මචන්ලා පොඩි කතාවක් ඉතින්...
මං කැමතියි ඔලුව නිදහසේ තියාගන්න, රණ්ඩු සරුවල් නැතුව සැනසීමෙන් ඉන්න. මං විතරක් නෙමේ ගොඩක් දෙනාට එහෙම තමා. ඉතින් මං මේ කියන්න යන්නේ මගේ අසල්වැසි කිහිපදෙනා ගැන. බන්, උන්ගෙන් මට හරි කරදරයි, එහා ගෙදර පොල් අතු තියෙන්නේ අපේ වහල උඩ. අතුයි පොල් ගෙඩියි වැටෙන වැටෙන සැරේට වහලේ කැඩෙනවයි, තව අනංමනං දේවල් කැඩෙනවයි. ඒත් උන් ඩෝන්ට් කෙයා. කැඩිච්ච අත්ත හෝ පොල් ගෙඩිය ඇදගෙන යනවා විතරයි, මුන්ගේ වහලෙට මොකද වුණේ අනංමනං මුකුත් නෑ.
තව සෙට් එකක් ඉන්නවා යන එක පාරටයි බිත්තර කටුව පවා දාන්නේ. එපා වෙනවා බන්. අතුපතු ගාලා යන පාරටයි දාන්නේ. මේ හැමදේම විඳින්න වෙලා තියෙන්නේ අපිට. සාමාන්‍යයෙන් මට මේවා බලන් ඉන්න බෑ. කට පියන් ඉන්න බැහැ. මං ඉතින් ගිහින් කියනවා මේ අතු කපාගන්නකෝ, කරදරයිනේ. අනේ මෙහෙම කුණු දාන්නේපා කියලා. මං ආසයි වැඩි ඇගෑලුම්කමක් නැතත් මිනිස්සුන්ගේ වෛරයට පාත්‍ර නොවී ඉන්න. ඔලුවේ නිදහස වටිනවා. ඒත් මං එහෙම කෙලින්ම ගිහින් කියන නිසා ඊ ගාව දවසේ ඉඳන් ඒ එකෙක් මගේ මූණ බලන්නේ නෑ. ගෙදර පොඩි එකාගේ ඉඳන් දැක්කම අහක බලාගන්නවා. අසල්වැසියෝ කියලා අබමල් රේණුවක වැඩක් නැති වුණත්, එපා වෙනවා බන් මෙහෙම දකිද්දී. හිතට ටිකක් වේදනයි.
මේකයි ඉතින් උඹලා එක්ක කියන්න ඕන වුණේ. මං වැරදිද? පොල් අත්තක් කපාගන්න කියන එක වැරදිද? ගස් උන්ගේ නම් අනිත් උන්ට වදයක් නොවී ඒවා බලාගන්න උන් දැනගන්න ඕන නේද? වෙලාවකට හිතෙනවා කටේ කම්ප්ලේන් විතරක්ම තියෙන නිසා උන්ට මාව පේන්න බෑ කියලා. ඒත් එහෙමයි කියලා ඇයි මං කට වහන් ඉන්නේ? ඇයි මගේ සුවපහසුව වෙන එවුන්ගේ වැඩ නිසා කැප කරන්නේ?
පොඩි ඇඩ්වයිස් එකක් තමා ඕන බන්.