හිරගෙදර ඇත්ත කතාව..!

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    හිරගෙදර ඇත්ත කතාව..!

    හිරගෙදර ඇත්ත කතාව..!

    හිරගෙදර ඇත්ත කතාව ජනාධිපතිතුමා මෙන්ම යහපත් සමාජයක් ඇතිකිරීම පිණිස කැපවූ සියලුම සංවිධාන සහ පුද්ගලයන්ගේත්, සියලු රට වැසියන්ගේත් අවධානය පිණිස මෙසේ ඉදිරිපත් කරන්නේ මුලු බන‍්ධනාගාර පද්ධතියම මේ වනවිට පාතාලයේ අග්‍ර ස්ථානයක් බවට පත්වී, මෙරට අධිකරණ තීන්දු නිවැරදිව ක්‍රියාත්මක කිරීම වෙනුවට අල්ලස් ගැනීම ඇතුලු වෙනත් අක්‍රමිකතා මගින් සිරකරුවන් වංචනික ක්‍රම මගින් නිදහස් කිරීම හා එයට ඉඩ සළසා දීම, හෙරොයින් ඇතුලු මත් ද්‍රව්‍ය විකිණීම සහ භාවිතා කිරීමට ඉඩසැළසීම ඇතුලූ ප්‍රබල දූෂණ සහ අක්‍රමිකතා පවත්වා ගනිමින් අධිකරණයට අපහාස කිරීමත්, මහජනතාවට වංචා කීරීමත් තවදුරටත් සිදුවීම වැළැක්වීම අරමුණුකොටය.

    ප්‍රසිද්ධියේ හෙළි දරව් නොවුනද නීතිය ක්‍රියාත්මක කිරීමට යයි කියා පවත්වාගනු ලබන මෙම ආයතන නඩත්තු කිරීම, ජල සහ විදුලි බිල්, සිරකරුවන් සඳහා ආහාර පාන, වෛද්‍ය ප්‍රතිකාර, උසාවි ඉදිරිපත් කිරීම හා වෙනත් ආයතන වලට ගෙනයාම සඳහා ප්‍රවාහණ වියදම්, අදාළ නිළධාරී පැලැන්තිය නඩත්තු කිරීම පමණක් නොව ඔවුන් නොයෙකුත් උපක්‍රම මගින් මහජන මුදල් ගසාකෑම ආදිය වෙනුවෙන් අති විශාල මුදලක් මෙරට මහජනතාව ගේ මුදලින් වැයකරන නිසා මෙම අවබෝධය ඉතා වැදගත්ය.

    සරළ අංක ගණිතය අනුව නම් මේ මුදලින් ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල පමණක් නොව සියලුම රජයේ පාසැල් ද දැනට පවත්නා තත්වයට ඉහළින් පවත්වා ගත හැකිය.

    තේරෙන භාෂාවෙන් විස්තර කරනවා නම් අධිකරණ නියෝග අනුව වැරදිකරුවන් ලෙස තීරණය කොට සිර දඬුවම් ලබන පුද්ගලයන්ගේ නියමිත දඬුවම නිවැරදිව ක්‍රියාත්මක කිරීමටත්, නියමිත කාලය සීමාව තුලදී ඔවුන් තවතවත් වැරදි කිරීම වළක්වාලීම සඳහා වෙන්කොට තබාගෙන, ශාරීරිකව මෙන්ම මානසිකව ද හැඩගැස්වීම සඳහා යහපත් ජීවිතයක් සඳහා පුහුණු කරවීමත්, යම් කර්මාන්තයක් දන්නා අයනම් එම කටයුතු වලම යොදවා, එමගින් මානසික තෘප්තියද ලබා දෙමින්, සිරගතව සිටින කාලය තුලද යම් දීමනාවක් වෙන් කරමින් සමාජයට නැවතත් මුදාහරිනවිට හිස් අතින් යැවීම වෙනුවට, තමා විසින්ම උපයාගත් යම් මුදලක් සහ වැඩි දියුණු වූ පුද්ගලයන් ලෙස හා නැවත වැරදි නොකරන යහපත් පුද්ගලයන් බවට පුනරුත්ථාපනය කොට සමාජයට මුදාහැරීම මෙම ආයතන පවත්වා ගැනීමේ අරමුණ වේ.

    කුමන පාලනයක් රටේ පැවතියද ඉහත සඳහන් කරන ලද වගකීම් වැඩිදුරටත් සංවර්ධනය කොට සාර්ථක පුනරුත්ථාපන ක්‍රියාවලියක් ලොව ප්‍රථම වරට හඳුන්වා දීමත් කිසිම භේදයකින් තොරව තම වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම පිළිබඳව නියම මහත්මයකු ලෙසම කටයුතු කරන ලද (JP) ප්‍රියානන්ද දෙල්ගොඩ මහතා සිහිපත් කරමින්ම කතාව පටන් ගැනීම සුදුසුය.

    මෙරට සමාජයේ පැවති සියලුම යහගුණ සිඝ්‍රයෙන් විනාශ කිරීමේ කතාව දශක කිහිපයකට ඉහතදී පටන්ගෙන මේ දක්වා හිරගෙදර ඇතුළත කතාව, එළිපිටම මිනීමැරීම දක්වා වර්ධනය වූ බව මෑත සිදුවීම් වලින් පවා තහවුරු වූ බව සැවොම දන්නා කාරණයකි.


    වැඩ කළ යුතු පිළිවෙල

    අධිකරණයෙන් වැරදිකරුවකු බවට තීරණයකොට සිර දඬුවම් නියමකරන ලද පුද්ගලයින් විත්තියේ බංකුවෙන් ඉවත්වන්නේ හිරගෙදර නිළධාරීන්ගේ භාරයටය. තවමත් මෙරට තිබෙන හිරගෙවල් බොහොමයක් සුද්දාගේ කාලයේ හැදූ ඒවාය. උසාවියේ සිට හිරගෙදරට රැගෙන එන පුද්ගලයන් හිරගෙදර ප්‍රධාන දොරටුවේ, අකුලන යකඩ ගේට්ටුවට පිටතින් තිබෙන ප්‍රධාන ගේට්ටුවේ ඇති රැඳවීම් ශාලාවට ඇතුලු කරවයි. සේවයේ සිටින ජේලර් වරයා විසින් උසාවියෙන් නිකුත් කරන බලපත්-ලේඛණ පරීක‍්ෂාකොට, නියමිත පුද්ගලයාමදැයි තහවුරුකොට, රිමාන්ඩ් බන‍්ධනාගාර ගත කොට ඇති අය තමාගේ ඇඳුම් සහිතවම නියමිත ශාලාවන් වෙත යොමු කරවයි. සිර දඬුවම් ලබා ඇති අයගේ පුද්ගලික ඇඳුම් සහ වෙනත් බඩු බාහිරාදිය තිබේ නම්, ඒවා පොට්ටනි ගසා, ලේබල්කොට ගබඩාවට යැවීමත්, කිසිම ආකාරයක උස් පහත් බේදයක් නොමැතිව සිරකරුවන්ට නියමිත ඇඳුම වන එකම රෙද්දෙන් සහ එකම ආකාරයෙන් සකස් කොට ඇති ජම්පරය අන්දවා, ඇලුමීනියම් පිඟානක් සහ කෝප්පයක්ද ලබා දී, නියමිත දඬුවමට අනුව (දිගු කාලීන සහ කෙටි කාලීන ආදී ලෙස) නියමිත ශාලාවන් වෙත යොමු කරවන්නේ ආහාර පානද ලබා දීමෙන් පසුවය. පසුදින උදෑසනම මොවුන් ලියා පදිංචි අංශයට යොමු කොට, සියලූම තොරතුරු ලබාගෙන, සිරකරුවකු ලෙස ලියාපදිංචි කොට, ඉංග්‍රීසි අක‍්ෂරයක්ද සහිත අංකයක්ද ලබා දී බන‍්ධනාගාර අධීකාරී (ආයතන ප්‍රධානියා) වෙත යොමු කරවනු ලැබේ. නිදසුනක් ලෙස නිමල් නම් අයෙකු ඒ වන විට සිරගෙදර තුල හඳුන්වන්නේ R-20016 නිමල් යනුවෙනි. පිටත සමාජයේ හාමු කෙනෙකු ලෙස සිටි නිමල්හාමු (අප්පො) කුමන කොන්දේසියක් යටතේවත් හිරගෙදරතුලදී නිමල්-හාමු හෝ අප්පො නමින් හඳුන්වනු නොලබන අතර, ආයතනවල සිටින සියලුම තනතුරුවල රජයේ නිළධාරීන්ට කීකරු හා පක‍්ෂපාතී විය යුතු බව නීතිරීති වල පැහැදිලිව සඳහන්කොට තිබේ. බන‍්ධනාගාර අධීකාරී විසින් උසාවි නියෝග ආදී සියලුම ලිපිලේඛණ පරීක‍්ෂාකොට, තම අත්සන යොදා නියමිත උසාවි තීන්දුව අනුව සිර දඬුවම් ලබා ඇති අයෙකු බවට තහවුරු කොට, පුද්ගලයාට නියමකොට ඇති දඬුවම, රැකියා, අධ්‍යාපන, තාක‍්ෂණික හෝ කර්මාන්ත පුහුණු සහ වෙනත් සමාජ තත්වයන් විශ්ලේෂණය කොට දණ්ඩනය අනුව නියමිත ආකාරයෙන් බර වැඩ හෝ සුලු වැඩ සළකා බලා, වැඩපාටියකට යොමු කරනු ලබන්නේ ලිඛිත නියෝග සටහන් කිරීමෙන්ය. මෙයින් පසු සිරකරුවා වෛද්‍යවරයා විසින් පරීක‍්ෂාකොට, ප්‍රතිකාර ලැබීමට හෝ පරීක‍්ෂා කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා යොමු කිරීමටත්, කිසිම විශේෂයක් නොමැති නම්, නියමකොට ඇති වැඩවල යෙදවීමට අවශ්‍ය නිර්දේශ ලිඛිතව ලබාදීමෙන් පසු, නියමිත වැඩ අංශයේ නිළධාරීන්වෙත යොමු කරවයි.

