හිවිලු_කතා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නිකං ඉන්න එකේ විහිලු කතා ටිකක් දානන් හිතුන... ඔන්න හොදනං සලකල යන්න ඕනේ..



    ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.
    එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.
    අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.

    ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි.
    මොන..බම්බුව තමයි...
    ඇමරිකන් අපායේ දඬුවම් ලිස්ට් එක මෙහෙමයි.
    ලෝදිය හැලියේ පැයක් බස්සනවා.කටු ඉඹුලේ පැයක් නග්ගනවා.ඊළඟට යකෙක් ඇවිල්ලා දවස පුරාම කසපාර දෙනවා.
    වැඩේ බරපතලයි නේ..

    ඉතිං අපේ පොර ඇමරිකාවේ අපාය අතෑරලා ඊළගට ගියා කැනඩාවේ අපායට.
    ඒහේත් දඬුවම් ඇමරිකාවේ වගේමයි.මේ විදියට ජර්මනිය, ස්විට්සර්ලන්තේ,ජපානේ , ඉංදියාව වගේ රටවල් බර ගාණක අපායවල් වලට ගියත් ඒ හැම එකකම දඬුවම් දෙන ක්රමේ ඇමරිකාවේ අපායට සමානයිලු.

    හැබැයි අන්තිමේදී පොර දැක්කා ඈත කෙලවරේ තිබුණු අපායක් ඉස්සරහා ඒ අපායට ඇතුල් වෙන්න මහා දිග පෝලිමක් තියෙනවා.

    බැලින්නම් මේ ලංකාවේ අපායලු.

    මේ මනුස්සයත් බොහෝම අමාරුවෙන් ලංකාවෙ අපායේ ෆ්රන්ට් ඔෆීසියට ගිහින් ඇප්ලිකේෂන් එකක් එහේම අරං ඇහුවලු මෙහේ දඬුවම් සිස්ටම් එක කොහොමද කියලා.

    එතකොට රිසෙප්සොන් යකින්නී කියනවලු, පැයක් ලෝදිය පොවනවා. කටු ඉඹුලේ පැයයි. ඊළඟට දවස පුරාම යකෙක් ඇවිත් කසපාර දෙනවා කියලා.

    දැං අපේ පොරට මලලු.
    ඇයි ඉතිං අනිත් සේරම අපායවල් වලත් වෙන්නේ මේ ටිකම නේ. ඉතිං පොර ටිකක් සද්දෙන් ඇහුවලු,
    ''එහෙනං මොන මඟුලක් හින්දද ඕයි මේ තරං පෝලිමක්?'' කියලා.

    එතකොට පෝළිමේ හිටපු තවත් ඩයල් එකක් අපේ පොරට ළඟට කතා කරලා මෙහෙම කිව්වලු.

    '' මචං, ලංකාවේ අපායත් ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරුවක් වගේ තමයි. ඒකයි මේ පෝළිම.... ලෝදිය පොවනවා කිව්වට පොවන්නේ ඇල් වතුර.. ලෝදිය උණු කරන්න දර නෑ. දර ගන්න වෙන් කරපු සල්ලි යටි මඩි ගහලා.
    කටු ඉඹුලේ කටු නෑ. කවුද යකෙක් ගෙදර උළුවහු හදන්න කටු ටික කපාගෙන ගිහින්.
    කසපාර දෙන්න එන යකා ඉස්සර ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරපු එකෙක්. නමයට විතර වැඩට ඇවිත් අත්සන් කරලා කැන්ටිමට ගියාම ආයේත් එන්නේ දවල්ටත් කාලා.ඒ ඇවිල්ලත් කරන වැඩක් නෑ.. නිදාගෙන ඉඳලා හතරට ඕෆ් වෙලා ගෙදර යනවා.









    මේක මම ඇස් දෙකෙන්ම දැකල කන් දෙකෙන් අහපු එකක්...

    ඔන්න මම එතකොට 6 වසරෙ ඉන්න කාලෙ..

    ඒ කාලෙ අපි පවුල පිටින් බඩු ගන්න ෆුඩ් සිටි එකට ගිහින් ඉන්නකොටයි මේක වුනේ.

    දැන් මචන් ලා මැදි වයසේ ජෝඩුවක් අයිස් ක්‍රීම් තියන තැනට වෙලා අයිස් ක්‍රීම් තෝරනවා..

    නෝනා එයාගේ මහත්තයාට මෙහෙම කියනවා

    " ඒයි මේ පොඩ්ඩක් Vanila බලන්නකෝ" කියලා..

    මෙන්න බොලේ අර මහත්තයා අලියෙක් වගේ දෙපැත්තට වැනෙනවා

    බලන් ඉන්න අයටත් දැන් හිනා..

    නෝන මහත්තයාගෙන් අහනවා " මොකද ඒයි පිස්සුද කියලා. "

    මහත්තයා මෙහෙම කියපි.,

    " ඇයි ඒයි දැන් ඔයා වැනිලා බලන්න කිව්වේ.. ඉතින් මම වැනුනා " කියලා..

    මේක නම් සිරාම සීන් එකක් මචන් ලා.




    දැනට ඔය දෙක.. ඉතිරිව තව ටිකකින්... එහෙනං සලකල කමෙන්ටුවකුත් දාගෙනම යන්න