හිත හදාගන්න කියලා

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා පොඩි කතාවක් ඉතින්...

    මං කැමතියි ඔලුව නිදහසේ තියාගන්න, රණ්ඩු සරුවල් නැතුව සැනසීමෙන් ඉන්න. මං විතරක් නෙමේ ගොඩක් දෙනාට එහෙම තමා. ඉතින් මං මේ කියන්න යන්නේ මගේ අසල්වැසි කිහිපදෙනා ගැන. බන්, උන්ගෙන් මට හරි කරදරයි, එහා ගෙදර පොල් අතු තියෙන්නේ අපේ වහල උඩ. අතුයි පොල් ගෙඩියි වැටෙන වැටෙන සැරේට වහලේ කැඩෙනවයි, තව අනංමනං දේවල් කැඩෙනවයි. ඒත් උන් ඩෝන්ට් කෙයා. කැඩිච්ච අත්ත හෝ පොල් ගෙඩිය ඇදගෙන යනවා විතරයි, මුන්ගේ වහලෙට මොකද වුණේ අනංමනං මුකුත් නෑ.

    තව සෙට් එකක් ඉන්නවා යන එක පාරටයි බිත්තර කටුව පවා දාන්නේ. එපා වෙනවා බන්. අතුපතු ගාලා යන පාරටයි දාන්නේ. මේ හැමදේම විඳින්න වෙලා තියෙන්නේ අපිට. සාමාන්‍යයෙන් මට මේවා බලන් ඉන්න බෑ. කට පියන් ඉන්න බැහැ. මං ඉතින් ගිහින් කියනවා මේ අතු කපාගන්නකෝ, කරදරයිනේ. අනේ මෙහෙම කුණු දාන්නේපා කියලා. මං ආසයි වැඩි ඇගෑලුම්කමක් නැතත් මිනිස්සුන්ගේ වෛරයට පාත්‍ර නොවී ඉන්න. ඔලුවේ නිදහස වටිනවා. ඒත් මං එහෙම කෙලින්ම ගිහින් කියන නිසා ඊ ගාව දවසේ ඉඳන් ඒ එකෙක් මගේ මූණ බලන්නේ නෑ. ගෙදර පොඩි එකාගේ ඉඳන් දැක්කම අහක බලාගන්නවා. අසල්වැසියෝ කියලා අබමල් රේණුවක වැඩක් නැති වුණත්, එපා වෙනවා බන් මෙහෙම දකිද්දී. හිතට ටිකක් වේදනයි.

    මේකයි ඉතින් උඹලා එක්ක කියන්න ඕන වුණේ. මං වැරදිද? පොල් අත්තක් කපාගන්න කියන එක වැරදිද? ගස් උන්ගේ නම් අනිත් උන්ට වදයක් නොවී ඒවා බලාගන්න උන් දැනගන්න ඕන නේද? වෙලාවකට හිතෙනවා කටේ කම්ප්ලේන් විතරක්ම තියෙන නිසා උන්ට මාව පේන්න බෑ කියලා. ඒත් එහෙමයි කියලා ඇයි මං කට වහන් ඉන්නේ? ඇයි මගේ සුවපහසුව වෙන එවුන්ගේ වැඩ නිසා කැප කරන්නේ?

    පොඩි ඇඩ්වයිස් එකක් තමා ඕන බන්.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ;) උබේ අවුල තියෙන්නෙ කෙලින් කතාකරන එක නෙමේ.. වටේ උන්ගෙ හිත් රිදෙයි කියල උබ දුක් වෙන එක.. end of the day වටින්නෙ තමන්ගෙ හිතේ නිදහස මචං.. තමන්ගෙන් වටේ උන්ට කරදරයක් නැත්තම්, උන්ගෙනුත් අපිට කරදරයක් වෙන්න බැ.. ඒ නිසා, දිගින් දිගටම කරදර වෙනවනම් ඉස්සෙල්ල හොදින් කියපන්, ඒ කියලත් අහන්නෙ නැත්තන් රන්ඩු වෙන්න යන්න එපා නීතියෙන් කරන්න තියෙන දේ කරපන්... අර කියනවනෙ සල්ලි නෙමෙයි මං හම්බකරේ මිනිස්සු කියල, එවනම් තනි මරි මෝඩ වදන් විතරයි....
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මචන්ලා පොඩි කතාවක් ඉතින්...

    මං කැමතියි ඔලුව නිදහසේ තියාගන්න, රණ්ඩු සරුවල් නැතුව සැනසීමෙන් ඉන්න. මං විතරක් නෙමේ ගොඩක් දෙනාට එහෙම තමා. ඉතින් මං මේ කියන්න යන්නේ මගේ අසල්වැසි කිහිපදෙනා ගැන. බන්, උන්ගෙන් මට හරි කරදරයි, එහා ගෙදර පොල් අතු තියෙන්නේ අපේ වහල උඩ. අතුයි පොල් ගෙඩියි වැටෙන වැටෙන සැරේට වහලේ කැඩෙනවයි, තව අනංමනං දේවල් කැඩෙනවයි. ඒත් උන් ඩෝන්ට් කෙයා. කැඩිච්ච අත්ත හෝ පොල් ගෙඩිය ඇදගෙන යනවා විතරයි, මුන්ගේ වහලෙට මොකද වුණේ අනංමනං මුකුත් නෑ.

    තව සෙට් එකක් ඉන්නවා යන එක පාරටයි බිත්තර කටුව පවා දාන්නේ. එපා වෙනවා බන්. අතුපතු ගාලා යන පාරටයි දාන්නේ. මේ හැමදේම විඳින්න වෙලා තියෙන්නේ අපිට. සාමාන්‍යයෙන් මට මේවා බලන් ඉන්න බෑ. කට පියන් ඉන්න බැහැ. මං ඉතින් ගිහින් කියනවා මේ අතු කපාගන්නකෝ, කරදරයිනේ. අනේ මෙහෙම කුණු දාන්නේපා කියලා. මං ආසයි වැඩි ඇගෑලුම්කමක් නැතත් මිනිස්සුන්ගේ වෛරයට පාත්‍ර නොවී ඉන්න. ඔලුවේ නිදහස වටිනවා. ඒත් මං එහෙම කෙලින්ම ගිහින් කියන නිසා ඊ ගාව දවසේ ඉඳන් ඒ එකෙක් මගේ මූණ බලන්නේ නෑ. ගෙදර පොඩි එකාගේ ඉඳන් දැක්කම අහක බලාගන්නවා. අසල්වැසියෝ කියලා අබමල් රේණුවක වැඩක් නැති වුණත්, එපා වෙනවා බන් මෙහෙම දකිද්දී. හිතට ටිකක් වේදනයි.

    මේකයි ඉතින් උඹලා එක්ක කියන්න ඕන වුණේ. මං වැරදිද? පොල් අත්තක් කපාගන්න කියන එක වැරදිද? ගස් උන්ගේ නම් අනිත් උන්ට වදයක් නොවී ඒවා බලාගන්න උන් දැනගන්න ඕන නේද? වෙලාවකට හිතෙනවා කටේ කම්ප්ලේන් විතරක්ම තියෙන නිසා උන්ට මාව පේන්න බෑ කියලා. ඒත් එහෙමයි කියලා ඇයි මං කට වහන් ඉන්නේ? ඇයි මගේ සුවපහසුව වෙන එවුන්ගේ වැඩ නිසා කැප කරන්නේ?

    පොඩි ඇඩ්වයිස් එකක් තමා ඕන බන්.
    Don't care bro. දැන්ම ඔහොම වෙන එක හොඳයි. ඉවසලා ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ රණ්ඩුවට නොයා. තව කාලයක් ගියාම ඔය දේට face කරන්න පුරුදු වෙයි. මිනිස්සු ඔහොම තමයි හිතන විධි වෙනස්. ඒ අයව වෙනස් කරන්න අපිට බෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අතු සීන් එකට නම් පොලිසියේ පැමිණිල්ලක් දාපන්.අපේ රබර් වත්ත අයිනේ ඉඩමේ උන් උන්ගේ තේ ගස්වලට හෙවන වැටෙනවා කියලා නැමිලා තියෙන රබර් අතු කපන්න කියලා පැමිනිල්ලක් දාලා තිබ්බා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    කරුමයක් තමයි බන්. අපෙ ගෙවල් වටෙ ඉන්න උනුත් ඔහොම තමයි. අවුරුදු 25-28 කොල්ලො ටිකක් ඉන්න්ව එ ගෙවල් වල උන් නම් පට්ට හොදයි. උන්ගෙ අම්මල තාත්තල තමයි කැ$ම වැඩ කරන්නෙ. උන්ට කිව්ව්ම උනුත් කියන්නෙ අනෙ බන් අපි කිව්වට නාකි හැත්ත අහන්නෙ නැ කියල
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හොඳ අසල්වැසියෝ ඉන පරිසරයක් හම්බෙන්නත් පිං කරන්න ඕන. අපිට ඒකට.

    එකනේ ඒකටත් එක්ක උබට අල්ලපු ගෙදරින් නංගි කෙනෙකුත් ඉන්නවා 😂😂😂

    ලංකාවේ මිනිස්සු හදන්න බෑ කොල්ලෝ. අපේ මිනිස්සු පුරුදුවෙලා නෑ අනිත් මනුස්සයට කරදරයක් වෙන්නේ නැතුව ජිවත් වෙන්න. බල්ලක් හැදුවත් කුකුලෙක් හැදුවත් සින්දුවක්‌ ඇහුවත් පාටියක් ගත්තත් ගහක් කොලක් හැදුවත් එකම විදිහයි. හරිනම් පොඩිකාලෙම ඉස්කෝලවල් වලින් හරි උගන්නන්න ඕන අනුන්ට කරදරයක් නොවෙන්න ජිවත්වෙන හැටි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    ලංකාවෙ උන්ගෙ ඔලු හදන්න බෑ
    ගෙදර ඉදන් ජොබ් එක කරන තැන වෙනකම්ම ඔහොම තමා
    ජනාධිපති කියන ලොකුම එකත් පිස්සු කෙලිනකොට අනිත් උන් හැදෙයි කියලා හිතන්න බෑනෙ.
    දුක් නොවී ඉදපන්
     
    • Like
    Reactions: Ryan08 and EdNygma

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඉතින් උන් තරහ උනාම මොකද? කැ#යන්ට උන්ගෙ තාලෙන්ම උත්තර දුන්නම හරි. ඔය දෙකම ග්‍රාමසේවකට කියපන්. ඒත් ඒ විදියම නම් පැමිනිල්ලක් දාපන්. ගහ අයින් කරන්න වෙනව උන්ට වෙන කතන්දර අදාල නෑ. අනිත් කෑ#යො තමයි පාරවල් හදාගන්නෙ නැති උන් වැස්සක් වැස්සම පාරක යන්න බෑ උන්ගෙ පාර පාරට ඇවිල්ල.
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    ඔහොම මිනිස්සු එක්ක හුරතල් වෙලා බෑ. ප්‍රාදේශීය සභාවට පැමිණිලි කරපන්. සති 2ක් ඇතුලත අතු අයින් කරන්න කියල කියනව. අයින් කරේ නැත්නම් සභාවෙන් ඇවිත් කපනව. කුණු දාන එක ගැනත් එච්චර තමා. phiට කියන්න. පාර අයිති සභාවට නම් කාටවත් ඕන විදිහට සෙල්ලම් දාන්න බෑ