වගකීමක් තියේ

    How-to-break-up-with-him-her-aniwa-02.gif


    අනිවාර්යයෙන්ම ප්‍රේම සම්බන්ධය අවසාන කරන්න හිතන්නේ ඔබ නම් ඒක හරි විදියට කරන්න ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඒ කියන්නේ ෆෝන් ආන්සර් නොකර ඉන්න එක, මග අරින එක, ෆේස්බුක් එකේ බ්ලොක් කරන එක වගේ දේවල් වැටෙන්නේ චීප් වැඩ වලට. වගකීමෙන් පැනලා යන කැටගරියට. ඒ හින්දා කතා කරලා කෙලින්ම ප්‍රශ්නයට එන්න. ටෙලිෆෝන් කෝල් එකකට වඩා වැදගත් මුණගැහිලා කතා බහ කරලා වැඩේ ඉවරයක් කරන එක. හැබැයි ඔබේ පෙම්වතිය/පෙම්වතා මේක අහපු ගමන් කණ පැලෙන්න දෙකක් දෙන ටයිප් චිත්තවේගයන්ගෙන් පිරුණු කෙනෙක් නං කෝල් එකකින් ෂේප් කලාට කමක් නෑ. හැබැයි ආයෙමත් කියන්නේ, හොරෙක් වගේ අතුරුදන් නොවී වගකීමෙන් සම්බන්ධේ ඉවර කරන්න ඕන.

    3. ඇත්ත කතන්දරේ, කියන්න ඕන ඇත්ත විදියට කියන්න

    How-to-break-up-with-him-her-aniwa-03-768x403.jpg


    මෙන්න මේක තමයි අමාරුම වැඩේ. අනිවාර්යයෙන්ම ප්‍රේම සම්බන්ධයක් ඉවර කරන්න අවසාන කතාබහට සෙට් වෙනවා කියන්නේ “ඇයි” කියන ප්‍රශ්නෙට මූණ දෙන්න වෙනවා. මෙතනදී අනිවාර්යයෙන්ම බබා හුකුං නැතුව හේතුවක් දිය යුතුමයි. එහෙම නැත්තං ඒක ඔබේ හිටපු ආදරවන්තයාට/ආදරවන්තියට කරන දරුණු අසාධාරණයක්. හැබැයි මේ හේතුව පොල්ලෙන් ගැහුවා වගේ දෙනවද එහෙම නැත්තං විප් ක්‍රීම් ටිකක් තවරලා ඒ උඩ චෙරි ගෙඩියක් තියලා දෙනවද කියන එක තීරණය කරන්න ඕන ඔබ. හැබැයි එක දෙයක්. බොරු හේතු දෙන එක අවුල්. ෂේප් වෙන හේතු දෙන එකත් අවුල්. “අපි දෙන්නා ගැලපෙන්නේ නෑ රත්තරං” කියන එකෙන් ආයෙමත් වෙන්නේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙන එක. ඊට වඩා හොඳයි “අපි දෙන්නා හිතන පතන විදිය වෙනස්, ඔයා තරම් මම ෆෝවඩ් නෑ, ඒ හින්දා අපි දෙන්නා ගැලපෙන්නේ නෑ” කියලා කියන එක.
    සමහර විට අපිට ඇත්ත හේතු කියන්න බැරි වෙන්න පුලුවන්. මොකද ඒකෙන් අනික් කෙනාගේ හිත රිදෙනවා කියලා ෂුවර් එකටම දන්න නිසා. හැබැයි මතක තියාගන්න, ඕනම දෙයක් හිත නොරිදෙන්න කියන්න පුලුවන් විදියක් තියෙනවා. ඔබ සම්බන්ධතාවයට තිත තියන්නේ අනෙක් කෙනාගේ දුර්වලතාවයක් නිසා නං, අඩු තරමේ මෙතනින් පස්සේ ඒ කෙනා ඒ දුර්වලතාවය හදාගනී. ඒ හින්දා අවංකව සහ කාරුණිකව හේතු පැහැදිලි කරන එක අනිවා කරන්න ඕන දෙයක්.

