හිත රිද්දගන්නෙ නැතුව යාළුවො ආශ්‍රය කරන්න ඕනෙනම්,👇🏼👇🏼

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    හිත රිද්දගන්නෙ නැතුව යාළුවො ආශ්‍රය කරන්න ඕනෙනම්,
    👇🏼
    👇🏼

    ⭐️
    අද වගේම හෙටත් මෙයා මගෙ යාළුවා වෙයි කියල මිනිස්සු ගැන අධික විශ්වාසයෙන් ඉන්න එපා ,හේතුවක් ඇතුව ,හේතුවක් නැතුව හෝ හේතු හදාගෙන හරි මිනිස්සු වෙනස් වෙනවා
    ☀️
    එයා කාටවත් කියන එකක් නෑ කියල හිතල ඔයා ගැන කවදාවත් කවුරුවත් දැන ගන්න ඕනේ නැති රහස් කියන්න එපා ,දවසක ඒ රහස එළි වෙයි කියන බයට ඔයාට ඒ යාළුකමට ගැති වෙන්න වෙනවා
    ☀️
    දෙන්නම දන්න අඳුනන යාළුවොන්ගේ ගැන වැරදි අඩුපාඩු අනවශ්‍ය දේවල් කථා කරන්න එපා ,දවසක එයා හොඳ වෙලා ඔයා නරක මනුස්සය වෙනවා
    ☀️
    මූණට තියල අහන්න අකමැති නම් කේලම් කියන්න එපා ,වෙන අයගෙ කේලම් විශ්වාස කරන්නත් එපා ,මොකද පණ පිහිටුවල බොරු කියන්න දන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා
    ☀️
    එයා තරහයි ඒ නිසා මාත් තරහ වෙනවා කියල කා එක්කවත් හවුලේ තරහ වෙන්න එපා ,දවසක එයාල දෙන්න යාළුවෙලා ඔයා විතරක් තරහ වෙනවා .
    ☀️
    උපන්දිනයක් අමතක උනාට කෝල් එක ආන්සර් නොකලාට යාළුකම් පළුදු කරගන්න එපා ,මිනිස්සුන්ට තව වැඩ තියනවා
    ☀️
    එයා ඔයා අකමැති දේවල් කලාට ඒවට විරුද්ධ වෙන්න එපා ,එයාට වෙනම ජීවිතයක් තියනවා
    ☀️
    එයාගෙ ප්‍රේම සම්බන්ධ වල,අනියම් සම්බන්ධවල විවාහ ජීවිත වල ප්‍රශ්න වලට මැදට පැනගෙන දඟලන්න එපා ,ප්‍රශ්නෙ ඉවර වුනාම එයාල හොඳ වෙලා ඔයා නරක් වෙනවා .
    ☀️
    යාළුවො නිසා ,පෙම්වතා ,පෙම්වතිය ,අම්මා ,තාත්ත ,පවුලෙ අය එක්ක ප්‍රශ්න හදාගන්න එපා ,යාළුකම් වලට එහා ගිය තව බැඳීම් ලෝකෙ තියනවා .
    අවශ්‍ය වෙලාවට දෙසැරයක් නොහිතා පෙනහළු වකුගඩු පවා දෙන යාළුවො එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න සමාජය ඇතුලෙ වගේම ඇහි පිය ගහන පමාවෙන් බෙල්ල මිරිකන යාලුවො තොග වශයෙන් ඉන්නවා ..
    බැඳීමක් බිඳුණු දවසට අපිට වැඩිපුරම රිදෙන්නෙ එයාලගෙ හැසිරීම ගැන උනාට ,එයා ඉස්සරහදි ඔයාගෙ හැසිරීම හොඳ වෙලා තිබ්බ දවසට යන කෙනාට යන්න දීලා පාඩුවෙ හිත හදාගෙන ඔයාගෙ ගමන යන්න ලේසි වෙනවා .
    මොකද මොන තරම් හොඳ ,බොක්කෙ යාළුවෙක් උනත් ඔයා එක්ක ඉන්නෙ එක්තරා සීමාවක් දක්වා විතරයි ..එතනින් එහාට ඔයාට තනිවෙන්නම වෙනවා ,අන්න එදාට දුකක් නොදැනෙන පසුතැවිලි නොවෙන විදිහට යාළුකම් තියාගන්න ,එච්චරයි
    💜
    💜