    සිරකරුවන්ට රිසි පරිදි ඕනෑම තැනක ඇවිදීමට වෙනත් සිරකරුවන් හමුවීමට හෝ කිසිම ආකාරයක නීති විරෝධී කටයුත්තක යෙදීමට අවසරයක් හෝ ඉඩකඩක් බන‍්ධනාගාරය තුල නොතිබිය යුතුය. තමා රඳවා සිටින කොටසේ හෝ තමා සේවයේ යොදවා සිටින අංශ භාර ජේලර් මහතා හෝ ඊට ඉහළ නිළධාරියකු හමුවීමට නියමිත අවසර ලබාගත යුතුය. ගෙදරට ලිපියක් ලිවීමට, ගෙදරින් එන ලිපි ලබා ගැනීමට, විවේක කාලයන්හි පොත්පත් හෝ පුවත්පත් කියවීමටත්, අසනීප තත්වයකදී මෙන්ම ඕනෑම හදිසි තත්වයකදී වෛද්‍යවරයා වහා පැමිණ පරීක‍්ෂාකොට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ආදී පහසුකම් සඳහා ලිඛිත නීති රීති සහිත වන අතර, ඒවාට යටත්ව මානුෂිකව සහ ජීවිතය රැක ගැනීමටත් තමන්ගෙන් සිදුවූ වැරදි නිවැරදි කරගැනීමටත් අයිතිවාසිකම් හිමිකොට ඇත. තමාගේ ආගම ඇදහීමටත් පුද පූජා සහ පෝ දිනවල සිල් ගැනීමට පවා පහසුකම් සළසා ඇත.

    ඉහත සඳහන් කරනු ලැබුවේ මෙරට බන‍්ධනාගාර ක්‍රියා පටිපාටිය පිළිබඳව ඉතා සැකෙවින් ඉදිරිපත් කරන ලද විස්තරයකි.
    එහෙත් සියලුම බන‍්ධනාගාරවල දැනටත් ක්‍රියාත්මක ඇත්ත කෙරුවාව විශාල ජාවාරමක් බවට පත්කොට ඇති ආකාරය සෑමදෙනාගේම දැනගැනීම සඳහා මෙසේ විස්තර කරමි.


    වැඩ සිදුවන පිළිවෙල

    ඉහත සඳහන් කරන ලද ආකාරයෙන් සිරකරුවන් වූ අය ගේට්ටුවෙන් ඇතුලට ගැනීමට පෙර නියමිත ජම්පරය ලබාදීමේ සිටම ජාවාරම ආරම්භ වේ. වර්තමානයේ නියමිත ජම්පරය ඇඳ සිටිනු දකින්න ලැබෙන්නේ කිසිම මුදලක් වැය කිරීමට නොහැකි දුප්පත් සිරකරුවන් පමණකි. රුපියල‍ෙ 400 න් පටන්ගෙන දහස් ගණන් දක්වා, 65-35% පොලියෙස්ටර් රෙද්දේ සිට සාමාන්‍ය පුද්ගලයන් මගුල්ගෙදරට අඳින රෙදි වලට පවා ඉහළ තත්වයේ රෙදිවලින් සකස්කර ඇති සරම හෝ කොට කලිසම සහ නොයෙක් හැඩවැඩ සහ සාක්කු සහිත අත්කොට කමිස මිලදී ගත හැක. හිරගෙදර ඇතුලේදී පවා යමක් කළහැකි සිරකරුවෙකු හඳුනාගැනීමේ පළමුවැනි ලකුණ මෙයයි. මරණීය දණ්ඩනයට නියමිත ධනවත් සිරකරුවන් පවා ඉන්දියන් පලයකාට් බෝඩර් සහිත සුදුකොටු සරම්, මිල අධික සැහැල්ලූ සුදු කමිස හෝ කුර්තා කමිස මෙන්ම පිටරටින් ගෙන්වූ පම්ස් සපත්තු අඳින සහ ලෝකයේ ඕනෑම තැනකට කතා කළහැකි ජංගම දුරකථන භාවිතා කරන සිරකරුවන් සිටිති. කිසිම වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඉතා හොඳම තත්වයේ මෙට්ට වලද නිදා ගනිති.

