හිරුණිකා ගම්මන්පිලගේ රෙදි ගලවයි..! (Video)

Oct 4, 2017
231
13
0
හිරුණිකා ගම්මන්පිලගේ රෙදි ගලවයි..! (Video) ඇට දෙක &#

0-Hiru-Press-11Oct2017.jpg

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය තමන්ට අපහාස කළා යැයි කියා රුපියල් මිලියන 500 ක් ඇයගෙන් වන්දි ඉල්ලා පැවරූ නඩුවකට සාක්ෂිදීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නොපැමිණි හෙයින් අධිකරණය විසින් තමන්ට ඒකපාර්ශවික නඩු තීන්දුවක් ලබාදුන්නා යැයි මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කෙළේය. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට තමා වෙත රුපියල් මිලියන 500 ක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇතැයි කී උදය ගම්මන්පිල  නුදුරේදීම තමන් වෙත එම මුදල ගෙවීමට සිදුවනු ඇතැයිද කීවේය.
 
කෙසේ වෙතත්, උදය පී. ගම්මන්පිල විසින් ඒකපාර්ශ්විකව ලබාගත් නියෝගයක් පිළිබඳව මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාරයන් සිදුකරමින් යන බව පවසමින් එහි සත්‍ය තොරතුරු හෙළි කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අද(11) පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
 
එහිදී, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් උදය ගම්මන්පිලගේ රෙදි ගලවා දැමුවාය. ඇයගේ ප්‍රකාශය මෙසේය
 
“උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා පසුගිය දිනවල මාධ්‍ය සංදර්ශණයක් පවත්වමින් මට විරුද්ධව නඩු තීන්දුවක් ලබා ගත් බවට මහා බොරුවක් පැවසුවා. ඉන් අනතුරුව ළදරුවෙක් වගේ මට අයිති භාණ්ඩ හා දේපල නම් කර කර ඒවා මගේ තමයි කියමින් විහිළු සහගත ප්‍රකාශ කළා. ඒ වගේම මට දැනගන්න ලැබුණු විදිහට බ්‍රයන් ෂැඩික් ඔහුට විරුද්ධව පවරලා තිබෙන නඩුවෙනුත් තමාට ලැබෙන්නේ මේ වගේ තීන්දුවක් යැයි ඔහු කියා තිබෙනවා.
 
මම කියන්න කැමතියි අද මේ උත්තර දෙන්නේ උදය පී ගම්මන්පිලට නෙවෙයි රටට, මම අපේ හිතවත් මාධ්‍ය මිතුරන්ගෙන් බලාපොරොත්තු වෙනවා පී. ගම්මන්පිල මහතාගේ පණ පෙවූ බොරුවලට ලබාදුන්න ප්‍රසිද්ධියම උදය පී ගම්මන්පිලගේ නිරුවත හෙළි කරන මගේ ප්‍රකාශයටත් ලබා දෙයි කියලා.
 
අපි මුලින්ම මේ සිද්ධිය ගමු. පසුගිය සමයේ ගිරය නම් රූපවාහිනී වැඩසටහනකට මම සම්බන්ධ වුනා. උදය පී ගම්මන්පිල මැතිතුමාත් ඒ වැඩසටහනට පැමිණියා. ඒ වැඩසටහන අතරතුරදී පී.ගම්මන්පිල මහත්මයා කාන්තාවන්ට කරන අපහාස පිළිබඳ මට කතා කරන්න සිදු වුණා. ඒ අනුව මට හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග මැතිතුමාගේ දියණිය වන මන්ත්‍රී මල්ෂා කුමාරණතුංග මහත්මිය පෞද්ගලිකව පැවසූ දෙයක් පිළිබඳ මම ප්‍රකාශ කළා. එහිදී ඔහු එය කියූ බව පිළිගත්තා.
 
ඒ කාරණාවත් මම කියන්නම්, ඔහු මල්ෂා සමග කියා තිබුනේ "හිරුණිකා එක්ක හිටියොත් මට ඒඩ්ස් වැළඳෙයි" කියලා කතාවක්. ලෝකෙට පේන්න තමා මහා උපාසකයෙක් කියලා පෙන්නාගෙන හිටියට, ගෑණු අයටත් නැති ගෑණු ගතියි මෙතුමට තියෙන්නේ. ඉතින් ඔහුගේ ඒ මඩ ගැහීමට පිළිතුරු වශයෙන් තමයි මම ඔහුගේ මඩ තැවරුණු සිල්රෙද්දෙන් වහගෙන ඉන්න බොරු සීලවන්ත කම ගැන කිව්වේ. ඔහු මෙහෙම කියන්න හේතුව මොකක්ද කියල මම හෙළි කරන්නම්, ඔහුට තිබුණා මාත් එක්ක ප්‍රශ්ණයක්, ඒ තමයි වසර ගණනාවක් පොලොවේ පස් කාගෙන දේශපාලනය කරලත්, එදා ඡන්දයේදී ඔහුට වඩා ඡන්ද දහස් ගාණක් ලබාගනිමින් මම පළවෙනියා වීම නිසා ඔහුට මට දෙවනි වෙන්න සිදුවීම. ඒ සිදුවීමත් එක්ක ඔහු මවාගෙන හිටිය පුහු දේශපාලන පෞරුෂයට දැවැන්ත පහරක් වැදුනා. මහඇමති පුටුව අපේක්ෂාවෙන් නුගේගොඩ මහ ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් සංවිධානය කළ ඔහු අන්තිමේදී මටත් පරාද වුනා.
 
