" හිර ගෙදර හිඟන්නට දන්සලක්, මොළේ තියෙන එකාට විශ්වවිද්‍යාලයක් බං" - මම බන්ධනාගාරයට යන කොට කීපදෙනෙක්ම කියලා ගියා. " ඒකත් වෙනම ලෝකයක්, ඒකත් දැකපං" - තව එකෙක් කියලා ගියා.
අත්දැකීම වේදනාකාරියි, නමුත් පාඩම් ඉගෙන ගන්න ඒ වේදනාව දැනෙන්නම ඕනේ.
උසාවියෙන් රිමාන්ඩ් කලාම, බන්ධනාගාර බස් එකෙන් හිර ගෙදරට අරගෙන එනකොට රෑ බෝ වෙලා. අත් දෙකේ මාංචු. ඔළුව රෙද්දකින් වහලා. වේල් දෙකක් හරියට කෑවේ නැති නිසා බඩ ගින්න එහෙන්. ඇතුලට ඇවිත් නම ගම විස්තර ලිපි ලේඛණ ගත කෙරුණා. මම යන කොට හැමෝම නමින්ම දන්නවා. අරගලයේ පැතුම් කියලා. තිබුන පීඩනයෙන් මගේ මූණ කම්පාවෙන් බර වෙලා. තව චුට්ටකින් නොදන්නා ලෝකයකට විවෘත වෙනවා. එතකං දැම්මා පුංචි හිර කූඩුවකට.
" අරගලයේ පැතුම් එලියට එන්න" - ටික වේලාවකින් කතා කලා. ඊළඟට STF එකෙන් පරීක්ෂා කරන තැන පෝළිම. කාමරේකට අරගෙන ඇඳුම් ඔක්කොම අයින් කරලා, ලෝහ පරික්ෂා කරන උපකරණය අල්ලලා බැලුවා. මගේ ළඟ තිබුන මල්ලේ බඩුත් ඇරලා බැලුවා. විස්තර ඇහුවා. රැකියාව මොකක්ද ? මගෙන් ඇහැව්වා. මම ඩොක්ටර් කෙනෙක්. ඔවුන් මදක් නිහඬ උනා.
ඊට පස්සේ ඒ විශ්වවිද්‍යාලයේ දොර ඇරුණා. මගේ මූඩ් එක තාම හරි අවුල්. හිතේ කම්පාව. ඇස් බිමට බර වෙලා. ගේට්ටුවෙන් ඇතුලට ගිහින් ලියාපදිංචි කාර්‍යාලයට ගියා. නොම්මරේ එක්ක පොටෝ එක ගැහැව්වා. දැන් නිල වශයෙන් සිර කරුවෙක්. බඩ ගින්න උහුලන්න බෑ. සිර කරුවන් එහේ මෙහේ. කුස්සිය පැත්තට යනවා. නිලධාරීන් කෑ ගසමින් ඔවුන් මෙහෙයවනවා. බස් එකේ ආපු ඔක්කොම අය ලියාපදිංචි කරන්න වෙලාව ගියා.
"අපි කාලා නෑ." - අපිත් එක්ක ගිය තව කෙනෙක් කිව්වා. "පොඩ්ඩක් ඉඳපං"- නිලධාරියෙක් කිව්වා. ටික වෙලාවකින් පෝළිමට අපිව කුස්සියට ගෙනිච්චා. පකිස් පෙට්ටියක වහලා තිබුන කෑම ලොක් ඇරලා අරගෙන දුන්නා. කන්න පිඟානක් කෝ? මාත් එක්ක එකට උසාවියෙන් රිමන්ඩ් කරපු කුඩු නඩුවක සැකකරු කැඩිච්ච යකඩ පිඟානක් හොයා ගෙන ආවා. ඒකට ඔහු බත් සහ කැරට් හොද්දක් බෙදා ගෙන ආවා. අපි දෙන්නම ඒක රහ නොබලාම ගිල දැම්මා. කල්දේරමක පියන වටේට බත් දාගෙන , හොදි නාවගෙන අනිත් අය බිම තියා ගෙන සප්පායම් උනා.
ඊට පස්සේ අපිව අරගෙන ගියා ක්ලිනික් එකට. ටික වෙලාවකට පස්සේ මැදිවියේ දොස්තර නෝනා කෙනෙක් ආවා. මාස්ක් එකක් දාගෙන ඈත ඉඳගෙන ප්‍රශ්න ඇහැව්වා. පොලීසියෙන් ගැහැව්වාද? වෙන ලෙඩ තියෙනවා ද? කොරොනාවට එන්නත් විදලද? ඒ උත්තර සටහන් කර ගත්තා.
තව ටිකක් වෙලා ඉන්න උනා. මම බිම ඉඳගෙන , බොරළු අහුල අහුල ඈතට විසිකලා. ඇයි එහෙම කලේ කියලා මම දන්නේ නෑ. "පැතුම් නේද? " ඈතින් කූඩුවක කට්ටිය කතා කරනවා. ඔවුන් ලඟට යන්න බය උනා. බැනුම් අහන්න වෙයි කියලා. "මෙහේ එන්න ,මෙහේ.එන්න, මෙන්න වතුර බෝතලයක්. අපි අරගලයේ කට්ටියට සළකනවා. බය නැතුව ඉන්න." ඔවුන්ට දෙන්න තියෙන ඉහළ ආකාරයකින් මට ගරු කරලා කතා කලා. අලුත් ෆැන්ටා බෝතලයක් හෝදලා ඒකට දාලා තිබුන වතුර එකෙන් මම උගුරු කීපයක් බිව්වා.
දැන් තියෙන්නේ අපිව කූඩුවකට දාන්න. කූඩු මහ ගොඩක් තියෙන මේකේ කූඩුවක මොකක්ද කියලා තීරණය කරන්නේ ජේලර් මහත්තයා. ඔක්කොටම කූඩු ලැබුනා. මම අන්තිමයා. ආහ් මෙයා අරගලයේ නේද? හරි එයා ටිකක් කල්පනා කලා. මෙයාව අපි දාමු M2 එකට. ඒක විශේෂ කූඩුවක්. ටිකක් කල් ඉන්න කට්ටිය ඒකේ ඉන්නේ. ඒ නිසා තදබදය තරමක් අඩුයි. මේකේ ඇතුලෙත් අනතුරු වෙන්න පුළුවන්. මේ කූඩුවේ ඔයාට ආරක්ෂාව හොඳයි. පරිස්සමෙන් ඉන්න, ඔවුන් මට උපදෙස් දුන්නා.
දවසේ ගමන් මහන්සිය එක්ක මටත් දැන් අමාරුයි. නිදිමතයි. නිලධාරියෙක් මාව එක්කගෙන ගියා. කූඩුවක දොර ඇරුණා. නොදන්නා මිනිස්සු 10 දෙනෙක් ඉන්න පුංචි කාමරේකට මාව කොටු උනා. "මෙයාව බලා ගන්න" නිලධාරියා මාව ඔවුන්ට ඉදිරිපත් කලා.
" ආහ්, මේ අරගලයේ පැතුම් කර්නර්," මාව පිළිගන්න ඉදිරියට ආවේ පකිස්තාන ජාතික අක්මාල් බායි. හැබැයි සුද්ද සිංහලෙන් කතා කරගෙන. දොරට උඩින් හයි කරලා තිබුන ටීවී එකේ දෙරණ ප්‍රවෘත්ති වල පැතුම් කර්නර් රිමාන්ඩ් කිරීමේ නිව්ස් එක පතුරු ගහනවා. ඒත් එක්කම ඒ ප්‍රවෘත්තියේ හිමිකරු තමන්ගේ කූඩුවට එනවා. එතන තිබුනේ පිළිගැනීමක්. ඒක සමහර විට බන්ධනාගාරය තුල celebrity effect එකක් වෙන්න ඇති.
ඒ රාත්‍රිය දිග වෙයි. මට හිතුනා.
පැතුම් කර්නර්