හිත සුවපත්කරගනිමු

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    අපිට ඇත්තෙන්ම මේ ධර්මය වුවමනා කරන්නෙ මොකටද?
    හිතට සුවපත්භාවය ඇතිකරගන්නට. හිතේ තියෙන මේ දුක් පීඩා බැහැරකරගෙන, ඒවට යට නොවී ඉන්ට.

    ඒ දුක් පීඩා බැහැර නොවෙන්නෙ ඇයි?
    ඒ දුක් පීඩා බැහැරවෙන විදිහට ධර්මය හුරුකරන් නැති නිසා.

    අපිට යම් පීඩාවක් ආවොත් ගොඩාක් අයට ඒ වෙලාවෙදි සිහිවෙන්නෙ මොකක්ද?

    අසවල් කෙනා නිසයි මට මේ පීඩාව. අසවල් කෙනා මට මෙහෙම කළ නිසයි මේ පීඩාව, මේ ප්‍රශ්ණෙ නිසයි මේ පීඩාව, මේ පිරිස නිසයි මේ පීඩාව, මේ වැඩ නිසයි මේ පීඩාව. අසවල් කෙනා මට බැන්න, එයා මට දොස් කිව්ව, එයා මට සැරකලා, මට සැළකුවෙ නෑ, මට වෙනස්කම් කලා. මේ පිරිස මට කරදර කලා. එහෙම නේද එන්නෙ හිතට? එතකොට ඇත්තෙන් ම පීඩාව ආපු විදිහද අපිට තේරෙන්නෙ. ඒක තේරෙන්නෙ නෑ. අපට හිතට එන්නෙ මොකක්ද? වෙන කෙනෙක් තමයි මේක කලේ කියල. මේ විදිහට කල්පනා කලොත් අපේ හිත අමනාප වෙන්නෙ කා එක්කද? පුද්ගලයෙක් එක්ක, පිරිසක් එක්ක. එතකොට රාග, ද්වේශ, මෝහ අඩුවෙනවද? වැඩිවෙනවද? වැඩිවෙනව.

    එහෙනම් මතක තියාගන්න හිතේ යම් පීඩාවක්, අර්බුධයක් ඇතිවෙනව නම්, ඒ හැම වෙලාවෙ ම තේරුම්ගන්න ඒකට හේතුවෙන්නෙ, තම තමන්ගේ හිතේ තියන එක්කො රාගය, එක්කො ද්වේෂය, එහෙනම නැත්නම් මෝහය.

    එතකොට අපි අකමැති වෙන්නෙ මොකටද?
    රාග, ද්වේෂ, මෝහ වලට

    රාග, ද්වේශ, මෝහ කෙරෙහි අකමැත්ත ඉපදුනොත්, ඒ රාග, ද්වේශ මෝහ දුරුකරන ප්‍රතිපදාවට අපි එනව. රාග, ද්වේශ, මෝහ, දුරුකරගත්තොත් තමයි අපිට සුවපහසුව ඇතිවෙන්නෙ
    ...


    ------------------------------------------------------------------------------------------------
    හිත සුවපත්කරගනිමු [MP3]