    4. වැනෙන්න තියාගන්න එපා

    How-to-break-up-with-him-her-aniwa-04-768x403.jpg


    මේ පොයින්ට් එකට කලින් ආයෙමත් පළවෙනි පොයින්ට් එකට ගිහින් එන්න. ඔබට හොඳටම විශ්වාසයිද තවදුරටත් දෙන්නා අතරේ ආදරේ පවතින්නේ නැහැයි කියලා? හොඳටම විශ්වාසද ප්‍රේම සම්බන්ධේ තව දුරටත් අලුත්වැඩියා කරලා තව කාලයක් දුවන්න බැහැයි කියලා? එහෙමනම් තීරණේ ගන්න. හැබැයි තීරණේ ගත්තොත් ඒ තීරණේ හරියටම ඉන්න. ගොඩක් වෙලාවට වෙන්න පුලුවන් දෙයක් තමයි ඔබට සම්බන්ධතාවය අවසන් කරන්න ඕන වුනත් අනෙක් කෙනාට එහෙම වුවමනා නොවීම. ඒ කියන්නේ අනික් කෙනා උත්සාහ කරන්නේ ඔබේ හිත වෙනස් කරන්න, සම්බන්ධතාවය පවත්වා ගන්න. හැබැයි ඔබට මේ සම්බන්ධතාවය ගොඩදාන්න පුලුවන් කියලා පේන්නෙ නැතිනං, අනික් කෙනාගේ පෙළඹවීම හින්දා තීරණය වැනෙන්න බැහැ. මෙතනදි පු‍තෝ කෙලින් ඉන්න වෙනවා. තමන්ගේ හේතු කියන්න. අවශ්‍ය නං සාකච්ඡා කරන්න. හැබැයි අවසන් වෙන්න ඕන දේවල් අවසාන කරලා දාන්න.

    5. පාලම ගිණිතියලා එහා පැත්තට නොයන්න

    How-to-break-up-with-him-her-aniwa-05.gif


    සමහර විට ඔබේ ආදරවන්තයා/ආදරවන්තිය ලෝකේ ඉන්න වාතම ඩයල් එක වෙන්න පුලුවන් (ඒක හින්දා වෙන්න ඇතිනේ සම්බන්ධේ කැඩෙන්නෙත්) හැබැයි යන යකා කොරහත් බිඳගෙන පලච්චාවේ කියලා හැමදේම අමුවෙන් මූණට කියලා දාලා එන එක සිරා වැඩක් වෙන්නෙ නෑ. අමතක කරන්න එපා. මේ ලෝකේ බොහොම පොඩියි. හැමදෙනෙක්වම කවදාහරි ආයෙමත් මුණගැහෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් තරම් කාරුණික වෙන්න. ආදර සම්බන්ධේ පුරාවටම ඔබට නරකට සලකපු කෙනෙක්ට වුනත් මේ සම්බන්ධය අවසන් කරන තැනදී කාරුණික වෙන්න. සාමකාමීව දේවල් ඉවර කරන්න. පුලුවන් නම් ආයෙමත් දවසක පාරෙදි මුණගැහුනත් හිත හොඳින් හිනා වෙලා යන්න පුලුවන් විදියට වෙන් වෙන්න.

    6. වලියකින් අවසාන කර නොගන්න

    How-to-break-up-with-him-her-aniwa-06.gif


    මෙන්න මේක ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් ආදර සම්බන්ධයක් ඉවර කරන්න කියලා දෙන්නා හම්බුනත්, ටෙලිෆෝන් කෝල් එකක් දුන්නත් වැඩි දෙනෙක් අතින් සිද්ධ වෙන්නේ සම්බන්ධෙට බඩු බනිස් වෙන්න හේතු කියලා තම තමන් හිතන දේවල් ගැන කියලා අනික් එකාට චෝදනා කරන එක. එහෙම චෝදනා කිරිල්ලක් වලියක් වෙන්න යන්නේ මයික්‍රෝ තප්පරයයි. අන්න ඒ හින්දා ඔබේ සන්සුන්කම ‍රැකගෙන ඉන්න එක ඉතාම වැදගත්. ආදර සම්බන්ධයක් අවසන් කෙරෙනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි කියලා සැරින් සැරේට කිව්වනේ. ඒ හින්දම අනෙක් පාර්ශවය සෑහෙන චිත්තවේගයන් එක්ක හැසිරෙන්න පුලුවන්. අඬන්න වැළපෙන්න විතරක් නෙවෙයි, බණින්න කෑ ගහන්න උනත් පුලුවන්. තව වැඩේ සීරියස් වුනොත් ගහන්නත් පුලුවන්. හැබැයි මේ කොයි දේ වුනත් තමන්ගේ පාලනය තියාගන්න මතක තියාගන්න. ඒ වගේම තමන්ගෙ ලව් එක ගැන දන්නෙ තමන්නේ. ඒ හින්දා අනිවා පිඟන් කෝප්ප අහසේ පියාසර කරන සීන් එකකින් පිචර් එක ඉවර වෙනවා කියලා හෙට ඉර පායනවා වගේ ෂුවර් නං ඒකට ආරක්ෂක විධිවිධාන සලසා ගන්න. ඒ වගේ වෙලාවක මුණ නොගැහී දුරකථන ඇමතුමක් දෙන එකට සමාව දෙන්න පුලුවන්.

