හිනා වෙන්ඩ ඕනෙ එවුන් වරෙල්ලා

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    හිනා වෙන්ඩ ඕනෙ එවුන් වරෙල්ලා

    mango-tree-with-fruits.jpg


    එක්තරා ප්‍රදේශයක ඉස්කෝලෙක වෙච්ච සීන් එකක්. :nerd::nerd: ඒ ඉස්කෝලෙත් හිටියා මේ අපි වගේ ඉස්කෝලෙ ගියාම වල බහින සෙට් එකක්. ඔව් ඔව් මේ අපි වගෙ. ;) ඉතින් මුන් දවස තිස්සෙම කරන්නෙ අහුවෙච්ච අහුවෙච්ච අතේ වල පැනල මොකක් හරි පාසලට අලාභ හානියක් වන ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන එක. :P දවසක් මුන්ගෙ පන්තියෙ සේරම එවුන් එකතු වෙලා ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන්ඩ ගියා. තමන්ගෙ වැසිකිලි පද්ධතිය ලඟ තියන අඹ ගහේ අඹ කැඩීම. ත්‍රස්තවාදී ක්‍රියාවක් කීවට මේක අහිංසක ආතල් එකක්, :rofl: ඉති දැන් මුන් ගහට පොලු ගහනවා, පොලු හොයනව කෑ ගහනව හූ කියනවා. වැඩ කෝටියයි. මුං හෙමීට මුංගෙ ආතල් එක ගන්නකොට හිඟන්නගෙ පාත්තරේට හෙණහුරා කඩා වැටුන වගේ මෙතනට බොසාත් ආව. මල කෙලියයි. සෙට් එකම අතේ මාට්ටු. බොසාටත් මල පැනලා ඔක්කොම එවුන් ටික ගෙන්නවගෙන දණගැස්සුවා ඔෆිස් එක ඉස්සරහා. මෙතන හිටියා සර්ගෙ අතිජාත මුට්ටියක්. අනිව එහෙම එකෙක් පන්තියක ඉන්නවනේ. :angry::angry: දැන් සර්ටත් අප්ශට්. මිනිහට අපි දසුන් කියමුකො. දැන් සාර් මුගෙන් අහනවා ""දසුන්, තමුසෙත් ගියාද අඹ කඩන්න මුන් එක්ක?" එතකොට මූ " නෑ සර් මම ගියේ ටොයිලට් එකට" ""එතකොට තමුසෙ මොකද මෙතන කරන්නෙ" සර් ඇහුව. එතකොට මූ දෙකට නැමිල කියනවා "නෑ සර් ටොයිලට් එකට ගියපු එකේ මම එහෙම්මම අඹගෙඩියකුත් කාලම එන්න හිටියා" :growl::growl::growl::P