දහවල් ආහාරයෙන් පසුව කානුවෙන් ගලා ආ වේගවත් වතුර පාර දෙස බලමින් ජෑම් ගහ සෙවණේ හිඳ උන් මා වඩා ප්‍රිය කලේ ඒ කානුවට එබිකම් කරන මීයන් රෑන දෙස බලා සිටීමට ය. කානුවේ දිය පහරේ සැරෙන් හේදී ගිය එහි පැති බිත්තිය ගෙවී ගොස් තරමක් ගැඹුරු ආවාට මෙන් සිදුරු පෑදි තිබූ අතර, ඊට ඇතුලින් වූ පස ද ගැඹුරට හාරා ගැනීමෙන් තනා ගත් විශාල මී ජනපදයක් එහි වූයේ ය. මේ මී ජනපදය වනාහී මීයන් දහ දොළොස් දෙනෙකුට වඩා වාස භවන කර ගත් කානුවේ වතුරෙන්ම පෙඟී ගිය එකි නෙකට සම්බන්ධ වූ කුටීර සමූහයකි. එම එක සිදුරක එකා බැගීන් වූ මීයන් සිය හිස එළියට දමමින් කානුවෙන් එන කෑම ඉව කෙරුවේ සිය ඇස් කානුවෙන් ඉහළ වූ සිර කරුවන් වෙත යොමු කරමිනි. සිර කරුවන් වෙතින් මීයන්ට කරදරයක් නොවූවත්, මේ මීයන් සිය බය අත් නොහළේ එය පරම්පරාවෙන් එන පුරුද්ද නිසා විය යුතුය.
කාණුව දිගේ ගලා ආ අපිට ඉහළින් තිබු සිර මැදිරියේ ඉඳුල් පිඟන් වලින් වතුරට වැටුණු බත් ඇට මේ මීයන්ගේ ප්‍රධාන ආහාරය වූයේය. බොයිලේරුවේ තැම්බුණ නාඩු හාලේ බත් ඇට වතුරට වැටී තවත් ඉදිමී තිබුනේ මීයන්ගේ දෑතට හොඳින් හසුවන තරම් මට්ටමට ය. කාණුවට බට මීයෝ සිර කරුවන් එහේ මෙහේ වන තුරු රැක සිට, මේ බත් ඇය අහුලා ගෙන ලේන්නුන් රටකජු කන්නා මෙන් මහා රස ආහාරයක් මෙන් ගිල දැමුවේ ය. ඇතැම් සිර කරුවන් සිය පිඟානේ ඉතිරිය ගෙනැවිත් පොල් සම්බෝලය සමග අනා මේ මී ගුල් වෙත විසි කර හැරියේ ය. එම බත් ගුලි සියල්ලවිනාඩි කීපයක් ඇතුලත නිමා කල හැකි මී රෑනක් මෙහි වූවත්, ඒ සියල්ලෝ වතුරට නොබටහ. ඒ මෙ සියළුම මීයන් විසින් පූර්ණ විශ්වාසය සිර කරුවන් මත තබා නැති හෙයින් විය යුතුය.
මේ මීයන් ගත කරන ජීවිතය දුක්ඛිත ය. උන් නිරන්තරයෙන් කාණුවේ ජරා වතුරෙන් නැහැවෙයි. වතුරට තෙමී බොහෝ මීයන්ගේ සිරුරේ මයිල් ගැලවී ගොස් පුරන් වූ ප්‍රදේශ පවා ඇති වී තිබේ. උන්ගේ ආහාරය ජරා කාණුවකින් අහුලා ගත් බත් ඇට ය. එය අහුලා ගන්නේ ද ජීවිතය පිළිබඳ අප්‍රමාණ භීතියකිනි. එක අතකින් මේ බුදුන් දේශනා කල තිරිසන් ලෝකයයි. සිර ගෙදරක කුණු කාණුවක වූ මී ජනපදයක මීයෙකු වී ඉපදීමට තරම් පව් කල ඈයෝ එහි වෙති. උන් සිටින්නේ ද සිර ගෙදරකය. උන්ගේ ලෝකය මීටර් කීපයක දිග පළල ඇති වතුරෙන් තෙමී ගිය ගුල් ජාලයකි. සිර ගෙදර කා ඉතුරු වන දෙයක් සේදී පැමිණියහොත් මේ මීයන්ට ආහාර ලැබේ. ඒ ගුල් තුල උන් මිය යති, ඉපදෙති, ඒ අතර ජීවත් වෙති.
අනික් අතට මේ මීයන්ගේ ස්වාභාවික ජීවන රටාවයි. උන් ජීවත් වන්නේත් ආහාර ගන්නෙත් ඒ ආකාරයට ය. උන් කැමති අයුරින් වෙසීමට උන්ගේ මී ගහණයට මෙහි අවස්ථාව ලැබී තිබේ. යමෙකුට එය තිරිසන් ලෝකයෙන් කොටසක් ලෙස දැකිය හැකිය. තවෙකෙකුට එය ජීව විද්‍යාත්මක සත්ත්ව කොට්ඨාසයක ස්වාභාවික පැවැත්ම ලෙස දැකිය හැකිය. අප උන්ගේ ජීවිත වලට පිටින් සිට කෙතෙක් බැලූව ද මීයාගේ පැත්තෙන් ඒ ඌ උරුම කර ගෙන පැමිණි ජීවිතයයි. ඌට ඒ ගුල් වලින් පිට ලෝකයක් නොමැත. කෑම, වාසස්ථානය ද ලිංගික වුවමනාව ද ඒ මී ගුල් තුලම උන්ට ලැබේ. ඉන් තෘප්තිමත් නම් මීයෙකු ගුලෙන් පිටවී විමුක්තියක් නොසොයයි. එය උන්ගේ ජීව විද්‍යාත්මක පාරිසරික පැවැත්ම තහවුරු කරයි. කර්මය කුමක්දැයි විමසීමට තරම් හෝ දෛවය වෙනස් කිරීමට තරම් මානසික මට්ටමකට තිරිසන් සතුන් උරුම කම් නොකියයි.
මා මේ මීයන් දෙස බලමින් යමක් තේරුම් ගැනීමට උත්සාහ කරන බව දැක භක්ති මා ලඟට විත් වාඩි වූයේ කතා බහකට විය යුතුය. භක්ති රැඳවියෙකු වී සිටින්නේ කුමන චෝදනා වලට දැයි ඔහු මට පවසා තිබේ. සිය අලුත උපන් කුළුඳුල් දරුවා ද බිරිඳ ද සමග නිවසේ නිදියා ගෙන සිටිය දී ගෙදරට පැමිණි පොලිස් නිලධාරීන් විසින් භක්ති ව අත් අඩංගුවට ගෙන තිබුණේ මීට මාස 3 කට පෙර ය. ඒ ඔහු මෙහි පැමිණි පළමු වාරය නොවූයේ ය. කුඩා ශරීරයකින් හෙබි වූවත් සිර ගෙදර තුල භක්තිගේ ප්‍රතිරූපය ශරීරයට වඩා විශාල එකක් වූයේ ඔහු සම්බන්ධ වී සිටි කණ්ඩායම් නිසා ය. ඒ කණ්ඩායම් මොනවා දැයි ඔහු මට කියා තිබූ නිසා ඒ ඔස්සේ සිර ගෙදර ඔහුට ගොඩ නැගී ඇති ප්‍රතිරූපය තේරුම් ගැනීම අපහසු නැත.
සෑම සිර කරුවෙකුගේ ම මුහුණේ දැකිය හැකි සිර වීමේ සිත් තැවුල භක්ති ගේ මුහුණේ ද දැකිය හැකිය. සිය බිරිඳ ද දරුවා ද ගැන නිතර මතක් කළ ඔහු රහසින් මා සමග ඇතැම් දේ බෙදා ගත්තේ ගමේ පුරුද්දට විය යුතුය. මාගේ උපන් ගමේ ඔහුට ඉහළ පරම්පරාවේ එකෙකු වූ මා හට ඔහු ගරු කොට සැළකීම සිර ගෙදර තුල මාගේ තත්ත්වය ද සිර කරුවන් අතර ඉහළ දැමුවා යැයි මට සිතිණ.
" පැතුම් අයියේ, මම මේවා හැමදාම කරන්නේ නෑ. මේවායින් ගැල වෙන්න ඕනේ. මේ පාර එළියට ගියාම ෂේප් එකේ මම අයින් වෙනවා" - කතාවට මුල පුරමින් ඔහු කියාගෙන ගියේ ය. මොහොතක් ඔහු සමග නැවතුණ මා ඔහුගේම අතීතය ඔහුට මතක් කර දෙන්නෙමියි සිතුවෙමි.
" භක්ති, උඹලාගේ සීයා ගමේ හිටපු කසිප්පු විකුණපු මනුස්සයෙක්. කීප වතාවක්ම හිරේ ගිහින් තියෙනවා. උඹලගේ ආච්චි දරුවෝ ටික හදා ගන්න නොසෑහෙන මහන්සි උනා. උඹලගේ තාත්තාත් යම් යම් වැරදි වලට අහුවෙලා හිරේ විළංගුවේ වැටිලා තියෙනවා. උඹ ඒවා දන්නවා. බලපං උඹගේ අම්මත් දුක් වින්දා. දැන් උඹත් ඒ පාරටම වැටිලා. උඹත් හිරේ ගිහින්. ගෑණියි දරුවයි එළියේ දුක් විඳියි. උඹට මොකක්ද දෙන්න පුළුවන් වගකීම උඹේ දරුවත් ඔය පාරම තෝර ගන්න එකක් නෑ කියලා." - මා කතා කලේ ඔහුගේ හදවතට ය.
මා අත මිට මොළවා ඇඟිලි පේළිය ඔහුට පෙන්නූයෙමි. "බලපං උඹලාගේ දෛවයත් මේ ඇඟිලි පේළිය වගේ. එකිනෙකට බැඳිලා. සීයගෙන් තාත්තට, තාත්තගෙන් උඹට, යන පාරම්පරික උරුමයක් වගේ වෙලා. උඹ කැමති ද උඹේ දරුවත් මේ පාරේ යනවට? " - භක්ති නිහඬව අසා ගෙන සිටියි.
" මේ දම්වැල බිඳපං, මේක උඹලම එකෙක් බිඳින කම් ඒකේ එල්ලි එල්ලි උඹේ පරම්පරාවම එනවා. ඇතුලට ඇදලා ගන්න සුළි කුනාටුවක් වගේ ආයේ ආයේ ඇදිලා එනවා. ඒ නිසා පුළුවන් නම් ඒක නවත්තපං, එහෙම නොවුනොත් උඹේ දරුවත් දවසක මේ බිත්ති අතරේ හිර වේවි. ඒකට වැඩි කල් නැ. ගැලවියන්." - මා කියා ගෙන ගියෙමි.
කාණුවේ දිය පහර හැර වෙනත් ශබ්දයක් මොහොතකට නොඇසුණ බැවින් මා භක්තිගේ උරහිසින් අල්ලා තට්ටුවක් දමා ඔහු සනසා ලූවෙමි. ඔහු සම්බන්ධ වී සිටින මේ රැකියාව්‍ර්න් ගැලවීම ඔහුට ලෙහෙසි නොවේ. මේ නඩු වලට මුහුණ දීමට කාලයක් ඔහුට ගත වන අතර නඩු හබ වලට වියදම් කිරීමට විශාල මුදලක් ද වැය වේ. එබැවින් ඉන් එකවර මිදී ගොස් සැඟවී යා නොහැකිය. ඔහු ජීවත් වන ඒ ක්ෂේත්‍රය ද පහසුව්‍ර්න් යා හැකි තරම් ඉන් නික්මීම සුන්දර නොවිය හැකිය. ඇතැම් විට ඒ නික්මීම් ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් භයානක වියහැකිය. කෙසේ වෙතත් ඔහුට නික්මිය හැකි නම් දරුවාගේ ජීවිතය වෙනස් කිරීමේ හැකියාව ඔහුට තිබේ.
ඔහු ද මා ද ඉපදී තිබුනේ එකම ජනාවාසයේය. නිවෙස් දෙකකට ඔබ්බෙන් තිබූ ඔහුගේ මහ ගෙදර අප සෙල්ලමට ගිය අවස්ථා එමටය. මේ මී ගුල්.වල මීයන් මෙන් අපි එකට කා බී ජීවත් වූ මිනිසුන් වෙති. එහෙත් මාගේ දෛවය වෙනස් කොට ලියා තිබූ අතර ඔහුගේ දෛවය මට වඩා බොහෝ වෙනස් කොට තිබේ. මේ මී ජනාවාස වලින් නික්මීමට මීයන් නොසිතන්න සේම ඒ මිනිස් ජනාවාස වලින් ද නික්මීට ඒ මිනිසුන් නොසිතති. ඔවුන්ගේ ජීවිත ද කර්මයෙන්ම එහි බැඳී ඇත්දැයි මට සිතෙයි. ඒවා වෙනස් කිරීමට හිතනා තරම් පහසු නැත. එක මිනිසෙකුගේ දෛවය වෙනස් කිරීමට කෙතරම් අපහසු දැයි මා හොඳින් දනී. එහෙත් දේශපාලනය තුලින් අප උත්සහ කරන්නේ මිනිසුන් මිලියන 22 කගේ දෛවය වෙනස් කිරීමට ය.
අපි හැමෝටම ඇති වෙන්නට සාමුහිකව එතරම් පිං කර ඇත්දැයි මා නොදනිමි. මේ ගුල් වල සිටිනා මීයන්හට උන්ගේ දෛවය වෙනස් කිරීමට අපහසු විය හැකිය. එහෙත් මිනිසුන් ලෙස අප මීයන් මෙන් ජීවත් විය යුතු නොවේ. ඒ වෙනුවෙන් අප දැඩි ලෙස උත්සාහ දැරිය යුතුය. මේ දේශපාලනය අපට අමාරු වී ඇත්තේ ඒ මිලියන 22 ක දෛවය වෙන්ස් කිරීම එතරම්ම බැරෑරුම් නිසා විය යුතුය.
එහෙත් උත්සාහ කිරීම හැර වෙන විසඳුමක් මා තෝරා නොගනිමි. එවිට භක්ති ලාගේ මෙන්ම දරුවන්ගේ ද අනාගතය ක්‍රමයෙන් වෙනස් කිරීමේ හැකියාව අපට ලැබෙනු ඇත.
පැතුම් කර්නර්
#කොළඹ_හිරගෙදර_ජෑම්ගහ