මේ පින්තූරෙ පහුගය දවස් වල බුකියෙ සැරි සරනවා කීප වතාවක් දැක්කා.
මේක දැකලා මතක් වෙච්චි කතාවක් කියන්ටත් හිතුවත් වෙලාවක් තිබ්බෙ නැති නිසා එහෙමම යන්ට ගියා.
අදත් මේ පින්තූරෙ බුකියෙ දැක්කම මේ ගැන විස්තරයක් නොකියා යන්ට හිතුණෙත් නෑ.
දන්නවද මේක මොකක්ද කියල.? ඇදුමක්. යකඩින් හදාපු යට ඇදුමක්.
ඇදල යතුරු දාල අගුල් දාන්ට පුලුවන් ඇදුමක්.
යතුරු දාල අගුල් දාන්ට පුලුවන් ඇදුමක් ගැන මේ ඇහුවමයි ද මන්දා..
මේකෙ නම තමයි Chastity belt. එහෙම නැතිනම් “පතිවෘතා පටිය.“
බොහොම ඉස්සර මධ්‍යතන යුගයෙ යුරෝපයෙ මේ ඇදුම පාවිච්චි කරල තියෙන්නෙ බවලත් ඇත්තියන්ගෙ ආරක්සාවට..
බවලත් ඇත්තියන්නෙ ආරක්සාවට කිව්වට ඒ ඇත්තියන්ට වඩා ඒ ඇත්තියන්නෙ පවුල් ජීවිත වල ආරස්සාවට.
මුල් කාලෙදි රදල වංසවත්තු තමන්ගෙ ලාබාල බිරින්දෑ වරුන්ව ආරක්සා කරගන්ට මේ ඇදුම ඇන්දෙව්වලු.
පස්සෙ කාලෙක වෙනකොට යුද්දෙට යන සොල්දාදුවොත් තමන්නෙ බාරියාවන්ට මේ ඇදුම අන්දලා යතුර දාලා අගුලු දාලා යුද්දෙට යන්ට පටන් ගත්තලු.
“යුද්දෙට මං ගියා
ගෑනි ගෙදර තියා
මගෙ යාලුවො මං එනතුරු
උන්දැ බලා ගයි නිරතුරු“
කියලා බයක් හැකක් නැතිව යුද්දෙට යන්ට ඇහැක් වෙන්ට ඇත්තෙ මේ ඇදුම හින්දා වෙන්ටැති.
ඒ කාලෙදි නිතර නිතර කුරුස යුද්ද හෙම තිබුනය කියනව නෙව.
ප්‍රංශයෙ Musée de Cluny කෞතුකාගාරෙ, එංගලන්තෙ British Museum එකේ හෙම මේ ජාතියෙ පුරාන ඇදුම් කාට කාටත් බලා කියා ගන්ට තියලා තියෙනවලු.
ඇන්ටන් පැචින්ගර් කියලා පුරාවස්තු එක්කාසු කරන ජර්මානු ජාතික මනුස්සයෙකුට මෙහෙම එකක් හම්බ වෙලා තියෙනව ඔස්ට්‍රියාවෙ ලින්ස් වල තිබුණ සොහොන් බිමකින්. බවලත් ඇත්තියකගෙ ඇටසැකිල්ලකට අන්දලා තිබිල. ඒ කියන්නෙ ඒ ඇත්ති මැරෙනකල්ම මේ ඇදුම පිටින් ඉදලා ඇති.. සමහර විට ඒ ඇත්තිට මේ ඇදුම අන්දලා, යතුරත් අරන් ඒ ඇත්තිගෙ මනුස්සයා යුද්දෙට යන්ටත් ඇති. යුද්දෙදි මැරෙන්ටත් ඇති.
ඔය වගේ සිද්දියක් ගැන ගොතාපු හොද අපූරු කතාවකුත් තියෙනව.
හදිස්සියෙන් වුනත් ඒකත් ලියල තියලම යන්නංකො.
ඒ කාලෙ උන්නලු “ආතර් රජතුමා“ කියල එක රජ කෙනෙක්.
හැබැයි අපේ රටේ නං නෙවෙයි.
ඔය ඒ රොප්පෙ රටක.
ඉතිං මේ ආතර් රජ්ජුරුවො යුද්දෙකට යන්ට සූදානං වෙලා
තමන්ගෙ බිසවුන්නාන්සෙට මේ ඇදුමකුත් ඇන්දෙව්වලු.
ඇදුම අගුලු දාල යතුරත් අතට ගත්තට පස්සෙ රජ්ජුරුවන්ට හිතුණලු..
“දැන් මං යුද්දෙදි මැරුණොත් හෙම මගේ බිසවට ජීවිතාන්තෙ වෙනකං තනියම ඉන්ට සිද්ද වෙනව නෙව. ඒක හරි නෑ. අසාධාරණයි. මං මැරුණට පස්සෙ වෙන කෙනෙක්ව හරි කසාද බැදගන්ට පුලුවන් වෙන්ට මම වැඩ කටයුතු සලස්සලා යන්ට ඕන“ කියලා.
ඉතින් එහෙම හිතලා තමන්ගෙ විස්වාසවන්තම ඇමතියා “මර්ලින්“ ට කතා කරලා මෙහෙම කිව්වලු.
“මර්ලින්.. මම අද යුද්දෙට යන්ට පිටත් වෙනවා. හදිසියෙවත් මම යුද්දෙන් මැරුණොත්.. උඹ මෙන්න මේ යතුර බිසවුන්නාන්සෙට දීපන්. මේ යතුර දීලා කියාපන් එයින් අවුරුද්දකට පස්සෙ වෙන කාත් එක්ක හරි විවාහ වෙන්ට කියල..“
ඔහොම කියල යතුරත් දීලා ආතර් රජ්ජුරුවො යුද්දෙට ගියාලු..
යුද්දෙට යන්ට පිටත් වෙලා සේනාවත් එක්ක මගක් දුරට ගිහිල්ලා ආතර් රජ්ජුරුවන්ට දැන් මහන්සිලු.
ටිකක් විවේක අරන්, කාලා බීලා හෙම ඉතිරි දුරත් යන්නං කියල හිතල සේනාවත් එක්ක මග තැනක ගිමන් හරින්ට පටන් ගත්තලු..
ඔන්න එතකොටම ඈතින් කවුදෝ එනව පේනවලු..
අශ්වාරෝහකයෙක්.. රාජධානිය පැත්තෙ ඉදන් එන්නෙ..
බැලින්නං මේ මර්ලින් ඇමති තුමානෙ..
මොකද මේ මර්ලින් ඇමතිතුමා අපේ පස්සෙන්ම ඇවිදින් තියෙන්නෙ..? රාජධානියට කරදරයක්වත්ද..? කියලා හිතලා රජ්ජුරුවො මර්ලින් ඇමතිගෙන් ඇහුවලු..
“මොකද මර්ලින් මේ හති දාගෙන..? මොකුත් ප්‍රශ්නයක්ද..?“
මර්ලින් ඇමතිත් හති දදාම උත්තර දුන්නලු..
“ප්‍රශ්නයක් නේන්නං රජතුමනි.. ඔබතුමා මට දීල තියෙන්නෙ වැරදි යතුරක්..!“
Nimmi Muditha Herath ( Arunalokaya Page)

