හිර ගෙදර ජීවිතේ...9...පැතුම් කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වතු සුද්ද ගහ යටට වී සිමෙන්ති බැම්මේ ඉඳගෙන මේ පිරිස නාන හැටි බලා හිඳීමත් එක්තරා විනෝදයකි. මිනිසුන් 21 දෙනෙකු හට මේ වතුර ටැංකි දෙක ප්‍රමාණයෙන් අධි සැපයුමක් වූවත් ඒ ටැකි දෙකෙහි දිය නොසෙල්වී නොතිබූ තරම් ය. ඇඟෙ වූ අවසාන කුණු පොඩ්ඩද දෙවරක්වත් ඇතිල්ලී සේදී යන තුරු මේ රැඳවියෝ නෑම අත් නොහළේ ය.

    මා ආසන්නයට පැමිණි එකෙකු සඟවාගෙන තිබු ඉතා කුඩා දුම්කොළ කැබැල්ලක් ගෙන එය දිගටි අතට පත්තර කොළයක් මත අතුරා ගත්තේ කිසිදු බයක් සැකක් නැතිවම ය. ඒ දුම්කොළ කැබැල්ල පත්තර තීරුවෙන් ඉතා සිහින් අඟල් කීපයක දිගටි බටයක් ලෙස සිටින සීරුවෙන් ඔතා ගත් ඔහු වටා තවත් රැඳවියන් කීපදෙනෙකු වට වූයේ ඉස්කෝලේ පංතියක මැද බත් පාර්සලයක් දිග හැර ගත් කල කොල්ලන් රෑන රැස් වන ආකාරයෙනි. එකෙකු දිව ගොස් තරමක ලීක්ස් ගසක මහතට ඝණව කුඩා පන්දමක් මෙන් එතූ රෙදි හුරුල්ලක් සිර කුටියේ වූ විදුලි රැහැන් ගාවා ස්පාර්ක් කිරීමෙන් ගිනි දල්වා ගෙන පැමිණියේ ය. ඔවුන් මේ සැරසෙන්නේ දුම් බිමට බව මා දන් දනී. සිගරට් ඉතා දුර්ලභ වූ සිරගෙදර නිතර බොන සිගරට් එක නම් මෙලෙස සකසා ගත් පත්තරේ එතූ දුම්කොළයි.

    මේ දුම්කොළයක් සිරගෙදරින් එළියේ සාමාන්‍ය වෙළඳපොළ තුල අළෙවි වන්නේ රුපියල් 300 ක් පමණ මිළට ය. එහෙත් ඒ දුම්කොළයක් සිර ගෙදර තුල රුපියල් 25,000ත් 50,000ත් අතර මිළකට අලෙවි වේ. එය සිරගෙදර ඇතුලට එන්නේ කෙසේ දැයි මා නොදනිමි. නමුත් ඒවා යම් ආකාරයකට ඇතුලට පැමිණෙන බව සිර ගෙදර නොරහසකි. එම දුම්කොළය කුඩා කෑලි කපා එකක් රුපියල් දාහ, දෙදාහට ඇතුලේ අලෙවි වෙති. එම දුම්කල වලට මුදල් හුවමාරුවක් සිරගෙදර ඇතුලේ සිදු නොවේ. එවාට ගෙවීම් සිදු වන ආකාරයන් කීපයක් වෙති.

    ඉන් එකක් නම් ඒළියේ සිටින සිය නෑයන් හෝ ආධාරකරුවන් මාර්ගයෙන් එහි සැපයුම් කරුවන්ට EasyCash ක්‍රමයෙන් ජංගම දුරකථන ඔස්සේ මුදල් තැන් පත් කිරීම ය. අනෙක් ක්‍රමය නම් හිර ගෙදරට පැමිණෙන ඥාතීන් විසින් එහි ඌ කුඩා කැන්ටිමට මුදලක් තැන්පත් කර රිසිට් පතක් ලබා ගෙන එය සිය රැඳවියාට ලබා දෙයි. එම රිසිට් පත ඉදිරිපත් කල විට කැන්ටිමෙන් රැඳවියාට අවශ්‍ය අමතර ආහාර, බිස්කට් , දත් බෙහෙත්, සබන්, බුරුසු ආදිය ලබා ගත හැකිය. එහෙත් ඇතැම් රැඳවියෝ එම රිසිට් පත් සිර ගෙදර තුල ගනුදෙනු වලට ගෙවීම් සඳහා භාවිතා කරති. තුන් වන ක්‍රමය නම් ශ්‍රමය අළෙවි කිරීමයි. උදාහරණයක් ලෙස සිර ගෙදර තුල කොණ්ඩය රැවුල කපා ගැනීමට අවශ්‍ය නම් ඒ සේවය සපයන්නාට ගෙවීම් කල යුත්තේ දුම්කොළ හෝ වෙනත් ප්‍රතිලාභ වලිනි. මේ ආකාරයට සිර ගෙදර තුල වෙනස්ම වූ උප-ආර්ථිකයක් දක්නට ලැබෙයි.

    මෙසේ දුම්කොළ බීමට අමතරව තවත් වෙනස් වූ ලෝකල් සිගරට් ක්‍රමයක් ද එහි පවතී. එළියේ කුස්සියේ වූ ලී කොටයක් ඉතා සීරුවෙන් කුඩා වට ඉරා ගැනීමෙන් නිර්මාණය වන ලීකුඩු පොල් තෙල් දමා අව්වේ වේලා ගනු ලැබීමෙන් ඔවුන් තවත් තේ කුඩු මෙන් පෙනෙන දාහිය ද්‍රව්‍යක් තනා ගනී. එම වියළි ලීකුඩු ද පත්තර කොළයක හීනියට ඔතා සිගරට් මෙන් පානය කරති.

    මිනිසා මොන යම් හෝ පීඩාවකට පත් කොට සිර කොට කොන් කර දැමූවත්, ඔහු සිය ශක්තිය, නිර්මාණශීලිත්වය භාවිතා කොට පැවැත්ම තහවුරු කර ගැනීමට විවිධ උත්සාහයන් දරති. සතෙකු කූඩු කලද ඌ ද ඉන් ගැලවී යෑමට සිය උපරිම ප්‍රයත්නය යොදයි. වසර 70,000 ක් මුළුල්ලේ පරිණාමනය වී උසස් වූ මනසකට උරුම කම් කියන මිනිසා සිය ඕනෑ එපා කම් ඉටු කර ගැනීමට ඒ මනසේ වූ නිර්මාණශීලිත්වය උපයෝගී කර ගැනීම සිර ගෙදර යකඩ දොර වල් වලට නොහැකිය. මිනිසාගේ චින්තන ශක්තිය හමුවේ හිර ගෙදර වූ සීමාවන් හුදෙක් හෞතික සාධක පමණක් වූයේය. මා සිර ගෙදර සිටි කාලය පුරාවට දුටුවේ ඒ සිර නොවූ නිර්මාණශීලිත්වයයි.

    බිත්ති වල යන අළු පාට වයර් දෙකක් ගෙන, එක් කෙලවරක් දඟර ආකාරයෙන් අඩියක් පමණ දිගට නවා ඒවායේ දෙකෙළවරට ඇළුමීනියම් තහඩු දෙකක් සවි කොට, එම තහඩු එකිනෙකට සමාන්තරව මුහුණලා සිටින සේ අඟල් භාගයක පමණ පරතරයක් තබා රබර් මිශ්‍ර ප්ලාස්ටික් කැබලි 3ක් මගීන් එකොනෙකට සවිකොට තනා ගත් අමුතු පන්නයේ වතුර හීටරයක් සිර කුටියේ වෙයි. වයර් දෙකේ නිදහස් කෙළවරේ තඹ කම්බිය මතු කොට එය කොක්කක් ආකාරයෙන් නවා බිත්තියෙන් මතු කර ගත් සජීවී විදුලි රැහැන් වලට සම්බන්ධ කිරීමෙන් මේ හීටරය ක්‍රියාත්මක වෙයි. මේ සජීවී රැහැන් වලට එම හීටරයේ වයර් විටින් විට ගැවීමෙන් ඇති වන ස්පාර්ක් වීමෙන් පැන නගින ගිණි පුළිඟු වලින් බුදු පහන පත්තු කිරීමේ සිට සිගරට් පත්තු කිරීම දක්වා සිර කුටිය තුල ගින්දර නිර්මාණය කර ගනී. මේ අමුතු මාදිලියේ හීටරය වතුරේ ගිල්වා විදුලිය සම්බන්ධ කිරීමෙන් පැය කාලයකට පමණ පසු වතුර නැටීම සිදු වෙයි. එය සිදු වන්නේ ඒ ඇළුමීනියම් තහඩු අතරින් විදුලිය වතුර ඔස්සේ ගමන් කිරීම නිසා හට ගන්නා තාපයෙනි. එම විදුලිය පිටතට ගලා නොයෑම සඳහා ප්ලාස්ටික් ජොග්ගු කීපයක් එකිනෙක මත තැබීමෙන් ප්‍රතිරෝධය තනා ගෙන තිබේ. මේ අන් කිසිවක් නොව මිනිසාගේ නිර්මාණශීලිත්වයම ය. එය හිර කොට නැවැත්විය නොහැකි බව සිර ගෙදර පුරා වූ නව නිර්මාණ වලින් පිළිබිඹු වූයේ ය.

    ඒ හීටරයෙන් තනා ගත් තේ කෝප්පයක් අතින් ගත් මයියා මිදුලේ වූ මා සොයා ආවේ සිය කතාව ද මා සමග බෙදා ගැනීමට ය. මට වඩා වයසින් වැඩි යැයි පෙනුනත්, තවමත් වයස 37ක තරුණයෙකු වන ඔහු මත්ද්‍රව්‍ය භාවිතය නිසා නොමග ගිය අයෙකු වූයේ ය. කුළියට මිනීමැරීම සහ මිනිසුන්ගේ අතපය කැඩීම ආදිය කොන්ත්‍රාත් ක්‍රමයට කරන්නෙකු වූ ඔහු විවිධ දේශපාලකයන් පමණක් නොව ආගමික නායකයන් පවා සමග ගනුදෙනු කළ අයෙකි. ඔහු සිය කතා එකින් එක නැතත් ටිකින් ටික පුළුවන් පුළුවන් ආකාරයෙන් විටින් විට මා සමග කියා සිටියේ මා හට ඒ දැනුම ලබා දීම ඔහුගේ යුතුකමක් ලෙස සළකා දෝයි මට සිතිණ. ඒවායින් සමාජයේ නොදුටු පැත්තෙක් කියවා ගැනීම හැර අන් කිසිවක් මා බලාපොරොත්තු නොවූයෙමි.

    මා ළඟ ඉඳං බිස්කට් එකක් සිය තේ කෝප්පයේ ඔබන් රස විඳි මරුවා හිරව්ගෙන පැමිණ තිබුනේ අයිස් නම් මත්ද්‍රව්‍ය වෙළඳාම් කලා යැයි චෝදනා පිට ය. අයිස් විකුණන වෙළඳපොළ ජාලයක හතර වන මට්ටමේ බෙදාහැරීම් කටයුතු කල ඔහු පොලිසිය විසින් කොටු කරගෙන තිබිණ. තවමත් වයස 28 ක් පමණක් වෙන මොහු මීට පෙර ත්‍රී වීල් රියැදුරෙකි. එම ත්‍රී රෝද රථ පවන බඳු වේගයෙන් ධාවනය කල නිසා කවුරුත් ඔහු මරුවා ලෙස ලෙස හැඳින්වූයේ ය. ඔහු අයිස් වෙළඳාමට අමතරව අයිස් භාවිතා කරන්නට පුරුදු වී සිටි අයෙකි. බොහෝ විට තරුණයන්ට සිදු වන්නේ අයිස් වැනි මත්ද්‍රව්‍ය වලට හුරු වූ පසු සිය ඇබ්බැහිය නඩත්තු කර ගෙන යෑම සඳහා මුදල් සොයා ගැනීමට ඒවා විකුණන්නෙකු බවට පත් වීම ය.

    අයිස් ග්‍රෑම් එකක වෙළඳපොළ වටිනාකම රුපියල් 8000ක් පමණ යැයි මට ඔහු කියා දුන්නේ ය. ඒවා තමාට පැමිණෙන්නේ තාමාට ඉහල තුන් වන මට්ටමේ බෙදා හරින්නාගෙන් බවත්, එම ජාලයේ දෙවන හා පළවෙනි මට්ටමේ වෙළන්දා ඔහු කිසි විටෙක නොදන්නා බවත් මා හට පැහැදිලි කලේ ය. ඔහු ඒවා බෙදා හරින්නේ 5 මට්ටමේ හෙවත් පාරේ සෘජුවම පාරිභෝගිකයන්ට ඒවා අලෙවි කරන කුඩා වෙළඳුන් හට ය. අවසානයේ මුදල් එකතු කර ගෙන සිය ලාභය තබා ගෙන ගනුදෙනු බේරන්නේ ද තමා බඩු ලබා ගත් තුන් වන මට්ටමේ බෙදා හරින්නාට ය. එක ග්‍රෑම් එකකින් ඔහු තබා ගන්නා ලාභය රුපියල් දාහක් පමණ වෙයි. එම ලැබෙන ලාභයෙන් ලොකු කොටසක් තමාට සිතැඟි පරිදි අයිස් ගැසීම සඳහා ඔහු යොදවයි.

    මේ මත්ද්‍රව්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක වන්නේ විශ්වාසය මත ය. එනම්, මේ අතර මැදි වෙළන්ඳන් අතර ගනුදෙනු සිදු වන්නේ විශ්වාසය මත ය. එය පාවා නොදීම, කලට වේලාවට ගනුදෙනු පියැවීම, රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීම ආදිය මත තීරණය වෙනු ලැබේ. ඒවා එකක් හෝ කඩ කිරීම යනු මරණයෙන් වන්දි ගෙවීමට සිදු වන බරපතළ වැරදි ය. විටින් විට පාතාලය විසින් මිනිස් ඝාතනයන් සිදු කරන්නේ එවන් වූ වැරදි කල උන් හට දඬුවම් පැමිණ වීමට ය. මේ දිනවල සිදු වන පතාලයට සම්බන්ධ වෙඩි තැබීම් සහ ඝාතන වලට හේතු ඒවා බව සිරගෙදර සිටියවුන් ඒවා වාර්ථා වන ප්‍රවෘත්ති දෙස බලමින් කතා වන දේවල් අනුව මට ද නිගමනය කල හැකි වූයේ ය.

    සිය ඇබ්බැහියට දිගින් දිගටම අයිස් මිළදී ගැනීම අපහසු වන තැන මුදල් සොයා ගැනීමට එක්කෝ හොරකම් හෝ අපරාධ කල යුතුය. නැතහොත් මත්ද්‍රව්‍ය වෙළෙන්දෙකු බවට පත් විය යුතුය. සමාජයේ විවිධ හොරකම් හා අපරාධ සිදු වන්නේ ඇතැමුන් මයියලාමෙන් ඒ පළමු මාර්ගය තෝරා ගන්නා නිසා ය. මේ සිර ගෙදර සිටින බහුතරයක් ඒ මාර්ගය තෝරා ගෙන තිබේ. මරුවා මෙන් වෙනස් හිත් ඇත්තෝ හොරකම් වලට යොමු නොවී වෙළෙන්දන් බවට පත් වෙති. මත්ද්‍රව්‍ය බෙදා හරින ජාලා වල කොටස් කරුවන් බවට පත් වෙති. ක්‍රමයෙන් එහි ඉහළ ස්ථර වලට පියාඹති. එහි ඉහලටම නගිද්දී ජාලය පවත්වා ගෙන යෑමට අවශ්‍ය අවි බලය ආදිය සොයා ගනිති. එනයින් මේ මත්ද්‍රව්‍ය ජාලා වල තුන් වන දෙවන ස්ථරය තනන ඈයෝ පාතාලය නිර්මාණය කරති. ඔවුන් බොහෝවිට දේශපාලන බලය ද භුක්ති විඳින ධන කූවේරයක් වන පලවෙනි ස්ථරය විසින් මෙහෙය වෙති. ඒ මෙහෙය වීම මේ අනීතික ව්‍යාපරය පවත්වා ගෙන යෑමටත්, එයට අවශ්‍ය දේශපාලන බලය පවත්වා ගෙන යෑමටත් යොදා ගනිති. එලෙස මත්ද්‍රව්‍ය වෙළඳපොළ , පතාලය, අවි ආයුධ හා දේශපාලනය එකිනෙක බැඳුණු දම්වැලක් සේ දැකීමට සරළ කර ගත හැකි බව සිර කුටියේ වූ බිත්ති හතර තුල දී මා අවබෝධ කර ගතිමි. මා සිටින මේ සිර කුටියේ හුස්ම වැටෙන මිනිසුන් 21 දෙනා අතරින් 18 දෙනෙකුම ඔය සංකීර්ණයේ විවිධ කොටස් කරුවෝ ය; සැක කරුවෝය, වූදිතයෝ ය. මේ රිමාන්ඩ් බන්ධනාගාරයේ මේ මොහොතේ සිටින 2000 කට ආසන්න රැඳවියෝ අතරින් අති බහුතරයක්ම ඔය සංකීර්ණයේ කොටස්කරුවෝ ය.

    ගැටලුව නම් මේ 2000 මෙතන සිටිය දී ද, අනෙක් සිර ගෙවල් වල තවත් දසදහස් ගණනාවක් සිර වී සිටියදී ද, රටේ මේ හා සමාන ක්‍රියාකාරකම් වල අඩුවක් නොවීම ය. එනම් කවුරුන් ඇතුලට ගියත්, කවුරුන් එළියේ හිටියත්, මේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාල මෙන්ම ඒවා යේ කොටස් කරුවන් නොකඩවා ක්‍රියාත්මක වේ.

    ඩොලර් මදි කමින් තෙල් හා බෙහෙත් නොමැති වූවත් කිසි දිනෙක කුඩු සැපයුම ආඩාල වූයේ යැයි අපට අහන්නට නොලැබුනේ ඒ මත්ද්‍රව්‍ය වෙළඳපොළේ ශක්තිය නිසාමය. අප පිළිගැනීමට කෙතරම් මැළි වුව ද අනීතික මාර්ග ඔස්සේ ගලනා මත්ද්‍රව්‍ය වෙළඳපොළ ගෝලීය ආර්ථිකය තුල දැඩිව මුල් බැස ගත් මහා රුක්ෂයකි. ඒ රුක්ෂය ලෝක ඉතිහාසය පුරාවට වඩ වඩාත් විශාලව වැඩී තිබේ. එය කපා දැමීමට සමත් රාජ්‍යයක් තවම මේ මහා පොළොවේ පහළ වී නොමැත. අප හුදෙක් එය අපිට හැකි අයුරින් පාලනය කර ගැනීම පමණක් සිදු කර ගනී.

    පැතුම් කර්නර්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708

    Saban tikak gaala pachumta pukey arina hariya daapan ban boru danne natuwa.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අපෝ මේ යකා අවුරුදු 5 ක් හිටියා නම් ඇතුළේ අපි ඉදලා ඉවරයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,348
    113
    තව පාරක් උබව පොලීසියෙන් ඇල්ලුවොත් නම් අතින් සල්ලි දීලා අරන් එනවා. ඒ බැරි උනොත් පොලීසිය කුඩු කරල හරි ගේනවා උබාව නම් ආයෙත් ඇතුලට දාන්නෙ දෙන්නෙ නෑ කොල්ලෝ :angry: :angry: :angry: :angry:
     
    • Haha
    Reactions: tharakaf

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාන හැටි බලා හිඳීමත් එක්තරා විනෝදයකි 😂🤭🖖
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    Tired Britney Spears GIF
     
    • Haha
    Reactions: Tramadol

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    හිර ගෙදර ජීවිතේ 1 to 9 sampurnayen kiyawapu kattiya me comment ekata like danna.​

    kiyawapu nethi kattiya dislike danna. please​

    mata denaganna ona kiriye pisso kiyak innawada kiyala??
    LTTE පොන්නයා තෝව කව්රුත් ගන්නන් ගන්නේ නෑ නේ…🤭. පොන්න දෙමලා 🤭
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    අවදාන ගණිකාවොත් දැක්කා මූ වගේ බඩුවක් දැක්කමයි, ඉක්කනට නාන්න ගිහින් සබන් කෑල්ල වැටුණු කතාව දාපන් හොඳේ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V
    if pathum was a book i wouldn't read it
    if pathum was a movie i wouldn't watch it
    if pathum was a song i wouldn't play it
    since pathum is a wish i wouldn't keep it
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    "අපිට වැටුප රුපියල් 35,000 යි. ඒකෙනුත් ලෝන් එහෙකට කැපුනොත් අතට එන්නේ රුපියල් 18,000ක් වගේ. ඒකෙන් කොහොමද ජීවත් වෙන්නේ?" "කොච්චර කතා කලත් කාට කිව්වත් වැඩක් තියෙනවා ද?, මේ රට වෙනස් වෙන්න ඕනේ. මීට වඩා හොඳට පඩියක් ගන්න පුළුවන් වෙන්න හැදෙන්න් ඕනේ!" - බන්ධනාගාර නිලධාරියා මා සමග කීවේ යකඩ දොරෙන් එපිට සිටිය දීම ය. මෙලෙස මා සමග ඔවුන්ගේ වැටුප පිළිබඳව කතා කල තුන් වන හෝ හතර වන නිලධාරියා ඔහු වූයේ ය. මා.දේශපාලන සිර කරුවෙකු වූ බැවින්, ඔවුන් වෙනුවෙන් යම් දිනයක හඬ නගනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙයි.

    " අපි මෙහෙට එන හැමෝටම ඔය ගැන ගැන කියනවා. ඒ හැමෝමයන ක්ට මොනවා හරි කරන්නම් කියලා යනවා. ඒත් ඒ ගැන එළිටට ගියාට පස්සේ කතා කරන්නේ නෑ. අපි ගැන පොඩ්ඩක් හරි කතා කලේ රන්ජන් රාමනායක විතරයි."- තවත් නිලධාරියෙක් කියා සිටියේ ය.

    සමාජය බන්ධනාගාර නිලධාරීන් දෙස බලන්නේ තරමක් අඳුරු ආකල්පයකිනි. මා හට වුව ද ඔවුන් ගැන තිබී ඇත්තේ නිතර සිහි කිරීමට අකමැති අදහසකි. එවන් අදහස් ඇති වන්නේ සිර ගෙදරකට මිනිසුන්ගේ ඇති බිය නිසා ම විය යුතුය. පීඩිත සිර කරුවන් මාංචු හෝ යකඩ දම්වැල් වලින් ගැට ගසමින්, කූඩුවක මෙන් බස් රථයේ නංවා ගෙන යන එන මේ මිනිසුන් කරනුයේ රාජකාරියකි. ඒ ඔවුන්ට පැවරෙන වගකීමකි. එහෙත් එය අනෙක් මිනිසුන් ද බිය කරන්නක් බැවින්, බන්ධනාගාර නිලධාරීන් දෙස සාමාන්‍ය මිනිසුන් ද බලන්මේ බිය මුසු හැඟීමකිනි.

    මේ නිලධාරීන් ගේ පැත්තෙන් ද ජීවිතය දුෂ්කර ය. සිර ගෙදර යනු සුන්දර වටා පිටාවක් ඇති තැනක් නොවේ. එය මින්සුන් සැහැල්ලුවෙන් සිටිනා , උද්‍යානයක හෝ වෙරළක ඇවිද යෑමක් නොවේ. එය චණ්ඩ මාරුතයක ඇවිද යෑමකි. සමාජයේ විවිධ වැරදි කර හසුවූ වැරදි කරුවෝ ද සැකපිට ගෙනා නිවැරදි කරුවෝ ද චූදිතයෝ ලෙස මේ කූඩු වල සිර කර සිටී. මේ සිරවු මිනිසුන්ගේ මනස ගත වෙන හැම මොහොතක් පාසා වේදනාවෙන් නිදහස පතයි. මේ සිරකරුවන්ගේ
    මනස ඉවසීම පුරුදු කරවන යන්ත්‍රයක් බඳු යැයි මට සිතෙයි. ඊළඟ නඩු දිනය වෙනකං ඉවසීමේ ඉබ්බා දමා ගත් සිර ගෙදර දොරටත් වඩා දැඩි දොරකින් ඔවුන්ගේ සිත් බැඳ දමා ගෙන තිබේ. ඒ දැඩි දොර කෙතරම් තද වුව ද අලියෙකුට කෙසෙල් ගසක් හමුවුනා මෙන් මොහොතින් කැඩිය හැකි පීඩනයක් ඔවුන්ගේ හිත ඇතුළෙ කැකෑරෙයි. එවන් වු පීඩිත හිත් ඇත්තෝ දහස් ගණනක් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් වරකට සිටින්නේ 50 කටත් අඩු ප්‍රමාණයකි.

    මේ නිලධාරීන් උදේ හවස සිය ජීවිත ගෙවා දමන්නේ ද මේ සිර ගෙදර බිත්ති අතරම ය. ඔවුන්ට සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවා දැමීමට සිදු වන්නේ ද සිර කරුවන් මෙන්ම මේ බිමේ ය. සිර කරුවෝ නම් ඇප ලබා පිටව යති. එහෙත් මේ නිලධාරීන්ට ඇප නොමැත. ඔවුන් සිය රැකියාව කර ගෙන යා යුතුය. ඔවුන්ගේ මානසික ශක්තිය යුධ බිමක සිටින සෙබලෙකුගේ මෙන් දිනපතා සකස් වී තිබිය යුතුය. දහස් ගණනක් සිර කරුවන්ගේ හිත් වල කැකෑරෙන වේදනාවේ පීඩනය ඕනෑම මොහොතක පුපුරා යා හැකිය. එය එකවර පුපුරා නොගොස් තනියෙන් පුපුරා යන අවස්ථාවන් එදිනෙදා සිර ගෙදර දක්නට ලැබෙයි. ඒවාට මුහුණ දී මේ නිලධාරීන් ඇතැමෙකුගේ ගේ ද හදවත් ඝණ වෙද්දී ඇතැමෙකුගේ හදවත් දුර්වල වී ගොසිනි. මේ සටනට මුහුණ දීමට ඔවුන්ගේ ජීවිත ද හැඩ ගැස්සී තිබේ. මේ නිලධාරීන් ගේ සිතේ ඇති වන පීඩනය ඔවුන් තුලින් ද පිටවී යන අවස්ථා තිබේ. ඒවා ඇතැම් සිරකරුවන්ට පීඩාකාරී වෙයි. යම් කරුණක් දෙස බැලීමෙදී අප එහි සියළු පැති සළකා බැලිය යුතුය. ඒ සියළු පැති සළකා නොබලන්නේ නම් අපිට ඒ කරුණ පිළිබඳව සෑහීමකට පත් විය හැකි නිගමනයක් නොලැබේ. බන්ධනාගාරය පිළිබඳව බොහෝ කරුණු ද එසේමය. බොහෝ පැති අපිට නොපෙනෙයි, ඒ වගේම ඇතැම් පෙනෙන පැති තවෙකෙකුට කිය නොහැකි වෙයි. එබැවින් සිර කරුවෝ ද බන්ධනාගාර නිලයෝ ද ගැන පිටින් සිට නිගමනය කිරීම ද අසාර්ථක උත්සාහයන් වෙයි. එබැවින් අපට කල හැකි හොඳම දෙය නම් ඒ මිනිසුන් පිළිබඳව විවෘත මනසකින් බැලීම ය. අප එකිනෙකාගේ නිගමන වල ඒ මිනිසුන් සිර කිරීම තුල සමාජ බන්ධනාගාර වල ඔවුන් කොටු කර දමා තිබේ. ඒ මානසික බන්ධනාගාර වලින් ඔවුන් නිදහස් කිරීමේ වගකීම සමාජයට තිබේ.

    රටේ වැටුප් අර්බුදය ගැන ඔවුන් සමග නිදහසේ කතා කිරීමේ හැකියාවක් හෝ පහසුවක් මා තුල ඒ අවස්ථාවේ නොතිබුණි. මා සිත ද ඒ අවස්ථාවේ සිර වූ මානසිකත්වයෙන් කොටු වී තිබුණි. නමුත් මා අතේ තිබූ තෝමස් සොවෙල් ගේ ආර්ථික විද්‍යා ග්‍රන්ථයේ ඒ උත්තරය සිරවී තිබී මා කියවා ගත්තේමි.

    රටක මිනිසුන්ගේ ආදායම් ඉහළ යන්නේ ඒ රටේ මිනිසුන් සාමුහිකව එක් වී කරනු ලබන නිශ්පාදන සහ සේවා වල වටිනාකම් මත ය. ඒ සියළු නිශ්පාදන සහ සේවා වල එකතුව රටේ දළ දේශීය නිශ්පාදනය ලෙස රටට එකතු වෙයි. රටේ මිනිස්සුන්ට වැටුප් සහ ආදායම් ලෙස බෙදී යන්නේ එම දළ දේශීය නිශ්පාදනයට සාපේක්ෂ කොටසකි.

    උදාහරණයක් ලෙස කුඹුරු හෙක්ටයාරයක් වැපිරී ගොවියෙකු වී ගෝනි 50 ක අස්වැන්නක් ලබයි නම් ඒ ඔහුගෙන් රටට ලැබුණු නිශ්පාදනයයි. එවන් කුඹුරු හෙක්ටයාරයකින්ම තවත් ගොවියෙකු වී ගෝනි 75ක අස්වැන්නක් ලබයි නම්, ඒ දෙවැනි ගොවියාගේ නිශ්පාදන කාර්‍යක්ෂමතාව ඉහළ ය. ඔහුගේ ලාභය ද ආදායම ද ඒ අනුව ඉහල යන අතර රටේ කුඹුරු හෙක්ටයාරයකින් ඔහු සමාජයට වඩා ඉහළ ඵලදායිතාවයක් ලබා දී තිබේ. ඔය දෙකොට්ඨාශයේම ගොවියන් මා දැක ඇත්තේ ය. ගෝනි 50 ලබන්නා ට වඩා 75 ලබන්නා දරණ වෙහස වැඩිය. ඔහු දිනපතා කුඹුරට යයි, වල් පැල ගලවයි, නිසි කලට වතුර බඳියි, වක්කඩ පාදයි, දින පමා නොකර තෙල් පොහොර භාවිතා කර සාත්තු සප්පායම් කරයි. ඔහු වැඩි ගෝනී ගණනක ආදායමක් ලබන්නේ ඔහුගේ එම දක්ෂතාවය, කැපවීම සහ වෙහෙස මතය.

    මුළු රටක් ගෝනි 50 ලැබූ ගොවියා මෙන් කටයුතු කරයි නම් රටේම දළ දේශිය නිශ්පාදනය අඩු වේ. එහෙත් ගෝනි 75 ලැබූ ගොවීයා මෙන් කටයුතු කරයි නම් රටේම සමස්ථ නිශ්පාදන ඉහළ යයි. මෙලෙස අනෙක් කර්මාන්ත සහ සේවා වලට ද මේ උදාහරණය යොදා ගත හැකිය. මෙලෙස අපේ නිශ්පාදන ප්‍රමාණය ඉහළ ගිය විට රට තුල ධනය ජනිත වේ. රැකියාවන් කරන මිනිසුන් අතරට වැටුප් ලෙස ගලා යන්නේ ද ඒ ජනිත වල ධනයෙන් කොටසකි. මිනිසුන්ගේ බදු ලෙස රජය ධනය එකතු වෙන අතර, රජයේ සේවකයන්ට වැටුප් බෙදී යන්නේ ද ඒ ධනයෙනි.

    රටක වැටුප් යනු ඒ රටේ සමස්ථ ආර්ථිකය විසින් නිශ්පාදනය කරනු ලබන සම්පත් ඒ රටේ මිනිසුන් අතර බෙදී යන යාන්ත්‍රණයේ මූලික කොටසකි. වැටුප් වැඩි කර ගැනීමට අවශ්‍ය නම් රටේ සමස්ථ නිශ්පාදනය ඉහළ නංවා ගත යුතුය. එසේ නොකොට වැඩි වැටුප් ඉල්ලා වර්ජන හෝ උද්ඝෝෂණ කිරීමෙන් බෙදා ගැනීමට ධනයක් නූපදී.

    මේ බන්ධනාගාර නිලධාරීන්ද ලබා දෙනුයේ සේවයකි. ඔවුන් එම සේවයට රජයෙන් වැටුපක් ලබති. ඒ වැටුප තීරණය වන්නේ රටේ සමස්ථ ආර්ථිකයේ සම්පත් බෙදී යෑම අනුව ය. මේ නිලධාරීන් සිය කාලය සහ ශ්‍රමය රජයට ලබාදී රටේ සමස්ථ ආදායමෙන් කොටසක් වැටුප් ලෙස බලාපොරොත්තු වෙති. එහෙත්, රටේ සමස්ථ ආර්ථිකය තුල සියල්ලන්ටම බෙදා ගැනීමට ප්‍රමාණවත් යමක් නිශ්පාදනය නොවේ නම්, අපට සතුටු වීමට වන්නේ ලද දෙයින් පමණය.

    එබැවින් වැඩි වැටුප් අවශ්‍ය නම් අප කළ යුත්ඝේ රටේ සමස්ථ ආර්ථිකය දියුණු කරවිය හැකි නිශ්පාදන ක්‍රියාවලියකට යොමු වීම පමණය. ගොවියාගේ කම්කරුවාගේ පටන් එහි කාර්‍යක්ෂමතාව හා ඵලදායිතාවය ඉහළ නංවා ගැනීම පමණය. ඒ වෙනුවෙන් අපිට කල යුතු විශාල වැඩ කොටසක් වෙයි. ඒ වැඩ කොටස රටේ සමස්ථ දේශපාලන ක්‍රමය තුල අප සිර කර දමා ඇත්තේ ය. ඒ දේශපාලන ක්‍රමයෙන් රට නිදහස් කර ගැනීමෙන් තොරව මේ රටේ ආර්ථිකය සුඛිතමුදිත කල හැකි නොවේ. අපි මේ රටේ ආර්ථිකය ද දේශපාලනය නම් බන්ධනාගාරයේ සිර කොට තිබේ. නඩුත් නැති, ඇපත් නැති, නිදහසක් නැති අඳුරු සිර කුටියක එය සිරවී තිබේ. ඒ ආර්ථිකය සිර කර ගෙන සිටින බන්ධනාගාරයේ පාලකයෝ නම් ජේලර්ලා නොව හිත්පිත් නැති මේ රටේ දේශපාලකයෝ ය. ඒ දේශපාලකයන්ගේ ග්‍රහණයෙන් මේ රට මුදවා ගෙන ආර්ථික නිදහස ඇතිකරන තුරු, මිනිසුන් දුප්පත්කමේ සිර ගෙදර දිවි ඇති තෙක් දඬුවම් විඳිනු ඇත.

    බන්ධනාගාර නිලධාරියාට ද වැටුප් වැඩි වීමට නම් රටේ ගොවියාගේ කම්කරුවාගේ ගුරුවරයාගේ වෛද්‍යවරයාගේ පටන් පටන් සියල්ලෝ හිතට එකඟව වැඩ කල යුතුය. ඒ වැඩ වල කාර්‍යක්ෂමතාව සහ ඵ්ලදායීතාවය වැඩි කර ගත යුතුය. එවිට වැඩිපුර සම්පත් ප්‍රමාණයක් නිශ්පාදනය වන අතර ඒවායින් ධනය උපදී. එසේ වැඩිපුර එකතු වෙන ධනය ජනතාව අතටම ආදායම් ලෙස බෙදී යන්නේ ය. ඔබේ වැටුප් වැඩි වෙන එකම යාන්ත්‍රණය එයයි.

    එම ධනය ජනිත වන මෙන්ම බෙදී යන යාන්ත්‍රණය මාධ්‍ය ද නිදහස් වෙළඳපොළයි. ඒ නිදහස් වෙළඳපොළ ආර්ථිකය සූරා කන, සොරා කන දේශපාලකයන්ගෙන් නිදහස් කර ගැනීමෙන් තොරව ජනතාවගේ ආදායම් හෝ වැටුප් ඉහළ නංවා ගැනීම කල නොහැක. වී ගෝනි 75 ක අස්වැන්නක් ලැබූ ගොවියාගෙන් ගෝනි 25 ක් මීයන් කා දැමුවේ නම් ඔහුගේ උත්සහයේ ද ප්‍රයෝජනයක් හෝ ලාභයක් නොමැත.

    එනයින් වැඩි වැටුප් අවශ්‍ය නම් අප කල යුත්තේ සොරා කන, සූරා කන දේශපාලන ක්‍රමය වෙනස් කොට, වංචා සහ දූෂණ නම් මීයන් පන්නා දමා, රටේ නිශ්පාදන වල කාර්‍යක්ෂමතාව සහ ඵ්ලදායීතාවය නංවා, ඒවා සාධාරණ ලෙස බෙදී යන නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කිරීම පමණය. ඔබව දුප්පත්කමෙන් මුදවන එකම මාර්ගය එයයි.

    පැතුම් කර්නර්
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජෑම් කඩන කෙක්ක ගෙන ඉදුණු ජෑම් ගෙඩි ඉලක්ක කරමින් ජෑම් ගස පීරූ තරුණයා අල්ලපු සිර කුටියේ වූ නිහඬම මිනිසා වූයේ ය. ඔහුගේ නිහඬ බාවය දෙවැනි වූවා නම් ඒ ඉතා වයසින් වැඩි වූ ඒ කුටියේම වූ මුස්තාපා ට පමණ ය. එහෙත් ඔහුගෙන් එතරම් ගුප්ත බවක් මතු නොවෙයි. සිංහල භාෂාව නොදත් මේ තරුණයාට කතා කල හැක්කේ දෙමළ සහ ඉංග්‍රීසි පමණක ය. එබැවින් මේ සිංහල කතා කරන බහුතරය මැද්දේ ඔහු නිහඬ වීම තෝරාගෙන තිබේ දැයි මට සිතෙයි. ඔහු නමින් රඝු ය. වයස 30 ක පමණ තරුණයෙකු වූ ඔහු ප්‍රියමනාප ය. සරමින් සහ ටී ෂර්ට් එකකින් නිතර සැරසී සිටි ඔහු ඉතා පරිස්සමෙන් තෝරා බේරා ගැනීමෙන් අනෙකුත් සිර කරුවන් සමග ආශ්‍රය කලේ ය. ඔහු මාව ද ආශ්‍රය කිරීමට පෙර මේ සිදු කරන්නේ නිරීක්ෂණයක් බව මට දැනෙයි. ඔහුගේ නිරීක්ෂණය අවසන් වී යම් දිනෙක මා සමග කුළු පගු වනු ඇතැයි සිතා මා බලන් උන්නෙමි.

    ඔහුගේ ජෑම් කඩන කෙක්කට හසු නොවුන, ඔහුගේම දෙනෙත් කෝණයෙන් සැඟවුණු ඉදුණු ජෑම් ගෙඩි කීපයක් මා සිටි තැනට දිස් වෙයි. ඒවා පෙන්වා දීමෙන් මට ඔහු සමග හිතවත් කමක් හදා ගත හැකිය. එසේ සිතූ මා ඉදිණු ගෙඩි තිබුන දෙසට ඇඟිල්ල දිගු කොට "සහෝදරයා , මෙන්න ඉදුණු ගෙඩි තියෙනවා යැයි පෙන්වූයෙමි." මා සමග කතා කිරීමට සැරසී සිටියෙකුගෙ මෙන් ඔහුගේ මුහුණේ මද සිනහා පහළ වූ අතර වඩා ඉක්මනින් ඔහු මා වෙතට පැමිණ ඒ ගෙඩි සොයා කෙක්ක හැසිරවූයේ ය. ඔහුගේ කෙක්කට හසුවූ හැන්දෑ අහස මෙන් දීප්ත රතු පාටින් ඉදිණු තරබාරු ජෑම් ගෙඩියක් පහළට වැටෙද්දීම ඔහු සිය අතක් යොදා එය අල්ලා ගෙන මා වෙතට දිගු කලේ ය. " මේක ඔබ වෙනුවෙන්ම ආපු ගෙඩියක්" ඔහු මට එය පිරිණැමුවේ ය. ඔහු ඒ පුදන්නේ ඔහුගේ මිත්‍රත්වය බව මට දැන් දැනී ගොස් තිබේ. ජෑම් ගෙඩියේ රසය ද යහමින් ඇතැයි ඒ පදමට ඉදී තිබූ අයුරින් පෙනෙයි. ඒ ගෙඩිය ගෙන කටේ ඔබා ගත් මා ඔහුට ස්තුති කළෙමි.

    මොහොතකින් ඔහු මා සිටි ස්ථානයට ආසන්නයෙන් හිඳ ගත් අතර අපි දෙදෙනාගේ ඇයි හොඳයිය එසේ ආරම්භ වූයේ ඉංග්‍රිසියෙනි. "මම මුලතිව් වල, මැලෙසියාවේ අවුරුදු 17ක් හිටියේ. දැන් අවුරුදු එකහාමාරකට කලින් ලංකාවට ආවා මගේ පුරවැසිභාවය අත් හරින්න කියලා, ඒකට අවශ්‍ය අන්තිම ලියකියවිලි ටික හදන්න. ඇවිල්ලා දවස් දෙකෙන් මාව ත්‍රස්තවාදී වැළක්වීමේ පනතින් කියලා අත් අඩංගුවට ගත්තා. මීට අවුරුදු 17 ක් කියන්නේ 2004 විතර. ඒ කාලේ මම ලංකාවෙන් යනකොට මට අවුරුදු 20ක් වත් නෑ. ඒත් මාව LTTE එකට සම්බන්ධයි ද කියලා සැක කරලා අරගත්තා." රඝු කියාගෙන ගියේ ය.

    ඔහු මැලේසියාවට ගොස් මාධ්‍ය නාලිකාවක ප්‍රධාන විධායක තනතුරක් දක්වා රැකියාවෙන් උසස් වී පැමිණ තිබේ. ඔහුට හොඳ වැටුපක් ද ලැබී තිබුන අතර දමිළ තරුණියක් හා විවාහා වී ඔවුනට කුඩා දරුවෙකු ද සිටී. මේ තරුණ පවුල ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මීට වසර එකහාමාරකට පෙර ලංකාවේ පුරවැසිභාවය අත් හැරීමට ය. එහෙත් අවාසනාව ඔවුන්ට හරස් වී තිබේ. එතැන් පටන් ඔහු හිර අඩස්සියේ ය. රඳවා තබා ගැනීමේ නියෝග මත කලක් පොලිසිය භාරයේ සිටි ඔහු අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරයට යොමු කර ඇති අතර කොටි සංවිධානයට සම්බන්ධ යැයි පරීක්ෂණ පැවැත්වෙයි. ඔහුගේ දරුවා ද බිරිඳ ද නෑදෑයින් සමග ඔහුට නිදහස ලැබෙන තුරු ශ්‍රී ලංකාවේ පසු වෙයි.

    ඔහුගේ පැත්තෙන් ඔහු නිර්දෝශී ය. ත්‍රස්ත විමර්ශන අංශයේ පැත්තෙන් කතාව මා දන්නේ නැත. ඔහුට ඇති චෝදනා මොනවා ද ඒවායේ සාක්ෂි මොනවා දැයි මට අවබෝධයක් නොමැත. එහෙත් රඝු ගේ පැත්තෙන් ඔහු මේ ගත කරන්නේ නොකළ වරදකට දඬුවමකි. ඔහුගේ ජීවිතයෙන් වටිනාම කාලයක් ඔහු නිරපරාදේ හිර ගෙදරට ගෙවා දමා තිබේ.

    හිර ගෙදර නිහඬම පුද්ගලයා යැයි මා ඉහත කී මුස්තාපා සමග ද කතා කිරීමේ හැකියාව මට ලැබුනේ ඒත් සමගමය. " අයියේ එන්න, අපි කයියක් ගහමු" යැයි මා ඔහුද ආරාධනා කලෙමි. මුස්තාපා හීන්දෑරීය, කටු පෑදුණු මස් වැහිරී දිරා ගිය සිරුරෙන් ඔහු යම් මන්ද පෝෂී තත්ත්වයක ඇතැයි සිතෙයි. ඔහුගේ සම පවා සුදු මැලි වී ගොස් රැළි වැටී තිබේ. තරමක් ඉස්සරහට නැමුණු කුදු ශරීරය ඔහුට වඩාත් වයසක පෙනුමක් එක් කලේ ය.

    " මට තාම වයස 36 යි" - ඔහු කියද්දී මට මතක් වූයේ මට වයස අවුරුදු 40ක් බවත්, ඔහු මට වඩා වයසින් අඩු බවත් ය. එහෙත් මෙතරම් වැහැරුණු සිරුරක් ඔහුට ලැබී තිබෙන්නේ ඇයි? මගේ සිත ප්‍රශ්න කරයි.

    " මාව ගත්තේ 2019 පාස්කු ප්‍රහාරයට පස්සේ. අර දෙමටගොඩදී බෝම්බ පුපුරව ගත්තේ මගේ යාළුවෙක්. එයාගේ යාළුවෙක් නිසා සැක පිට මාව අත් අඩංගුවට ගත්තා. මම ඒ ගැන මුකුත් දන්නේ නෑ. අරගෙන මාව රැඳවුම් නියෝග මත තියා ගත්තා කොළොන්නාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ. අවුරුදු එකහාමරක් හිටියේ පොලිසිය ඇතුලේ පොඩි හිර කූඩුවක දිගටම. මාව පිස්සෙක් උනා. මානසිකව විශාල විනාශයක් සිදු වෙලා තියෙන්නේ. මම පුළුවන් විදියට දරා ගත්තා. දැන් මට ජීවිත ආසාවත් නැති වෙලා. අවුරුදු එකහාමාරකට පස්සේ මාව මේ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙනාවා. එහෙට වඩා මෙහේ ටිකක් හොඳයි. ඒත් මගේ ජීවිතේ දැන් ගොඩ ගන්න බැරි වෙන්න විනාශ වෙලා වගේ." - ඔහු කියාගෙන ගියේ ය. පාස්කුවේ බෝම්බ කරුගේ මිතුරෙකු වීම හැර අන් කිසිවක් ඔහු නොදන්නා බව ඔහු කියා සිටියි. ඔහුට ඇති චෝදනා හෝ ඔහු ගැන පොලිසියට ඇති කතාව පිළිබඳව මා නොදනී. එබැවින් ඒවා ගැන විනිශ්චය කිරීමට යෑම අසාර්ථක උත්සාහයන් වෙයි. ඒවා කෙසේ වෙතත් මේ මිනිසා සිර ගෙය තුල නොමරා මැරි ගොස් තිබේ. ඔහුගේ ආත්මය ඔහුගෙන් ඉවත්වී ඇතැයි මට සිතෙයි. ඔහු මදය කා දැමූ හිස් කෙසෙල් ලෙල්ලක් මෙන් අඩපණව සිය දිරා ගිය ශරීරය රැගෙන හිර ගෙදර තුල ඔබ මොබ යයි, දිනය ගෙවා දැමීමට වෙහෙසෙයි.

    පිටරටින් සෙන්ට් පවුඩර් ගෙනැවිත් විකුණන ව්‍යාපාරයක් කර ගෙන දරු පවුලක් රැකි මේ මිනිසා දැන් ත්‍රස්තවාදී පනතෙන් බැඳ දමා ඇති සූප්පු කල වවුල් හපයකි. ඔහුගේ ජීවිතය ද බලාපොරොත්තු ද මහ මග නතර වී තිබේ. සිය අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවයෙන් බලාපොරොත්තු රහිත ජීවිතයක ශරීරය පවත්වා ගෙන යෑමට ඔහු වෙහෙසෙයි. ඔහු තබන සිහින් පා අඩියෙන් අඩිය ඒ කඩා වැටීම නග්න වෙයි. ඒ දෙස බලා සිටීම වේදනාකාරීය.

    මේ මිනිස් විඳවීම වලට හේතුව ඔවුන් කල හෝ නොකල වැරදි නොව මේ රටේ පාලන ක්‍රමය තුල ඇති දුර්වලතාය. තවමත් උසාවියෙන් වරදකරුවන් නොකළ මේ මිනිසුන් සැකකරුවන් හෝ රැඳවියන් පමණය. මින් විශාල පිරිසක් යම් දිනෙක මේ චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකිව නිවැරදි කරුවන් ලෙස උසාවියෙන් පිටවී යති. එහෙත් ඔවුන් රිරිමාන්ඩ් බන්ධනාගාරය තුල ගත කරන කාලය ද සිර ගත වීමකි; දඬුවමකි. එහෙත්, ඔවුන් යම් දිනෙක නිවැරදි කරුවන් සේ පිටව යයි නම්, ඔවුන් ඒ දඬුවම් වින්දේ කුමක් නිසා ද? එය මේ සමාජ ක්‍රමය තුල විශාල ප්‍රශ්නයකි.

    මෑතකදී කුරුණෑගල දී ලේඛකයෙකු අත් අඩංගුවට ගත්තේ බුදුන් වහන්සේ අදාල කොට ඔහු ලියූ පොතක කොටසක් නිසා ය. ඔහු ඒ වෙනුවෙන් මාස 3ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ දඬුවම් ලැබූ අතර, අනතුරුව ඔහුව චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ ය. ඔහු නිවැරදි කරු නම්, ඔහු බන්ධනාගාරය තුල ඔහුගේ ජීවිතයේ මාස 3ක් ගෙවා දැමුවේ කුමක් නිසා ද? ඔහුගේ ජීවිතයේ අහිමි වූ ආදායමට, අහිමි වූ කීර්ති නාමය ආදියට වග කියන්නේ කවුරුන් ද? ඔහුගේ දරු පවුල රැකෙන්නේ කෙසේ ද? ඒවාට සමාජය තුල, රාජ්‍යය තුල ආරක්ෂණයක් තිබේ ද? මේ ප්‍රශ්න අපි අනිවාර්යයෙන් නැගිය යුතුම ය.

    නිවැරදි කරුගේ පටන් වැරදි කරු දක්වා මේ අසාධාරණයට මිනිස්සු ලක් වෙති. සාමාන්‍ය පාරේ තොටේ හමුවන කුඩු ගසන්නෙකු පොලිසියට හමු වූ විට කුඩු ළඟ තබා ගැනීමේ වරදට උසාවියට ඉදිරිපත් කරන්නේ ඒ අසු වූ කුඩු ප්‍රමාණය ද සමගම ය. එය ඉතා කුඩා ප්‍රමාණයක් නම්, දඬුවම කුඩා මුදල් දඩයකි. එහෙත් අපේ ක්‍රමය තුල සිදු වන්නේ ඒ පුද්ගලයා බන්ධනාගාර ගත කොට ඒ අසු වූ කුඩු ප්‍රමාණය කුඩුම දැයි පරික්ෂා කර බැලීමට රස පරීක්ෂකට යොමු කිරීම ය. මේ රස පරීක්ෂක වාර්තා මාස ගණනක් පමා වෙයි. ඒ රාජ්‍ය අකාර්යක්ෂමතාවය සහ සම්පත් හිඟ කමිනි. ඒ රස පරීක්ෂණ වාර්ථා පමා වෙන මාස ගණනම අර චූදිතයෝ බන්ධනාගාරයේ දුක් විඳිති.

    ඒ අසුවූ කුඩු සාම්පලයට වෙනත් සුදු පැහැති කුඩු වැනි ද්‍රව්‍ය එකතු කිරීමේ හැකියාව පොලිසියට අවශ්‍ය නම් සිදු කල හැකිය. එහි වාර්තාව ලැබෙන තුරු චූදිතයෝ බන්ධනාගාරයට යොමු කිරීමට පොලීසියට හැකිය. එය සිදු වන අවස්ථා අල්ප නොවන බව සිර ගෙදර කතා අසා සිටි විට අවබෝධ වේ. මේ අප ජීවත් වන සමාජයේ ඇති භයානක කමයි.

    ඔබ කුඩු කාරයෝ හෝ අපරාධ කාරයෝ යැයි මේ මිනිසුන් වර්ග කොට ඔවුන් දඬුවම් ලැබිය යුතු ඈයෝ යැයි පහසුවෙන් නිගමනය කල හැකිය. එහෙත්, ඒ දඬුවම් ලබන්නේ හැබැවින්ම ඔවුන් නොකළ වරදකට විය හැකිය. එබැවින් මේ රැඳවියන් පිළිබඳව පූර්ව නිගමනය කිරීම අප නොකල යුත්තකි. රැඳවියන් සියල්ලෝ වරදකරුවන් නොවේ. අප ජීවත් වන සමාජයේ යමකු කල වරද නිවැරදිව අර්ථකථනය කිරීමත්, එහි ප්‍රමාණය මැන ගැනීමත්, එය ඔප්පු කර ගැනීමත් ඉතා දුෂ්කර ය. එය කෙතෙක් දුෂ්කර දැයි පොලිසිය සහ අධිකරණයෙන් ඇසුව හොත් පැහැදිලිව වැටහෙනු ඇත. එහි ඇති අඩුපාඩු වලින් නිවැරදි කරුවන් හිරේ යෑම මෙන්ම වැරදි කරුවන් නිදහස් වීම ද සිදු විය හැකිය.

    වැරදි කරුවන් කෙතෙක් නිදහස් වුව ද එක් නිවැරදි කරුවකුට දඬුවම් ලැබෙයි නම් එය ඉතා විශාල සමාජ අසාධාරණයකි. ඒ බැව් 1769 දී විලියම් බ්ලැක්ස්ටෝන් විසින් ප්‍රකාශ කොට තිබෙන්නේ “the law holds that it is better that 10 guilty persons escape, than that 1 innocent suffer” ලෙසයි. එනම්, නීතිය සාදා තිබෙන්නේ එක් නිවැරදි පුද්ගලයෙකුට දඬුවම් ලැබෙනවාට වඩා වැරදිකරුවන් දස දෙනෙකුට නිදහස ලැබේ නම් එය සාධාරණ වන ලෙසයි. එහෙත්, රිමාන්ඩ් බන්ධනාගාර යනු චෝදනා අධිකරණයකින් ඔප්පු නොවූ චූදිතයෝ දඬුවම් විඳින හිර ගෙදරකි. එහි මාස ගණන් නොව ඩඩා ලා, අක්මාල් ලා, බාබා ලා, රඝු ලා, මුස්තාපා ලා වසර ගණන් දුක් විඳිති. ඔවුන් යම් දිනෙක උසාවියෙන් නිදහස් කරනු ලැබූවොත් ඔවුන් සිර ගෙදර ගත කල කාලයට සිදු වන සාධාරණය කුමක් ද? වසර 5 කටත් අධිකව එහි ගෙවා දමා ඇති ඇතැමුන් රාජ්‍ය අකාර්යක්ෂමතාව, ක්‍රමයේ ඇති දුර්වලතා නිසා දුක් විඳීම සාධාරණ ද? ඒ ඔවුන්ට දුක් විඳීමට සිදු වන අසාධාරණය වෙනුවෙන් ඔවුන්ට ලැබෙන හිලව්ව කුමක් ද? එය ඒ මිනිස්සු තනිවම විඳ දරා ගත යුතු ද? ඔවුන්ගේ ජීවිත වල මානව අයිතිය සමාජයක් ලෙස එකතුව විනාශ කිරීමේ පාපයට කර ගසන්නේ අපි හැමෝම ය. අපේම එකෙකු එයට හසුවී දුක් විඳිනා තුරු අපිට එය නොදැනීම කෙතරම් අවාසනාවක් ද?

    මේ බොහෝ නීති , අණ පනත්, ක්‍රමවේදයන් යාවත්කාලීන වී නොමැත. නූතන තාක්ෂණික දියුණුව උකහා ගෙන නොමැත. ආයතන දියුණු කර ගෙන නොමැත. ඒ රටේ සමස්ථ ක්‍රමයේම පිරීහීම පෙන්වන තවත් එක් පැති කඩක් පමණ ය. එය වෙනස් කිරීම ද විශාල අභියෝගයක් විය හැකිය. එයද මේ දේශපාලන ක්‍රමයේම තවත් එක් දිගුවකි. එක් පැතිකඩකි.

    අපිට වෙනස් වෙන්නට සිදු වේවි. මේ ක්‍රමය තවත් පැවතිය යුතු නොවේ. දැන දැන සමාජය පිරිහීමට ඉඩ දී අපි එකිනෙකා අහක බලා සිටීම සාධාරණ නොවේ. ඒ පිණිස කැප වීමට මේ රටේ සියළුම මිනිස්සුන්ට වගකීමක් තිබේ. එසේ නොවුන හොත් තවත් මිනිසුන් දහස් ගණනක් අර්ථ විරහිතව මේ සිර ගෙවල් වලම දුක් විඳිනු ඇත. ඒ ඔබ නොවන තුරාවට ඔබ ඒ ගැන ප්‍රශ්න නොකරනු ඇත.

    පැතුම් කර්නර්
    #කොළඹ_හිරගෙදර_ජෑම්ගහ

    ( මීළඟට අවසාන කොටස )
    නම් ගම් මනක්කල්පිතය!