    හිත සුවපත්කරගනිමු
    අපිට ඇත්තෙන්ම මේ ධර්මය වුවමනා කරන්නෙ මොකටද? හිතට සුවපත්භාවය ඇතිකරගන්නට. හිතේ තියෙන මේ දුක් පීඩා බැහැරකරගෙන, ඒවට යට නොවී ඉන්ට නේද ධර්මය ඕනැ. එතන නේද ධර්මය තියෙන්නෙ. හිතේ තියෙන දුක් පීඩා බැහැරවෙන්නෙ නැත්නම් අපි පිළිසරණක් ලබාගෙන නෑ නේද ධර්මයෙන්.
    ඒ දුක් පීඩා බැහැර නොවෙන්නෙ ඇයි? ඒ දුක් පීඩා බැහැරවෙන විදිහට ධර්මය හුරුකරන් නැති නිසා. අපිට යම් පීඩාවක් ආවොත් ගොඩාක් අයට ඒ වෙලාවෙදි සිහිවෙන්නෙ මොකක්ද? අසවල් කෙනා නිසයි මට මේ පීඩාව. අසවල් කෙනා මට මෙහෙම කළ නිසයි මේ පීඩාව, මේ ප්‍රශ්ණෙ නිසයි මේ පීඩාව, මේ පිරිස නිසයි මේ පීඩාව, මේ වැඩ නිසයි මේ පීඩාව.
    එහෙම නේද හිතෙන්නෙ? අන්න ඒ විදිහට හිතෙන තාක් හිතේ පීඩාවෙන් දුරුවෙන්ට බෑ. අපිට පීඩාවක් ඇතිවෙනව නම්, උහුලන්ට බැරි ස්වභාවයක් එනවනම් හිතට, ඒකට හේතුවෙන්නෙ රාග, ද්වේෂ, මෝහ මිසක වෙන දෙයක් නෙවෙයි. එක්කො රාගය නිසයි ඒ පීඩාව එන්නෙ, එහෙම නැත්නම් ද්වේෂය නිසයි. එහෙමත් නැත්නම් මෝහය නිසයි ඒ පීඩාව එන්නෙ.
    නමුත් අපේ හිතට එන්නෙ මොකක්ද? අසවල් කෙනා මට බැන්න, එයා මට දොස් කිව්ව, එයා මට සැරකලා, මට සැළකුවෙ නෑ, මට වෙනස්කම් කලා. මේ පිරිස මට කරදර කලා. එහෙම නේද එන්නෙ හිතට? එතකොට ඇත්තෙන් ම පීඩාව ආපු විදිහද අපිට තේරෙන්නෙ. ඒක තේරෙන්නෙ නෑ. අපට හිතට එන්නෙ මොකක්ද? වෙන කෙනෙක් තමයි මේක කලේ කියල.
    ඒ පීඩාව ආපු ක්‍රමේ අපි තේරුම්ගන්න උත්සාහ ගන්නෙ නෑ. අපි හිතන්නේ ම අසවලා මෙහෙම කලා. ඒ නිසයි මේ පීඩාව. එහෙම හිතන තාක් අපිට ඒ පීඩාවෙන් ගැලවෙන්න පුළුවන්ද? ඒ පීඩාව තව තවත් වැඩිවෙනව. එහෙම හිතන්න හිතන්න තව තවත් රාග, ද්වේශ, මෝහ බලවත් වෙනව. එතකොට පීඩාව වැඩිවෙනව.
    එහෙනම් මතක තියාගන්න හිතේ යම් පීඩාවක්, අර්බුධයක් ඇතිවෙනව නම්, ඒ හැම වෙලාවෙ ම තේරුම්ගන්න ඒකට හේතුවෙන්නෙ, එක්කො රාගය, එක්කො ද්වේෂය, එහෙනම නැත්නම් මෝහය. ඒ විදිහට අපි තේරුම් අරගෙන, එහෙම කල්පනා කළොත්, අපි හිත පුරුදුකරගත්තොත්, අපිට මොන අර්බුධය ආවත්, ඒ අර්බුධය කුමක් නිසා හටගත්ත කියලද හිතන්නෙ.
    මේක රාග ද්වේෂ මෝහ නිසයි ඇති වුනේ කියල කල්පනා කරන්න පුළුවන්කම ලැබෙනව. ඒ විදිහට කල්පනා කරන්න පුළුවන්කම ලැබෙන්නෙ කුමක් නිසාද? අපිට ඒ සම්බන්ධයෙන් වැටහීමක් තියෙනව. අපි තේරුම් අරගෙන කල්පනා කරල තියෙනව. හිත පුරුදුකරල තියෙනව. ඒ නිසා අපිට චිත්ත පීඩාවක් එනකොට අපි කල්පනා කරනව මේ පීඩාව රාග, ද්වේෂ, මෝහ නිසයි කියල.
    එතකොට අපි අකමැති වෙන්නෙ මොකටද? රාග, ද්වේෂ, මෝහ වලට අපි අකමැතිවෙනව. එතකොට කලක් අපි ඒ විදිහට රාග, ද්වේෂ, මෝහ ගැන අකමැති සිතින් කල්පනා කරන්න කරන්න රාග, ද්වේශ මෝහ වලට පවතින්න ඉඩක් තියෙනවද හිතේ? නෑ, රාග, ද්වේශ, මෝහ දුරුවෙන්ට පටන්ගන්නව එතකොට.
    නමුත් අපි කල්පනා කළොත්, "මේ ගොල්ලො තමයි මට මේ පීඩාව කලේ, අසවලා තමයි මෙහෙම කලේ, ඒ අය මට වෙනස්කම් කලා, ඒ අය මට නින්දා කලා, ඒ අය මට බැන්න, මට උපකාර කලේ නෑ මේ නිසයි මම මේ වද විඳින්නෙ, ඒ නිසා තමා මම මේ දුක් විඳින්නෙ."
    මේ විදිහට කල්පනා කලොත් අපේ හිත අමනාප වෙන්නෙ කා එක්කද? පුද්ගලයෙක් එක්ක, පිරිසක් එක්ක. එතකොට රාග, ද්වේශ, මෝහ අඩුවෙනවද? වැඩිවෙනවද? වැඩිවෙනව. පැහැදිලිද අපිට සිද්ධවෙන දේ. එහෙනම් රාග, පිළිසරණ ලැබෙන්නෙ එතන. එහෙනම් ධර්මයෙන් පිළිසරණ ලැබෙන්න නම් රාග, ද්වේෂ, මෝහ දුරුවෙන්ට නම් රාග, ද්වේශ, මෝහ කෙරෙහි තමයි අකමැත්ත උපදින්ට ඕනැ.
    රාග, ද්වේශ, මෝහ කෙරෙහි අකමැත්ත ඉපදුනොත්, ඒ රාග, ද්වේශ මෝහ දුරුකරන ප්‍රතිපදාවට අපි එනව. එහෙම නැතිවුනොත් අපි තව කෙනෙක් මේක කලේ කියන අදහසේ ඉන්නෙ. එතකොට අපි පුද්ගලයින්ට තමයි චෝදනා කරන්නෙ. එතකොට අපි ඒ පිරිසෙන් ඈත්වෙන්ට කල්පනා කරනව.
    එතකොට අපිට අර්බුධය තුනීවෙලා යන්නෙ නෑ. ඒ අර්බුධය තවත් බලවත් වෙලා දුකින් දුකටම පත්වෙනව. පැහැදිලිද? ඒ නිසා ඒ කාරණේ හොඳට තේරුම්ගන්න. තේරුම් අරගෙන දැන් ඉඳල අපි හොඳට තේරුම්ගත්තොත් මේ විදිහට හිතන්න අපිට යම් කලෙක රාග, ද්වේශ, මෝහ දුරුකරගෙන පරිපූර්ණ සැපවත් භාවයට පත්වෙන්න පුළුවන්කමක් එනව. රාග, ද්වේශ, මෝහ, දුරුකරගත්තොත් තමයි අපිට සුවපහසුව ඇතිවෙන්නෙ.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි!
    පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.