වතු සුද්ද ගහ යටට වී සිමෙන්ති බැම්මේ ඉඳගෙන මේ පිරිස නාන හැටි බලා හිඳීමත් එක්තරා විනෝදයකි. මිනිසුන් 21 දෙනෙකු හට මේ වතුර ටැංකි දෙක ප්‍රමාණයෙන් අධි සැපයුමක් වූවත් ඒ ටැකි දෙකෙහි දිය නොසෙල්වී නොතිබූ තරම් ය. ඇඟෙ වූ අවසාන කුණු පොඩ්ඩද දෙවරක්වත් ඇතිල්ලී සේදී යන තුරු මේ රැඳවියෝ නෑම අත් නොහළේ ය.
මා ආසන්නයට පැමිණි එකෙකු සඟවාගෙන තිබු ඉතා කුඩා දුම්කොළ කැබැල්ලක් ගෙන එය දිගටි අතට පත්තර කොළයක් මත අතුරා ගත්තේ කිසිදු බයක් සැකක් නැතිවම ය. ඒ දුම්කොළ කැබැල්ල පත්තර තීරුවෙන් ඉතා සිහින් අඟල් කීපයක දිගටි බටයක් ලෙස සිටින සීරුවෙන් ඔතා ගත් ඔහු වටා තවත් රැඳවියන් කීපදෙනෙකු වට වූයේ ඉස්කෝලේ පංතියක මැද බත් පාර්සලයක් දිග හැර ගත් කල කොල්ලන් රෑන රැස් වන ආකාරයෙනි. එකෙකු දිව ගොස් තරමක ලීක්ස් ගසක මහතට ඝණව කුඩා පන්දමක් මෙන් එතූ රෙදි හුරුල්ලක් සිර කුටියේ වූ විදුලි රැහැන් ගාවා ස්පාර්ක් කිරීමෙන් ගිනි දල්වා ගෙන පැමිණියේ ය. ඔවුන් මේ සැරසෙන්නේ දුම් බිමට බව මා දන් දනී. සිගරට් ඉතා දුර්ලභ වූ සිරගෙදර නිතර බොන සිගරට් එක නම් මෙලෙස සකසා ගත් පත්තරේ එතූ දුම්කොළයි.
මේ දුම්කොළයක් සිරගෙදරින් එළියේ සාමාන්‍ය වෙළඳපොළ තුල අළෙවි වන්නේ රුපියල් 300 ක් පමණ මිළට ය. එහෙත් ඒ දුම්කොළයක් සිර ගෙදර තුල රුපියල් 25,000ත් 50,000ත් අතර මිළකට අලෙවි වේ. එය සිරගෙදර ඇතුලට එන්නේ කෙසේ දැයි මා නොදනිමි. නමුත් ඒවා යම් ආකාරයකට ඇතුලට පැමිණෙන බව සිර ගෙදර නොරහසකි. එම දුම්කොළය කුඩා කෑලි කපා එකක් රුපියල් දාහ, දෙදාහට ඇතුලේ අලෙවි වෙති. එම දුම්කල වලට මුදල් හුවමාරුවක් සිරගෙදර ඇතුලේ සිදු නොවේ. එවාට ගෙවීම් සිදු වන ආකාරයන් කීපයක් වෙති.
ඉන් එකක් නම් ඒළියේ සිටින සිය නෑයන් හෝ ආධාරකරුවන් මාර්ගයෙන් එහි සැපයුම් කරුවන්ට EasyCash ක්‍රමයෙන් ජංගම දුරකථන ඔස්සේ මුදල් තැන් පත් කිරීම ය. අනෙක් ක්‍රමය නම් හිර ගෙදරට පැමිණෙන ඥාතීන් විසින් එහි ඌ කුඩා කැන්ටිමට මුදලක් තැන්පත් කර රිසිට් පතක් ලබා ගෙන එය සිය රැඳවියාට ලබා දෙයි. එම රිසිට් පත ඉදිරිපත් කල විට කැන්ටිමෙන් රැඳවියාට අවශ්‍ය අමතර ආහාර, බිස්කට් , දත් බෙහෙත්, සබන්, බුරුසු ආදිය ලබා ගත හැකිය. එහෙත් ඇතැම් රැඳවියෝ එම රිසිට් පත් සිර ගෙදර තුල ගනුදෙනු වලට ගෙවීම් සඳහා භාවිතා කරති. තුන් වන ක්‍රමය නම් ශ්‍රමය අළෙවි කිරීමයි. උදාහරණයක් ලෙස සිර ගෙදර තුල කොණ්ඩය රැවුල කපා ගැනීමට අවශ්‍ය නම් ඒ සේවය සපයන්නාට ගෙවීම් කල යුත්තේ දුම්කොළ හෝ වෙනත් ප්රතිලාභ වලිනි. මේ ආකාරයට සිර ගෙදර තුල වෙනස්ම වූ උප-ආර්ථිකයක් දක්නට ලැබෙයි.
මෙසේ දුම්කොළ බීමට අමතරව තවත් වෙනස් වූ ලෝකල් සිගරට් ක්‍රමයක් ද එහි පවතී. එළියේ කුස්සියේ වූ ලී කොටයක් ඉතා සීරුවෙන් කුඩා වට ඉරා ගැනීමෙන් නිර්මාණය වන ලීකුඩු පොල් තෙල් දමා අව්වේ වේලා ගනු ලැබීමෙන් ඔවුන් තවත් තේ කුඩු මෙන් පෙනෙන දාහිය ද්‍රව්‍යක් තනා ගනී. එම වියළි ලීකුඩු ද පත්තර කොළයක හීනියට ඔතා සිගරට් මෙන් පානය කරති.
මිනිසා මොන යම් හෝ පීඩාවකට පත් කොට සිර කොට කොන් කර දැමූවත්, ඔහු සිය ශක්තිය, නිර්මාණශීලිත්වය භාවිතා කොට පැවැත්ම තහවුරු කර ගැනීමට විවිධ උත්සාහයන් දරති. සතෙකු කූඩු කලද ඌ ද ඉන් ගැලවී යෑමට සිය උපරිම ප්රයත්නය යොදයි. වසර 70,000 ක් මුළුල්ලේ පරිණාමනය වී උසස් වූ මනසකට උරුම කම් කියන මිනිසා සිය ඕනෑ එපා කම් ඉටු කර ගැනීමට ඒ මනසේ වූ නිර්මාණශීලිත්වය උපයෝගී කර ගැනීම සිර ගෙදර යකඩ දොර වල් වලට නොහැකිය. මිනිසාගේ චින්තන ශක්තිය හමුවේ හිර ගෙදර වූ සීමාවන් හුදෙක් හෞතික සාධක පමණක් වූයේය. මා සිර ගෙදර සිටි කාලය පුරාවට දුටුවේ ඒ සිර නොවූ නිර්මාණශීලිත්වයයි.
බිත්ති වල යන අළු පාට වයර් දෙකක් ගෙන, එක් කෙලවරක් දඟර ආකාරයෙන් අඩියක් පමණ දිගට නවා ඒවායේ දෙකෙළවරට ඇළුමීනියම් තහඩු දෙකක් සවි කොට, එම තහඩු එකිනෙකට සමාන්තරව මුහුණලා සිටින සේ අඟල් භාගයක පමණ පරතරයක් තබා රබර් මිශ්‍ර ප්ලාස්ටික් කැබලි 3ක් මගීන් එකොනෙකට සවිකොට තනා ගත් අමුතු පන්නයේ වතුර හීටරයක් සිර කුටියේ වෙයි. වයර් දෙකේ නිදහස් කෙළවරේ තඹ කම්බිය මතු කොට එය කොක්කක් ආකාරයෙන් නවා බිත්තියෙන් මතු කර ගත් සජීවී විදුලි රැහැන් වලට සම්බන්ධ කිරීමෙන් මේ හීටරය ක්‍රියාත්මක වෙයි. මේ සජීවී රැහැන් වලට එම හීටරයේ වයර් විටින් විට ගැවීමෙන් ඇති වන ස්පාර්ක් වීමෙන් පැන නගින ගිණි පුළිඟු වලින් බුදු පහන පත්තු කිරීමේ සිට සිගරට් පත්තු කිරීම දක්වා සිර කුටිය තුල ගින්දර නිර්මාණය කර ගනී. මේ අමුතු මාදිලියේ හීටරය වතුරේ ගිල්වා විදුලිය සම්බන්ධ කිරීමෙන් පැය කාලයකට පමණ පසු වතුර නැටීම සිදු වෙයි. එය සිදු වන්නේ ඒ ඇළුමීනියම් තහඩු අතරින් විදුලිය වතුර ඔස්සේ ගමන් කිරීම නිසා හට ගන්නා තාපයෙනි. එම විදුලිය පිටතට ගලා නොයෑම සඳහා ප්ලාස්ටික් ජොග්ගු කීපයක් එකිනෙක මත තැබීමෙන් ප්‍රතිරෝධය තනා ගෙන තිබේ. මේ අන් කිසිවක් නොව මිනිසාගේ නිර්මාණශීලිත්වයම ය. එය හිර කොට නැවැත්විය නොහැකි බව සිර ගෙදර පුරා වූ නව නිර්මාණ වලින් පිළිබිඹු වූයේ ය.
ඒ හීටරයෙන් තනා ගත් තේ කෝප්පයක් අතින් ගත් මයියා මිදුලේ වූ මා සොයා ආවේ සිය කතාව ද මා සමග බෙදා ගැනීමට ය. මට වඩා වයසින් වැඩි යැයි පෙනුනත්, තවමත් වයස 37ක තරුණයෙකු වන ඔහු මත්ද්‍රව්‍ය භාවිතය නිසා නොමග ගිය අයෙකු වූයේ ය. කුළියට මිනීමැරීම සහ මිනිසුන්ගේ අතපය කැඩීම ආදිය කොන්ත්‍රාත් ක්‍රමයට කරන්නෙකු වූ ඔහු විවිධ දේශපාලකයන් පමණක් නොව ආගමික නායකයන් පවා සමග ගනුදෙනු කළ අයෙකි. ඔහු සිය කතා එකින් එක නැතත් ටිකින් ටික පුළුවන් පුළුවන් ආකාරයෙන් විටින් විට මා සමග කියා සිටියේ මා හට ඒ දැනුම ලබා දීම ඔහුගේ යුතුකමක් ලෙස සළකා දෝයි මට සිතිණ. ඒවායින් සමාජයේ නොදුටු පැත්තෙක් කියවා ගැනීම හැර අන් කිසිවක් මා බලාපොරොත්තු නොවූයෙමි.
මා ළඟ ඉඳං බිස්කට් එකක් සිය තේ කෝප්පයේ ඔබන් රස විඳි මරුවා හිරව්ගෙන පැමිණ තිබුනේ අයිස් නම් මත්ද්‍රව්‍ය වෙළඳාම් කලා යැයි චෝදනා පිට ය. අයිස් විකුණන වෙළඳපොළ ජාලයක හතර වන මට්ටමේ බෙදාහැරීම් කටයුතු කල ඔහු පොලිසිය විසින් කොටු කරගෙන තිබිණ. තවමත් වයස 28 ක් පමණක් වෙන මොහු මීට පෙර ත්‍රී වීල් රියැදුරෙකි. එම ත්‍රී රෝද රථ පවන බඳු වේගයෙන් ධාවනය කල නිසා කවුරුත් ඔහු මරුවා ලෙස ලෙස හැඳින්වූයේ ය. ඔහු අයිස් වෙළඳාමට අමතරව අයිස් භාවිතා කරන්නට පුරුදු වී සිටි අයෙකි. බොහෝ විට තරුණයන්ට සිදු වන්නේ අයිස් වැනි මත්ද්‍රව්‍ය වලට හුරු වූ පසු සිය ඇබ්බැහිය නඩත්තු කර ගෙන යෑම සඳහා මුදල් සොයා ගැනීමට ඒවා විකුණන්නෙකු බවට පත් වීම ය.
අයිස් ග්‍රෑම් එකක වෙළඳපොළ වටිනාකම රුපියල් 8000ක් පමණ යැයි මට ඔහු කියා දුන්නේ ය. ඒවා තමාට පැමිණෙන්නේ තාමාට ඉහල තුන් වන මට්ටමේ බෙදා හරින්නාගෙන් බවත්, එම ජාලයේ දෙවන හා පළවෙනි මට්ටමේ වෙළන්දා ඔහු කිසි විටෙක නොදන්නා බවත් මා හට පැහැදිලි කලේ ය. ඔහු ඒවා බෙදා හරින්නේ 5 මට්ටමේ හෙවත් පාරේ සෘජුවම පාරිභෝගිකයන්ට ඒවා අලෙවි කරන කුඩා වෙළඳුන් හට ය. අවසානයේ මුදල් එකතු කර ගෙන සිය ලාභය තබා ගෙන ගනුදෙනු බේරන්නේ ද තමා බඩු ලබා ගත් තුන් වන මට්ටමේ බෙදා හරින්නාට ය. එක ග්‍රෑම් එකකින් ඔහු තබා ගන්නා ලාභය රුපියල් දාහක් පමණ වෙයි. එම ලැබෙන ලාභයෙන් ලොකු කොටසක් තමාට සිතැඟි පරිදි අයිස් ගැසීම සඳහා ඔහු යොදවයි.
මේ මත්ද්‍රව්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක වන්නේ විශ්වාසය මත ය. එනම්, මේ අතර මැදි වෙළන්ඳන් අතර ගනුදෙනු සිදු වන්නේ විශ්වාසය මත ය. එය පාවා නොදීම, කලට වේලාවට ගනුදෙනු පියැවීම, රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීම ආදිය මත තීරණය වෙනු ලැබේ. ඒවා එකක් හෝ කඩ කිරීම යනු මරණයෙන් වන්දි ගෙවීමට සිදු වන බරපතළ වැරදි ය. විටින් විට පාතාලය විසින් මිනිස් ඝාතනයන් සිදු කරන්නේ එවන් වූ වැරදි කල උන් හට දඬුවම් පැමිණ වීමට ය. මේ දිනවල සිදු වන පතාලයට සම්බන්ධ වෙඩි තැබීම් සහ ඝාතන වලට හේතු ඒවා බව සිරගෙදර සිටියවුන් ඒවා වාර්ථා වන ප්රවෘත්ති දෙස බලමින් කතා වන දේවල් අනුව මට ද නිගමනය කල හැකි වූයේ ය.
සිය ඇබ්බැහියට දිගින් දිගටම අයිස් මිළදී ගැනීම අපහසු වන තැන මුදල් සොයා ගැනීමට එක්කෝ හොරකම් හෝ අපරාධ කල යුතුය. නැතහොත් මත්ද්‍රව්‍ය වෙළෙන්දෙකු බවට පත් විය යුතුය. සමාජයේ විවිධ හොරකම් හා අපරාධ සිදු වන්නේ ඇතැමුන් මයියලාමෙන් ඒ පළමු මාර්ගය තෝරා ගන්නා නිසා ය. මේ සිර ගෙදර සිටින බහුතරයක් ඒ මාර්ගය තෝරා ගෙන තිබේ. මරුවා මෙන් වෙනස් හිත් ඇත්තෝ හොරකම් වලට යොමු නොවී වෙළෙන්දන් බවට පත් වෙති. මත්ද්‍රව්‍ය බෙදා හරින ජාලා වල කොටස් කරුවන් බවට පත් වෙති. ක්‍රමයෙන් එහි ඉහළ ස්ථර වලට පියාඹති. එහි ඉහලටම නගිද්දී ජාලය පවත්වා ගෙන යෑමට අවශ්‍ය අවි බලය ආදිය සොයා ගනිති. එනයින් මේ මත්ද්‍රව්‍ය ජාලා වල තුන් වන දෙවන ස්ථරය තනන ඈයෝ පාතාලය නිර්මාණය කරති. ඔවුන් බොහෝවිට දේශපාලන බලය ද භුක්ති විඳින ධන කූවේරයක් වන පලවෙනි ස්ථරය විසින් මෙහෙය වෙති. ඒ මෙහෙය වීම මේ අනීතික ව්‍යාපරය පවත්වා ගෙන යෑමටත්, එයට අවශ්‍ය දේශපාලන බලය පවත්වා ගෙන යෑමටත් යොදා ගනිති. එලෙස මත්ද්‍රව්‍ය වෙළඳපොළ , පතාලය, අවි ආයුධ හා දේශපාලනය එකිනෙක බැඳුණු දම්වැලක් සේ දැකීමට සරළ කර ගත හැකි බව සිර කුටියේ වූ බිත්ති හතර තුල දී මා අවබෝධ කර ගතිමි. මා සිටින මේ සිර කුටියේ හුස්ම වැටෙන මිනිසුන් 21 දෙනා අතරින් 18 දෙනෙකුම ඔය සංකීර්ණයේ විවිධ කොටස් කරුවෝ ය; සැක කරුවෝය, වූදිතයෝ ය. මේ රිමාන්ඩ් බන්ධනාගාරයේ මේ මොහොතේ සිටින 2000 කට ආසන්න රැඳවියෝ අතරින් අති බහුතරයක්ම ඔය සංකීර්ණයේ කොටස්කරුවෝ ය.
ගැටලුව නම් මේ 2000 මෙතන සිටිය දී ද, අනෙක් සිර ගෙවල් වල තවත් දසදහස් ගණනාවක් සිර වී සිටියදී ද, රටේ මේ හා සමාන ක්‍රියාකාරකම් වල අඩුවක් නොවීම ය. එනම් කවුරුන් ඇතුලට ගියත්, කවුරුන් එළියේ හිටියත්, මේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාල මෙන්ම ඒවා යේ කොටස් කරුවන් නොකඩවා ක්‍රියාත්මක වේ.
ඩොලර් මදි කමින් තෙල් හා බෙහෙත් නොමැති වූවත් කිසි දිනෙක කුඩු සැපයුම ආඩාල වූයේ යැයි අපට අහන්නට නොලැබුනේ ඒ මත්ද්‍රව්‍ය වෙළඳපොළේ ශක්තිය නිසාමය. අප පිළිගැනීමට කෙතරම් මැළි වුව ද අනීතික මාර්ග ඔස්සේ ගලනා මත්ද්‍රව්‍ය වෙළඳපොළ ගෝලීය ආර්ථිකය තුල දැඩිව මුල් බැස ගත් මහා රුක්ෂයකි. ඒ රුක්ෂය ලෝක ඉතිහාසය පුරාවට වඩ වඩාත් විශාලව වැඩී තිබේ. එය කපා දැමීමට සමත් රාජ්‍යයක් තවම මේ මහා පොළොවේ පහළ වී නොමැත. අප හුදෙක් එය අපිට හැකි අයුරින් පාලනය කර ගැනීම පමණක් සිදු කර ගනී.
පැතුම් කර්නර්