ඉතින් ඕකයි මේකට හේතු වුණු මූල කාරණය. ඉතින් එදා මාධ්‍ය ඉදිරියේ ගිරය වැඩසටහනේ ඔහු ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක්ට බරපතල මූල්‍ය අපරාධයන් කිරීම පිළිබඳවත් මම කරුණු හෙළි කළා. ඒ කරුණු මම හොඳින් අසා තහවුරු කරගත් කරුණු. මම නැවතත් කියනවා මම කියූ කරුණු කිසිසේත්ම සාවද්‍ය කරුණු නොවෙයි. මම නීතිඥවරියක් මම දන්නවා සාක්ෂි නොමැතිව කරුණු ප්‍රකාශ කළොත් ඇති වන නීතිමය පසුබිම ගැන.

එහෙනම් මෙතන වුනේ මොකක්ද?

එතැන වුනේ මගේ ප්‍රකාශයෙන් තමන්ගේ නිරුවත හෙළිවීම නිසා, කෝපයට පත්වුණු උදය පී ගම්මන්පිල මහත්මයා නූල් සූත්තරයක් දාලා අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹීම. මෙවැනි නඩුවක් පවතින බව මා කිසිම අයුරකින් දැන සිටියේ නෑ. මොකද මට සිතාසි ලැබුනේ නැහැ. මට සිතාසි ලැබුණා නම් මම අධිකරණයට අනිවාර්යයෙන්ම එනවා. එහෙම නෑවිදින් ඉන්න කිසිම හේතුවක් නැහැ. කොහොම නමුත් ගම්මන්පිල මම නැතිව නඩුව ඒක පාර්ශිකව විභාග කරවාගෙන නියෝගයක් ලබාගෙන තිබෙනවා.
 
ඒ නියෝගය මා වෙත ලැබුණායින් පසු මම පුදුම වුණා. මොකද එහෙම නඩුවක් පැවති බව මම දැනගෙන සිටියේ නෑ. නමුත් මේක දැනගත් වහාම අධිකරණයට පෙත්සමක් හා දිව්රුම් පෙත්සමක් වහා ඉදිරිපත් කළා. ඒ අනුව දැන් මෙම නඩුවට විරෝධතා ගොණු කිරීමට පී. ගම්මන්පිල මහතාත් දිනයක් ලබාගෙන තිබෙනවා.
 
තත්ත්වය මෙසේ තිබියදී, ගම්මන්පිල විසින් මාධ්‍ය හමුවේ මට විරුද්ධව නඩු තීන්දුවක් ලබාගත් බවට අමු බොරු ප්‍රකාශයක් කරනවා. එපමණකින් නොනැවතී කුඩා දරුවෙක් වගේ අපේ පවුලට අයිති භාණ්ඩ හා දේපල නම් කරමින් ඒවා තමාට අයිතිවන බවට පවසමින් මාධ්‍ය සංදර්ශණයක් පවත්වා ජනතාව රවටමින් බාල සතුටක් ලබනවා.

1.      ගම්මන්පිල මහතාගේ පක්ෂයේ නායකයෙක් වන නීතිඥ තුෂාර දිසානායක මාධ්‍ය හමුවකදී අභියෝගයක් කලා ගම්මන්පිල මහතා ඊට පෙර කවරමදාකවත් සිරගතවී සිටියා යැයි ඔප්පු කළොත් පිවිතුරු හෙළ උරුමය විසුරුවාහරින බවට. ලසිත පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී පැහැදිලිවම ඔප්පු කළා ඩර්ක් පෙරේරා නම් අයෙකුට චෙක්පත් වංචාවක් කිරීම නිසා උදය ගම්මන්පිල මහතා බන්ධනාගාර ගතව සිටි බවට. නමුත් අද වෙනතුරු පිවිතුරු හෙළ උරුමයේ විසිරුවා හැරීමක් සිදුවුනේ නැහැ. හොරා එහෙමමයි.
 
