හිනා හිනා හිනා 2 Rodneys

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    හිනා හිනා හිනා 2 Rodneys

    හිනා හිනා හිනා
    ගත්තේ low3thna.blogspot.com/2012/01/two-s.html(ලොවෙත් නෑ.)
    82.jpg



    •අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද?
    අස්වැසුම:yes::yes:

    •පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්‍ෂියා කවුද?
    සිවුරු හොරා:confused::confused:

    •තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද?
    කට්ට සම්බෝලය;);)

    •ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද?
    කැරලිකරු:shocked::shocked:

    •තමන්ගේ ගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? ගෝලීයකරණය
    :lol::lol:
    •ලංකාවේ අඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද?
    සත පනහ
    :no::no:
    •ලංකාවේ වැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද?
    හතර මහ නිධානය
    :shocked::shocked:
    •ලංකාවේ දේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්‍රපටය කුමක්ද?
    කඩවුනු පොරොන්දුව:eek::eek:

    •රෝහලකදී පලදෙන කර්මය කුමක්ද?
    ශල්‍යකර්මය
    :cool::cool:
    •බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද?
    මනිපිට්ටු
    :no::no:
    •ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා කවුද?
    ගම් භාර නිළධාරියා
    ;);)
    •ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද?
    පළා පොළඟා
    :yes::yes:
    •මැණික් ගැරීමට අධිපති යක්‍ෂයා කවුද?
    ගරා යකා:lol::lol:

    •ලෝකයේ පැරණිතම සත්ත්වය කවුද?
    සීබ්‍රා (Black & White):no::no:

    •ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද?
    පෙම්බස්
    ;);)
    •ඉතා කුඩා බර ප්‍රමාණ මැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද?
    අබ මල් රේණුව;);)

    •රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ?
    ඔට්ට පාලු:growl::growl:

    •ක්‍රිකට ක්‍රීඩකයින් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්‍යය කුමකද?
    කඩුල්ල:eek::eek:

    •අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන නමකින්ද? අවිවාහකයා
    :):)
    •මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද?
    මුහුදු අශ්වයා;);)

    •මාළුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද?
    මින්දද:frown::frown:

    •ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද?
    නයිජීරියාව:shocked::shocked:

    •මැර බලය උපයෝගී කරගෙන ජයග්‍රහණය කල හැකි ක්‍රීඩාව කුමක්ද?
    මැරතන්
    ;);)
    •තොර තෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුනවන නම කුමක්ද?
    ලියකියවිලි
    :lol::lol::lol:
    •නිතරම කිරිල්ලියන්ට ඉඟි බිඟි පාන කුරුල්ලා කවුද?
    පැණි කුරුල්ලා:yes::yes: