උදුල් ප්‍රේමරත්න හමු වෙයි
සිය මව දුරකතනයෙන් ඇමතීම
මොහොතකට සංවේදී වීම........
උදෑසන අවදි වත්ම හිරු එළිය වැටෙන යකඩ ගේට්ටුව දිහා බලා සිටීමට සිදු වීම හිත තුල වූ 'මා සිර කරුවෙකුයි' යැන හැඟීම වේගයෙන් අවදි කරයි. උදෑසන හය වන විට ඇහෙන යකඩ තැටිය තලන සද්දය ඇහෙන තුරු කන් දෙකට ඉවසිල්ලක් නැතුවා සේය. නැංගුරම් දමූ නැවක නැංගුරම පපුවට වැටුනා මෙන් නිදි පැදුරෙන් නැගිටීමටත් බැරි බරක් හිතේ කැකෑරේ. බොයිලේරුවක පීඩනයෙන් තැම්බෙන වතුර පපුව මැද්දේ නටමින් පිටවෙන වාශ්ප මෙන් සුසුම් සමග වේගයෙන් පිටවීමට තනයි. ඒවායේ සද්දයට අහලින් නිදන මරුවා ඇහෙරේවී යැයි සිතා හැඟීම් හිත තුලම සිර කර ගැනීම වඩා යෝග්‍යයැයි සිතා ඒ වේදනාවන් හිතේම තද කර ගත්තෙමි.
සිර ගෙදර මේ ගත වන දෙවැනි දවසේ පළමු දිනයට වඩා දැඩි පීඩනයකින් සිත වෙලා ගෙන ය. පෙර දිනයේ මාගේ නීතීඥයා ලෙස හමුවීමට පැමිණි උඳුල් ප්‍රේමරත්න විසින් කියා දී ගිය කරුණු නිසා සිතේ තැවුල වැඩි බී තිබේ.
" උඹව දාන්න ඉන්නේ පෙරැට්ටුවකට. ඕක වට තුනක් ඇදගෙන යන්න පුළුවන්. ඕකෙන් උඹව අනිවාර්යයෙන් හඳුනා ගන්නවා. උඹ එතන හිටියේ නෑ කියලා එකක් නෑ. එහෙම රාජ්‍යයක උඹ ජීවත් වෙන්නේ. එහෙම රාජ්‍යයක් එක්ක උඹ හැප්පුනේ. ඒවාට මූණ දෙන්න වෙන කොට මේ වගේ තමයි."
" උඹ අගෝස්තු 4 නඩු දිනේට යන කොට ඇප ලැබෙයි කියලා විශ්වාස කරන්න එපා. හිත හදා ගෙන ඉඳපං. ලැබුනොත් හොඳයි. නොලැබුනොත් උඹට තවත් ඔය පීඩනය වැඩි වෙනවා. මාස 6ක් වත් ඉන්න සූදානම් වෙයන්." - ඔහුගේ වචන මගේ හිතට කඩා පාත් වූයේ අකුණු ගසන්නාක් මෙනි. උඳුල් මේ හිර ගෙදර යාව ජීව සාමාජිකයෙකුව සිටියේ ය. අන්තරේ කැඳවුම් කරු ලෙස කලක් සේවය කල ඔහු ඒ සමයේ හිර ගත වූයේ පුරුද්දට මෙනි. මේ හිර ගෙදර බොහෝ නිලධාරීන් ඔහු සමග තවමත් බොහෝ හිතවත් ය. වාට්ටු තිබෙන තැන්, ඒවායේ ඔහු සිටි අයුරු, එහිදි මාකඳුරේ මදුෂ් ආදීන් ඇසුරු කිරීමට සිදුවූ අයුරු ඔහු මීට පෙර දමා හට කියා තිබුනේ ය.
කොළඹ නාලන්දයේ 2001 උසස් පෙළට ජීව විද්‍යාව ඉගෙන ගත් මමත් උඳුලුත් එක ලඟින්ම බංකු දෙකේ අන්තිම පේලියේ වූ ගජ මිතුරන් වූයේ ය. මා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සමත් වෙද්දි උඳුල් පේරාදෙණියේ දන්ත වෛද්‍ය පීඨයට ගියේ ය. එහිදී ශිෂ්‍ය දේශපාලනයේ පුරෝගාමියෙකු වූ ඔහු, පූර්ණ කාලීන ක්‍රියාකරුවෙකු ලෙස අන්තරේ සමග එක් වූයේ දන්ත වෛද්‍ය අධ්‍යාපනයට සමු දීමෙනි. එහෙත් ඒ සමගම සමගාමීව නීති විද්‍යාලයට එක් වූ ඔහු පසු කාලීනව නීතීඥයෙකු ලෙස සමත් වූයේ ය. එක කූඩුවේ වූ කුරුල්ලෝ දෙදෙනෙකු දෙපැත්තට වැටුණාක් මෙන් මා සිංගප්පූරුවේ රැකියාවට ගොස් ලිබරල් වෙළඳපොළ ආර්ථිකයට බර වූ දේශපාලනයකට පිවිසි අතර, පේරාදෙණියේ ශිෂ්‍ය දේශපාලනය තෝරා ගත් උඳුල් වාමාංශිකයෙකු වූයේ ය.
ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ද ඔහු ඇසුරු කල පොත පත ද ඔහු ඇසුරු කල සමාජය ද ඔහුව නිරායාසයෙන් වාමාංශිකයෙකු කරද්දී, රට හදන ධනය ජනිත කරනවන පාර සොයා ගිය මා ඇසුරු කල පොත පත, සමාජය ආදියෙන් ලිබරල් වෙළඳපොළ ආර්ථිකයක් විශ්වාස කරන්නෙකු කරවීය. අප දෙදෙනාගේ දේශපාලන කියෑවීම දෙපොළකට වැටුණත්, අපේ මිත්‍ර කම නොවෙනස්ව ගලා ආවේ ය. මටත් වඩා බොහෝ අත්දැකීම් ලබා ඇති ඔහුගෙන් ලැබෙන අදහස් වලට මා අදටත් ඉතා ගරු කරමි. මා මේ උගුලට හසු වූ මොහොතේ පටන් ඔහු ඉතා ළඟින් සිටිමින් ඒ කාලය ගත කර ගැනීමට මට ශක්තියක් වූයේ ය.
උදෑසන පෝලීම් කිරීමෙන් අනතුරුව ජෑම් ගහ යට සෙවණේ හිඳ ගෙන සම්බෝලයයි බතයි ගිල දැමූ මා හිතේ ඇතිවූ බර සැහැල්ලු කර ගැනීමට ක්‍රමයක් සෙවූයේ ය. ඉඳල ගෙන මුළු මිදුලම අතු ගෑවේ ය. කැරම් අත් කීපයක් ගැසුවේ ය. පොත අරගෙන කියැවීමට උත්සහ කෙරුවේ ය. ඒත් අද මාගේ හිත මෙල්ල වන පාටක් නොමැත. බිරිඳ තවමත් එංගලන්තයේ බැවින් දරුවන් දෙදෙනා මාගේ මව සමග නිවසේ ය. ඔවුන්ට එය කෙසේ දැනෙනවා ඇත් ද? එංගලන්තයේ සිටින බිරිඳ ලංකාවට පැමිණීමට තව මාසයක් පමණ තිබේ. ඇය තනියෙන් එය කෙසේ දරා ගන්නවා ඇත් ද? දරුවෙක් අසනීප උනොත්? අනතුරක් උනොත්? දුර්වල වූ හිතට ඒවා අභියෝග ය. වෙනදාට නොදැනෙන තරම් දුකක්, වේදනාවක්, බියක් අද දැනෙයි. ඒ හිත අස්වසා ගැනීමට මා ගෙදරට කතා කල යුතුය. සුබසාධනයෙන් කෝල් එකක් ගැනීමට සිතා මා නිලධාරියෙකු ඇමතූයෙමි.
ඒ නිලධාරියා මා කාරුණික ලෙස සුබසාධන අංශයට රැගෙන ගියේ ය. ඔවුන් මාගේ විස්තර පොතක සටහන් කර ගෙන ඇමතුමේ කොන්දේසි සඳහන් කලේ ය. " කෝල් එක විනාඩි 2යි. ලවුඩ්ස්පීකර් දාලා ගන්න ඕනේ. අපි දෙන්නෙක් අහගෙන ඉන්නවා" - තේරුණා ද? "ඔව්" - මා එකඟ වූයේන් ඔවුන් මාගේ මවගේ නොම්මරය ඇමතුයේ ය.
" අම්මේ , ඔක්කොම හොඳින් ද? "
"ඔව් පුතේ, අපි හොඳින්, අපි නෙවෙයි ඔයා හොඳින් ද? - ඇය කියයි.
" ඔව් මට ඉන්න පුළුවන්. දරුවෝ කොහොමද ? "
" ඒ දෙන්නත් හොඳින්, ඔයා බය එන්න එපා. අපි ඒ දෙන්නව හොඳින් බලා ගන්නවා. ඔයා හිත හදා ගන්න. මේ දේට ඔයා මූණ දෙන්නම ඕනේ. ඔයාට පුළුවන්."
" ඔයා ඕක දැන ගෙන හිටියනේ. කවදා හරි ඔහොම වෙනවා කියලා. ඉතිං අපි ඒකට මූණ දෙමු. ඔයාට ඔහොම උනේ රට වෙනුවෙන් වැඩ කරලා. ඒ නිසා කම්පා වෙන්න එපා. හොඳට කෙලින් ඉඳගෙන මූහුණ දෙන්න."
මාගේ වචන පැටලෙයි. ඇයට පිළිතුරු දීමට නොහැකියි සිතෙයි. දුරකථනයේ විනාඩි 2 පසුවී තත්පර කීපයක් ගොස් තිබේ. තව කතා කරන්න කමක් නෑ යැයි කියමින් නිලධාරීන් මට දෑසින් දුරකථන ඇමතුම කර ගෙන යන ඉඟි කරයි. ඔවුන් ද මාගේ හැඟීම් බර වීම තේරුම් ගත් සෙයකි. එහෙත් වැඩි යමක් කීමට මාගේ මුව නොසෙල්වෙයි. කණ්නාඩි දෙකට ඇතුලෙත් දෑස් පිරී ඇති බව මට දැනෙයි.
" විශාඛා ට කියන්න මම කතා කලා කියලා, මම හොඳින් කියලා. මම තියන්නම්, ආයේ ගන්නම් දවසක" මා දුරකථන විසන්ධි කළෙමි.
කණ්නාඩි දෙක ගලවා ගත් මා දැස් මිරිකා පිහිදා දැමීමි. නිලධාරීයා සමග යලිත් අපගේ කූඩුවට පැමිණ ජෑම් ගහ ලඟ මුල්ලේ කොණක වාඩි වී දෑතින් දෑස් වසා ගත්තෙමි. ගල් අටවා තැනූ අමුණක ගල් අස්සෙන් වතුර බේරෙන්නා සේ ඇඟිලි අතරින් මිරිකී ආ කඳුළු බිඳු මුහුණේ තැවරී පහළට ගලා ගියේ ය. නික්මෙන කඳුළු බිංඳුවක් ගාණේ හිතේ කැකෑරුණ බර හෑල්ලු වූයේ විසප්පු ගෙඩියක් පලා හැරව ඉවත් කල පසු ක්‍රමයෙන් වේදනාව අඩු වන්නා සේය. එබැවින් ඒ වේදනාව පිට වෙන තුරු කඳුළු ගලා යාමට ඉඩ දී මා මොහොතක් දෑස් බුරුල් කලෙමි.
" පුතා, හිතන්න එපා එච්චර. හිතන්න හිතන්න අමාරුයි. ඒ ඒ මොහොතට මුහුණ දෙන්න." - මගේ පිටට තට්ටුවක් දැමු ඩඩා මා අස්වසා ගැනීමට මැදිහත් වූයේ ය.
මාගේ කණ්ඩායම ඉදිරියේ මන්ත්‍රයක් මෙන් මැතිරූ කරුණක් මා යළි මෙනෙහි කළෙමි. " බෝයිස් අපි දේශපාලනය තෝරා ගෙන තියෙන්නේ, මේකෙදි හිරේ යන්නයි වෙඩි කන්නයි සිද්ද වෙන්න පුළුවන්, ඒ නිසා අපි ඒවට හිත සූදානම් කර ගෙන ඉන්න ඕනේ."- මේ කරුණ මා බිරිඳට ද අම්මාට ද කීපවිට කියා ඇත්තේ ය. ඒ තුලින් යන විට උරුම වේදනාවට අප සියල්ලන් සූදානම් වූවත්, ඒ සූදානම ප්‍රමාණවත් නොවන බව දැන් පැහැදිලි ය.
දිග වතුර බටයක කෙළවරට මෙගා බෝතලයක කට කපා සවි කිරීමෙන් ජෑම් කැඩීමට උපකරණක් මේ M2 රැඳවියෝ විසින් සකස් කර ගෙන තිබිණ. එකිනෙකා පැමිණ විටින් විට කොළ අස්සේ සැඟවී, ඉදී ඇති ජෑම් කඩා ගෙන සිය මන දොල සපුරා ගනියි. මේ ගසේ සුවිශේෂීත්වය නම් කෙතරම් ජෑම් කඩා ගත්ත ද තවෙකෙකුට කඩා ගැනීමට තවත් ජෑම් සැඟවී තිබීම ය. ලොකුවට රතුවට ඉඳිණු ගෙඩි මෙන්ම යාන්තමින් කහ වූ ගෙඩි ද දුටු දුටු වෝ කඩා ගෙන කෑවෝය. කවුරුන් කඩා ගෙන කෑවත් සිය ඵල නොසඟවා ඒවා සොයා එන ඕනෑම එකෙකුට තරා තිරම නොබලා සංග්‍රහ කල මේ ජෑම් ගස සිරකරුවන් ගේ පිනකට මෙහි පහළ වූවක් යැයි මට සිතිණ. මේ ගස නොවන්නට කොළඹ සිර ගෙදර මීට වඩා බොහෝ දුක්ඛිත වීමට ඉඩ තිබිණ. ගහට කොළට පෙම්බැන්දෙකු වන මා හට මෙසේ ගසක සෙවණකට වී සිටින්නට ලැබීම මා මෙතෙක් සිටවූ මහා ගස් ප්‍රමාණය නිසා ලද කර්මයක ප්‍රතිඵලයක් මැයි මට සිතිණ.
සිරගෙදර සිමෙන්ති පොළොව පලා ගෙන ඉහළට වැඩී, කුණු කානුවෙන් ආ වතුරෙන් ද කාන්දු වූ අසූචි වලින්ද පෝෂණය වූ මේ ජෑම් ගස දිනපතා, නොනවත්වා මේ සිරකරුවන් ට අහරක් ලබා දුන්නේ ය. සමාජයෙන් ලබා දෙන ජරා වූ සියල්ල අවශෝෂණය කර ගෙන ඒ සියල්ල ප්‍රණීත ඵල බවට පත් කොට උන්ගේම කුස පිරවූ අතර, කොළ බවට පත් කොට හෙවණ ද හුස්ම ද ලබා දුන්නෝ ය. මේ ජෑම් ගස වන් සත්පුරුෂයෝ බිහි වෙන සමාජයක් අප නිර්මාණය කළ යුතුය. එවිට සමාජය සුව පත් කිරීම අමාරු නොවනු ඇත.
පැතුම් කර්නර්
#කොළඹ_හිරගෙදර_ජෑම්ගහ