මම එදා ගිරය වැඩසටහනේදී කියූ පරිදිම මොහු අර අහිංසක ඕස්ට්‍රේලියානු ජාතිකයාට කළ වංචාව අද වන විට හෙළිවී මහාධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගතවී, දැන් ඇප පිට එළියට ඇවිත් ඉන්න ගම්මන්පිල මේ විදිහට මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටිනවා. මම ජනතාවට එකක් මතක් කරනවා. ඒතමයි අමතක කරන්න එපා ගම්මන්පිල ඇප පිට එළියට ඇවිත් ඉන්න විත්තිකරුවෙක්. අනික මොහු මට කළ අයුරින්ම බ්‍රයන් ෂැඩ්ඩික්ගේ සාක්ෂි බිඳ වැටීමට ලක්වුණා යැයි බොරු කියමින් මාධ්‍ය සංදර්ශන දිගින් දිගටම පවත්වමින් සිටිනවා.
 
බ්‍රයන් ෂැඩ්ඩක්ට මොහු කළ වංචාව මේ වන විට හෙළිදරව් වෙමින් පවතිනවා, එහෙනම් මොහු ඇයි මේ මාධ්‍යවලට බොරු කියන්නේ ? මම ඒකත් හෙළි කරන්නම්, ඒ තමයි හිරේ වැටී මන්ත්‍රී ධුරය අහිමිවීමට නියමිත තමාට කවදා හරි යළි දේශපාලනයට පැමිණීමට ඉඩක් හදාගන්නයි ඔහු බොරු කියන්නේ. ඔහු කරන්නේ බරපතල වරදක්, අධිකරණය පිලිබඳ ජනතාව තබා ඇති විශ්වාසය පළුඳු කිරීමේ කූට වැඩපිළිවෙලකයි ඔහු මේ නියැළිලා ඉන්නේ, ඇයි ගම්මන්පිල මහතා විටින් විට මාධ්‍යවලට නඩුවේ පැමිණිලිකාරයින්ගේ සාක්ෂි බිඳ වැටුනා, මම ඔන්න දින්නා, මෙන්න දින්නා වැනි ප්‍රකාශ කරමින් සිට එක් වරම හිරේ වැටුනු විට මෙය දේශපාලන පළිගැනීමක් කියා රටට කියාගන්නයි ඔහුගේ දැන් එකම බලාපොරොත්තුව. එතකොට කවදා හරි ආයේ ජනතා අනුකම්පාවෙන් දේශපාලනේට පැනගන්න පුළුවන් කියන එකයි ඔහුගේ එකම බලාපොරොත්තුව.
 
තමා නඩුව දිනමින් සිටින බවට මේ විදිහට මාධ්‍යවලට බොරු බේගල් කියමින් ඉන්න ගම්මන්පිල මහත්තයා ගැන විහිළුවට කාරණය නම් ඔහුම අප්‍රසිද්ධියේම දිව්රුම් ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණයට දෙමින් වරද පිළිගෙන තිබීමයි. ඒවායේ අදාල පිටුවල පිටපත් දැන් මම ඔබ වෙත ලබා දෙනවා, මේවා ඕනෑ අයෙක්ට අධිකරණයෙන් ලබාගන්න පුළුවන් ප්‍රසිද්ධ ලේඛන.
 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වශයෙන් මම අද වගකීමෙන් මෙතැන ගම්මන්පිලගේ ඔස්ට්‍රේලියානු ජාතිකයාගේ නඩුව පිළිබඳ සියල්ල ඔහුගේම වචනවලින්, ඔහුගේම මාධ්‍ය ප්‍රකාශවලින්, සහ ඔහුගේම දිව්රුම් ප්‍රකාශවලින් සාක්ෂි සහිතව හෙළි කරනවා. මම බලාපොරොත්තු වෙනවා මාධ්‍ය මගින් මේ සියල්ලට ඔහුට ලබාදුන්න ප්‍රචාරයම ලබා දෙයි කියලා.
 
ඒ වගේම හැමදාම කියවනවා වගේ මම මේ අද හෙළි කරන කරුණුවලට ගම්මන්පිලට බොරුයි කියා කියන්න බැහැ. මොකද ඔහුමයි මේවා කිව්වේ, ඒ වගේම ඔහුමයි මේවා ලියලා අත්සන් කරලා අධිකරණයට දුන්නේ.
 
දැන් අපි බලමු ගම්මන්පිල මාධ්‍යවලට සැරින් සැරේට කියපු බොරු. මේවායේ සීඩී පට ඔබ වෙත ලබා දීලා තිබෙනවා.
 
Video – 01 හි,  මුලින් කියනවා,
 
"බ්‍රයන් ෂැඩ්ක්ට ජීවිතේට පෑන් ඒෂියා බැංකුවේ කොටස් කිසිම දවසක තිබුනේ නැහැ කියලා."
 
පස්සේ කියනවා,
"ප්‍රශ්ණගත ඇටර්නි බලපත්‍රයෙන්ම කොටස් අරගෙන තිබෙනවා වගේම කොටස් විකුණලා තිබෙනවා කියලා,"
 
ඒ අනුව ගම්මන්පිල තමා කළ බොරු අංක 1 පිළිගනිමින් බ්‍රයන්ට පෑන් ඒෂියා බැංකුවේ කොටස් තිබූ බව තමාම පිළිගනිමින් තමා කළේ බොරු බව පිළිගන්නවා.
 
