2004 දෙසැම්බර් මස 26 වන දින යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ දුක්බරම දවසක් විය.ඒ සිදුවීම නැවත සිතන්නට පවා බියකරුය. ඉතිහාසයේ ඒ නපුරුම මොහොත උදාවූයේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා අලූයම 7.00ට පමණය.සුදු පෙණ පිඬු නගමින් වෙරළ සිපගන්නා කරදිය රැල්ල ගම්බිම් සුන්බුන් බවට පත් කරමින් මව්පියන්ට දූ දරුවන්ද, දූ දරුවන්ට මව්පියන්ද, බිරින්දෑවරුන්ට ස්වාමියන්ද, ස්වාමියන්ට බිරින්දෑවරුන්ද, සහෝදර සහෝදරියන්ට, සහෝදර සහෝදරියන්ද හිතමිත‍්‍රාදීන්ට හිතමිත‍්‍රාදීන්ද, සුරතලයට ඇති කරන සතා සීපාවාද මහ සයුරු පතුළට රැගෙන ගියේය. උදුවප් පෝදා සාදු නාදයත් ඝණ්ඨා නාදයත් අසන්නට සිටියවුන්ගේ කණවැකුණේ වැළපීම් හා අඳෝනාය.
මෙවැන්නක් මීට පෙර සිදුවන්නේ වසර දහස් ගණනකට පෙරාතුවය. ඒ කාවන්තිස්ස රජ සමයේය. එදවස මෙලෙස මුහුද ගොඩගැලූ මොහොතේ රටවැසියා මුදාගැනීම සඳහා තම දූ කුමරිය වූ විහාර මහා දේවිය මුහුදට බිළිකළ බව මහාවංශය කියයි.
2004 වසරේ ශ්‍රී ලංකාවට සුනාමිය පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වුයේ මහින්ද රාජපක්ෂ මහතායි.එම අවස්ථාවේදී ආරක්ෂක නිලධාරින් “මුහුද ගොඩගලනවලු ” යනුවෙන් මහින්ද රාජපක්ෂට දැනුම් දුන්නේය.”ඉතිං මට මොකද මාව ජිම් එකට එක්කන් යනවා” කියමින්
ටොරිංටන්හී පිහිටි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශරීර සුවතා මධ්‍යස්ථානයට මහින්ද රාජපක්ෂ පැමිණියේය.මිනිසුන් මුහුදු වතුරට බිලිවෙන බව දැන දැනත් මහින්ද රාජපක්ෂ තමාගේ කාය වර්ධනයට එම කාලය වෙන්කළේය.
ව්‍යායාම් නිම වීමෙන් පසුව ආරක්ෂක නිලධාරින් මහින්ද රාජපක්ෂට දැනුම් දුන්නේ මුහුද ගොඩගලා මිනිසුන් දහස් ගණනක් මියගොස් ඇති බවයි.එයින් බිය වූ මහින්ද රාජපක්ෂ කොලබත් මුහුද ගොඩගලයි යන බියෙන් හෙලිකොප්ටර් මගින් පලා යෑමටද සියලු කටයුතු සුදානම් කර තිබුණි.එසේ නොවුණු තැන අවසානයේදී සංවේදී නායකයා තමන් බව කියමින් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මිනිසුන් බැලීමට දකුණු පලාතට ගියේය.
අවසානයේ මෙයද කිව යුතුමය.මිනිසුන් මුහුදු වතුරට බිලිවී මිය ගියේය.ඉතුරු වී සිටි මිනිසුන්ට තමන්ගේ ඇදී වත පමණක් ඉතුරු වී තිබිණ.අවතැන් වූ ජනතාව වෙනුවෙන් වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ලැබුන ආධාර මුදල්ද හෙල්පින් හම්බන්තොට ගිණුම මගින්ද මහින්ද හොරකම් කළේය.






