හිරේ ගියොත් කෝටියයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හිරේ ගියොත් කෝටියයි



    අද උදේ මා මුණ ගැසුනේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් වීරවර්ධන මහතායි. ඒ මහතා සමඟ සාකච්ඡා කර මම ලිඛිතව භාර දුන්නා අපේ තත්ත්වය මොකක්ද කියන එක ජනාධිපතිවරයාට දෙන්න කියලා. අපිට විරුද්ධව කටයුතු කරන ජී. එම්. ඕ. එක තුළ සිටිනවා කණ්ඩායමක් ළමයින් පිටරට යවන මම නම් ටික දෙන්නම් සමන්ත ආනන්ද කියලා ඉන්නවා එයාගේ තාත්තා තමයි ජෙම් මුදලාලි සමන්ත ආනන්ද ජී. එම්. ඕ. එකේ නිලධාරියෙක්, තවත් එක්කෙනෙක් ඉන්නවා ප්‍රසන්න රණවීර කියලා ඒ අය ඔක්කොම රුසියාවට ළමයි යවනවා. තවත් එක්කෙනෙක් ඉන්නවා එයාගෙ නම පස්සෙ දෙන්නම් දැන් මගේ ළඟ නැහැ. මෙඩිකල් කවුන්සිල් එකෙත් වෛද්‍ය සභාවෙත් ඉන්නවා කණ්ඩායමක් මේ ඔක්කොම එකතුවෙලා තමයි මේ සයිටම් එකට විරුද්ධව පෙළපාළි යවන්නේ. ළමයින්ව මුලාවේ දමා ළමයින් එළියට දමා ඔක්කොම උද්ඝෝෂණ කරවන්නේ මේ කණ්ඩායම තමයි.


    පසුගිය දවස්වල අගමැතිවරයා කිවුවා මේකේ ඒජන්ට්ලා තමයි සල්ලි එකතු කරලා අර දුප්පත් ළමයි පෙළපාළි ගෙනිහින් ‍රිමාන්ඩ් කළාම කෝටියක් දෙනවා එක ළමයකුට. ඒ ළමයි උසිගන්වන්නේ ඒ කට්ටිය. :shocked:

    ඒ නිසා ඒ අය වගේම වෛද්‍ය සංගමයේ සිටින මෘගයෝ ටික ආයෙමත් උද්ඝෝෂණ පටන්ගත්තොත් මම හිතන්නේ මහජනයා නිකන් ඉන්නේ නැහැ. මේ ගොල්ලෝ දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් තමයි පටන් ගන්නේ දුප්පත් අම්මලා තාත්තලා කොත්තමල්ලි ටික හාල්‍මැ‍ස්සො ටික ගත්තාම මිරිස්, ලුණු, තේකොළ ගන්න සල්ලිවලින් තමයි මේ ජී. එම්. ඕ. එකේ අයට පඩි ගෙවන්නේ ඒ අයට කාර් දුවන්න සල්ලි දෙන්නේ. ඒ නිසා මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ආයෙමත් වැඩ වර්ජනය කළොත් මේක අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරලා සියලු දෙනාගේම දේපළ රාජසන්තක කරන්න කියලා. ඒක කෙරුවා 1970 ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා අධිකරණ ඇමැති හැටියට ඉන්න කාලයේ වෛද්‍ය සංගමය වැඩ වර්ජනය කරන කොට, අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කළ වහාම හැම දෙනාම වැඩට ආවා. එහෙම නැතුව ආණ්ඩුව මේ යුනියන්වලට ජී. එම්. ඕ. කාරයන්ට රට පාලනය කරන්න දුනහොත්, එදා සෞඛ්‍ය අමාත්‍යාංශය කුඩු පට්ටම් කරයි. ආයෙත් ජනාධිපති කාර්යාලයත් කුඩු පට්ටම් කරයි. ඒ විදියට බලාගෙන ඉන්න බැහැ. ආණ්ඩුවක් නම් හරි විදියට කරන්න ඕන. රජයේ පාර්ශ්වයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තිබෙනවා ළමයින් බඳවා ගැනීම හා උපාධි ප්‍රදානය තාවකාලිකව නවත්වනවා කියන එකට එකඟ වෙන්න බැහැ. එය ක්‍රමවේදයකින් කරන්න ඕන ගැසට් එකකින් එය කරන්න බැහැ. ඒ නිසා අපි ළමයි බඳවා ගන්න දැනට තාවකාලිකව නවත්වා තිබෙනවා. මේක පෞද්ගලික ආයතනයක් ලෙස ළමයින්ව ගන්න වෙනවා. ලබන මාසේ 05 වැනි දා නඩු තීන්දුවෙන් පස්සෙ අපිට පුළුවන් වෙයි ළමයි බඳවා ගන්න. වැඩවර්ජන කරන්න නොදී තදින්න ඉන්න කියලා ලේකම්වරයාට අපි කිවුවා. ඒක ජනාධිපතිවරයාට දැනුම් දෙන්නම් කිවුවා. කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවා කිවුවාට තවම දීලා නැහැ. අපි එයට එකඟ නැහැ. සියයට අනූවක් සයිටම් එකත් එක්ක ඉන්නේ. මේ මෘගයන් පිටුපස්සේ ඒ අය යන්නේ නැහැ ඒකයි ඇත්ත තත්ත්වය. ජී. එම්. ඕ. එක පස්සෙවත් පාරට දුවන ත්‍රස්ත්‍රවාදීන් පස්සෙවත් රටේ ජනතාව යන්නේ නැහැ. සියයට අනූවක් අනුමත කරන්නේ සයිටම් එක නිදහස් අධ්‍යාපනයත් සමඟ යායුතු බවයි. එයයි හරි තත්ත්වය.



     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සියට අනුවක් සයිටම් එකත් එක්කයි කියන්නේ
    ජයවේව නෙවිල් මාමා අපි ඔබ සමගයි