ගම්මන්පිල මහත්තයෝ දැන් කියන්න අපි පිළිගන්න ඕනේ,
 
"ඒ ගම්මන්පිල කියන එකද පී. ගම්මන්පිල කියන එකද කියලා."
 
Video – 02 හි ඔහු කියනවා,

"ඔහු කිසිම දවසක මට ඇටර්නි බලපත්‍රයක් දුන්නු බවට කිසිම… සාක්ෂියක් නැහැයි කියලා."
 
පස්සේ ඔහුම කියනවා,

‘බ්‍රයන් ෂැඩ්ඩික්ගේ අවුරුදු 10ක් පෞද්ගලික ලේකම් විදිහට කටයුතු කරපු රෝස් ස්මිත් දිව්රුම් ප්‍රකාශයකින් තහවුරු කරලා තියෙනවායි කියලා ගම්මන්පිලට ඇටර්නි බලපත්‍රයක් බ්‍රයන් ෂැඩික් ලබා දුන්නායි‘ කියලා.

ඒ ගම්මන්පිලද? පී ගම්මන්පිලද?

ගම්මන්පිල මහත්තයෝ දැන් කියන්න අපි පිළිගන්න ඕනේ, "ඒ ගම්මන්පිල කියන එකද පී. ගම්මන්පිල කියන එකද කියලා."
 
ඒ වගේම මොහු අධිකරණයට ලබා දුන් ඇටර්නි බලපත්‍රවලටත් ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. තමං කරලා තියෙන වංචාවට කරවටක් එරිලා ඉන්න ඔහු එහිදී මෙහෙම කියනවා,
 
"වර්ෂ 1997 දී සහ වර්ෂ 2000දී පෙත්සම්කරුගේ ඇටර්නි බලකරය භාවිතා කර ඩිජිටල් නොමිනීස් ලිමිටඞ් ආයතනය සතුව පැවති කොටස් අලෙවි කිරීම.
 
39. පෙත්සම්කරු (උදය ගම්මන්පිල) ප‍්‍රකාශකර සිටින්නේ ඉහත කී වාර්ෂික මහා රැස්වීමෙන් අනතුරුව ඩිජිටල් නොමිනීස් සීමාසහිත සමාගම විසින් පෙත්සම්කරු (උදය ගම්මන්පිල) සතුව පැවති ඇටර්නි බලපත‍්‍රයෙන් මිලදී ගත් කොටස් මිලියන 2,100,000 වර්ෂ 1997.12.04 වන දින වනික් ඉන්කෝපරේෂන් ලිමිටඞ් සමාගමට විකුණා ලබාගත් මුදලින් 6 වන වගඋත්තරකරු(සිඩ්නි ජයසිංහ) පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලදී ගැනීමට ලබාගත් මූල්‍ය පහසුකම්වලින් (ණය) කොටසක් සමථයට පත් කරනා ලද බවය.
 
ඒ. පෙත්සම්කරු (උදය ගම්මන්පිල) තවදුරටත් ප‍්‍රකාශකර සිටින්නේ 6 වන වගඋත්තරකරුගේ අරමුදල් යොදා ඔහුගේ (සිඩ්නි ජයසිංහගේ) ඇටර්නි බලපත‍්‍රය මගින් ඩිජිටල් නොමිනීස් සමාගමට මිලදී ගත් කොටස් 2,000,000ක් පෙත්සම්කරුගේ (උදය ගම්මන්පිලගේ) ඇටර්නි බලපත‍්‍රය භාවිතා  කර 2000.07.24 වන දින ධම්මික පෙරේරා මහතා හට විකිණූ බවයි.
 
බී. පෙත්සම්කරු ප‍්‍රකාශ කර සිටින්නේ ඉහත කී කොටස් විකිණීමෙන් ලබාගත් මුදල් 6 වන වගඋත්තර කරුට(සිඩ්නි ජයසිංහට) ලබාදුන් බවයි."
 
මුලින්ම කියන්න ඕනේ මම මේ වංචාව ගැන හොඳින්ම දන්නවා, මොකද මම බ්‍රයන් ෂැඩික් නැමැති ඒ ව්‍යාපාරිකයාගෙන් විමසා සිටි නිසා. මේ ගැන උසාවියේ නඩුවක් පවතින නිසා මේ ගැන මම දන්න සියලු කරුණු හෙළි කරන්න බැහැ නමුත් මම ගම්මන්පිලගේ මේ දිව්රුම් ප්‍රකාශයෙන්ම ඔහුගේ බොරුව ඔප්පු කරන්න කැමතියි. ඒ තමයි ඔබ අර කලින් දැකපු වීඩියෝවේ කියපු බොරුව. එහිදී ඔහු හැමදාමත් කරනවා වගේ මාධ්‍යවල ගිරවෙක් වගේ කියව කියව ගියා බ්‍රයන් ෂැඩ්ඩික්ට පෑන් ඒෂියා බැංකුවේ කොටස් තිබුනේ නැහැයි කියලා. ඒවුනාට අධිකරණයට මේ දිව්රුම් ප්‍රකාශය දීලා ඔහුම කියනවා බ්‍රයන් ෂැඩ්ඩික්ගේ ඩිජිටල් නොමිනීස් සමාගමට පෑන් ඒෂියා බැංකුවේ කොටස් තිබූ බවත්, ගම්මන්පිලට දීලා තිබුණු ඇටර්නි බලපත්‍රයෙන් ඒ කොටස් විකුණලා ඔහුගේ ව්‍යාපාරික සගයා වන සිඩ්නි ජයසිංහට මුදල් ටික ලබා දුන්නු බවත්, මෙහෙම කරලා ඇයි කලින් මාධ්‍යවලට බොරු කිව්වේ බ්‍රයන් ෂැඩ්ඩික්ට කවදාවත් කොටස් තිබුනේ නැහැයි කියලා. එදා කියන්න තිබුනානේ බ්‍රයන් ෂැඩ්ඩික්ගේ සමාගමට කොටස් තිබ්බා කියලා. ඇයි දැන් උසාවියට ඔහොම එකක් කියන්නෙයි, මාධ්‍යවලට තව එකක් කියන්නෙයි,
 
කොහොමද බොරුවේ තරම, ඇල්වතුරත් නිවලා නේද බීලා තියෙන්නේ. ඉවර නැහැ තව තියෙනවා..
 
මොහු මේ දිව්රුම් ප්‍රකාශයේත් බොරු කර තිබෙනවා, මෙහි එක් තැනක ඔහු කියනවා " පෙත්සම්කරු (උදය ගම්මන්පිල) සතුව පැවති ඇටර්නි බලපත‍්‍රයෙන් මිලදී ගත් කොටස් මිලියන 2,100,000" කියලා. සරළව කියනවා නම් මේකේදී ගම්මන්පිල කියන්නේ මේ බ්‍රයන් ෂැඩ්ඩික්ට තිබුණු පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1න් භාගයක්ම වගේ ඒ කියන්නේ 2.1 ක්ම අරගත්තේ තමන්ට දීලා තිබුණු ඇටර්නි බලපත්‍රයෙන් කියලා. මෙහෙම කියන ඔහු ඊලඟ පිටුවේදී කියනවා

තමංගේ මිතුරාට දීලා තිබුණු ඇටර්නි බලපත්‍රයෙන් ගත්තු අනික් භාගය තමන්ට දීලා තිබුණු ඇටර්නි බලපත්‍රයෙන් විකිණුවයි කියලා, ඒ විතරක් නෙවෙයි ඔහු කියනවා විකුණලා ගත්තු මුදල් ඒ මිතුරටම දුන්නායි කියලා. මම අහන්නේ  කොටස් අරගත්තේත් තමංගේ මිත්‍රයා නම් ඒ කියන්නේ සිඩ්නි ජයසිංහගේ බලපත්‍රයෙන් නම්, කොටස් විකුණන්නත් ඇයි ඒ බලපත්‍රයම පාවිච්චි නොකළේ කියලා. ඇයි විකුණන්න විතරක් ගම්මන්පිල එන්නේ, ඒ විතරක් නෙවෙයි, විකුණලා සල්ලි ටිකත් ආපහු දෙන්නේ යාලුවාටමයි. ඒ කියන්නේ සිඩ්නි ජයසිංහටමයි එහෙනම් ගන්නේ වෙන කෙනෙක් විකුණලා ගන්න සල්ලිත් ගන්නේ එයාමයි විකුණන්න විතරක් ගම්මන්පිල, මොකක්ද මේ විහිළු කතාව. මේවා තමයි ලෝක විහිලු කියන්නේ,

මට ආයිත් අහන්න තියෙන්නේ, කොහොමද උපාසක මහත්තයාගේ තරම කියලා තමයි. තව ඉවර නැහැ. තව තියෙනවා.

ගම්මන්පිල තවත් දිව්රුම් ප්‍රකාශයක් අධිකරණයට දෙනවා, ඒකේ අත්සන් කරන්නේ ගම්මන්පිලගේ බිස්නස් පාට්නර් ඒ කියන්නේ ව්‍යාපාරික සගයා වෙන සිඩ්නි ජයසිංහ ඔහු ඒකේ කියනවා මෙහෙම,

මා ප‍්‍රකාශකර සිටින්නේ ඩිජිටල් නොමිනීස් සීමාසහිත සමාගම සතුව පැවති කොටස් මිලියන 2 උදය ගම්මන්පිල මහතාගේ ඇටර්නි බලපත‍්‍රය භාවිතා කර ධම්මික පෙරේරා මහතාට විකිණූ බවත්, එකී විකිණීමෙන් ලත් මුදල් උදය ගම්මන්පිල මහතා විසින් මා වෙත ලබා දෙන ලදී.