    7. තව දුරටත් යාලු කම් වානා!

    How-to-break-up-with-him-her-aniwa-07-768x403.jpg


    මෙන්න මේක බොහෝම දෙනෙක් කරන වැ‍රැද්දක්. “අපි යාලුවෝ වගේ ඉමු” කියලා ශේප් වෙන්න හදන එක. ආදර සම්බන්ධයක් කැඩුනට පස්සේ එන්නේ විඳවන කාල පරිච්ඡේදය. ඒ කාලෙදි යාලු සීන් තියාගන්න යන එක ඒ කෙනාට කරන වැ‍රැද්දක් සහ ඒ කෙනාට ඔබත් එක්ක තිබ්බ සම්බන්ධය අමතක කරලා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න බැරි වෙන පොටක්. ඒ හින්දා සම්බන්ධේ ඉවර කරනවනම් ඊට පස්සේ අඩු තරමේ දේවල් සන්සි‍ඳෙන කල් වත් සම්බන්ධකම් තියා නොගන්න එක අනිවාර්ය දෙයක්. හොඳට මතක තියාගන්න. ප්‍රේම සම්බන්ධයක් ඉවර කරනවා කියන්නේ අනිවා විඳවන්න වෙනවා. හැබැයි යාලුවෙක් විදියට ඉන්න එකෙන් අනික් කෙනාට උදවු කරන්න පුලුවන් කියලා හිතන එක මුලාවක්. කරන්න පුලුවන් හොඳම උදවුව තමයි පැත්තකට වෙලා ඉන්න එක. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ සදාකල් හොයන්නෙ බලන්නෙ නැතුව ඉන්න කියලා. ඔබත් එක්ක ප්‍රේම සම්බන්ධේ හිටපු කෙනා ඔබෙන් මානසිකව මිදුනට පස්සේ ඕන්නං යාලුවෝ වෙන එක අවුලක් නෑ. වාසි තියෙන යාලුපිට් එකක් හදාගත්තත් අපි මොකුත් කියන්නෙ නෑ. හැබැයි ඊට කලින් සම්බන්ධේ ඉවර කරලා යාලු උදවු කරන්න යන එක කරුණාවන්ත වැඩක් නෙවෙයි, කෘර වැඩක්.

    8. නරක අමතක කරන්න, හොඳ මතක තියාගන්න

    How-to-break-up-with-him-her-aniwa-08.gif


    ආදර කතාව අවසාන කිරීමේ අවසන් මුණගැහීමේදී කියන්න දහසකුත් නරක තියෙන්න පුලුවන්. හැබැයි උඩිනුත් කියලා තියෙන විදියට ඒ නරක අමතක කරලා දාන්න. අපි හැමෝම මැරෙන මිනිස්සුනේ. ඒ හින්දා ඒ කෙනා නිසා ඔබේ ජීවිතේට වෙලා තියෙන එක හොඳක් හෝ මතක් කරගන්න. ඒ ගැන සඳහන් කරන්න. ඒ ගැන ස්තුති කරන්න. ඒ ගැන තමන් කෘතඥ වෙන බව පැහැදිලිව සහ අවංකව කියන්න. සරලව කියනවා නං “අපි දෙන්නගෙ හනිමූන් එක ඉවර වුනත්, ඔයත් එක්ක ගත කරපු ඒ කාලේ මට කවදාවත් අමතක කරන්න බැහැ” කියන එකත්, “අපි දෙන්නා එකට හිටපු කාලය ගැන මම කොහෙත්ම පසුතැවෙන්නෙ නෑ” කියන එකත් හෘදයාංගමව කියන්න. මේ හැම වචනයක්ම ලස්සනට පටන් ගත්තු දෙයක් ලස්සනට ඉවර කරන්න උදවුවක් වෙයි.

    http://www.aniwa.lk/2016/11/02/1611023-how-to-breakup/

    :yes: :yes: :yes: