හිනා යන කතා ටිකකුත් දාන්නම් එහෙනම්.

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    හිනා යන කතා ටිකකුත් දාන්නම් එහෙනම්.

    (__පිරිමියෙක් ATM යන්ත්‍රයකින් මුදල් ගන්න හැටි__)

    1.කාර් එක පාක් කරනවා

    2.මැෂින් එක ලගට යනවා

    3.කාඩ් එක ඇතුල් කරනවා

    4.පින් අංකය ඇතුල් කරනවා

    5.සල්ලි ගන්නවා

    6.කාර් එක ලගට එනවා

    7.කාර් එක ස්ටාට් කරගෙන යනවා

    (__කාන්තාවක් ATM යන්ත්‍රයකින් මුදල් ගන්න හැටි__)

    1.මේකප් චෙක් කරනවා

    2.කාර් එක පාක් කරනවා

    3.මේකප් චෙක් කරනවා

    4.ඇන්ජිම නවත්තනවා

    5.මේකප් චෙක් කරනවා

    6.මැෂින් එක ලගට යනවා

    7.පර්ස් එක ඇතුලේ හරි කාඩ් එක හොයනවා

    8.කාඩ් එක ඇතුල් කරනවා

    9.කැන්සල් බට්න් එක ඔබනවා

    10.පර්ස් එක ඇතුලේ පින් නම්බර් එක ලිව්ව කොල කෑල්ල හොයනවා

    11.කාඩ් එක ඇතුල් කරනවා

    12.පින් අංකය ඇතුල් කරනවා

    13.සල්ලි ගන්නවා

    14.කාර් එක ලගට එනවා

    15.මේකප් චෙක් කරනවා

    16..කාර් එක ස්ටාට් කරනවා

    17.කාර් එක නවත්තනවා

    18.යන්ත්‍රය ලගට දුවගෙන යනවා

    19.කාඩ් එක ගන්නවා

    20.කාර් එක ලගට එනවා

    21.මේකප් චෙක් කරනවා

    22.කාර් එක ස්ටාට් කරනවා

    23.මේකප් චෙක් කරනවා

    24.කිලෝමීටරයක් විතර යනවා

    25.හෑන්ඩ් බ්‍රේක් රිලීස් කරනවා


    ඉක්කාව

    වේගයෙන් පැමිණි රියක් වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට නතර කෙරුණි. ඉන් කඩිනමින් බැස ආ සුරංග කඩිමුඩියේ වෛද්‍යවරයා ළඟට දුවගොස් මෙසේ ඇසීය.

    "අනේ ඩොක්ටර්... ඉක්මනට ඉක්කාවට බොහෙතක් තියෙනවා නම් දෙන්නකො..."

    කිසිවෙක් නොකී වෛද්‍ය වරයා අත දිගහැර සුරංගගේ කම්බුලට වේගවත් පහරක් ගැසීය.

    "ක්ෂණික කම්පනයට පත් වුනාම ඉක්කාව ඉබේම හරි යනවා... දැන් කොහොමද ඉක්කාව හොඳද..?"

    කම්ඹුල අතගාමින් වෛද්‍යවරයා දෙස විශ්මයෙන් බලා සිටින සුරංග වෙතට හැරෙමින් වෛද්‍යවරයා ඇසිය...

    "දන්නෙ නෑ ඩොක්ටර්" සුරංග පිළිතුරු දුනි.

    "ඉක්කාව තියෙන්නේ මගේ නෝනාට.... එයා කාර් එකේ ඉන්නවා...

    මම අහලා එන්නද???



    එයාට වේගයෙන් කියවන්න බෑ

    සිල්වා යමක් ඉතාමත් හෙමින් හෙමින් ලිය ලියා ඉන්නවා දුටු ඔහුගේ මිතුරෙක් , ආ…. සිල්වා මොනවද ඔය හෙමින් හෙමින් ලියන්නේ?

    සිල්වා : මම මේ මගේ පුතාට ලියුමක් ලියනවා.එයාට වේගයෙන් කියවන්න බෑ…



    අපි බදිමු


    චංක පොඩි ගෑනු ලමයෙක් එක්ක යාලු වෙන්න හිතුනු නිසා ලස්සන ගෑනු ලමයෙක් හොයාගෙන ගියා.

    චංක : අපි බදිමුද?

    ගැ.ළමයා : අපෝ ඔයා මට වඩා අවුරුද්දක් වැඩිමල් නේ? ඒක අපිට බලපානවා නේ?

    චංක : අපෝ..ඒක මොකක්ද?. අපි එහෙනම් ලබන අවුරුද්දේ බදිමු.



    ෆැන්ටැස්ටික් ෆෝ


    සුරංගයයි චාමිකයයි චිත්‍රපටි ගැන වාද කරලා.උන් දෙන්නා බැනගන. චමීරයට මල පැනලා.
    “අඩො මේ චාමිකයගෙත් හෙන පණ්ඩිත කම.”
    “ඇයි?”
    “ඌ අහනව ෆැන්ටැස්ටික් ෆෝ කියන film එකෙ ප්‍රධාන නලුවො කීයක් ඉන්නවද කියල”
    “ඉතින්?”
    “ඔන එකක බං එකානේ ඉන්නනේ..?”
    ” ඇයි උඹ දැන් ඒක බැලුවෙ නැද්ද?”
    “චාමිකය ළග නම් ෆිල්ම් එක තිබ්බ ඒ උනාට පලවෙනි ෆිල්ම් 3 බලන්නෙ නැතුව කෙලින්ම 4 බැලුවම ආතල එකක් නැ නෙද බං...?”
    "????"


    මොන පිස්සුද

    මානසික රොහලක වෛද්‍යවරයෙක් සුපුරුදු ලෙස උදයක වාට්ටුවේ ඇවිද බලමින් සිටින අතරතුර ඔහු හදිසියේම දුටුවේ බිලී පිත්තක් ගෙන එහි ඇම වතුර බේසමක දමාගෙන සිටින රෝගියෙකි.
    "කොහොමද? මාළු කී සෙනෙක් අහු වුනාද ?"වෛද්‍යවරයා විමසා සිටියේය..
    එවිට රෝගියා"මොන පිස්සුද දොස්තර මහත්තයෝ...මාළු කොහෙද වතුර බේසමේ.."
     

    slimkasun

    Member
    Jun 18, 2006
    25
    0
    1
    Sri Lanka, Colombo
    me fantastic 4 kiyana kathaawa amu amuwe "anthima peliya" kiyana site eken horakam karapu ekak. eke thiyena nam me kathawa liyapu kassage aththama yaluwo.
    e katha meke dala nikan thuttu deke wada karannepa yako...