ඒ කියන්නේ ගම්මන්පිල මෙච්චර කල් මීඩියාවලට "නෑ" කියුව බ්‍රයන් ෂැඩ්ඩික්ගේ කොටස් විකුණපු එක යාලුවාත් ගෙඩි පිටින් පිළිගන්නවා,

ඊට පස්සේ යාළුවා කියන දේ තමයි මිත්‍රවරුණි මේ නඩුවේ හොඳම හරිය. දුමින්ද සිල්වාගේ මට මතක නැහැ නාඩගමත්, ඩේසි ආච්චිගේ මැණික් මල්ලටත් එහා ගිය විහිළුව තමයි මේ. මේ ඔවුන්ගේම වචනවලින්,

"මෙම සිදුවීම සිදුවූයේ වසර 16 කට පෙර වන අතර මා හට දැන් වයස අවුරුදු 73කි. ඒ නිසා මට හරියටම කියන්න මතක නැහැ කොටස් විකුණා ලබාදුන් මුදල්වලට මම මොනවද කළේ කියල."

මොනවද මිත්‍රවරුණි තවත් මේ ගැන කියන්න තියෙන්නේ ? සැපයි නේ ද ? ඕවා තමයි ඇල්වතුරත් නිවලා බොන උදවියගේ වැඩ. ඕස්ට්‍රේලියානු ජාතික ඒ මනුස්සයාට කොටස් මුලින්ම තිබුනේ නැහැ කියුවට, තමංම විකුණලා දැන් කියනවා ඒගොල්ලන්ට මතක නැහැලු කෝටි ගානක සල්ලිවලට කරපු දෙයක්.

මට පේන්නේ ගම්මන්පිල මහත්තයලා උපදෙස් ගන්නේ දුමින්ද සිල්වාගේ නීතිඥයාගෙන්මද කොහෙදෝ. ඒ නිසානේ මේ කොටස් විකුණලා ගත්තු සල්ලිවලට කරපු දේ මතක නැහැයි කියන්නේ. හැබැයි අමතක කරන්න එපා, ඔබතුමාටත් දුමින්ද සිල්වා ගිය තැනටම යන්න වෙන බව දැන් හොඳටම පැහැදිලි වෙලයි තියෙන්නේ.

ඒ නිසා මම කියන්න කැමතියි දැන්වත්, ඔය මාධ්‍යවලට බොරු ප්‍රකාශ කරකර තමං නඩුව දිනන්න යන්නේ කියලා බොරු සමාජ ගත කරන්නේ නැතිව ඉන්න කියලා. මොකද ඔබතුමන්ගේ ඉරණම පැහැදිලියි දැන් හැමෝටම..

පනස් දහසක මාසික වැටුපෙන් ඕස්ට්‍රේලියාවේ පවුලට ලක්ෂ 60 ක් ගෙවන්නේ කොහොමද?

ඒ වගේම මම ගම්මන්පිල මහත්මයාගෙන් ඉල්ලන්න කැමතියි අර නාමල් රාජපක්ෂ කියලා නීතිඥයෙක් හෙළි කරපු ඕස්ට්‍රේලියාවේ කෝටි ගාණක  වත්කම් පිළිබඳ හුටපටයත් මේවා එක්ක ජනතාවට හොඳින්ම තේරෙනවායි කියන එක.

දේශප්‍රේමී පී. ගම්මන්පිලගේ බිරිඳයි දරුවොයි ඕස්ට්‍රේලියාවේ පුරවැසියෝද කියන ප්‍රශ්ණයකුත් දැන තියෙනවා. මොකද දැන් ගම්මන්පිලගේ බිරිඳයි දරුවොයි ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ, දරුවන් දෙන්නා පාසල් යවන්නම ලක්ෂ 60කට ආසන්න හෝ ඊටත් වැඩි මුදලක් වසරකට වැය වෙනවා, රුපියල් පනස්දහසක මාසික වැටුපකින් ගම්මන්පිල මහත්තයා ඕවා කරන හැටිත් දැන් ජනතාවට හොඳින්ම තේරෙනවා.

අනික අමතක කරන්න එපා ගම්මන්පිලට එරෙහිව නඩු එකක් නොවෙයි හතරක් වීමට නියමිතයි. ඒ බ්‍රයන් ෂැඩ්ඩික්ගේ අනෙකුත් ව්‍යාපාර වංචා කිරීමටම තමයි, ඒ අනුව දේශප්‍රේමියාට පවතින තවත් නඩු තමයි,
1)      මෙට්ල් රීසයික්ලින් කලම්බු ලිමිටඞ් නඩුව
2)      සිලෝන් ටී ගාර්ඞ්න්ස් ආයතන නඩුව
3)       ට්‍රිපල් එස් ආයතන නඩුව
4)      ඩිජිටල් නොමිනීස් (පෑන් ඒෂියා කොටස්)නඩුව වශයෙන්.
 
