කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන නිසයි මේක දාන්නේ ,
ඊයේ අපේ පැත්තේ තාත්තා කෙනෙක් මට කිව්වා ,
" කොච්චර සල්ලි දැම්මත් ඩේටා කැපෙනවනේ හැමදාම රු 200/= ගානේ දානවා දුවගේ ඔන්ලයින් ක්ලාස් එකට " කියලා .
තාත්තා විතරක් නෙවෙයි විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න ළමයිනුත් මේක පටලවාගෙන සල්ලි නාස්ති කරගන්නවා.
ඔබේ දරුවන්ට ටීචර් ඔන්ලයින් උගන්නන්නෙ zoom app , එක හරහා නම් ....
ඔයාගේ කනෙක්ෂන් එක මොකක් වුනත් කමක් නෑ අදාල දුරකථන සමාගමේ ඇප් එක ඉස්සෙල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.
උදාහරණයකට ඩයලොග් නම් භාවිතා කරන්නේ ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඒකේ පැකේජ්ස් කියන කැටගරි එකේ තියෙනවා වීඩියො කොන්ෆරන්සින්ග් කියලා එකක් ඒක activate කරන්න ,
රු 165/= කට එතනින් 25GB ක්ම ලැබෙනවා.
ඒක ඇක්ටිවේට් කරගත්තම Zoom meeting ,Microsoft Teams, Office365 කිසිම බාධාවක් නැතිව මාසයම පාවිච්චි කරන්න පුලුවන්.
මිනිස්සුන්ට උදව් කරන්න.
ඔබ දන්නා කියන අයටත් මේක කියලා දෙන්න.
දරුවන්ට ඉගෙනගන්න වචනයකින් හරි සහය වෙන්න.
View attachment 125203
https://www.mobitel.lk/work-learn-data-plans
View attachment 125205
https://www.dialog.lk/mobile-broadband-prepaid-packages
