මේ රටවල් වලට සීතල ලොකුම ප්‍රශ්නයක් නෙමෙයි බන්, එක පාරට සීතල ආවා නෙමෙයිනේ. වතුර යන බට හොඳට insulate කරනවා, තව එක එක ක්‍රම තියෙනවා freeze වෙන එක නවත්තන්න. හිම වැටුනොත් ඒවා අයින් කරලා වැලි හරි චිප් ගල් වගේ දෙයක් ඉහිනවා.
බිත්ති වලින් සීතල එන්නේ නෑ ලොකුවට, windows, double layers තියෙන්නේ.
එලියට යනවා නම් හරියට අඳින එක තමා කරන්න ඕනේ. layers කීපයක් ඇඳලා හොඳ ජැකට් එකක් ඇඳලා කන් දෙක වහ ගත්තම හරි. ලංකාවේ තියෙන winter jacket හරි යන්නේ නෑ ඒවායින් එක්කෝ සිතල එනවා, නැත්තන් ඉටි කොලයක් ඇන්දා වගේ දාඩිය දානවා.
-20, -30 වගේ එක එක level වලට හරි යන socks තියෙනවා, ඒවා දන්න ඕනේ නැත්තන් කකුල් සීතල වෙලා රිදෙනවා. තද සීතලට පට්ට විදියට රිදෙනවා. රස්නෙට දාඩිය දානවට වඩා අමාරුයි.
සාමාන්යෙන් රත් කරන එක ලේසි, කූල් කරනවට වඩා. ඒක නිසා ලොකු case එකක් නෑ. මම නම් සීතල කාලෙට කැමති රස්නේ කාලෙට වඩා...