ඇල් වතුර නිවලා බොන අයගේ වැඩ තමයි ඔය. ඒ වගේම මම කැමතියි මතක් කරන්න ගම්මන්පිල හිරගත වෙලා ඉන්නකොට ඔය කලින් කියපු සිඩ්නි ජයසිංහගේ පුතා වන අමිල ජයසිංහ කකුල් වල සල්ලි මිටි බැඳගෙන බන්ධනාගාර නිලධාරීන්ට අල්ලස් දෙන්න ගිහින් අහු වුණු විත්තිය. ඒකට වෙනම නඩුවක් ගිහින් මිනිහාව වැරදි කාරයා වෙලා දඩත් ගෙවන්න සිදු වුණා. ඕකයි සුදු පිරුවට අඳින ගම්මන්පිලගේ නියම තත්ත්වය. ඕවා ගැන කවුරුත් කතාවක් නැහැ.
 
ඒ වගේම මම ගම්මන්පිලට එකක් කියන්න කැමතියි, හැමවෙලේම කරනවා වගේ මේ මම කියාපු කාරණාවලින් එකක් දෙකක් අරන් ෂේප් වෙලා යන්න උත්තර දෙන්නේ නැතුව මම කියපු සියළු කාරණාවලට උත්තර දෙනවා නම් දෙන්න කියලා මාධ්‍යයි ජනතාවයි නොමග යවන්නේ නැතිව.
 
ඉතින් මම නැවත වතාවක් මාධ්‍යවලින් ඉල්ලා සිටීමට කැමතියි මම අද මේ සඳහන් කරපු කරුණු සියල්ල දැන් ඔබට මම පෙන්වපු පරිදි සහ ලබාදුන්නු පරිදි සාක්ෂි සහිත කරුණු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙනුත් ඒවාට මම වගකියනවා, මේ නඩුව ගැන මම මීට වඩා තොරතුරු දන්න නමුත් නඩුවක් පවතින නිසා ඒ ගැන විස්තර කියන්න විදිහක් නැහැ. නමුත් මම විශ්වාස කරනවා මේ කරුණු ටිකම ඇති කියලා ගම්මන්පිලගේ තත්ත්වය දැනගන්න.

ජාවාරම් කාරයින්ගෙන් ඔය විදිහට එකතු කරගත්තු සල්ලි සුදු කිරීම සඳහා රුපියල් 100 ගානේ එකතු කිරීමේ මහා බොරුව කළ හැටි ගැනත් මම කියන්න කැමතියි, එතනදී ඔහු කරලා තිබුනේ ඔහුගේ ලඟ තිබුණු මුදල්ම එවකට ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් ලවුවාම බැංකු ගිණුම්වලට බැර කරවීමයි, ඒකෙන් ඔහු කරුණු දෙකක් බලාපොරොත්තු වෙලා තිබෙනවා, එකක් තමන්ට මෙපමණ පිරිසකගේ සහයෝගයක් තියෙනවා කියලා ජනතාවට ඇඟිල්ලෙන් ඇරලා කීම, අනෙක ඔහුගේ කළු සල්ලි සිදු කිරීම.
 
මා සතුව සාක්ෂි තිබෙනවා, සිය ගණන් පිරිස් උසාවියට ගෙනල්ල ඔය රුපියල් 100 මගඩිය හෙළි කිරීමට කටයුතු කරනවා. අවසාන වශයෙන් මම අහන්න කැමතියි උපාසක ගම්මන්පිලගෙන්, බොරලැස්ගමුවේ තුෂාරි මතකද? කියලා.. කාන්තාවන්ට බොරු පොරොන්දු දීලා ජීවිතේ නාස්ති කරලා දාපු අතීතයක් තමයි ඔය මහත්මයාට තියෙන්නේ. ඒක මම එදත් කිව්වා, අදත් කියනවා.“

ගම්මන්පිලගේ දිව්රුම් ප්‍රකාශ පහත ඉමේජයන්හි ඇති අතර හිරුණිකාගේ මාධ්‍ය හමුවේ වීඩියෝවෙන් කොටසක් පහතින් 

(ලංකා ඊ නිව්ස් - 2017.ඔක්.11, ප.ව.9.05) 
 
Last edited:
  • Like
Reactions: Shadow.Walker

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    වැදගත් දෙයක් දාපන්කො බං මේ වට්ටිඅම්මලාගේ මාර්කටින් ප්‍රොමෝට් කරන්නෙ නැතුව...:P:P
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගම්මන්පිලය දිවුරුම් ප්‍රකාශයක් නම් උසාවියට දීලා තිබ්බා. ඒකේ ඔය දේවල් තිබ්බා. කියන තරම් උපාසකයෝ නෙමේ. කොහොම හරි අලි අලි හෑප්පෙනකොට අපිට තියෙන්නේ බලන් ඉන්න. කොහොමද ගම්මන්පිලය හිරුගේ වීඩියෝ එකක් හොයල එලියට දෑම්මොත්:P
     
    Oct 4, 2017
    231
    13
    0
    ගම්මන්පිලය දිවුරුම් ප්‍රකාශයක් නම් උසාවියට දීලා තිබ්බා. ඒකේ ඔය දේවල් තිබ්බා. කියන තරම් උපාසකයෝ නෙමේ. කොහොම හරි අලි අලි හෑප්පෙනකොට අපිට තියෙන්නේ බලන් ඉන්න. කොහොමද ගම්මන්පිලය හිරුගේ වීඩියෝ එකක් හොයල එලියට දෑම්මොත්:P

    ප්‍රචාතන්ත්රවාදීව උකයි නේ:P
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ගම්මන්පිලය දිවුරුම් ප්‍රකාශයක් නම් උසාවියට දීලා තිබ්බා. ඒකේ ඔය දේවල් තිබ්බා. කියන තරම් උපාසකයෝ නෙමේ. කොහොම හරි අලි අලි හෑප්පෙනකොට අපිට තියෙන්නේ බලන් ඉන්න. කොහොමද ගම්මන්පිලය හිරුගේ වීඩියෝ එකක් හොයල එලියට දෑම්මොත්:P
    podda podda depaththama ketewwaam thamai leak wenne..:P
     

    hakarakata

    Junior member
  • Oct 4, 2017
    36
    2
    8
    ගම්මන්පිලය දිවුරුම් ප්‍රකාශයක් නම් උසාවියට දීලා තිබ්බා. ඒකේ ඔය දේවල් තිබ්බා. කියන තරම් උපාසකයෝ නෙමේ. කොහොම හරි අලි අලි හෑප්පෙනකොට අපිට තියෙන්නේ බලන් ඉන්න. කොහොමද ගම්මන්පිලය හිරුගේ වීඩියෝ එකක් හොයල එලියට දෑම්මොත්:P

    kohomada kattiya digata harahata link illanakota..
    Hiruge link eka kiyala page hadenakota :P
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    ගම්මන්පිලය දිවුරුම් ප්‍රකාශයක් නම් උසාවියට දීලා තිබ්බා. ඒකේ ඔය දේවල් තිබ්බා. කියන තරම් උපාසකයෝ නෙමේ. කොහොම හරි අලි අලි හෑප්පෙනකොට අපිට තියෙන්නේ බලන් ඉන්න. කොහොමද ගම්මන්පිලය හිරුගේ වීඩියෝ එකක් හොයල එලියට දෑම්මොත්:P

    :lol:gammanpila ohoma htyta hena waddek:yes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේකිගේ දේශපාලනේ ඉවරයි , මේකි එලියට බහින්නේ මේකිට වෙන අසාදාරන ගැන කතා කරන්න විතරයි
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගම්මන්පිලය දිවුරුම් ප්‍රකාශයක් නම් උසාවියට දීලා තිබ්බා. ඒකේ ඔය දේවල් තිබ්බා. කියන තරම් උපාසකයෝ නෙමේ. කොහොම හරි අලි අලි හෑප්පෙනකොට අපිට තියෙන්නේ බලන් ඉන්න. කොහොමද ගම්මන්පිලය හිරුගේ වීඩියෝ එකක් හොයල එලියට දෑම්මොත්:P

    ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල්:P
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    ගම්මන්පිලය දිවුරුම් ප්‍රකාශයක් නම් උසාවියට දීලා තිබ්බා. ඒකේ ඔය දේවල් තිබ්බා. කියන තරම් උපාසකයෝ නෙමේ. කොහොම හරි අලි අලි හෑප්පෙනකොට අපිට තියෙන්නේ බලන් ඉන්න. කොහොමද ගම්මන්පිලය හිරුගේ වීඩියෝ එකක් හොයල එලියට දෑම්මොත්[/SIZE]:P


    අන්න මචන් මේ නූලටම ඇති වැදගත් ම දේ.
    .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හිරුනිකා වගේ බඩු වලට ඔච්චර තමා පුලුවන්...ඔව ඔක්කොම අධිකරනයෙදි ඔප්පු කරානම් ඉවරනෙ..නඩුවට එන්නෙ නැතුව නඩුවෙන් කට්ටි පැනල ....තින්දුවට, රුපියල් මිලියන 500 ක් වන්දි ගෙවපන් කියල නියෝගෙ හම්බුනාට පස්සෙ,බුරන්ඩ පටන් අරන්..:lol::lol: පව් ඔය ඔක්කොම අධිකරනය ඉස්සරනෙ කියන්ඩ තිබ්බෙ..:dull: