හිනාවෙන්න මතක නෑ..

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    හිනාවෙන්න මතක නෑ..


    හිනා නොවුනු දෑස් වලට
    හිනා වෙන හැටි
    කියාදෙන්න ලං වුණා..
    හිනා වෙන්න ඉගැන්නුවා..




    ඒ ඇස් හිනාවට වඩා දෙයක්
    මගෙන් ඉල්ලුවා
    මම උත්සාහ කලා
    ඒත් මම අසාර්ථකයි...



    අන්තිමට
    හිනාවෙවී උන්නු
    මගේ ඇස් දෙකටත්
    හිනා වෙන්න මතක නැතිවෙලා ....



    මට ආපහු හිනාවෙන්න
    උගන්නන්න....
    එන්න මං ගාවට...