    වික්‍රමසිංහ නම් ප්‍රසිද්ධ ජරාකාරයා වැලිකඩ බන‍්ධනාගාර අධිකාරීව සිටියදී වෛද්‍යවරියන් ඉදිරිපිටදීම පොට්ට නවුෆර් මෙම එස් පී වරයාට තමන්ගේ ජංගම දුරකථයෙන් කතාකර ඇති නමුත් ඉතා බරපතළ දූෂණ චෝදනා සහිත මෙම වික්‍රමසිංහ කොමසාරිස් ලෙස උසස්වීම් ලබා විශ්‍රාම ගියේය.

    ඊලග ප්‍රධාන අවශ්‍යතාවය හොඳ කාමරයක් ලබා ගැනීමයි. මේ සඳහා මාසික කුලියක් ගෙවිය යුතුය. වෙනත් බාධක රහිතව පාඩුවේ සිටීම, කිසිම දේකට පෝළිමේ නොගොස් නිළධාරීන් පවා ළඟටම ගෙන්වා ගැනීම, තමාට ඕනෑ විටක ලොක්කා හමුවීම, ආහාරපාන තමා ළඟටම ගෙන්වා ගැනීම, ඉතා හොඳ තත්වයේ වැසිකිළි සහ ජල පහසුකම්, බරපතළ වැඩ සහිතව සිර දඬුවම් ලබා සිටියද කිසිම වැඩ පාටියකට ඇතුලු නොකිරීම, මුදල්ගෙවා විශේෂයෙන් සකස් කරන ලද හෝ පිටතින් ගෙන එන ආහාරපාන ලබා ගැනීම, තමන් නැහැවීම, තමන්ගේ රෙදි සේදීම පමණක් නොව පුක සේදීමට පවා අහිංසක සිරකරුවන් යොදා ගැනීම, ඇඟ මසාජ් කිරීම, අවශ්‍යතාවය අනුව හොඳ කොල්ලකු ලබා ගැනීම, ඕනෑම වර්ගයක විස්කි පවා ලබා ගත හැකි වීම, ඉඳහිට උපක්‍රමයක් මගින් පිටතට ගොස් ගෑනු සැපක්, ඩ්‍රින්ක් එකක් එහෙම අරගැනීම පමණක් නොව, අති විශේෂ ක්‍රම මගින් සම්පූර්ණ දණ්ඩන කාලයම බන‍්ධනාගාර රෝහලේ හෝ ජාතික රෝහලේ ගත කිරීම මේ වන විට අප දැක ඇති ක්‍රම සහ විධිය. කිසිම වැඩපාටියකට නොගොස් සම්පූර්ණ සමා ලකුණු ලබාගෙන හැකි ඉක්මණින් නිදහස්වීමත්, විශේෂ වෛද්‍ය සහතික මගින් අධිකරණය පවා රවටා ලැබෙන දඬුවම අඩු කර ගැනීමත්, ලබා ඇති දඬුවම් ලිහිල් කර ගැනීමත් නිතර දැකීමට හැකි දූෂිත දේවලට වඩා වියදම් අධිකය. මේවා ජනාධිපති සමාවට අමතර දේවල්ය.

    සියලු දෙනාටම තවමත් අමතක විය නොහැකි, අධිකරණයට අපහාස කිරීම නිසා සිර දඬුවම් ලැබූ එස්බී ගේ කතාව ප්‍රසිද්ධ කරුණකි. එම කෙරුවාවේදී ඔහු විසින් තව තවත් අධිකරණයට අපහාස කිරීමත්, හිරගෙදර ලොක්කන් සිරකරුවාට අවනතව සිර දඬුවම නීති-රීති වලට අනුකූලව ක්‍රියාත්මක නොකරමින් අධිකරණයට අපහාස කිරීමත්, ජාතික රෝහලේ දොස්තරලා තම වෘත්තීය අභිමානය පවා කෙලෙසා දමමින් ව්‍යාජ රෝග තත්වයන් මවා පෙන්වමින් අධිකරණයට අපහාස කිරීමත්, ලොකු දොස්තරලා රෝහල් කාමරය තුලටම විස්කි ගෙනැවිත් සිරකරුවා සමගම විස්කි බීමත්, සිරකරුවා තමාට රිසි පරිදි පවුලේ අය සමග රෝහල් කාමරය තුල සිර දඬුවම ගෙවීමත් සිදුවිය. මහ ජනතාව විසින් මොහු මැතිවරණයෙන් පරාජය කළ පසු පවා ඇමතිකමක්ද ලබාගෙන, “මම හිරගතව සිටියදී ජාතික රෝහලේ සිටියේ බොරුවට“ යයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමද අපූරුය.

    සාමාන්‍ය පුද්ගලයකුට පමණක් නොව ජාතික රෝහලේ වෛද්‍ය හෝ හෙද නිළධාරීන්ට අසනීප වූ විට පවා මෙම මර්චන්ට් වාට්ටුවෙන් කාමරයක් ගැනීම පහසු නොවේ. නමුත් රටේ ඕනෑම තක්කඩියකු හෝ කුඩු මුදලාලියකු හිරගත කළවිට රෝගයක් නොමැතිව පවා එහි කාමරයක් වෙන් කරගත හැක. මහින්ද රාජපක්ෂ වරක් ප්‍රකාශ කොට තිබුනේ මෙම සිරගෙදර වාට්ටුව අලුත්වැඩියා කිරීමට වසා දමා ඇත්තේ අගමැතිගේ නියෝග අනුව බවයි. මේ අනුව මෙරට ප්‍රධානම රජයේ රෝහලේ 1 වැනි පංතියේ ගෙවන වාට්ටු මරා විසින් හිර ගෙදරට වෙන් කොට ඇති බව පෙනේ. යහපාලනය විසින්ද මෙම තත්වය නොවනස්ව පවත්වා ගන්නේ රටේ මහජනතාව අන්ධයන් ලෙස සිතා විය යුතුය. පසුගිය කාලයේ නීතීඥ සංගමය ඇතුලු බුද්ධිමතුන් සහ සිවිල් සංවිධාන විසින් රටේ නීතිය පවත්වා ගැනීම සඳහා වැය කළ කැපවීම තවමත් නියමිත ආකාරයෙන් පලදරා නොමැත. තෙරපුම අත්නොහළ යුතුය.



    ජේලර් පොඩ්ඩා (ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.24, ප.ව‍‍‍‍‍‍.1.45)


    tumblr_lqdhg8aTR31qa8xyfo1_r1_500.gif


    bump11.jpg
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඇතුලෙ සැපයි බන් එලියට වඩා. බලපන් මට ඉන්ටනෙට් පහසුකම් පවා තියෙනව. කන්නද බොන්නද සේරම ලැබෙනව.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇතුලෙ සැපයි බන් එලියට වඩා. බලපන් මට ඉන්ටනෙට් පහසුකම් පවා තියෙනව. කන්නද බොන්නද සේරම ලැබෙනව.

    ඔය ඉන්නේ first hand experience තියෙන එකක්
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඇතුලෙ සැපයි බන් එලියට වඩා. බලපන් මට ඉන්ටනෙට් පහසුකම් පවා තියෙනව. කන්නද බොන්නද සේරම ලැබෙනව.

    ඒ වුනාට කෙල්ලෙක් බදිද්දී පෙට්ටිය හොයනවා.....:lol::lol::lol:
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඒ වුනාට කෙල්ලෙක් බදිද්දී පෙට්ටිය හොයනවා.....:lol::lol::lol:

    මම මම වෙන ත්‍රෙඩ් එකක් බලල ආවේ......උබ වෙලේ සුදානම් ඉතින් ගෑනු ඔස්තාර් කෙනෙක් වෙන්න එපැයි,ඒ වුනාට බදිද්දී වජනිටි ටෙස්ට් කරනවා කියලා දාල තිබ්බේjust kidding;)
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මම මම වෙන ත්‍රෙඩ් එකක් බලල ආවේ......උබ වෙලේ සුදානම් ඉතින් ගෑනු ඔස්තාර් කෙනෙක් වෙන්න එපැයි,ඒ වුනාට බදිද්දී වජනිටි ටෙස්ට් කරනවා කියලා දාල තිබ්බේjust kidding;)

    මම බලන්නෑ කියල බන් තිබ්බෙ ඒකෙ :eek: