හිමියනි මගේ හිතේ - manike mage hithe ගීත තනුවේ බුදුගුණ ගායනය.

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,172
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නොදකින් කාලකන්නි හැම #ත්තටම මැනිකේ මගේ පුපේ 😖😠 අහලම ඇති වෙලා මට දැන් ඕක..
    200.gif
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    ආණි සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 8. ඕපම්ම සංයුක්තය » 1. ප්‍රථම වර්ගය

    මහණෙනි, එහෙයින් ම මතුකාලයෙහි භික්ෂූහු වන්නාහ. (ඔහු) තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දක්වන ශුන්‍යතාධර්මය පවසන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති නො වන්නාහ. කන් යොමු නො කරන්නාහ. අවබෝධය පිණිස සිත නො එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි පිරිවැහිය යුතු ය යි නොසිතන්නාහ. කවීන් විසින් කරණ ලද කවීන් විසින් නිපදවන ලද විසිතුරු ව්‍යඤ්ජන ඇති සස්නෙන් පිටත්හි වූ (අන්) සව්වන් විසින් දෙසන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනක් වෙද්ද, ඔවුන් කියනු ලබන කල්හි අසනු කැමති වන්නාහ. කන් යොමු කරන්නාහ. අවබෝධය පිණිස සිත එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි ද පිරිවැහිය යුතු ය යි ද හඟින්නාහ. මහණෙනි, මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්මය පැවසෙන සූත්‍රාන්තයන්ගේ අතුරුදහන් වීම වන්නේ ය.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඇයි මිනිස්සු මේකට මෙච්චර අකමැති ?
    හොඳ අර්තවත් වචන නෙ තියෙන්නෙ
    වචන ම තමයි මෙකේ අවුල. බුදුහාමුදුරුවන් දෙවියෙක් ගානට දාලා වචන ලියලා තියෙන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මිනිස්සු මේකට මෙච්චර අකමැති ?
    හොඳ අර්තවත් වචන නෙ තියෙන්නෙ

    අර්ථවත් වචන උනාට බුදුගුණ ගීත රැප් වලින් කිව්වම ගැළපෙන්නෙ නෑනෙ බන්. මට නං කිසිම ශ්‍රද්ධාවක් එන්නෙ නෑ ඒකෙන්.
     
    • Like
    Reactions: SupiriKollek