හිලොක් | Hillock

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕන්න දුවේ පුතේ ඔයාල දන්නවද සුද්දො අපේ රට පාලනේ කොරපු කාලෙ? දන්නැති උං ඉන්නවනම් මෙතන නැලවෙන්නෙ නැතුව ගිහින් අවුරුද්දට රබං ගහපල්ල. ඔය කාලෙ ඉතිං සුද්දොංට කොහෙද සිංහල තේරෙන්නෙ. ඒ හින්ද හිටියනෙ තෝල්කයෙක් කියල එකෙක්.තාම මේ ඇරඹුමම කඳුලක් වෙලා ඉන්නෙ. කතාව පටංගන්නෙ දැනුයි. සුද්දො ලංකාව පාලනය කොරන කාලෙ ගං සභා අහෝසි කොරල උංගෙ උසාවි පිහිටෙව්ව නෙව. ඔව්වයෙ නඩු ඇහුවෙත් සුද්දොමයි. ගං වල මිනිස්සුන්ට මොන ඉන්ගිරිස්ද. ඒ හිංද සුද්දොන්ට කඩේ යන කලු සුද්දෙක් ඉන්නව භාශා පරිවර්තක විදිහට.

    ඕන්න දැන් මේ වගේ උසාවියක නඩ්ඩක් යනව. මිනී මැරුම් නඩ්ඩක්. ඇසිං දුටු සාක්සි කාරයෙක් ඉන්නව. ගමේ දර කපන මනුස්පය කරෝලිසා. අනේ හරි අහිංසක මනුස්පය. (ගෑනු දෙතුන්දෙනෙක් නඩත්තු කොරන් දැහැමෙං සෙමෙං කාලය ගෙවාගෙන උන්නෙ)..වාසනාවට කැලේ ඇතුලෙ මිනීමරුම වෙන වෙලාවෙ මේ යකා කැලේ ඉඳල.. පොඩි කංඩියකට මුවා වෙලා බලං ඉඳල සීන් එක.


    දැන් ඕන්න නඩ්ඩත් නඩුව අහනව සාක්කි කාරයව ගෙන්නල. තෝල්කය අමුඩෙ ගහගෙන ට්‍රාන්ස්ලේට් කොරනව.
    නඩ්ඩා අහනව :



    when did you see the crime scene? කියල.තෝල්කය ඉතිං කියනව “නඩුකාර හාමුදුරුවො අහනව උඹ කොයි වෙලාවෙද මේ මිනීමැරුම දැක්කෙ කියල”


    සාක්කි කාරය : මං දර කපන්ට ගිය වෙලාවෙ දැක්කෙ හාංදුන්නෙ.
    ඕක ඉතින් තෝල්කය දෙනව කඩ්ඩට කොන්වර්ට් කොරල. වැඩේ ඔහොම යද්දි කියවෙන හැටියට නඩ්ඩට තේරෙනව මිනීමැරුම වෙච්චි තැන පිටිපස්සෙ පොඩි කඳු ගැටයක් හෝ කංඩියක් තිබිලතියෙන බව. ඉතින් නඩුකාර උන්නාන්සෙ අහනව


    was there a hillock on the back? කියල. හිලොක් කියන්නෙ පොඩි කඳු ගැටේට නොවැ..
    දැන් තෝල්කයට මේ hillock කියන එක අවුට් ඔෆ් සිලබස්. මූ ටිකක් කල්පොනා කොරා.මේ ගමේ හැත්ත ඉස්සරහ චාටර් වෙන්ට පුලුවනෑ..ඕන්න එතකොටම මුට හිලොක් කියන එකේ තේරුම ඔලුවට එනව පින්වතුනි.ආලෝකෝ උදපාදි නොහොත් ආලෝකය පහල වෙනව. මූ මෙන්න මෙහෙම මේක පරිවර්තනය කොරනව.


    නඩුකාර උන්නාන්සෙ අහනව ඒ වෙලාවෙ උඹේ පස්ස පැත්තෙ හිලක් තිබුනද කියල


    අර යකා අන්දමන් දූපත් තත්වයකට පත් වෙනව. ඒත් ඉතින් නඩුකාර හාමුදුරුවො අහද්දි නොකිය කොහොමෙයි. මිනිහ කියනව
    “අ..අනේ ඉතිං..ති..තිබුන හාංදුන්නෙ”කියාල. තෝල්කයත් මහත් චිත්තප්‍රීතියෙන් නඩ්ඩට කියනව


    “yes sir. he says that there was a hillock on the back”
    සුද්ද හිතනව, යකෝ පිටිපස්සෙං කඳු ගැටයක් තිබ්බනං මේක කොහොමද මේක දැක්කෙ. සීන් එක කන්දට වැහෙන්ටෙපාය. මූ මේ කෙලින්නෙ අමු කෙබරයක්ය කියල.එහෙම හිතල සුද්ද කියනව


    “if there was a hillock on the back,there is no way that you can see the crime scene. you are lying” කියාල.
    දැන් තෝල්කයගෙ වාරෙ..


    නඩුකාර හාමුදුරුවො කියනව කරෝලිසෝ, ඒ වෙලාවෙ උඹේ පස්ස පැත්තෙ හිලක් තිබුනනං උඹට මේ මිනීමැරුම පේන්ඩ විදිහක් නෑ..උඹ කියන්නෙ බොරුය කියල


    ඕන්න මේ වෙලාවෙදි තමයි අහිංසක කරෝලිසාට උනත් මල පනින්නෙ.


    යකෝ මේක හරි කෙලියක්නෙ. ඒ වෙලාවෙ පස්සෙ හිලක් තිබ්බ එකෙක්ට මෙතන ඉන්නෙ මං විතරද බොලව්? තොපේ හිල් වැහිලද තිබ්බෙ? මගේ පු* හිලක් තිබුනයි කියල මං බොරු කිව්ව වෙන්නෙ කොහොමෙයි? ඇයි යකෝ නඩුකාර හාංදුවන්ගෙ පස්සෙත් ඒ වෙලාවෙ හිලක් තිබුනෙ බොල. එහෙනං උන්නාන්සෙ කියන්නෙත් බොරු වෙන්ටෙපායැ. මෙතන මිනිහෙක් මැරුණ. මගෙ පු* හිල තමයි උන්නාංසෙටත් ලොකු උනේ



    :lol::lol::lol::lol::lol::lol::lol:
    ------------------------------------------


    උපුටාගැනීම
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අඩෝ හුස්ම ගන්නත් බැ ඔයි හිනා වෙලා :lol: